යෙදුමෙන් කියවන්න

මහානාගත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මහානාගත්‍ථෙරගාථාවණ‍්ණනා

මහානාග ස්ථවිරගාථා වර්ණනාව

යස‍්ස සබ්‍රහ‍්මචාරීසූතිආදිකා ආයස‍්මතො මහානාගත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තො කකුසන්‍ධස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං කකුසන්‍ධං භගවන‍්තං අරඤ‍්ඤං අජ‍්ඣොගාහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ ඣානසුඛෙන නිසින‍්නං දිස‍්වා පසන‍්නමානසො තස‍්ස දාළිමඵලං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාකෙතෙ මධුවාසෙට‍්ඨස‍්ස නාම බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, මහානාගොතිස‍්ස නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත‍්තො භගවති සාකෙතෙ අඤ‍්ජනවනෙ විහරන‍්තෙ ආයස‍්මතො ගවම‍්පතිත්‍ථෙරස‍්ස පාටිහාරියං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො ථෙරස‍්සෙව සන‍්තිකෙ පබ‍්බජිත්‍වා තස‍්සොවාදෙ ඨත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.45.1-7) –

“යස්ස සබ්‍රහ්මචාරීසු” යනු ආයුෂ්මත් මහානාග තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ තැබූ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් රැස් කරමින් පැමිණියහ. කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන් හෙතෙම නුවණැති බවට පත්ව, දිනක් කකුසඳ භාග්‍යවතුන් වහන්සේ අරණ්‍ය වාසයට වැඩ එක්තරා රුක්මුලක ධ්‍යාන සුවයෙන් වැඩසිටිනු දැක, පහන් සිතින් බුළු ඇට මද පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාදයේදී සාකේත නුවර මධුවාසෙට්ඨ නම් බමුණාගේ පුතුව උපන්නේ ය. එකුමරුට “මහානාග” යන නම තබන ලදි. නුවණැති බවට පත් එකුමරු අප භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර අඳුන් වනයේ වැඩවසන සමයෙහි දී, ආයුෂ්මත් ගවම්පති තෙරුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය දැකීමෙන් හටගත් ශ්‍රද්ධාව නිසා ඒ තෙරුන් ළඟම පැවිදි ව, ඒ තෙරුන්ගේ අවවාද අනුව ක්‍රියා කොට රහත් භාවය ලබා ගත්තේය. මහානාග තෙරණුවෝ අපදාන පාළියේ දී මෙසේ වදාළහ.

“කකුසන්‍ධො මහාවීරො, සබ‍්බධම‍්මාන පාරගූ; ගණම‍්හා වූපකට‍්ඨො සො, අගමාසි වනන‍්තරං.

“සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය, ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ සමූහයා කෙරෙන් වෙන්ව වන වාසයට පැමිණි සේක.

“බීජමිඤ‍්ජං ගහෙත්‍වාන, ලතාය ආවුණිං අහං; භගවා තම‍්හි සමයෙ, ඣායතෙ පබ‍්බතන‍්තරෙ.

මම බුළු ඇට මද ගෙන වැලක ඇමිණුවෙමි. භාග්‍යවතුන් වහන්සේ එකල්හි පර්වත අතර ධ්‍යාන වැඩූ සේක.

“දිස‍්වානහං දෙවදෙවං, විප‍්පසන‍්නෙන චෙතසා; දක‍්ඛිණෙය්‍යස‍්ස වීරස‍්ස, බීජමිඤ‍්ජමදාසහං.

උන්වහන්සේ දුටු මම පහන් සිතින් වීර වූ දක්‍ෂිණාර්හ වූ ඒ උත්තමයන් වහන්සේට බුළු ඇට මද පූජා කළෙමි.

“ඉමස‍්මිංයෙව කප‍්පම‍්හි, යං මිඤ‍්ජමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, බීජමිඤ‍්ජස‍්සිදං ඵලං.

