කුල්ලත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
කුල්ලත්ථෙරගාථාවණ්ණනා
කුල්ල ස්ථවිරගාථා වර්ණනාව
කුල්ලො සිවථිකන්තිආදිකා ආයස්මතො කුල්ලත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කුටුම්බියකුලෙ නිබ්බත්තිත්වා කුල්ලොති ලද්ධනාමො විඤ්ඤුතං පත්තො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජි. සො ච රාගචරිතත්තා තිබ්බරාගජාතිකො හොති. තෙනස්ස අභික්ඛණං කිලෙසා චිත්තං පරියාදාය තිට්ඨන්ති. අථස්ස සත්ථා චිත්තාචාරං ඤත්වා අසුභකම්මට්ඨානං දත්වා, “කුල්ල, තයා අභිණ්හං සුසානෙ චාරිකා චරිතබ්බා”ති ආහ. සො සුසානං පවිසිත්වා උද්ධුමාතකාදීනි තානි තානි අසුභානි දිස්වා තං මුහුත්තං අසුභමනසිකාරං උප්පාදෙත්වා සුසානතො නික්ඛන්තමත්තොව කාමරාගෙන අභිභුය්යති. පුන භගවා තස්ස තං පවත්තිං ඤත්වා එකදිවසං තස්ස සුසානට්ඨානං ගතකාලෙ එකං තරුණිත්ථිරූපං අධුනා මතං අවිනට්ඨච්ඡවිං නිම්මිනිත්වා දස්සෙති. තස්ස තං දිට්ඨමත්තස්ස ජීවමානවිසභාගවත්ථුස්මිං විය සහසා රාගො උප්පජ්ජති. අථ නං සත්ථා තස්ස පෙක්ඛන්තස්සෙව නවහි වණමුඛෙහි පග්ඝරමානාසුචිං කිමිකුලාකුලං අතිවිය බීභච්ඡං දුග්ගන්ධං ජෙගුච්ඡං පටික්කූලං කත්වා දස්සෙසි. සො තං පෙක්ඛන්තො විරත්තචිත්තො හුත්වා අට්ඨාසි. අථස්ස භගවා ඔභාසං ඵරිත්වා සතිං ජනෙන්තො –
“කුල්ලො සීවථිකං” යනු ආයුෂ්මත් කුල්ල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් සිදුකරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර කෙළෙඹියෙක් ව උපන්හ. කුල්ල නම් වූ හෙතෙම වැඩිවියට පත්ව, ශාස්තෲන් වහන්සේගෙන් දහම් අසා ලැබූ ශ්‍රද්ධාව ඇතිව සසුනේ පැවිදි විය. උන්වහන්සේ රාගචරිතයෙක් වූ බැවින් තියුණු රාග ඇත්තෙක් වූහ. එනිසා උන්වහන්සේගේ සිත නිරතුරුවම කෙලෙස් වසඟව පැවතුණි. උන්වහන්සේගේ මේ සිතේ හැසිරීම දැනගත් ශාස්තෲන් වහන්සේ අසුභ කර්මස්ථානය දී, “කුල්ලය! නුඹ නිතරම සොහොනේ හැසිරීම කළ යුතුයි” නියම කළ සේක. සොහොන් බිමට වැඩම කළ කුල්ල තෙරණුවෝ, උද්ධුමාතකාදී ඒ ඒ අසුභයන් දැක ඒ පිළිබඳව මොහොතක් අසුභය සිහිපත් කරති. නමුත් සොහොනෙන් බැහැරවනවාත් සමගම නැවත කාමරාගෙන් සිත වෙලීයයි. නැවත ද භාග්‍යවතුන් වහන්සේ මේ පුවත දැනගත් සේක්, කුල්ල තෙරුන් සොහොනට වැඩම කළ අවස්ථාවකදී එක් තරුණියකගේ රුවක් දැන් මැරුණාක් මෙන්, පිරුණු අංගප්රත්යංගයන්ගෙන් යුක්තව මවා පෙන්වූ සේක. ඒ රුව දුටු වහාම, ජීවත්වන තරුණියක් දුටු කලක මෙන් තෙරුන්ගේ සිත වහා රාගයෙන් මුසපත් විය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ, කුල්ල තෙරුන් එ් රුව කෙරෙහි ඇලී බලා සිටියදීම, එහි නව දොරින් වැගිරෙන අශූචි මිශ්‍ර පණු ආදීන්ගෙන් යුක්ත වූ අතිශය පිළිකුල් ජනක දුගඟ හමන, භයානක ස්වරූපයක් මවා පෙන්වූ සේක. එය දුටු තෙරුන්ගේ සිත ඒ රුව අප්‍රිය කරන, නොඇලෙන ස්වභාවයට පත්වූ අයුරු නුවණැසින් දත් භාග්‍යවතුන් වහන්සේ මහත් වූ ආලෝකයක් පතුරුවා, කුල්ල තෙරුන්ට සිහි ඉපිද වූ සේක.
