යෙදුමෙන් කියවන්න

මාලුඞ‍්ක්‍යපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මාලුඞ‍්ක්‍යපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

මාලුඞ්ක්‍යපුත්‍ර ස්ථවිරගාථා වර්ණනාව

මනුජස‍්සාතිආදිකා ආයස‍්මතො මාලුක්‍යපුත‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං කොසලරඤ‍්ඤො අග‍්ගාසනිකස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස මාතා මාලුක්‍යා නාම, තස‍්සා වසෙන මාලුක්‍යපුත‍්තොත්‍වෙව පඤ‍්ඤායිත්‍ථ. සො වයප‍්පත‍්තො නිස‍්සරණජ‍්ඣාසයතාය ඝරාවාසං පහාය පරිබ‍්බාජකපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා විචරන‍්තො සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා සාසනෙ පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. සො ඤාතීසු අනුකම‍්පාය ඤාතිකුලං අගමාසි. තං ඤාතකා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසිත්‍වා ධනෙන පලොභෙතුකාමා මහන‍්තං ධනරාසිං පුරතො උපට‍්ඨපෙත්‍වා “ඉදං ධනං තව සන‍්තකං, විබ‍්භමිත්‍වා ඉමිනා ධනෙන පුත‍්තදාරං පටිජග‍්ගන‍්තො පුඤ‍්ඤානි කරොහී”ති යාචිංසු. ථෙරො තෙසං අජ‍්ඣාසයං විපරිවත‍්තෙන‍්තො ආකාසෙ ඨත්‍වා –

“මනුජස්ස” යනාදී ගාථා ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයෙහිදී පින්දහම් රැස්කරමින් අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර, කොසොල් රට රාජ්‍ය අයකැමියාගේ පුතුව උපන්නේය. ඔහුගේ මව මාළුංක්‍යා නම් වූ බැවින් ඇගේ පුතා යන අරුතින් “මාලුංක්‍ය පුත්ත” යැයි ඔහුට නම් තැබුණි. තරුණවියට පත් එකුමරු කාමුක සම්පත් කෙරෙහි නොඇලුණු අදහස් ඇති බැවින්, ගිහි ගේ හැර දමා පිරිවැජි පැවිද්දෙන් පැවිදිව හැසිරෙන කල්හි ශාස්තෲන් වහන්සේ වෙතින් දහම් අසා, බුදුසසුනෙහි පැහැදී ශ්‍රද්ධාව උපදවාගෙන පැවිදි විය. විදසුන් කමටහන් වඩමින් භාවනා කළ මාලුංක්‍යපුත්ත තෙරණුවෝ නොබෝ දිනකින් ම රහත් වූහ. උන්වහන්සේ දිනක් ඥාතීන් කෙරෙහි කරුණාවෙන් සිය නෑ කුලයන් වෙත එළඹුනහ. උන්වහන්සේ දුටු නෑ සමූහයා සතුටුව ඉතා ප්‍රණීත ආහාර පානයන්ගෙන් උන්වහන්සේට උවටැන් කර, ධනය පෙන්වා පොළඹවාගනු කැමතිව, මහත් වූ ධන රැසක් ඉදිරියෙහි රැස්කරවූහ. “මේ ධනය නුඹට ම අයත් වේ. සිවුරු හැර අවුත් මේ ධනය රැගෙන අඹුදරුවන් පෝෂණය කරමින් පින් රැස්කරගන්න”යි උන්වහන්සේගේ ඥාතීහු ඉල්ලා සිටියහ. තෙරණුවෝ ඒ නෑයන්ගේ අදහස් පෙරළා ඉවත දමමින් අහසෙහි වැඩ හිඳ මේ ගාථා සයෙන් ඔවුන්ට දහම් දෙසූ සේක.

“මනුජස‍්ස පමත‍්තචාරිනො, තණ‍්හා වඩ‍්ඪති මාලුවා විය; සො ප‍්ලවතී හුරා හුරං, ඵලමිච‍්ඡංව වනස‍්මි වානරො.

“මනුජස්ස පමත්තචාරිනො තණ්හා වඩ්ඪති මාළුවා විය, සො ප්ලවතී හුරාහුරං ඵල මිච්ඡංව වනස්මිං වානරො”

“යං එසා සහතෙ ජම‍්මී, තණ‍්හා ලොකෙ විසත‍්තිකා; සොකා තස‍්ස පවඩ‍්ඪන‍්ති, අභිවට‍්ඨංව බීරණං.

