යෙදුමෙන් කියවන්න

තෙකිච‍්ඡකානිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

තෙකිච‍්ඡකානිත්‍ථෙරගාථාවණ‍්ණනා

තෙකිච්ඡකානි ස්ථවිරගාථා වර්ණනාව

අතිහිතා වීහීතිආදිකා ආයස‍්මතො තෙකිච‍්ඡකාරිත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො ඉතො එකනවුතෙ කප‍්පෙ විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා වෙජ‍්ජසත්‍ථෙ නිප‍්ඵත‍්තිං ගතො. විපස‍්සිස‍්ස භගවතො උපට‍්ඨාකං අසොකං නාම ථෙරං බ්‍යාධිතං අරොගමකාසි, අඤ‍්ඤෙසඤ‍්ච සත‍්තානං රොගාභිභූතානං අනුකම‍්පාය භෙසජ‍්ජං සංවිදහි.

“අතිහිතා වීහි” යනාදී ගාථාවන් ආයුෂ්මත් තේකිච්ඡකානි තෙරණුවන්ගේ ය. උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි තැබූ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් පැමිණිසේක්, මීට කල්ප අනූ එකකට පෙර දී විපස්සි භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි වෙද පවුලක උපන්හ. තරුණවියට පැමිණ වෛද්‍ය ශිල්පයෙහි පරතෙරට ගිය හෙතෙම විපස්සි බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වූ අශෝක නම් තෙරුන්ගේ රෝගාබාධය දුරු කළේය. සෙසු රෝගාබාධිත සත්ත්‍වයන්ට ද අනුකම්පාවෙන් බෙහෙත් කළේය.

සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සුබුද‍්ධස‍්ස නාම බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස තිකිච‍්ඡකෙහි ගබ‍්භකාලෙ පරිස‍්සයං අපහරිත්‍වා පරිපාලිතතාය තෙකිච‍්ඡකාරීති නාමං අකංසු. සො අත‍්තනො කුලානුරූපානි විජ‍්ජාට‍්ඨානානි සිප‍්පානි ච සික‍්ඛන‍්තො වඩ‍්ඪති. තදා චාණක‍්කො සුබුද‍්ධස‍්ස පඤ‍්ඤාවෙය්‍යත‍්තියං කිරියාසු උපායකොසල‍්ලඤ‍්ච දිස‍්වා, “අයං ඉමස‍්මිං රාජකුලෙ පතිට‍්ඨං ලභන‍්තො මං අභිභවෙය්‍යා”ති ඉස‍්සාපකතො රඤ‍්ඤා චන්‍දගුත‍්තෙන තං බන්‍ධනාගාරෙ ඛිපාපෙසි. තෙකිච‍්ඡකාරී පිතු බන්‍ධනාගාරප‍්පවෙසනං සුත්‍වා භීතො පලායිත්‍වා සාණවාසිත්‍ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා අත‍්තනො සංවෙගකාරණං ථෙරස‍්ස කථෙත්‍වා පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අබ‍්භොකාසිකො නෙසජ‍්ජිකො ච හුත්‍වා විහරති, සීතුණ‍්හං අගණෙන‍්තො සමණධම‍්මමෙව කරොති, විසෙසතො බ්‍රහ‍්මවිහාරභාවනමනුයුඤ‍්ජති. තං දිස‍්වා මාරො පාපිමා “න ඉමස‍්ස මම විසයං අතික‍්කමිතුං දස‍්සාමී”ති වික‍්ඛෙපං කාතුකාමො සස‍්සානං නිප‍්ඵත‍්තිකාලෙ ඛෙත‍්තගොපකවණ‍්ණෙන ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං නිප‍්පණ‍්ඩෙන‍්තො –