“ආතුරං අසුචිං පූතිං, පස්ස කුල්ල සමුස්සයං; උග්ඝරන්තං පග්ඝරන්තං, බාලානං අභිනන්දිත”න්ති. –
“අතුරං අසුචිං පූතිං පස්ස කුල්ල සමුස්සයං, උග්ඝරන්තං පග්ඝරන්තං බාලානං අභිනන්දනං”
“කුල්ලය, දුකින් පීඩිත වූ අපවිත්‍ර වූ කුණු වූ උඩින් යටින් නව දොරින් අශුචි වැගිරෙන්නා වූ පුහුදුන් බාලයන්ගේ තණ්හාමානාදියෙන් දැඩි ඇලී පවතින්නා වූ මේ සිරුර දෙස බලන්න.”
ආහ . තං සුත්වා ථෙරො සම්මදෙව සරීරසභාවං උපධාරෙන්තො අසුභසඤ්ඤං පටිලභිත්වා තත්ථ පඨමං ඣානං නිබ්බත්තෙත්වා තං පාදකං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණිත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා –
එය ඇසූ තෙරණුවෝ, එකෙණෙහිම ශරීරයේ සැබෑ තත්ත්වය සලකා බලා, අසුභ සංඥාව උපදවා ගත්හ. ඒ අසුභ සංඥාවෙහිම පළමු ධ්‍යානය උපදවා ගත් උන්වහන්සේ එය ම පාදක කරගෙන විදසුන් වඩා රහත් ඵලය ලබාගත්හ. ඒ තම පිළිවෙත් මඟ සිහිකරමින් ප්‍රීතිය පහළ කිරීම් වශයෙන් මේ ගාථා සය වදාළ සේක.
“කුල්ලො සිවථිකං ගන්ත්වා, අද්දස ඉත්ථිමුජ්ඣිතං; අපවිද්ධං සුසානස්මිං, ඛජ්ජන්තිං කිමිහී ඵුටං.
“කුල්ලො සීවථිකං ගන්ත්වා අද්දසං ඉත්ථිමුජ්ඣිතං, අපවිද්ධං සුසානස්මිං ඛජ්ජන්තිං කිමිහී ඵුටං”
“ආතුරං…පෙ… බාලානං අභිනන්දිතං.
“ආතුරං අසුචිං පූතිං පස්ස කුල්ල සමුස්සයං, උග්ඝරන්තං පග්ඝරන්තං බාලානං අභිනන්දිතං”
“ධම්මාදාසං ගහෙත්වාන, ඤාණදස්සනපත්තියා; පච්චවෙක්ඛිං ඉමං කායං, තුච්ඡං සන්තරබාහිරං.
“ධම්මා දාසං ගහෙත්වාන ඤාණදස්සනපත්තියා, පච්ච වෙක්ඛිං ඉමං කායං තුච්ඡං සන්තරබාහිරං”
“යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං; යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො.
“යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං, යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො”
“යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා; යථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ.
“යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා, යථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ.”
