යෙදුමෙන් කියවන්න

කාතියානත්‍ථෙරගාථා

6. 1. 7.

6. 1. 7.

411. උට‍්ඨෙහි නිසීදි කාතියාන මා නිද‍්දාබහුලො අහු ජාගරස‍්සු, මා තං අලසං පමත‍්තබන්‍ධු කූටෙනෙව ජිනාතු මච‍්චුරාජා.

411. කාතියානයෙහි, (සයනයෙන්) නැඟී සිටුව, (පලක් බැඳ) හිඳුව, නිද්‍රා බහුල නොවව, ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදෙව, මුළාසී ඇතියනට නෑ වූ මාර තෙම අලස වූ තොප වඤ්චනායෙන් මෙන් නො දිනාවා.

412. සයථාපි මහාසමුද‍්දවෙගො එවං ජාතිජරාතිවත‍්තතෙ තං, සො කරොහි සුදීපමත‍්තනා ත්‍වං න හි තාණං තව විජ‍්ජතෙව අඤ‍්ඤං.

412. මහාසමුද්‍රයාගේ තරඞ්ගවේගය යම්සේ ද එසෙයින් මැ ජාතියත් ජරාවත් (කුසීදභාවයෙන් මඩනාලද) තොප මැඩගෙන යයි. ඒ තෙපි තමනට (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) මනා ප්‍රතිෂ්ඨාව කරව. යම් හෙයකින් අනෙක් පිහිටෙක් තොපට නැත්තේ මැ වේ ද එහෙයිනි.

413. සත්‍ථා හි විජෙසි මග‍්ගමෙතං සඞ‍්ගා ජාතිජරාභයා අතීතං, පුබ‍්බාපරරත‍්තමප‍්පමත‍්තො අනුයුඤ‍්ජස‍්සු දළ‍්හං කරොහි යොගං.

413. යම් හෙයෙකින් ශාස්තෲන් වහන්සේ (රාගාදි) සඞ්ගයෙන් ද ජාතිජරාභයින් ද ඉක්මගිය තෙල ආර්‍ය්‍යමාර්‍ගය දිනූ සේක් ද එහෙයින් (මාර්‍ගාධිගමය පිණිස) පූර්‍වපශ්චිම යාමයෙහි අප්‍රමාද වැ අනුයෝග කරව. දැඩි වැ යෝගභාවනා කරව.

414. පුරිමානි පමුඤ‍්ච බන්‍ධනානි සඞ‍්ඝාටි ඛුරමුණ‍්ඩභික‍්ඛභොජී, මා ඛිඩ‍්ඩාරතිඤ‍්ච නිද‍්දං අනුයුඤ‍්ජිත්‍ථ ඣාය කාතියාන.

414. කාතියානයෙනි, පළමු (කාමගුණ) බන්‍ධනයන් මුදව, සඟළ සිවුරු දරනුයේ කරයෙන් මුඩු කළ හිස් ඇති වැ භික්‍ෂාහාර වළඳනුයේ ක්‍රීඩාරතියෙහිත් නිද්‍රායෙහිත් නො යෙදෙව, ධ්‍යාන කරව.

415. ඣායාහි ජිනාහි කාතියාන යොගක‍්ඛෙමපථෙසු කොවිදොසි, පප‍්පුය්‍ය අනුත‍්තරං විසුද‍්ධං පරිනිබ‍්බාහිසි වාරිනාව ජොති.

415. කාතියානයෙනි, ධ්‍යාන කරව, (කෙලෙසුන්) දිනව, නිවන්මඟෙහි (බෝධිපාක්‍ෂිකධර්‍මයෙහි) නිපුණ වව, අනුත්තර විශුද්ධියට (අර්‍හත්ත්‍වයට) පැමිණ ජලයෙන් ගිනි සෙයින් පිරිනිවෙව.

416. පජ‍්ජොතිකරො පරිත‍්තරංසො වාතෙන විනම්‍යතෙ ලතාව, එවම‍්පි තුවං අනාදියානො මාරං ඉන්‍දසගොත‍්ත නිද‍්ධුනාහි, සො වෙදයිතාසු වීතරාසො කාලං කඞ‍්ඛ ඉධෙව සීතිභූතො’ති.

416. මඳ වූ ගිනිසිළු ඇති පහන ලතාවක් මෙන් වායුව විසින් විධ්වංසන කරනුලැබෙයි. එසෙයින් මැ තෙපි උපාදාන නො කරනුයේ ඉන්‍ද්‍රයාට බඳු ගෝත්‍ර ඇති මරහු විධ්වංසන කරව. ඒ තෙපි වේදනායෙහි පහ වූ ඡන්‍දරාග ඇති වැ මෙ අත්බැව්හි මැ නිවියේ පරිනිර්‍වාණකාලය බලව යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කාතියානො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් කාතියාන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

කාතියානත්‍ථෙරගාථා.

කාතියාන ස්ථවිරගාථා යි.