යෙදුමෙන් කියවන්න

සප‍්පදාසත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සප‍්පදාසත්‍ථෙරගාථාවණ‍්ණනා

සප්පදාස ස්ථවිරගාථා වර්ණනාව

පණ‍්ණවීසතීතිආදිකා ආයස‍්මතො සප‍්පදාසත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුස‍්මිං සුද‍්ධොදනමහාරාජස‍්ස පුරොහිතපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, තස‍්ස සප‍්පදාසොති නාමං අහොසි. සො වයප‍්පත‍්තො සත්‍ථු ඤාතිසමාගමෙ පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා කිලෙසාභිභවෙන චෙතොසමාධිං අලභන‍්තො බ්‍රහ‍්මචරියං චරිත්‍වා සංවෙගජාතො පච‍්ඡා සත්‍ථං ආහරන‍්තො යොනිසො මනසිකාරං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණිත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

“පණ්ණවීසති” යනු ආයුෂ්මත් අපර සප්පදාස තෙරුන්ගේ ගාථාවන්ය. උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් දහම් රැස්කරමින් පැමිණ, මේ බුද්ධෝත්පාදයේදී කපිලවත්‍ථු පුරයේ සුදොවුන් මහ රජුගේ පුරෝහිත බමුණාගේ පුතු ලෙස උපන්හ. එකුමරු සප්පදාස යැයි නම් කරන ලදි. තරුණවියට පත් වූ සප්පදාස; උපන් බිමට වැඩම වූ ශාස්තෲන් වහන්සේගේ ඥාති සමාගමය දැකීමෙන් හටගත් ශ්‍රද්ධා ඇතිව පැවිදි වී බඹසර හැසිරුණු නමුත් කෙලෙස් මැඩපැවැත්වීමෙන් චේතෝ සමාධිය ලබාගත නොහැකි විය. මේ පිළිබඳව සංවේගයට පත් උන්වහන්සේ, පසුව කැපෙන ආයුධයක් ගෙන නුවණින් මෙනෙහි කිරීමෙන් කමටහන් වඩා රහත් බවට පත්වූහ. අනතුරුව රහත් බව ප්‍රකාශ කරමින් උන්වහන්සේ මේ ගාථා සය වදාළ සේක.

“පණ‍්ණවීසති වස‍්සානි, යතො පබ‍්බජිතො අහං; අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පි, චෙතොසන‍්තිමනජ‍්ඣගං.

“පණ්ණවීසතිවස්සානි යතො පබ්බජිතො අහං, අච්ඡරා සංඝාතමත්තම්පි චෙතො සන්තිං අනජ්ඣගං”

“අලද‍්ධා චිත‍්තස‍්සෙකග‍්ගං, කාමරාගෙන අට‍්ටිතො; බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්තො, විහාරා උපනික‍්ඛමිං.

“අලද්ධා චිත්තස්සෙකග්ගං කාමරාගෙන අද්දිතො, බාහා පග්ගය්හ කත්‍දන්තො විහාරානුපනික්ඛමිං”

“සත්‍ථං වා ආහරිස‍්සාමි, කො අත්‍ථො ජීවිතෙන මෙ; කථඤ‍්හි සික‍්ඛං පච‍්චක‍්ඛං, කාලං කුබ‍්බෙථ මාදිසො.

“සත්‍ථං වා ආහරිස්සාමි කො අත්‍ථෙ ජීවිතෙන මෙ, කථං හි සික්ඛං පච්චක්ඛං කාලං කුබ්බෙථමාදිසො”

“තදාහං ඛුරමාදාය, මඤ‍්චකම‍්හි උපාවිසිං; පරිනීතො ඛුරො ආසි, ධමනිං ඡෙත‍්තුමත‍්තනො.

“තදාහං ඛුරමාදාය මඤ්චකම්හි උපාවිසිං, පරිනීතො ඛුරො ආසි ධමනිං ඡෙත්තමත්තනො”

“තතො මෙ මනසීකාරො, යොනිසො උදපජ‍්ජථ; ආදීනවො පාතුරහු, නිබ‍්බිදා සමතිට‍්ඨථ.

