යෙදුමෙන් කියවන්න

උරුවෙලකස‍්සපත්‍ථෙරගාථා

6. 1. 1.

6. 1. 1.

375. දිස‍්වාන පාටිහීරානි ගොතමස‍්ස යසස‍්සිනො, න තාවාහං පණිපතිං ඉස‍්සාමානෙන වඤ‍්චිතො.

375. පතල කීර්තිශබ්ද ඇති ගොයුම්ගොත් බුදුරදුන්ගේ (තුන්දහස්පන්සියක්) පෙළහර දැක ඊර්‍ෂ්‍යායෙන් හා මානයෙන් නුළුයෙම් (කස්ඛ තෝ නො රහත්හි රහත්මගට හෝ නො පිළිපන්හි’ තා කෙරෙහි එවන් ප්‍රතිපදා හෝ නැතැ’යි යම්තාක් තර්‍ජන නො කළ සේක් ද) එතෙක් මම ප්‍රණිපාත නො කෙළෙමි.

376. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය චොදෙසි නරසාරථි, තතො මෙ ආසි සංවෙගො අබ‍්භුතො ලොමහංසනො.

376. පුරුෂදම්‍යසාරථී වූ බුදුහු මාගේ සංකල්පය දැන (මට) නිග්‍රහ කළහ, එහෙයින් මට අද්භූත වූ ලොමුදහ ගන්වන සංවේගයෙක් වී.

377. පුබ‍්බෙ ජටිලභූතස‍්ස යා මෙ සිද‍්ධි පරිත‍්තිකා, තාහං තදා නිරංකත්‍වා පබ‍්බජිං ජිනසාසනෙ.

377. පෙර ජටිල වූ මට අල්ප වූ ලාභාසත්කාරමය වූ යම් ඉදුහයෙක් වී ද එය මම එදා නිග්‍රහ කළ කල්හි හැරපියා බුදුසස්නෙහි පැවිදි වීමි.

378. පුබ‍්බෙ යඤ‍්ඤෙන සන‍්තුට‍්ඨො කාමධාතුපුරක‍්ඛතො, පච‍්ඡා රාගං ච දොසං ච මොහං චාපි සමූහනිං.

378. පෙර කාමලෝකය පෙරටු කොට සිටියෙම් යාගයෙන් සතුටු වූයෙම් පසුවැ (සුගත්සස්නෙහි සිට) රාගයත් ද්වේෂයත් මෝහයත් (නිරවශේෂ කොට) නසාලීමි.

379. පුබ‍්බෙනිවාසං ජානාමි දිබ‍්බචක‍්ඛු විසොධිතං, ඉද‍්ධිමා පරචිත‍්තඤ‍්ඤූ දිබ‍්බසොතඤ‍්ච පාපුණිං.

379. (දැන්) පෙරවිසූ කඳපිළිවෙළ දනිමි (මා විසින්) දිවැස් පිරිසිදු කරන ලද. (මම) ඉදුහ ඇතියෙම් පරසිත් දන්නෙම් දිව්‍යශ්‍රෝත්‍රඥානය ද ලත්මි.

380. යස‍්ස චත්‍ථාය පබ‍්බජිතො අගාරස‍්මානගාරියං, සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො සබ‍්බසංයොජනක‍්ඛයො’ති.

380. මම යම් අර්‍ත්‍ථයක් පිණිස ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වීම් ද සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වූ ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලදැ’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උරුවෙලකස‍්සපො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් උරුවේලකස්සප ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

උරුවෙලකස‍්සපත්‍ථෙරගාථා.

උරුවේලකස්සප ස්ථවිරගාථා යි.