“යං එසා සහතෙ ජම්මී තණ්හා ලොකෙ විසත්තිකා, සොකා තස්ස පඩ්ඪන්ති අභිවට්ටංව බීරණං”

“යො චෙතං සහතෙ ජම‍්මිං, තණ‍්හං ලොකෙ දුරච‍්චයං; සොකා තම‍්හා පපතන‍්ති, උදබින්‍දූව පොක‍්ඛරා.

“යො වෙ තං සහතී ජම්මිං තණ්හං ලොකෙ දුරච්චයං, සොකා තම්හා පපතන්ති උදබින්‍දුව පොක්ඛරා”

“තං වො වදාමි භද‍්දං වො, යාවන‍්තෙත්‍ථ සමාගතා; තණ‍්හාය මූලං ඛණථ, උසීරත්‍ථොව බීරණං; මා වො නළංව සොතොව, මාරො භඤ‍්ජි පුනප‍්පුනං.

“තං වො වදාමි භද්දං වො යාවන්තෙත්‍ථ සමාගතා, තණ්හාය මූලං ඛණථ උසීරත්‍ථොව බීරණං, මාවො නළංව සොතොව මාරො භජි පුනප්පුනං.

“කරොථ බුද‍්ධවචනං, ඛණො වො මා උපච‍්චගා; ඛණාතීතා හි සොචන‍්ති, නිරයම‍්හි සමප‍්පිතා.

“කරොථ බුද්ධවචනං ඛණො වො මා උපච්චගා, ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා”

“පමාදො රජො පමාදො, පමාදානුපතිතො රජො; අප‍්පමාදෙන විජ‍්ජාය, අබ‍්බහෙ සල‍්ලමත‍්තනො”ති. –

“පමාදො රජො, පමාදානුපතිතො රජො, අප්පමාදෙන විජ්ජාය අබ්බහෙ සල්ලමත්තනො” තී.

ඉමාහි ඡහි ගාථාහි ධම‍්මං දෙසෙති.

තත්‍ථ මනුජස‍්සාති සත‍්තස‍්ස. පමත‍්තචාරිනොති සතිවොස‍්සග‍්ගලක‍්ඛණෙන පමාදෙන පමත‍්තචාරිස‍්ස, නෙව ඣානං, න විපස‍්සනා , න මග‍්ගඵලානි වඩ‍්ඪන‍්ති. යථා පන රුක‍්ඛං සංසිබ‍්බන‍්තී පරියොනන්‍ධන‍්තී තස‍්ස විනාසාය මාලුවා ලතා වඩ‍්ඪති, එවමස‍්ස ඡ ද‍්වාරානි නිස‍්සාය රූපාදීසු පුනප‍්පුනං උප‍්පජ‍්ජමානා තණ‍්හා වඩ‍්ඪති. වඩ‍්ඪමානාව යථා මාලුවා ලතා අත‍්තනො අපස‍්සයභූතං රුක‍්ඛං අජ‍්ඣොත්‍ථරිත්‍වා පාතෙති, එවං තණ‍්හාවසිකං පුග‍්ගලං අපායෙ නිපාතෙති. සො ප‍්ලවතීති සො තණ‍්හාවසිකො පුග‍්ගලො අපරාපරං භවාභවෙ උප‍්ලවති ධාවති. යථා කිං? ඵලමිච‍්ඡංව වනස‍්මි වානරො යථා රුක‍්ඛඵලං ඉච‍්ඡන‍්තො වානරො වනස‍්මිං ධාවන‍්තො රුක‍්ඛස‍්ස එකං සාඛං ගණ‍්හාති, තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං ගණ‍්හාති, තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤන‍්ති “සාඛං අලභිත්‍වා නිසින‍්නො”ති වත‍්තබ‍්බතං නාපජ‍්ජති; එවමෙව තණ‍්හාවසිකො පුග‍්ගලො හුරා හුරං ධාවන‍්තො “ආරම‍්මණං අලභිත්‍වා තණ‍්හාය අප‍්පවත‍්තිං පත‍්තො”ති වත‍්තබ‍්බතං නාපජ‍්ජති.