මේ මහා භද්‍ර කල්පයෙහිම කරන ලද ඒ ඵල පූජාවේ විපාක වශයෙන් මම අද දක්වාම දුගතියකට නොගියෙමි. ඵල පූජාවේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම කෙලෙසුන්ගෙන් මිදුණෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.

අරහත‍්තං පන පත්‍වා විමුත‍්තිසුඛෙන විහරන‍්තො ථෙරො ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ සබ්‍රහ‍්මචාරීසු ගාරවං අකත්‍වා විහරන‍්තෙ දිස‍්වා තෙසං ඔවාදදානවසෙන –

රහත් බවට පත්ව විමුක්ති සුව විඳිමින් සිටි මහානාග තෙරණුවෝ, ඡබ්බග්ගිය භික්‍ෂූහු එකට මහණදම් පුරණ භික්‍ෂූන්ට ගරු නොකර වෙසෙනුදැන, ඔවුන්ට අවවාද වශයෙන් මේ ගාථා සය වදාළහ.

“යස‍්ස සබ්‍රහ‍්මචාරීසු, ගාරවො නූපලබ‍්භති; පරිහායති සද‍්ධම‍්මා, මච‍්ඡො අප‍්පොදකෙ යථා.

“යස්ස සබ්‍රහ්මචාරීසු ගාරවො නූපලබ්භතී, පරිහායති සද්ධම්මා මච්ඡො අප්පොදකෙ යථා”

“යස‍්ස සබ්‍රහ‍්මචාරීසු, ගාරවො නූපලබ‍්භති; න විරූහති සද‍්ධම‍්මෙ, ඛෙත‍්තෙ බීජංව පූතිකං.

“යස්ස සබ්‍රහ්මචාරීසු ගාරවො නූපලබ්භතී, න විරූහති සද්ධම්මෙ ඛෙත්තෙ බීජංච පූතිකං”

“යස‍්ස සබ්‍රහ‍්මචාරීසු, ගාරවො නූපලබ‍්භති; ආරකා හොති නිබ‍්බානා, ධම‍්මරාජස‍්ස සාසනෙ.

“යස්ස සබ්‍රහ්මචාරීසු ගාරවො නූපලබ්භතී, ආරකා හොති නිබ්බාණා ධම්මරාජස්ස සාසනෙ”

“යස‍්ස සබ්‍රහ‍්මචාරීසු, ගාරවො උපලබ‍්භති; න විහායති සද‍්ධම‍්මා, මච‍්ඡො බව‍්හොදකෙ යථා.

“යස්ස සබ්‍රහ්මචාරීසු ගාරවො උපලබ්භති, න විහායති සද්ධම්මා මච්ඡොන බහ්වොදකෙ යථා”

“යස‍්ස සබ්‍රහ‍්මචාරීසු, ගාරවො උපලබ‍්භති; සො විරූහති සද‍්ධම‍්මෙ, ඛෙත‍්තෙ බීජංව භද‍්දකං.

“යස්ස සබ්‍රහ්මචාරීසු ගාරවො උපලබ්භතී, සො විරූහති සද්ධම්මෙ ඛෙත්තෙ බීජංච භද්දකං”

“යස‍්ස සබ්‍රහ‍්මචාරීසු, ගාරවො උපලබ‍්භති; සන‍්තිකෙ හොති නිබ‍්බානං, ධම‍්මරාජස‍්ස සාසනෙ”ති. –

“යස්ස සබ්‍රහ්මචාරීසු ගාරවො උපලබ්භතී, සන්තිකෙ හොති නිබ්බාණං ධම්මරාජස්ස සාසනෙ”

ඉමා ඡ ගාථා අභාසි.