මෙම පින්කම්වල විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ දී සුබන්‍ධු නම් බමුණාගේ පුතකු ලෙස උපන්නේය. ඔහු ගැබේ වසන සමයේ සිටම වෛද්‍යවරු විසින් කරන ලද ආරක්‍ෂා සංවිධාන ඇතිව පාලනය වූ බැවින් තෙකිච්ඡකානි යැයි නම් තැබිණ. එකුමරු තම කුලයට යෝග්‍ය වූ විද්‍යා ශිල්ප ශාස්ත්‍ර මනාව උගනිමින් වැඩුණේය. එකල චාණක්‍ය ඇමතියා මේ සුබන්‍ධුගේ ප්‍රඥාවේ විපුලබවත්, ක්‍රියාවන්හි උපාය කෞශල්‍ය බවත් දැක; “මොහු මේ රජකුලයේ පිහිට ලැබ මා අභිභවනය කරන්නේය” යනුවෙන් ඊර්ෂ්‍යාවෙන් වසඟව, චන්‍ද්‍රගුප්ත රජු ලවා සුබන්‍ධු බන්‍ධනාගාර ගත කළේය. තේකිච්ඡාකානි කුමරු පියා බන්‍ධනාගාර ගතවූ බව දැන බියෙන් පලාගොස් වනවාසී තෙරනමක් වෙතට පැමිණියේය. තමාගේ බිය, සංවේගයට හේතු වූ කරුණ තෙරුන්වහන්සේට දැන්වූ හෙතෙම; එතැන පැවිදි වී කමටහන් ගෙන, අබ්භොකාසිකාංගය (එළිමහනෙහිම විසීම) හා නෙසජ්ජිකංගය (හිඳගෙනම සිටීම) යන ධූතාංග පුරමින් කෙලෙස් දුරු කිරීමෙහි නිරත විය. සීතල හා උණුසුම නොසලකා මහණදම් පමණක් ම පිරුවේය. විශේෂයෙන් බ්‍රහ්ම විහාර සිත් වැඩීමෙහි ද නිරත විය. මෙය දුටු පාපී මාරයා, “මොහුට මාගේ විෂය ඉක්මවීමට ඉඩ නොදෙමි”යි කලබල ඇතිකරනු කැමතිව, කුඹුරු වැඩ නිම වූ කල්හි කෙත් රකින්නා වූ පුද්ගලයකු ලෙසින් තෙරුන් වහන්සේ සමීපයට ගොස්, උන්වහන්සේ තැතිගන්වමින් - මෙසේ පැවසීය.

“අතිහිතා වීහි, ඛලගතා සාලී; න ච ලභෙ පිණ‍්ඩං, කථමහං කස‍්ස”න‍්ති. – ආහ; තං සුත්‍වා ථෙරො –

“අතිහිතා වීහි - ඛලගතා සාලි, නචලභෙ පිණ්ඩං කථමහං කස්සං”

“වී කොටුගුළෙහි තැබුවෙමි. සහල් කල විටෙහි රැස්කර තැබුවෙමි. පිඬු නොලබමි. මම කෙසේ නම් සී සාන්නේ ද?”

මෙය ඇසූ තෙරුන් වහන්සේ මේ ගාථා තුන වදාළහ.

“බුද‍්ධමප‍්පමෙය්‍යං අනුස‍්සර පසන‍්නො, පීතියා ඵුටසරීරො හොහිසි සතතමුදග‍්ගො.

“බුද්ධමප්පමෙය්‍යං අනුස්සර පසන්නා, පීතියා ඵුටසරීරො හොහිසී සතතමුදග්ගො”

“ධම‍්මමප‍්පමෙය්‍යං …පෙ… සතතමුදග‍්ගො.

“ධම්ම මප්ප මෙය්‍යං -පෙ- සඞ්ඝ මප්පමෙය්‍යං”

“සඞ‍්ඝමප‍්පමෙය්‍යං…පෙ… සතතමුදග‍්ගො”ති. – ආහ; තං සුත්‍වා මාරො –

එය ඇසූ පාපී මාරයා මේ ගාථාව පැවසීය.