එහි “මනුජස්ස” යනු සත්ත්‍වයාගේ. “පමත්තචාරිනො” සිහිමුළාවීමෙන් ප්‍රමාද වූ ප්‍රමාදීව හැසිරෙන, ධ්‍යාන - විදර්ශනා - මාර්ග ඵලාදිය නොවඩන. ගසක් වසාගෙන, හාත්පසින් වෙළාගෙන එහි විනාශය සලසමින් මාලුවා වැඩක් වැඩෙන්නාක් මෙන්, ඇස් කන් ආදී ඉඳුරන් සය නිසා මෙබඳු ප්‍රමාදී පුද්ගලයාගේ සිතේ නැවත නැවත උපදින තණ්හාව වැඩේ. එසේ වැඩෙන මාලුවා වැල, තමාට වැඩීමට පිහිටාධාර වූ ගස වසාගෙන එය බිමට ඇද දමන්නාක් මෙන් ම තණ්හාවට වසඟව, ඉන් වෙලී ගත් පුද්ගලයා අපායේ හෙලයි. “සො ප්ලවතී” ඒ තණ්හාවට වසඟවූ පුද්ගලයා නැවත නැවත කුදුමහත් භවයෙහි පැන පැන දුවයි. කෙසේ ද? ගෙඩි කැමතිව වනයේ ඒ ඒ ගසට පැන පැන යන වඳුරෙකු මෙනි. “ඵලමිච්ඡංව වනස්මිං වානරො” ගෙඩි කැමති ඒ වඳුරා වනයේ ගසක එක් අත්තක් අල්ලා ගනියි. ඒ වඳුරා අත්තක් නොඅල්වාගෙන සිටීමට අසමත් වේ. නිතරම කවර හෝ අත්තක් අල්වාගෙන සිටියි. තණ්හාවට වසඟ වූ පුද්ගලයා ද භවයෙන් භවයට දුවමින්, තණ්හාවෙන් අරමුණු අල්ලාගෙනම සිටියි. තණ්හාවෙන් අරමුණක් අල්ලා නොගෙන සිටීමකට නම් නො පැමිණෙයි.

යන‍්ති යං පුග‍්ගලං. එසා ලාමකභාවෙන ජම‍්මී විසාහාරතාය විසමූලතාය විසඵලතාය විසපරිභොගතාය රූපාදීසු විසත‍්තතාය ආසත‍්තතාය ච විසත‍්තිකාති සඞ‍්ඛං ගතා ඡද‍්වාරිකා තණ‍්හා සහතෙ අභිභවති තස‍්ස පුග‍්ගලස‍්ස. යථා නාම වනෙ පුනප‍්පුනං වස‍්සන‍්තෙ දෙවෙ අභිවට‍්ඨං බීරණං බීරණතිණං වඩ‍්ඪති, එවං වට‍්ටමූලකා සොකා අභිවඩ‍්ඪන‍්ති වුද‍්ධිං ආපජ‍්ජන‍්තීති අත්‍ථො.

“යං” යම් පුද්ගලයෙක්, මෙසේ වූ ලාමක භාවයෙන් පහත් නීච බවට පැමිණ, විෂ සහගත ආහාර, මල්, ගෙඩි ආදී විෂ සහිත ද්‍රව්‍ය පරිභෝග කරන බැවින් ද රූපාදී අරමුණු කෙරේ ඇලී, ගැලී සිටින බැවින් “විසත්තික” නම් වූ සයක් වූ ඉඳුරන් හි හටගත් තණ්හාවෙන් ද වැඩී ගිය ඒ පුරුෂයා තණ්හාවෙන් මැඩී සිටියි. නැවත නැවත වැසි වටකල්හි බෙරු, සවැන්න තණ වහා වැඩෙන්නාක් මෙන් තණ්හාවෙන් වෙලුණු සසර පැවැත්මට මූලික වන ශෝකයෝ වැඩෙති. අභිවෘද්ධියට පැමිණෙති.

යො චෙතං…පෙ… දුරච‍්චයන‍්ති යො පන පුග‍්ගලො එවං වුත‍්තප‍්පකාරං අතික‍්කමිතුං පජහිතුං දුක‍්කරතාය දුරච‍්චයං තණ‍්හං සහතෙ අභිභවති, තම‍්හා පුග‍්ගලා වට‍්ටමූලකා සොකා පපතන‍්ති. යථා නාම පොක‍්ඛරෙ පදුමපත‍්තෙ පතිතං උදබින්‍දු න පතිට‍්ඨාති, එවං න පතිට‍්ඨහන‍්තීති අත්‍ථො.