තත්‍ථ සබ්‍රහ‍්මචාරීසූති සමානං බ්‍රහ‍්මං සීලාදිධම‍්මං චරන‍්තීති සබ්‍රහ‍්මචාරිනො, සීලදිට‍්ඨිසාමඤ‍්ඤගතා සහධම‍්මිකා, තෙසු. ගාරවොති ගරුභාවො සීලාදිගුණනිමිත‍්තං ගරුකරණං. නූපලබ‍්භතීති න විජ‍්ජති න පවත‍්තති, න උපතිට‍්ඨතීති අත්‍ථො. නිබ‍්බානාති කිලෙසානං නිබ‍්බාපනතො කිලෙසක‍්ඛයාති අත්‍ථො. ධම‍්මරාජස‍්සාති සත්‍ථුනො. සත්‍ථා හි සදෙවකං ලොකං යථාරහං ලොකියලොකුත‍්තරෙන ධම‍්මෙන රඤ‍්ජෙති තොසෙතීති ධම‍්මරාජා. එත්‍ථ ච “ධම‍්මරාජස‍්ස සාසනෙ”ති ඉමිනා නිබ‍්බානං නාම ධම‍්මරාජස‍්සෙව සාසනෙ , න අඤ‍්ඤත්‍ථ. තත්‍ථ යො සබ්‍රහ‍්මචාරීසු ගාරවරහිතො, සො යථා නිබ‍්බානා ආරකා හොති, තථා ධම‍්මරාජස‍්ස සාසනතොපි ආරකා හොතීති දස‍්සෙති. බව‍්හොදකෙති බහුඋදකෙ. සන‍්තිකෙ හොති නිබ‍්බානන‍්ති නිබ‍්බානං තස‍්ස සන‍්තිකෙ සමීපෙ එව හොති. සෙසං වුත‍්තනයමෙව. ඉමා එව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථා අහෙසුං.

එහි “සබ්‍රහ්මචාරීසු” සමාන වූ බ්‍රහ්මචර්යාවෙහි සීලාදී ධර්මයන්හි හැසිරෙන්නේය යන අරුතින් “සබ්‍රහ්මචාරී” නම් ව, සීල-දෘෂ්ටි ආදියෙන් සමාන වූ බැවින් “සහධම්මික” නම් වන. සබ්‍රහ්මචාරීන් කෙරෙහි. “ගාරවො” ගරුභාවයෙන් ශීලාදී ගුණ නිමිතිකරගෙන ගරු කරන්නා වූ. “නූපලබ්භතී” නොපවතියි. විද්‍යමාන නොවේ. සමීපයේ නොසිටියි. “නිබ්බාණා” කෙලෙසුන් නිවන බැවින්, කෙලෙස් ක්‍ෂය කිරීම, නිර්වාණාවබෝධය. “ධම්මරාජස්ස” ශාස්තෲන් වහන්සේගේ; උන්වහන්සේ “දෙවියන් සහිත ලෝකයාට සුදුසු පරිදි ලෞකික ලෝකෝත්තර ධර්මයන්ගෙන් සතුටු කරවයි, සිත් අලවයි, දේශනා කරයි” යන අරුතින් “ධර්මරාජ” නම් වන සේක. මෙහි “ධම්මරාජස්ස සාසනෙ” යනු මේ නිවණ නම් ධර්ම රාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහිම ලැබෙන්නකි. වෙනත් සසුන නොලැබෙන්නකි. එහි යමෙක් සබ්‍රහ්මචාරීන් කෙරෙහි ගරුකිරීම් රහිතව වෙසේ ද ඔහු නිවණින් ඉතා දුරට ගිය තැනැත්තෙකි. එසේම ධර්මරාජයන් වහන්සේගේ ශාසනයෙන් ද බැහැර වූවෙකි. “බහ්වොදකෙ” දිය පිරුණු විලෙහි. “සන්තිකෙ හොති නිබ්බාණං” නිවණ ඔහුගේ සමීපයේම වේ. ළඟම තිබේ. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය. මෙම ගාථා සයම මහානාග තෙරුන්ගේ රහත්බව ප්‍රකාශ කරන ගාථා විය.

මහානාගත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මහානාග ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.