“අබ‍්භොකාසෙ විහරසි, සීතා හෙමන‍්තිකා ඉමා රත්‍යො; මා සීතෙන පරෙතො විහඤ‍්ඤිත්‍ථො, පවිස ත්‍වං විහාරං ඵුසිතග‍්ගළ”න‍්ති. –

“අබ්භොකාසෙ ච විහරසි සිතා හෙමන්තිකා ඉමා රත්තියො, මා සීතෙන පරෙතො විහඤ්ඤිත්‍ථො, පවිස ත්‍වං විහාරං ඵුසිතග්ගලං”

ආහ. අථ ථෙරො –

නැවත තෙරුන් වහන්සේ මේ ගාථාව වදාළහ.

“ඵුසිස‍්සං චතස‍්සො අප‍්පමඤ‍්ඤායො, තාහි ච සුඛිතො විහරිස‍්සං; නාහං සීතෙන විහඤ‍්ඤිස‍්සං, අනිඤ‍්ජිතො විහරන‍්තො”ති. – ආහ;

“ඵුස්සිස්සං චතස්සො අප්පමඤ්ඤායො තාහි ච සුඛිතො විහරිස්සං, නාහං සීතෙන විහඤ්ඤිස්සං අනිඤ්ජිතො විහරන්තො” තී.

තත්‍ථ අතිහිතා වීහීති වීහයො කොට‍්ඨාගාරං අතිනෙත්‍වා ඨපිතා, තත්‍ථ පටිසාමිතා ඛලතො වා ඝරං උපනීතාති අත්‍ථො. වීහිග‍්ගහණෙන චෙත්‍ථ ඉතරම‍්පි ධඤ‍්ඤං සඞ‍්ගණ‍්හාති. සාලී පන යෙභුය්‍යෙන වීහිතො පච‍්ඡා පච‍්චන‍්තීති ආහ. ඛලගතා සාලීති ඛලං ධඤ‍්ඤකරණට‍්ඨානං ගතා, තත්‍ථ රාසිවසෙන මද‍්දනචාවනාදිවසෙන ඨිතාති අත්‍ථො. පධානධඤ‍්ඤභාවදස‍්සනත්‍ථඤ‍්චෙත්‍ථ සාලීනං විසුං ගහණං, උභයෙනපි ගාමෙ, ගාමතො බහි ච ධඤ‍්ඤං පරිපුණ‍්ණං ඨිතන‍්ති දස‍්සෙති. න ච ලභෙ පිණ‍්ඩන‍්ති එවං සුලභධඤ‍්ඤෙ සුභික‍්ඛකාලෙ අහං පිණ‍්ඩමත‍්තම‍්පි න ලභාමි. ඉදානි කථමහං කස‍්සන‍්ති අහං කථං කරිස‍්සාමි, කථං ජීවිස‍්සාමීති පරිහාසකෙළිං අකාසි.

මෙහි මුල් ගාථාවේ “අතිහිතා වීහි” වී ආදි ධාන්‍ය කෝෂ්ඨාගාරයට පමුණුවා තැන්පත් කරන ලදි. එහි ස්වාමීනි (හිමියන්) විසින් ගොයම් කපන තැනින් ගෙදරට ගෙන ගොස් තබන ලදි. “වී” ගැනීමෙන් මෙහිදී සෙසු ධාන්‍ය වර්ගද අදහස් විය. හාල් යනු බොහෝ සෙයින් වී වලින් පසුව ලැබෙන්නකි. “ඛලගතා සාලි” කලවිටට, ධාන්‍ය සහල් කරන තැනට ගිය සහල් ඇති, එහි රාශිවීම් වශයෙන් මැඩීම්, දිවීම් වශයෙන් පැවති. ප්‍රධාන ධාන්‍ය වර්ගය වූ වී සහ සහල් වෙනම ගැනීමෙන් ඒ ප්‍රධාන ධාන්‍යවලින් ගම් නියම්ගම් ද ඉන් පිටත ප්‍රදේශයන්ද පිරී පැවති බව දක්වයි. “නචලභෙ පිණ්ඩං” මෙසේ ධනධාන්‍යයන්ගෙන් පිරි, සුභික්‍ෂ කාලයක පවා මා හට ආහාර පිණ්ඩයක් (පිඬක්) පමණවත් නො ලැබේ. “දැන් මම කෙසේ නම් සී සාන්නෙම් ද?” “මම කෙසේ ජීවත්වන්නෙම් ද?” යනුවෙන් කෙලි කවටකම් කළේය.