“පඤ්චඞ්ගිකෙන තුරියෙන, න රතී හොති තාදිසී; යථා එකග්ගචිත්තස්ස, සම්මා ධම්මං විපස්සතො”ති. –
“පඤ්චංගීකෙන තුරියෙන න රතී හොති තාදිසී, යථා ඒකග්ග චිත්තස්ස සම්මා ධම්මං විපස්සතො” තී.
උදානවසෙන ඉමා ගාථා අභාසි.
තත්ථ කුල්ලොති අත්තානමෙව ථෙරො පරං විය කත්වා වදති.
එහි “කුල්ලො” තෙරුන් තමාටම වෙනත් අයකුට මෙන් අමතයි.
ආතුරන්ති නානප්පකාරෙහි දුක්ඛෙහි අභිණ්හං පටිපීළිතං. අසුචින්ති සුචිරහිතං ජෙගුච්ඡං පටික්කූලං. පූතින්ති දුග්ගන්ධං. පස්සාති සභාවතො ඔලොකෙහි. කුල්ලාති ඔවාදකාලෙ භගවා ථෙරං ආලපති. උදානකාලෙ පන ථෙරො සයමෙව අත්තානං වදති. සමුස්සයන්ති සරීරං. උග්ඝරන්තන්ති උද්ධං වණමුඛෙහි අසුචිං සවන්තං. පග්ඝරන්තන්ති අධො වණමුඛෙහි සමන්තතො ච අසුචිං සවන්තං. බාලානං අභිනන්දිතන්ති බාලෙහි අන්ධපුථුජ්ජනෙහි දිට්ඨිතණ්හාභිනන්දනාහි “අහං මම”න්ති අභිනිවිස්ස නන්දිතං.
“ආතුරං” නානාවිධ දුක්ඛයන්ගෙන් නිරන්තරව පෙළෙන්නා වූ. “අසුචිං” පිරිසිදුභාවයෙන් තොර වූ ජුගුප්සාජනක වූ පිළිකුල් වූ. “පූතිං” දුගඳ හමන, කුණු වූ. “පස්ස” ස්වභාවය බලව. යථාර්ථ වශයෙන් බලව. “කුල්ල” යනු තෙරුන්ට අවවාද දෙන අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේගේ ආමන්ත්රණයයි. එම වදනම උදන් අණන අවස්ථාවේ තමන් වහන්සේම පවසයි. “සමුස්සයං” ශරීරය. “උග්ඝරන්තං” උඩි ඇති වණ, තුවාලවලින්, දොරටුවලින් මළ වැගිරෙන. “පග්ඝරන්තං” යටින් වූ වණ මුඛයන්ගෙන් මළ වැගිරෙන, “බාලානං අභිනන්දිතං” බාල වූ අඳ බාල පුහුදුන් අය විසින් දෘෂ්ටි, තණ්හා, මානා දී වශයෙන් “මමය, මගේ යැ”යි ඇලී සිටින. සතුටුවන.
ධම්මාදාසන්ති ධම්මමයං ආදාසං. යථා හි සත්තා අදාසෙන අත්තනො මුඛෙ කායෙ වා ගුණදොසෙ පස්සන්ති, එවං යොගාවචරො යෙන අත්තභාවෙ සංකිලෙසවොදානධම්මෙ යාථාවතො පස්සති, තං විපස්සනාඤාණං ඉධ “ධම්මාදාස”න්ති වුත්තං. තං ඤාණදස්සනස්ස මග්ගඤාණසඞ්ඛාතස්ස ධම්මචක්ඛුස්ස අධිගමාය අත්තනො සන්තානෙ උප්පාදෙත්වා. පච්චවෙක්ඛිං ඉමං කායන්ති ඉමං කරජකායං නිච්චසාරාදිවිරහතො තුච්ඡං අත්තපරසන්තානානං විභාගතො සන්තරබාහිරං ඤාණචක්ඛුනා පතිඅවෙක්ඛිං පස්සිං.
