යෙදුමෙන් කියවන්න

සප‍්පදාසත්‍ථෙරගාථා

6. 1. 6.

6. 1. 6.

405. පණ‍්ණවීසති වස‍්සානි යතො පබ‍්බජිතො අහං, අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පි චෙතොසන‍්තිමනජ‍්ඣගං.

405. මම යම් දවසෙක පටන් පැවිදි වීම් ද (ඒ මේ) පස්විසි වස මුළුල්ලෙහි අසුරුසනක් පමණ කාලයකුදු චිත්තසමාධානයක් නො ලත්මි.

406. අලද‍්ධා චිත‍්තස‍්සෙකග‍්ගං කාමරාගෙන අද‍්දිතො, බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්තො විහාරා උපනික‍්ඛමිං.

406. කාමරාගයෙන් මඩනාලද්දෙම් සිත්හි එකඟබවක් නො ලැබ දෙඅත් (මුදුනෙහි) බැඳගෙන හඬමින් (නිවස්නා) වෙහෙරින් බැහැර නික්මියෙමි.

407. සත්‍ථං වා ආහරිස‍්සාමි කො අත්‍ථො ජීවිතෙන මෙ, කථං හි සික‍්ඛං පච‍්චක‍්ඛං කාලං කුබ‍්බෙථ මාදිසො.

407. (දිවි හරනට) ශාස්ත්‍රයක් හෝ ගන්නෙමි (සැතින් පැහැරපියමි.) මාගේ ජීවිතයෙන් කවර අර්‍ත්‍ථයෙක් ද, මා වැන්නෙක් කෙසේ නම් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමින් (ගිහි වැ) කලුරිය කරන්නේ ද?

408. තදාහං ඛුරමාදාය මඤ‍්චකම‍්හි උපාවිසිං, පරිනීතො ඛුරො ආසි ධමනිං ඡෙත‍්තුමත‍්තනො.

408. එදවසැ (ජීවිතයෙහි කලකිරුණු) මම් කරය ගෙන යහනෙහි හිඳගතිමි. (මා විසින්) තමාගේ ගලනහර සිඳින්නට කරය ගලයෙහි එළවාතබනලද්දේ විය.

409. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ‍්ජථ, ආදීනවො පාතුරහු නිබ‍්බිදා සමතිට‍්ඨථ.

409. ඉක්බිති මට යෝනිසෝ මනසිකාරය උපන, ආදීනව පහළ වී, නිර්වේදඥානය (සිත්හි) පිහිටියේ යැ.

410. තතො චිත‍්තං විමුච‍්චි මෙ පස‍්ස ධම‍්මසුධම‍්මතං, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසන’න‍්ති.

410. ඉක්බිති (විදර්‍ශනාඥානයට අනතුරු වැ) මාගේ සිත් කෙලෙසුන් කෙරෙන් මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව (මා විසින්) ත්‍රිවිද්‍යා ලබනලද යැ. බුදුන්ගේ අනුශාසනා කරනලදැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සප‍්පදාසො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් සප්පදාස ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

සප‍්පදාසත්‍ථෙරගාථා.

සප්පදාස ස්ථවිරගාථා යි.