තං සුත්‍වා ථෙරො “අයං වරාකො අත‍්තනා අත‍්තනො පවත‍්තිං මය‍්හං පකාසෙසි, මයා පන අත‍්තනාව අත‍්තා ඔවදිතබ‍්බො, න මයා කිඤ‍්චි කථෙතබ‍්බ”න‍්ති වත්‍ථුත‍්තයානුස‍්සතියං අත‍්තානං නියොජෙන‍්තො “බුද‍්ධමප‍්පමෙය්‍ය”න‍්තිආදිනා තිස‍්සො ගාථා අභාසි. තත්‍ථ බුද‍්ධමප‍්පමෙය්‍යං අනුස‍්සර පසන‍්නොති සවාසනාය අවිජ‍්ජානිද‍්දාය අච‍්චන‍්තවිගමෙන, බුද‍්ධියා ච විකසිතභාවෙන බුද‍්ධං භගවන‍්තං පමාණකරානං රාගාදිකිලෙසානං අභාවා අපරිමාණගුණසමඞ‍්ගිතාය අප‍්පමෙය්‍යපුඤ‍්ඤක‍්ඛෙත‍්තතාය ච අප‍්පමෙය්‍යං. ඔකප‍්පනලක‍්ඛණෙන අභිප‍්පසාදෙන පසන‍්නො, පසන‍්නමානසො “ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො”තිආදිනා (ම· නි· 1.74; සං· නි· 5.997) අනුස‍්සර අනු අනු බුද‍්ධාරම‍්මණං සතිං පවත‍්තෙහි, පීතියා ඵුටසරීරො හොහිසි. සතතමුදග‍්ගොති අනුස‍්සරන‍්තොව ඵරණලක‍්ඛණාය පීතියා සතතං සබ‍්බදා ඵුටසරීරො පීතිසමුට‍්ඨානපණීතරූපෙහි අජ‍්ඣොත්‍ථටසරීරො උබ‍්බෙගපීතියා උදග‍්ගො කායං උදග‍්ගං කත්‍වා ආකාසං ලඞ‍්ඝිතුං සමත්‍ථො ච භවෙය්‍යාසි, බුද‍්ධානුස‍්සතියා බුද‍්ධාරම‍්මණං උළාරං පීතිසොමනස‍්සං පටිසංවෙදෙය්‍යාසි. යතො සීතුණ‍්හෙහි විය ජිඝච‍්ඡාපිපාසාහිපි අනභිභූතො හොහිසීති අත්‍ථො.

