කුල‍්ලත්‍ථෙරගාථා
6. 1. 4.
6. 1. 4.
393. කුල‍්ලො සීවථිකං ගන‍්ත්‍වා අද‍්දස ඉත්‍ථිමුජ‍්ඣිතං, අපවිද‍්ධං සුසානස‍්මිං ඛජ‍්ජන‍්තිං කිමිහී ඵුටං.
393. කුල්ල තෙරණු වූ මම අමුසොහොනට ගොස් සොහොන්හි හැරපියනලද කෘමීන් විසින් පැතිරගෙන කනුලබන ස්ත්‍රියක දිටිමි.
394. ආතුරං අසුචිං පූතිං පස‍්ස කුල‍්ල සමුස‍්සයං, උග‍්ඝරන‍්තං පග‍්ඝරන‍්තං බාලානං අභිනන්‍දිතං.
394. කුල්ල තෙරණුවනි, දුකින් පෙළනලද අපවිත්‍ර වූ කුණු වූ (උඩු වණමුවින් අසුචි) ඉතිරෙන (යටි වණමුවින් අසුචි) වැගිරෙන (අඳපුහුදුන්) බාලයන් විසින් (තෘෂ්ණාමානදෘෂ්ටින්) අභිනිවේශ කොට සතුටු වනලද සිරුර බලව.
395. ධම‍්මාදාසං ගහෙත්‍වාන ඤාණදස‍්සනපත‍්තියා, පච‍්චවෙක‍්ඛිං ඉමං කායං තුච‍්ඡං සන‍්තරබාහිරං.
395. විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත ධර්‍මාදර්‍ශය ගෙන මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයාගේ අධිගමය පිණිස සිස්වූ ඇතුළු බැහැරි සහිත මෙකය ප්‍රත්‍යවේක්‍ෂා කෙළෙමි.
396. යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං, යථා අධො තථා උද‍්ධං යථා උද‍්ධං තථා අධො.
396. මේ කය යම්සේ ද තෙල කය එසේ යැ, තෙල කය යම්සේ ද මේ කය එසේ යැ, (නාභියෙන් යට) අධඃකාය යම්සේ ද (නාභියෙන් මතු) ඌර්ධ්වකාය එසේ යැ උඩුකය යම්සේ ද යටිකය එසේ යි.
397. යථා දිවා තථා රත‍්තිං යථා රත‍්තිං තථා දිවා, යථා පුරෙ තථා පච‍්ඡා යථා පච‍්ඡා තථා පුරෙ.
397. මේ කය දවහල්හි (අසුචි වගුරනුයේ) යම්සේ ද රාත්‍රියෙහි එසේ යැ, රාත්‍රියෙහි යම්සේ ද දහවල්හි එසේ යැ පෙර (තරුණකාලයෙහි අසුචි වගුරනුයේ) යම්සේ ද පසු (මහලු කල්හි) එසේ යැ. පසුකල්හි යම්සේ ද පෙරකල්හි එසේ යි.
398. පඤ‍්චඞ‍්ගිකෙන තුරියෙන න රතී හොති තාදිසී, යථා එකග‍්ගචිත‍්තස‍්ස සම‍්මා ධම‍්මං විපස‍්සතො’ති.
398. යම්සේ එකඟසිත් ඇති මැනැවින් ස්කන්‍ධයන්ගේ උදයව්‍යය දක්නාහට යම් බඳු ධර්‍මරතියක් වේ ද එවන් රතියක් පසඟතුරුගෝසිනුදු නො වේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා කුල‍්ලො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් කුල්ල ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.