“යො චෙතං -පෙ- දුරච්චයං” යම් පුද්ගලයෙක් මෙසේ දැක්වූ ආකාර ඇති, ඉක්මවීමට දුරු කිරීමට අපහසු වූ තණ්හාව යටපත් කරයි ද මැඩ පවත්වයි ද ඒ පුද්ගලයාගෙන් තණ්හාවට මූලික වූ ශෝකයෝ දුරු වෙති. ඉවත් වෙති. ඒ නෙළුම් කොළයට, පියුම් පතට වැටුණු දිය බිඳු නොරැඳී බිම වැටෙන්නාක් මෙනි. එසේ ම තණ්හාව සිතින් පහ වේ.

තං වො වදාමීති තෙන කාරණෙන අහං තුම‍්හෙ වදාමි. භද‍්දං වොති භද‍්දං තුම‍්හාකං හොතු, මා තණ‍්හං අනුවත‍්තපුග‍්ගලො විය විභවං අනත්‍ථං පාපුණාථාති අත්‍ථො. යාවන‍්තෙත්‍ථ සමාගතාති ඉමස‍්මිං ඨානෙ යත‍්තකා සන‍්නිපතිතා, තත‍්තකා. කිං වදසීති චෙ? තණ‍්හාය මූලං ඛණථ ඉමිස‍්සා ඡද‍්වාරිකතණ‍්හාය මූලං කාරණං අවිජ‍්ජාදිකිලෙසග‍්ගහනං අරහත‍්තමග‍්ගඤාණකුදාලෙන ඛණථ සමුච‍්ඡින්‍දථ. කිං වියාති? උසීරත්‍ථොව බීරණං යථා උසීරෙන අත්‍ථිකො පුරිසො මහන‍්තෙන කුදාලෙන බීරණාපරනාමං උසීරං නාම තිණං ඛණති, එවමස‍්ස මූලං ඛණථාති අත්‍ථො. මා වො නළංව සොතොව, මාරො භඤ‍්ජි පුනප‍්පුනන‍්ති තුම‍්හෙ නදීතීරෙ ජාතං නළං මහාවෙගෙන ආගතො නදීසොතො විය කිලෙසමාරො මච‍්චුමාරො දෙවපුත‍්තමාරො ච පුනප‍්පුනං මා භඤ‍්ජීති අත්‍ථො.

“තං වො වදාමි” එකරුණින් ඒ හේතුවෙන් මම නුඹලාට මෙසේ කියමි. “භද්දං වො” නුඹලාට යහපතක් වේවා. “තණ්හාවට වසඟ වූ පුද්ගලයා මෙන් විනාශයට, අනර්ථයට නුඹලා නොපැමිණේවා” යන අර්ථයයි. “යාවන්තෙත්‍ථ සමාගතා” මේ ස්ථානයේ යම් පමණ රැස්වූවාහු ද ඒ සැමට, ඉදින් කුමක් කියන්නේ ද? “තණ්හා නම් භව මූලය නසා දමවු. මේ සදොරින් උපදින තණ්හාවට මූල හේතු වූ අවිද්‍යා දී කෙලෙස් නම් වල් පැල සමූහය අර්හත් මාර්ග ඤාණය නම් උදැල්ලෙන් ගලවා දමවු. මුලිනුපුටා දමවු. කෙසේ ද? සවැන්න මුල් අවශ්‍ය අයෙකු “උසීරත්‍ථොව බීරණං” මහත් උදැල්ලක් ගෙන සවැන්න ගස් උදුරා දමන්නාක් මෙනි. එසේම තණ්හාවේ මුල් උදුරා දමවු. “මා වො නළං ව සොතොව මාරො භඤ්ජි පුනප්පුනං” නදී තීරයක වූ හටගත් උණ පඳුරක් ඉතා වේගයෙන් පැමිණි ගංදිය පහරකින් වනසන්නාක් මෙන් නුඹලා කරා එන කෙලෙස් මාරයා, මෘත්‍යුමාරයා හා දේවපුත්ත මාරයා නැවත නැවත නුඹලා නොම පොළාවා.

