යෙදුමෙන් කියවන්න

තෙකිච‍්ඡකානිත්‍ථෙරගාථා

6. 1. 2.

6. 1. 2.

381. අතිහිතා වීහි ඛලගතා සාලී, න ච ලභෙ පිණ‍්ඩං කථමහං කස‍්සං.

381. වී කොටුගුළෙහි තබනලද, හැල් කලවිටෙහි රැස් කොට තබන ලද, පිඬු නො ලබමි. මම කෙසේ සානෙම් ද? (දිවි රක්නෙම් දැ?යි පාපී මාර කියයි.)

382. බුද‍්ධමප‍්පමෙය්‍යං අනුස‍්සර පසන‍්නො, පීතියා ඵුටසරීරො හොහිසි සතතමුදග‍්ගො.

382. පහන්සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ බුදුන් සිහි කරව, (ඵරැණලක්‍ෂණ) ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල්හි නැගීසිටි සිත් ඇති වව.

383. ධම‍්මමප‍්පමෙය්‍යං අනුස‍්සර පසන‍්නො, පීතියා ඵුටසරීරො හොහිසි සතතමුදග‍්ගො.

383. පහන් සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ දහම් සිහි කරව, ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල් නිරතුරු නැගිසිටි සිත් ඇති වව.

384. සඞ‍්ඝමප‍්පමෙය්‍යං අනුස‍්සර පසන‍්නො, පීතියා ඵුටසරීරො හොහිසි සතතමුදග‍්ගො.

384. පහන්සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ සඟුන් සිහි කරව. ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල්හි නැඟීසිටි සිත් ඇති වව. (තෙරණුවෝ තමනට ඕවා දෙති.)

385. අබ‍්භොකාසෙ විහරසි සීතා හෙමන‍්තිකා ඉමා රත‍්තියො, මා සීතෙන පරෙතො විහඤ‍්ඤිත්‍ථො පවිස ත්‍වං විහාරං ඵුසිතග‍්ගළං.

385. (තෙපි) අබවස්හි වාස කරන්නවු යැ. මේ හේමන්තික රාත්‍රීහු සීතයහ සීතයෙන් මඬනාලදු වැ නහමක් නැසෙව. තෙපි වසනලද කවුළු ඇති වෙහෙරට පිවිසෙව. (පාපීමාර කියයි.)

386. ඵුසිස‍්සං චතස‍්සො අප‍්පමඤ‍්ඤායො තාහි ච සුඛිතො විහරිස‍්සං, නාහං සීතෙන විහඤ‍්ඤිස‍්සං අනිඤ‍්ජිතො විහරන‍්තො’ති.

386. සතර අප්‍රාමාණ්‍යයන් (බ්‍රහ්මවිහාරයන්) පහස්නෙමි. (කලින් කල සමවදනෙමි.) එයින් (උපන්) සුව ඇති වැ වාස කරන්නෙමි. මම ආනෙඤ්ඡ සමාපත්ති ඇති වැ වාස කරන්නෙම් සීතයෙන් නො නස්නෙමි’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා තෙකිච‍්ඡකානි ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් තෙකිච්ඡකානි ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

තෙකිච‍්ඡකානිත්‍ථෙරගාථා.

තෙකිච්ඡකානි ස්ථවිරගාථා යි.