“ධම්මාදාසං” ධර්ම නම් කැඩපත. යම්සේ සත්ත්වයෝ කැඩපතින් තමාගේ මුහුණේ හෝ කයේ හෝ ඇති ගුණ දොස් බලත් ද, එසේම යෝගාවචරයා යම් ආත්මභාවයකදී කිලිටි කරන හා පිරිසිදු බව ඇතිකරන ධර්ම යථා ස්වභාවයෙන් දකියි ද ඒ විදසුන් නුවණ මෙහි ධර්මය නම් කැඩපත යැයි කියන ලදි. ඒ ඤාණ දර්ශනය වූ මාර්ග ඤාණ නම් වූ දහම් ඇස අවබෝධ කරගෙන, ඒ දහම් ඇස තම සන්තානයේ උපදවාගෙන, “පච්චවෙක්ඛිං ඉමං කායං” මේ සිවුමහා භූතමය කය, නිත්‍ය-සාරවත් ආදී ගුණයන්ගෙන් දුරු වූ බැවින් හිස් වූ තමාගේ හා අන්‍යයන්ගේ සන්තානයන් විභාග වශයෙන් දැක, අභ්‍යන්තර-බාහිර වූ නුවණැසින් ප්රත්යවේක්ෂා කළෙමි. සිහිකර බැලුවෙමි.
යථා පන පච්චවෙක්ඛිං, තං දස්සෙතුං “යථා ඉද”න්තිආදි වුත්තං. තත්ථ යථා ඉදං තථා එතන්ති යථා ඉදං මය්හං සරීරසඞ්ඛාතං අසුභං ආයුඋස්මාවිඤ්ඤාණානං අනපගමා නානාවිධං මායොපමං කිරියං දස්සෙති, තථාව එතං මතසරීරං පුබ්බෙ තෙසං ධම්මානං අනපගමා අහොසි. යථා එතං එතරහි මතසරීරං තෙසං ධම්මානං අපගමා න කිඤ්චි කිරියං දස්සෙති, තථා ඉදං මම සරීරම්පි තෙසං ධම්මානං අපගමා නස්සතෙවාති. යථා ච ඉදං මම සරීරං එතරහි සුසානෙ න මතං න සයිතං, න උද්ධුමාතකාදිභාවං උපගතං, තථා එතං එතරහි මතසරීරම්පි පුබ්බෙ අහොසි. යථා පනෙතං එතරහි මතසරීරං සුසානෙ සයිතං උද්ධුමාතකාදිභාවං උපගතං, තථා ඉදං මම සරීරම්පි භවිස්සති. අථ වා යථා ඉදං මම සරීරං අසුචි දුග්ගන්ධං ජෙගුච්ඡං පටික්කූලං අනිච්චං දුක්ඛං අනත්තා, තථා එතං මතසරීරම්පි. යථා වා එතං මතසරීරං අසුචිආදිසභාවඤ්චෙව අනිච්චාදිසභාවඤ්ච, තථා ඉදං මම සරීරම්පි. යථා අධො තථා උද්ධන්ති යථා නාභිතො අධො හෙට්ඨා අයං කායො අසුචි දුග්ගන්ධො ජෙගුච්ඡො පටික්කූලො අනිච්චො දුක්ඛො අනත්තා ච, තථා උද්ධං නාභිතො උපරි අසුචිආදිසභාවො ච. යථා උද්ධං තථා අධොති යථා ච නාභිතො, උද්ධං අසුචිආදිසභාවො, තථා අධො නාභිතො හෙට්ඨාපි.