“තතො මෙ මනසීකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහූ, නිබ්බිදා සමතිට්ඨථ”

“තතො චිත‍්තං විමුච‍්චි මෙ, පස‍්ස ධම‍්මසුධම‍්මතං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

“තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”

ඉමා ගාථා අභාසි.

තත්‍ථ පණ‍්ණවීසතිවස‍්සානි, යතො පබ‍්බජිතො අහන‍්ති යතො පට‍්ඨාය අහං පබ‍්බජිතො තානිමානි පණ‍්ණවීසතිවස‍්සානි. අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පි, චෙතොසන‍්තිමනජ‍්ඣගන‍්ති සොහං එත‍්තකං කාලං බ්‍රහ‍්මචරියං චරන‍්තො අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පි අඞ‍්ගුලිඵොටනමත‍්තම‍්පි ඛණං චෙතොසන‍්තිං චෙතසො සමාධානං න ලභිං.

එහි “පණ්ණවීසති වස්සානි යතො පබ්බජිතො අහං” යම් තැනෙක පටන් මම පැවිදි වූයෙම් ද එතැන් පටන් ගත වූ වසර විසිපහ තුල, “අච්ඡරා සංඝාතමත්තම්පි චෙතො සන්තිං අනජ්ඣගං” ඒ මම බඹසර හැසිරෙමින් මෙතරම් කාලයක් ඇසුරු සනක් පමණකුදු, ඇඟිලි දෙකක් එකට ගසන මොහොතක් පමණකුදු ක්‍ෂණයක් චිත්ත සමාධියක්, සිතේ එකඟවීමක් නොලැබුවෙමි.

එවං පන අලද‍්ධා චිත‍්තස‍්සෙකග‍්ගතං, තත්‍ථ කාරණමාහ “කාමරාගෙන අට‍්ටිතො”ති. තත්‍ථ අට‍්ටිතොති පීළිතො, අභිභූතොති අත්‍ථො. බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්තොති “ඉදමිධ අතිවිය අයුත‍්තං වත‍්තති, යදාහං නිය්‍යානිකෙ සාසනෙ පබ‍්බජිත්‍වා අත‍්තානං කිලෙසපඞ‍්කතො උද‍්ධරිතුං න සක‍්කොමී”ති උද‍්ධංමුඛො බාහා පග‍්ගය‍්හ කන්‍දමානො. විහාරා උපනික‍්ඛමින‍්ති වසනකවිහාරතො බහි නික‍්ඛන‍්තො.

මෙසේ චිත්ත ඒකාග්‍රතාව නොලැබීමට හේතුව මෙසේ දක්වයි. “කාමරාගෙන අද්දිතො” යනුවෙන්. මෙහි “අද්දිතො” යනු පෙළුනෙමි. මැඩුනෙමි. “බාහාපග්ගය්හ කන්‍දන්තො” මෙසේ “කාමුක සිතින් විසීම ඉතා නුසුදුසු වූවකි. මේ නෛර්යාණික සසුනේ පැවිදි වී තමාගේ සිත කෙලෙස් මඬින් උඩට ගැනීමට නොහැකිවූයෙමි.” මෙසේ සිතූ මම දෙඅත් මුදුනෙහි බැඳගෙන හඬමින් විහාරයෙන් නික්මුණෙමි. වසන්නා වූ විහාරයෙන් පිටතට ගියෙමි.