මෙය ඇසූ තෙරුන් වහන්සේ, “මේ අසරණයා තමාගේ දුක්ඛිතභාවය මා හට පැවසීය. මවිසින් මොහුට කිසිවක් නොකිව යුතුයි. මම මා හටම අවවාද කරගත යුතුයි” යනුවෙන් සිතා ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිකිරීමට තමා යොදවමින් “බුද්ධමප්පමෙය්‍යං” ආදී ගාථා තුන වදාළ සේක. එහි “බුද්ධමප්ප මෙය්‍යං අනුස්සර පසන්නො” පෙර පුරුදු සමඟ අවිද්‍යාව සම්පූර්ණයෙන් ම දුරුකළ බැවින් ද බුද්ධියේ වූ විකසිත භාවයෙන් ද බුද්ධ වූ භාග්‍යවත් බව ප්‍රමාණකරන රාගාදී සියලු කෙලෙස් නැතිකිරීමෙන් ලද අප්‍රමාණ ගුණ සමුදායෙන් යුක්ත වූ පමණ කළ නොහැකි පින්කෙතක් වූ අප්‍රමාණ විශ්වාසවන්ත (ශ්‍රද්ධාව ඇති කරන) වඩ වඩාත් පහදවන, ප්‍රසන්න වූ, ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි “ඒ භාග්‍යවත්හු අර්හත්ය. සම්මා සම්බුද්ධයහ.” ආදී වශයෙන් ගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනාව වඩන්න. “පීතියා ඵුටසරීරො හොහීසි සතතමුදග්ගො” එසේ සිහිකරත්ම ශරීරයේ පැතිර යන ස්වභාව ඇති ප්‍රීතිය, නිරතුරුව සැමකල්හි ස්පර්ශ කරන ලද ශරීරය ඇතිව, ප්‍රීතියෙන් නැගුණු උසස් රූපයන්ගෙන් වසා පැතිරගත් ශරීර ඇතිව, උද්වේගයට පත්ව උබ්බේග ප්‍රීතියෙන් නැගුණු උසස් රූපයන්ගෙන් වසා පැතිරගත් ශරීර ඇතිව, උද්වේගයට පත්ව උබ්බේග ප්‍රීතියෙන් ඔදවැඩී අහසෙහි පැන නැගීමට සමත්වූවෙක් වන්නේ ය. බුද්ධානුස්සතියෙන් බුද්ධ රත්නය අරමුණු කරගෙන මහත් වූ ප්‍රීතියක් සතුටක් විඳින්නේ ය. ඒ හේතුවෙන් සීතෝෂ්ණ දෙක ඉවසන්නාක් මෙන්ම සාපිපාසා දෙක ද ඉවසන්නෙක් වැන්න. ඒ දෙකට යටත්වන්නෙක් නොවන්න.

ධම‍්මන‍්ති අරියං ලොකුත‍්තරධම‍්මං. සඞ‍්ඝන‍්ති අරියං පරමත්‍ථසඞ‍්ඝං. සෙසං වුත‍්තනයමෙව. අනුස‍්සරාති පනෙත්‍ථ “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො”තිආදිනා ධම‍්මං, “සුප‍්පටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො”තිආදිනා සඞ‍්ඝං අනුස‍්සරාති යොජෙතබ‍්බං.

“ධම්මං” ආර්ය වූ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය “සංඝං” ආර්ය වූ පරමාර්ථ සංඝරත්නය සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය. “අනුස්සර” යන මෙහිදී (දෙවන ගාථාවේදී) “භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාව දෙසන ලදි” ආදී වශයෙන් ධර්මය ද “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපිළිපන්නයහ” ආදී වශයෙන් සංඝරත්නය ද සිහිකරව” යනුවෙන් අදහස් ගත යුතුයි.

එවං ථෙරෙන රතනත‍්තයගුණානුස‍්සරණෙ නියොජනවසෙන අත‍්තනි ඔවදිතෙ පුන මාරො විවෙකවාසතො නං විවෙචෙතුකාමො හිතෙසීභාවං විය දස‍්සෙන‍්තො “අබ‍්භොකාසෙ විහරසී”ති පඤ‍්චමං ගාථමාහ. තස‍්සත්‍ථො – ත්‍වං, භික‍්ඛු, අබ‍්භොකාසෙ කෙනචි අපටිච‍්ඡන‍්නෙ විවටඞ‍්ගණෙ විහරසි ඉරියාපථෙ කප‍්පෙසි. හෙමන‍්තිකා හිමපාතසමයෙ පරියාපන‍්නා ඉමා සීතා රත‍්තියො වත‍්තන‍්ති. තස‍්මා සීතෙන පරෙතො අභිභූතො හුත්‍වා මා විහඤ‍්ඤිත්‍ථො විඝාතං මා ආපජ‍්ජි මා කිලමි. ඵුසිතග‍්ගළං පිහිතකවාටං සෙනාසනං පවිස, එවං තෙ සුඛවිහාරො භවිස‍්සතීති.