යම්සේ ප්රත්යවේක්ෂා කළෙම් ද ඒ බව දැක්වීමට, “යථා ඉදං” යන ගාථාව වදාළහ. එහි “යථා ඉදං තථා එතං” යම් සේ මේ මගේ ශරීරය නම් වූ අසුභ කයින් ආයුෂ, උණුසුම, විඤ්ඤාණය පහ නොවී තිබෙනතාක් නානා විධ වූ මායාවක් වැනි ක්‍රියා දක්වයිද එසේම මේ මළ සිරුර ද පෙර ඒ ආයුෂ, උණුසුම ආදී ධර්ම පහනොවී පැවතුණි. දැන් මේ මළසිරුරින් ඒ ධර්ම පහ වූ බැවින්, කිසිදු ක්‍රියාවක් නොදක්වන්නාක් මෙන් මේ මාගේ ශරීරයෙන් ද මේ ධර්ම පහවූ අවස්ථාවේ මෙසේම අක්‍රිය වන්නේ ය. මගේ කය දැන් සොහොනේ නොදමා, නොමැරී, සයනය නොකර, උද්ධුමාතකාදී තත්ත්වයන්ට නොපැමිණ පවතින්නාක් මෙන් මීට මොහොතකට පෙර මේ මළ සිරුරද පැවතුණි. දැන් මේ සොහොනේ හොවන, උද්ධුමාතකාදී තත්ත්වයන්ට පැමිණියා වූ මළසිරුර මෙන්ම මගේ සිරුර ද අනාගතයේ පත්වන්නේ ය. නැතහොත් අශුචියෙන් පිරි, දුගඳ හමන, පිළිකුල් ජනක, අනිත්‍ය-දුක්ඛ-අනාත්ම භාවයන්හි පැමිණි මේ මළසිරුර මෙන් වූ තත්ත්වයකට මගේ සිරුර ද පත්වන්නේ ය. “යථා අධො” මේ මළ සිරුරේ නාභියෙන් යට කොටස යම් සේ අශුචියෙන් වැකි, දුගඟ හමන අප්‍රිය, පිළිකුල් සහගත තත්ත්වයට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තත්ත්වයට පත්වූයේද එලෙසින්ම නාභියෙන් උඩ ශරීර කොටස් ද අශුචි වැකි පිළිකුල් සහගත තත්ත්වයටම පත්වන්නේ ය.
යථා දිවා තථා රත්තින්ති යථා අයං කායො දිවා “අක්ඛිම්හා අක්ඛිගූථකො”තිආදිනා (සු· නි· 199) අසුචි පග්ඝරති, තථා රත්තිම්පි. යථා රත්තිං තථා දිවාති යථා ච රත්තිං අයං කායො අසුචි පග්ඝරති, තථා දිවාපි, නයිමස්ස කාලවිභාගෙන අඤ්ඤථාභාවොති අත්ථො. යථා පුරෙ තථා පච්ඡාති යථා අයං කායො පුරෙ පුබ්බෙ තරුණකාලෙ අසුචි දුග්ගන්ධො ජෙගුච්ඡො පටික්කූලො, තථා ච පච්ඡා ජිණ්ණකාලෙ. යථා ච පච්ඡා ජිණ්ණකාලෙ අසුචිආදිසභාවො, තථා පුරෙ තරුණකාලෙපි . යථා වා පුරෙ අතීතකාලෙ සවිඤ්ඤාණකාලෙ අසුචිආදිසභාවො ච අනිච්චාදිසභාවො ච, තථා පච්ඡා අනාගතකාලෙ අවිඤ්ඤාණකාලෙති එවම්පෙත්ථ අත්ථො වෙදිතබ්බො.
“යථා දිවා තථා රත්තිං” මේ කයින් දහවල් කබ කඳුළු ආදි අශුචි ඇසින් වැගිරේද එලෙසින්ම රාත්රියේදී ද අශුචි වැගිරේ. “යථා රත්තිං තථා දිවා” රෑ යම්සේ අශුචි වැගිරේ ද දාවල ද එසේම අශුචි වැගිරේ. මෙහි කාලය වෙනස් වීමකින් ශරීරයේ අශුචි වැගිරීම නොනවතින බව පෙන්වාදෙයි. “යථා පුරෙ තථා පච්ඡා” මේ කය පෙර තරුණ අවස්ථාවේ යම්සේ අශුචි වැගිරවීද පසුව මහලුව ජරාජීර්ණ වුවත් මේ කයින් එලෙසින්ම අශුචි වැගිරේ. දුඟඳ පිළිකුල් සහගත අප්‍රිය වූවෙක්ම වේ. නැතහොත් පෙර අතීතයේ විඥානය සහිත කාලයේ දී මේ කය අශුචි ආදි ස්වභාවයන්ට ද අනිත්‍යාදි ධර්මතාවලට ද පත්වූවක් මෙන්; අනාගතයේ පසුකාලීනව මේ කයින් විඥානය පහවී ගියක් එලෙසින්ම පිළිකුල් බවට පත් වේ. අසුභ, අනිත්‍යාදි දහම් සවිඥානික වූ ද අවිඥානික වූ ද ශරීරයේ එක හා සමාන බව දත යුතුයි.