යෙනාධිප‍්පායෙන නික‍්ඛන‍්තො, තං දස‍්සෙතුං “සත්‍ථං වා ආහරිස‍්සාමී”තිආදි වුත‍්තං. තත්‍ථ සත්‍ථං වා ආහරිස‍්සාමීති වා-සද‍්දො විකප‍්පනත්‍ථො. තෙන “රුක‍්ඛා වා පපතිස‍්සාමි, උබ‍්බන්‍ධිත්‍වා වා මරිස‍්සාමී”තිආදිකෙ මරණප‍්පකාරෙ සඞ‍්ගණ‍්හාති. සික‍්ඛන‍්ති අධිසීලසික‍්ඛං. පච‍්චක‍්ඛන‍්ති පච‍්චාචික‍්ඛන‍්තො පරිච‍්චජන‍්තො. “පච‍්චක‍්ඛා”තිපි පාළි, පච‍්චක‍්ඛායාති අත්‍ථො. කාලන‍්ති මරණං. කථඤ‍්හි නාම මාදිසො සික‍්ඛාපච‍්චක‍්ඛානෙන කාලං කරෙය්‍යාති අත්‍ථො. සික‍්ඛාපච‍්චක‍්ඛානඤ‍්හි අරියස‍්ස විනයෙ මරණං නාම. යථාහ භගවා – “මරණඤ‍්හෙතං , භික‍්ඛවෙ, යො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තතී”ති (ම· නි· 3.63). “සික‍්ඛං පච‍්චක‍්ඛා”ති පන පාඨෙ කථඤ‍්හි නාම මාදිසො සික‍්ඛං පච‍්චක‍්ඛාය කාලං කරෙය්‍ය, සික‍්ඛාසමඞ‍්ගී එව පන හුත්‍වා කාලං කරෙය්‍ය? තස‍්මා සත්‍ථං වා ආහරිස‍්සාමි, කො අත්‍ථො ජීවිතෙන මෙති යොජනා.

එසේ නික්මුණේ යම් අදහසකින් ඒ අදහස දැක්වීමට “සත්‍ථං වා අහරිස්සාමි” යන ගාථාව කියන ලදි. එහි “සත්‍ථං වා ආහරිස්සාමී” මෙහි “වා” ශබ්දය විකල්පාර්ථයේ යෙදේ. ප්‍රපාතයකින් හෝ පතමි, බෙල්ලේ වැළලා හෝ ගනිමි. ආදී වශයෙන් මැරෙන ආකාරයක් දක්වයි. “සික්ඛං” අධිශීල ශික්‍ෂාව, “පච්චක්ඛං” ප්‍රතික්‍ෂේප කරමින්, අත් හරිමින් “පච්චක්ඛා” යන පාඨය ද යෙදේ. ප්‍රතික්‍ෂේප කරයි යන අර්ථයයි. “කාලං” මරණයට. “කෙසේ නම් මා වැන්නෙක් ගිහි බවට පත්ව මැරෙම් ද?” යන අර්ථයයි. ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කර ගිහිවීම ආර්ය විනයෙහි මරණයට පත්වීමකි. “මරණ” නම් වේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි! යමෙක් මේ සස්නෙහි ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කර හීන බවට (ගිහි බවට) පත්වන්නේ ද එය මරණයෙකි” යනුවෙනි. “සික්ඛං පච්චක්ඛා” යන පාඨය ගත් විට “කෙසේ නම් මා වැන්නකු ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කර මරණයට පත්වෙන්නෙම් ද?” අධිශීල ශික්‍ෂාවෙන් යුක්තවම කළුරිය කරන්නෙමි. එනිසා “ආයුධයක් හෝ ගෙන දිවි තොරකර ගන්නෙමි. මාගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද?” යනුවෙන් අර්ථ ගත යුතුයි.

තදාහන‍්ති යදා කිලෙසාභිභවෙන සමණධම‍්මං කාතුං අසමත්‍ථතාය ජීවිතෙ නිබ‍්බින්‍දන‍්තො තදා. ඛුරන‍්ති නිසිතඛුරං, ඛුරසදිසං වා සත්‍ථකං. මඤ‍්චකම‍්හි උපාවිසින‍්ති පරෙසං නිවාරණභයෙන ඔවරකං පවිසිත්‍වා මඤ‍්චකෙ නිසීදිං. පරිනීතොති උපනීතො, ගලෙ ඨපිතොති අධිප‍්පායො. ධමනින‍්ති “කණ‍්ඨෙ ධමනිං, කණ‍්ඨධමනිං ගලවලය”න‍්තිපි වදන‍්ති. ඡෙත‍්තුන‍්ති ඡින්‍දිතුං.