මෙසේ තෙරුන් වහන්සේ තමා රත්නත්‍රය ගුණ සිහිකිරීමෙහි යොදවමින් තමාට ම අවවාද කරගත් කල්හි, උන්වහන්සේගේ විවේකයේ ඇලුණු සිත විවේචනය කරමින්, ඉතා හිතවත් වූවෙකු මෙන් මාරයා “අබ්භොකාසෙව විහරසි” යන පස්වන ගාථාව පැවසීය. එහි අර්ථ මෙසේය. “මහණ, නුඹ එළිමහනෙහි කිසියම් නොසෙවුණු තැනක, විවෘත වූ තැනෙක වෙසෙන්නෙහිය. ඉරියවු පවත්වන්නෙහිය. දැන් මේ හේමන්ත කාලයේ හිම වැටෙන සමයයි. මෙකල රාත්‍රිය ඉතා ශීතලය. එනිසා ශීතලෙන් පීඩිතව, මැඩී වෙහෙසට පත් නොවන්න. විඩාවට පත්නොවන්න. ක්ලාන්ත නොවන්න. වැසූ දොරකවුළු, වා කවුළු ඇති සෙනසුනකට හෝ කුටියකට පිවිස සුවසේ වසන්න.”

තං සුත්‍වා ථෙරො “න මය‍්හං සෙනාසනපරියෙසනාය පයොජනං, එත්‍ථෙවාහං සුඛවිහාරී”ති දස‍්සෙන‍්තො “ඵුසිස‍්ස”න‍්තිආදිනා ඡට‍්ඨං ගාථමාහ. තත්‍ථ ඵුසිස‍්සං චතස‍්සො අප‍්පමඤ‍්ඤායොති අප‍්පමාණගොචරතාය “අප‍්පමඤ‍්ඤා”ති ලද‍්ධවොහාරෙ චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ ඵුසිස‍්සං ඵුසිස‍්සාමි, කාලෙන කාලං සමාපජ‍්ජිස‍්සාමි. තාහි ච සුඛිතො විහරිස‍්සන‍්ති තාහි අප‍්පමඤ‍්ඤාහි සුඛිතො සඤ‍්ජාතසුඛො හුත්‍වා විහරිස‍්සං චත‍්තාරොපි ඉරියාපථෙ කප‍්පෙස‍්සාමීති. තෙන මය‍්හං සබ‍්බකාලෙ සුඛමෙව, න දුක‍්ඛං. යතො නාහං සීතෙන විහඤ‍්ඤිස‍්සං අන‍්තරට‍්ඨකෙපි හිමපාතසමයෙ අහං සීතෙන න කිලමිස‍්සාමි, තස‍්මා අනිඤ‍්ජිතො විහරන‍්තො චිත‍්තස‍්ස ඉඤ‍්ජිතකාරණානං බ්‍යාපාදාදීනං සුප‍්පහීනත‍්තා පච‍්චයුප‍්පන‍්නිඤ‍්ජනාය ච අභාවතො සමාපත‍්තිසුඛෙනෙව සුඛිතො විහරිස‍්සාමීති. එවං ථෙරො ඉමං ගාථං වදන‍්තොයෙව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං සච‍්ඡාකාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.18.39-44) –

මේ මාරයාගේ ප්‍රකාශය ඇසූ තේකිච්ඡාකානි තෙරණුවෝ, “මා හට සෙනසුන්හි විසීමෙන් ප්‍රයෝජනයක් නැත. මෙහිම (එළිමහනෙහි ම) මම සුවසේ වෙසෙමි”යි දක්වමින් සයවන “ඵුසිස්සං” යන ගාථාව වදාළහ. එහි “ඵුසිස්සං චතස්සො අප්පමඤ්ඤායො” අපමණ වූ අරමුණු ඇති බැවින් අප්‍රමාණ්‍ය, අප්‍රමඤ්ඤ නම් වූ සිවුබඹ විහරණ සහිතව වෙසෙමි. කලින් කලට ඒ සිතුවිලිවලට සමවදින්නෙමි. “තාහි ච සුඛිතො විහරිස්ස” ඒ අප්‍රමාණ්‍ය චෛතසිකයන් නිසා සුවපත්ව, හටගත් සුවයෙන් යුතුව වෙසෙන්නෙමි. සතර ඉරියවු පවත්වන්නෙමි. එනිසා මා හට සැම කාලයම සැපගෙන දෙයි. කිසි කලෙක දුකක් නැත. එහෙයින් ම මම ශීතලෙන් නොවෙහෙසෙමි. විඩාවට පත් නොවෙමි. හිමවැටෙන නවම්-මැදින් දෙපෝය අතර වූූ දින අටෙහි මම ශීතලෙන් ක්ලාන්ත නොවෙමි. එහෙයින් නොසැලී වෙසෙමි. සිතේ කම්පාවට, සැලීමට හේතුවන ව්‍යාපාදා දී පාපධර්ම මනාව ප්‍රහීණ කළ බැවින් ද පසුව දැඩිව ගැනීම් වශයෙන් සැලීමට පත් නොවන බැවින් ද මම සමවත් සුවයෙන් ම සුවසේ වෙසෙමි. උන්වහන්සේ මේ ගාථාව වදාරමින් ම විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටි සේක. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.

