යෙදුමෙන් කියවන්න

මාලුඞ‍්ක්‍යපුත‍්තත්‍ථෙරගාථා

6. 1. 5.

6. 1. 5.

399. මනුජස‍්ස පමත‍්තචාරිනො තණ‍්හා වඩ‍්ඪති මාලුවා විය, සො පලවති හුරා හුරං ඵලමිච‍්ඡං ව වනස‍්මිං වානරො.

399. ප්‍රමාදචර්‍ය්‍යා ඇති සත්ත්‍වයාගේ තෘෂ්ණාව මාලුවාලතාවක් සෙයින් වැඩෙයි. හෙතෙම වනයෙහි ඵල කැමැති වඳුරකු මෙන් භවයෙන් භවයට දිව යෙයි.

400. යං එසා සහතෙ ජම‍්මි තණ‍්හා ලොකෙ විසත‍්තිකා, සොකා තස‍්ස පවඩ‍්ඪන‍්ති අභිවට‍්ඨං ව බීරණං.

400. ලෝකයෙහි විසත්තිකා යයි කියනලද තෙල ලාමක වූ (ෂඩ්ද්වාරික) තෘෂ්ණා තොමෝ යම් පුද්ගලයකු මැඩලා ද ඔහට ශෝකයෝ වැසි වට බෙරු තණ (සැවැන්න) සෙයින් වැඩෙති.

401. යො චෙතං සහතෙ ජම‍්මිං තණ‍්හං ලොකෙ දුරච‍්චයං, සොකා තම‍්හා පපතන‍්ති උදබින්‍දුව පොක‍්ඛරා.

401. ලොවැ යමෙක් ඒකාන්තයෙන් ඉක්මවාලිය නොහැකි තෙල ලාමක තෘෂ්ණාව මැඩලා ද, ඔහු කෙරෙන් ශෝකයෝ පොකුරුපතින් දියබිඳු සෙයින් ගිලිහෙති.

402. තං වො වදාමි භද‍්දං වො යාවන‍්තෙත්‍ථ සමාගතා, තණ‍්හාය මූලං ඛණථ උසීරත්‍ථෙව බීරණං, මා වො නළං ව සොතො ව මාරො භඤ‍්ජි පුනප‍්පුනං.

402. මෙහි යම් පමණ රැස්වූහු ද ඒ තොපට කියමි. තොපට යහපතෙක් මැ වේවා. (තෙපි) සුවඳහොට කැමැතියකු බෙරුතණ සෙයින් තෘෂ්ණාවගේ මුල් සිඳිවු.

403. කරොථ බුද‍්ධවචනං ඛණො වො මා උපච‍්චගා, ඛණාතීතා හි සොචන‍්ති නිරයම‍්හි සමප‍්පිතා.

403. මාර තෙම තොප නදීශ්‍රෝතස (ගංඉවුරෙහි නැඟි) හුණපඳුරක් සෙයින් පුනපුනා නහමක් නසාවා. බුද්ධවචනය කරවු. (බුද්ධෝත්පාදක්‍ෂණාදි) ක්‍ෂණය තොප නහමක් ඉක්මයා. යම් හෙයකින් ක්‍ෂණය ඉක්මවූවාහු නිරෑහි උපන්නාහු සොවිත්ද එහෙයිනි.

404. පමාදො රජො සබ‍්බදා පමාදානුපතිතො රජො, අප‍්පමාදෙන විජ‍්ජාය අබ‍්බහෙ සල‍්ලමත‍්තනො’ති.

404. (රූපාදි අරමුණෙහි සිහිමුළාව යයි කියනලද) ප්‍රමාදය රජසෙකි. (රාගාදි) රජස් ප්‍රමාද විසින් වැටුණේ වෙයි. අප්‍රමාදයෙන් (සම්‍යක්ස්මෘතියෙන්) අර්‍හන්මාර්‍ගවිද්‍යායෙන් තමාගේ (හෘදයනිඃශ්‍රිත රාගාදි) ශල්‍යය උදුරන්නේ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

මාලුඞ‍්ක්‍යපුත‍්තත්‍ථෙරගාථා.

මාලුඞ්ක්‍යපුත්‍ර ස්ථවිරගාථා යි.