“තදාහං” කෙලෙස්වලින් මැඬුණු හෙයින් මහණ දහම් කිරීමට අසමත්ව ජීවිතය පිළිබඳව කළකිරුණු ඒ මම, “ඛුරං” බාබර්ගේ කරයක්, දැලිපිහිය වැනි ආයුධයක්. “මඤ්චකම්හි උපාවිසිං” අනුන් විසින් වළක්වාලයි යන බියෙන් කුටියකට පිවිස ඇඳෙහි හොත්තෙමි. “පරිනීතො” එළවූයෙමි. බෙල්ලෙහි තැබුවෙමි යන අදහසයි. “ධමනිං” ගෙලෙහි ධමනිය. ගෙලේ ධමනියට “ගලනහරය” යැයි ද කියති. “ඡෙත්තුං” සිඳීමට.

තතො මෙ මනසීකාරො, යොනිසො උදපජ‍්ජථාති “යදාහං මරිස‍්සාමී”ති කණ‍්ඨෙ ධමනිං ඡින්‍දිතුං ඛුරං උපනෙසිං, තතො පරං “අරොගං නු ඛො මෙ සීල”න‍්ති පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අක‍්ඛණ‍්ඩං අච‍්ඡිද‍්දං සුපරිසුද‍්ධං සීලං දිස‍්වා පීති උප‍්පජ‍්ජි, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භි, පස‍්සද‍්ධකායස‍්ස නිරාමිසං සුඛං අනුභවන‍්තස‍්ස චිත‍්තස‍්ස සමාහිතතාය විපස‍්සනාවසෙන යොනිසො මනසිකාරො උප‍්පජ‍්ජි. අථ වා තතොති කණ‍්ඨෙ ඛුරස‍්ස උපනයතො වණෙ ජාතෙ උප‍්පන‍්නං වෙදනං වික‍්ඛම‍්භෙන‍්තො විපස‍්සනාය වසෙන යොනිසොමනසිකාරො උප‍්පජ‍්ජි. ඉදානි තතො පරං මග‍්ගඵලපච‍්චවෙක‍්ඛණඤාණං උප‍්පන‍්නභාවං දස‍්සෙතුං “ආදීනවො පාතුරහූ”තිආදි වුත‍්තං. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව.

“තතො මෙ මනසිකාරො යොනිසො උදපජ්ජථ” මම යම් කලෙක “මැරෙන්නෙමි”යි ගලනහරය සිඳීමට දැලි පිහිය තබාගත්තෙම් ද, ඊට පසුව “මගේ ශීලය නිරුපද්‍රිත ද?”යි සිහිපත් කර බැලූ මා හට මාගේ ශීලය නොකැඩුණු, නොසිඳුනු ඉතා පිරිසිදු වූවක් බව දැකගැනීමෙන් ප්‍රීතියක් උපන්නේය. ප්‍රීතියට පත් සිතැති මාගේ කය සන්සිඳුණි. සන්සුන් කයින් නිරාමිෂ වූ සුව අනුභව කරන එකඟ වූ සිතැති මා හට විදසුන් වැඩීම් වශයෙන් නුවණින් මෙනෙහි කිරීම නම් වූ යෝනිසෝ මනසිකාරය උපන්නේය. නැතහොත් “තතො” දැලි පිහියෙන් බෙල්ලේ කරන ලද තුවාලය ඇති වූ කල්හි, ඉන් උපන් වේදනාව දුරුකරමින් විදර්ශනා වශයෙන් යෝනිසෝ මනසිකාරය උපන්නේය. දැන් ඊට පසුව මාර්ග ඵල ප්‍රත්‍යවේක්‍ෂණ ඥානය උපන් බව දැක්වීමට “ආදීනවො පාතුරහු” යන ගාථාව වදාළහ. එහි අර්ථ ඉහත දී විස්තර කරන ලද්දේමය.

සප‍්පදාසත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

අපර සප්පදාස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.