“නගරෙ බන්‍ධුමතියා, වෙජ‍්ජො ආසිං සුසික‍්ඛිතො; ආතුරානං සදුක‍්ඛානං, මහාජනසුඛාවහො.

“පෙර මම බන්‍ධුමතී නුවර, ලෙඩ වූ ජනයා සුවපත් කරන, මහජනයාගේ දුක් දුරලා සැප ගෙන දෙන මනාව දක්‍ෂ වෛද්‍යවරයෙක් වූයෙමි.

“බ්‍යාධිතං සමණං දිස‍්වා, සීලවන‍්තං මහාජුතිං; පසන‍්නචිත‍්තො සුමනො, භෙසජ‍්ජමදදිං තදා.

ඉතා සිල්වත් වූ මහත් සේ බබළන රෝගාබාධයකින් පෙළෙන භික්‍ෂුනමක් දුටු මම පහන් සිතින්, සතුටින් යුක්තව උන්වහන්සේට බෙහෙත් කළෙමි.

“අරොගො ආසි තෙනෙව, සමණො සංවුතින්‍ද්‍රියො; අසොකො නාම නාමෙන, උපට‍්ඨාකො විපස‍්සිනො.

සංයත වූ ඉඳුරන් ඇති ඒ ශ්‍රමණයන් වහන්සේ එයින් ම සුවපත් වූහ. විපස්සි බුදුරජාණන් වහන්සේගේ අශෝක නම් උපස්ථායක තෙරුන්ට, මීට කල්ප අනූ එකකට පෙර දී යම් බෙහෙතක් දුන්නෙම් ද ඒ ඖෂධ දානයේ බලයෙන් මා මෙතෙක් දුගතියකට නොගියෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං ඔසධමදාසහං; දුග‍්ගතිං නාභිජානාමි, භෙසජ‍්ජස‍්ස ඉදං ඵලං.

“ඉතො ච අට‍්ඨමෙ කප‍්පෙ, සබ‍්බොසධසනාමකො; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහප‍්ඵලො.

මීට කල්ප අටකට පෙරදී ප්‍රබුද්ධ වූ සුවච නම් සත්රුවනින් හෙබි, මහත් බලැති සක්විති රජකුව සැප වින්දෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

එත්‍ථ ච බින්‍දුසාරරඤ‍්ඤො කාලෙ ඉමස‍්ස ථෙරස‍්ස උප‍්පන‍්නත‍්තා තතියසඞ‍්ගීතියං ඉමා ගාථා සඞ‍්ගීතාති වෙදිතබ‍්බා.

මේ තෙරුන් වහන්සේ බින්දුසාර රාජසමයෙහි වැඩසිටි බැවින්, උන්වහන්සේ වදාළ ගාථා සය, තෙවැනි ධර්ම සංගීතියේදී ථෙරගාථා පාළියට ඇතුළත් කර සංගායනා කරන ලදැයි දත යුතුයි.

තෙකිච‍්ඡකාරිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

තේකිච්ඡාකානි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.