තස‍්මා කරොථ බුද‍්ධවචනං “ඣායථ, භික‍්ඛවෙ, මා පමාදත්‍ථා”තිආදිනා (ම· නි· 1.215) වුත‍්තං බුද‍්ධස‍්ස භගවතො වචනං කරොථ, යථානුසිට‍්ඨං පටිපත‍්තියා සම‍්පාදෙථ. ඛණො වො මා උපච‍්චගාති යො හි බුද‍්ධවචනං න කරොති, තං පුග‍්ගලං අයං බුද‍්ධුප‍්පාදක‍්ඛණො පතිරූපදෙසවාසෙ උප‍්පත‍්තික‍්ඛණො සම‍්මදිට‍්ඨියා පටිලද‍්ධක‍්ඛණො ඡන‍්නං ආයතනානං අවෙකල‍්ලක‍්ඛණොති සබ‍්බොපි ඛණො අතික‍්කමති, සො ඛණො මා තුම‍්හෙ අතික‍්කමතු. ඛණාතීතාති යෙ හි තං ඛණං අතීතා, යෙ වා පුග‍්ගලෙ සො ඛණො අතීතො, තෙ නිරයම‍්හි සමප‍්පිතා තත්‍ථ නිබ‍්බත‍්තා චිරකාලං සොචන‍්ති.

එනිසා බුද්ධ වචනය ඉටු කරන්න. “මහණෙනි! ධ්‍යාන භාවනා වඩවු. නොපමාවවු.” යනුවෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ වචනය ඉටුකරවු. අනුශාසනා කළ පරිදි ප්‍රතිපත්තියෙහි නියැලෙවු. “ඛණෙ වො මා උපච්චගා” යමෙක් බුදුවරුන්ගේ වචන ඉටු නොකරයි ද ඒ පුද්ගලයා මේ බුද්ධෝත්පාද ක්‍ෂණය, සුදුසු ප්‍රදේශයක වාසය, මිනිස් භවයක උප්පත්තිය ලැබීම, සම්‍යක් දෘෂ්ටිය පහළවීම, ආයතන සය විකල් නොවී පැවතීම යනාදී මේ ක්‍ෂණ සම්පත්තිය නුඹලා ඉක්මවා නොයත්වා. “ඛණාතීතා” යමෙක් ඒ ක්‍ෂණය ඉක්මවූවා ද, යමෙක් ඒ ක්‍ෂණ සම්පත්තිය අතහැර ගත්තාහු ද ඔවුහු නිරයේ උපදිති. එහි ඉපිද බොහෝ කාලයක් ශෝක කරති.

පමාදො රජොති රූපාදීසු ආරම‍්මණෙසු සතිවොස‍්සග‍්ගලක‍්ඛණො පමාදො, සංකිලෙසසභාවත‍්තා රාගරජාදිමිස‍්සතාය ච රජො. පමාදානුපතිතො රජොති යො හි කොචි රජො නාම රාගාදිකො, සො සබ‍්බො පමාදානුපතිතො පමාදවසෙනෙව උප‍්පජ‍්ජති. අප‍්පමාදෙනාති අප‍්පමජ‍්ජනෙන අප‍්පමාදපටිපත‍්තියා. විජ‍්ජායාති අග‍්ගමග‍්ගවිජ‍්ජාය. අබ‍්බහෙ සල‍්ලමත‍්තනොති අත‍්තනො හදයනිස‍්සිතං රාගාදිසල‍්ලං උද‍්ධරෙය්‍ය සමූහනෙය්‍යාති.

“පමාදො රජො” රූපාදී අරමුණු කෙරෙහි සිහිමුර්ජාවීමෙන් ප්‍රමාදව, කිලිටි බව ඇති කරන බැවින් ද රාගාදී දූවිලිවලින් මිශ්‍ර වූ බැවින් ද “රජො” නම් වූ “පමාදානුපතිතො රජො” යම් ඒ රජස් නම් වූ රාගාදී දූවිලි ප්‍රමාද වූ පුද්ගලයාගේ සිතෙහි ප්‍රමාද වීමෙන් ද උපදියි. “අප්පමාදෙන” අප්‍රමාදයෙන්, පමානොවන ප්‍රතිපත්තියෙන්. “විජ්ජාය” ආර්ය මාර්ග විද්‍යාවෙන්. “අබ්බහෙ සල්ලමත්තතො” තමාගේ හදය ආශ්‍රය කරගත්, හදවතේ පිහිටි රාගාදී හුල් මුලිනුපුටා දමන්නේය. මුලුමනින්ම නසා දමන්නේ ය.

මාලුක්‍යපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මාලුංක්‍ය පුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.