පඤ්චඞ්ගිකෙන තුරියෙනාති “ආතතං විතතං ආතතවිතතං ඝනං සුසීර”න්ති එවං පඤ්චඞ්ගිකෙන පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතෙන තුරියෙන පරිචරියමානස්ස කාමසුඛසමඞ්ගිනො ඉස්සරජනස්ස තාදිසී තථාරූපා රති සුඛස්සාදො න හොති. යථා එකග්ගචිත්තස්ස, සම්මා ධම්මං විපස්සතොති සමථවිපස්සනං යුගනද්ධං කත්වා ඉන්ද්රියානං එකරසභාවෙන වීථිපටිපන්නාය විපස්සනාය ඛන්ධානං උදයබ්බයං පස්සන්තස්ස යොගාවචරස්ස යාදිසා ධම්මරති, තස්සා කලම්පි කාමරති න උපෙතීති. වුත්තඤ්හෙතං භගවතා –
“පඤ්චංගිකෙන තුරියෙන” ආතතය, විතතය, ආතතවිතතය, ඝනය, සුසිරය යනුවෙන් දැක්වෙන අංග පසකින් යුතු පසඟතුරු නාදයෙන් පිරිවරාගත් කම්සුව විඳින ඉසුරුමත් ජනයාට මෙබඳු වූ ඇලීම් ආශ්වාදයක් නැත. “යථා එකග්ගචිත්තස්ස සම්මා ධම්මං විපස්සතො” සමථය හා විදර්ශනාව මාරුවෙන් මාරුවට වඩා ඉන්ද්රියයන්ගේ එකම රසයක් ඇති ස්වභාවයෙන් යුතු, විදසුන් වීථියට පිළිපන්, මේ ලෝකයේ සංඛත ධර්මතා ඇතිව නැතිවන අයුරු දක්නා වූ යෝගාවචරයාට යම් බඳු දහමේ ඇලීමක් වේද, ඒ ධර්‍මරතියෙන් දහසයෙන් පංගුවක් වූ හෝ ඇලීමක් කාමුක සුවය කෙරෙහි කාමුකයන්ට ඇති නොවේ. භාග්‍යවතුන් වහන්සේ ඒ බව වදාළ සේක්මය.
“යතො යතො සම්මසති, ඛන්ධානං උදයබ්බයං; ලභතී පීතිපාමොජ්ජං, අමතං තං විජානත”න්ති. (ධ· ප· 374);
“යතො යතො සම්මසතී ඛන්ධානං උදයව්‍යයං, ලභතී පීති පාමොජ්ජං අමතං තං විජානතං”
ස්කන්ධ ධර්මයන්ගේ ඇතිව නැතිවී යෑම යම් යම් සේ දකින්නේ ද ඒ ඒ ආකාරයෙන් ම ප්රීතිප්රමෝදභාවයට ඒ අමාමහ නිවන් දුටු උත්තමයා පත් වේ.
ඉමා එව ච ථෙරස්ස අඤ්ඤාබ්යාකරණගාථාපි අහෙසුං.
මෙම ගාථා සය කුල්ල තෙරුන්ගේ රහත් බව ප්‍රකාශ කරන ගාථා ද විය.
කුල්ලත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
කුල්ල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.