උරුවෙලකස්සපත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
උරුවෙලකස්සපත්ථෙරගාථාවණ්ණනා
උරුවේලකස්සප ස්ථවිරගාථා වර්ණනාව
ඡක්කනිපාතෙ දිස්වාන පාටිහීරානීතිආදිකා ආයස්මතො උරුවෙලකස්සපත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා, වයප්පත්තො සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං මහාපරිසානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා, සයම්පි තං ඨානන්තරං පත්ථෙත්වා මහාදානං දත්වා පණිධානමකාසි. භගවා චස්ස අනන්තරායතං දිස්වා, “අනාගතෙ ගොතමබුද්ධස්ස සාසනෙ මහාපරිසානං අග්ගො භවිස්සතී”ති බ්යාකාසි.
සයවන නිපාතයේ “දිස්වාන පාටිහීරානි” ආයුෂ්මත් උරුවේල කාශ්‍යප තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව සසරින් මිදීම සඳහා කුසල් දහම් රැස් කරන්නාහු, පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ සමයේදී කුලගෙයක උපන්හ. වැඩිවියට පත් ඒ සිටුතුමා ශාස්තෲන් වහන්සේගෙන් නිතරම බණ අසයි. දිනක් ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් මහත් වූ පිරිස් ඇත්තන්ගෙන් අග්‍රභාවයට පත්කළ සේක. එය දුටු සිටුතුමාද ඒ තනතුර පතා මහදන් පවත්වා අධිෂ්ඨානයක් කළේය. භාග්‍යවතුන් වහන්සේගේ ඔහුගේ ඊළඟ හේතු සම්පත් දැක, “මෙතෙම අනාගතයේ ගෞතම බුදු සසුනේ දී මහ පිරිස් ඇත්තවුන්ගෙන් අග්‍රවන්නේය”යි විවරණ දුන් සේක.
සො තත්ථ යාවජීවං පුඤ්ඤානි කත්වා තතො චවිත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉතො ද්වානවුතිකප්පමත්ථකෙ ඵුස්සස්ස භගවතො වෙමාතිකකනිට්ඨභාතා හුත්වා නිබ්බත්ති. අඤ්ඤෙපිස්ස ද්වෙ කනිට්ඨභාතරො අහෙසුං. තෙ තයොපි බුද්ධප්පමුඛං සඞ්ඝං පරමාය පූජාය පූජෙත්වා යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො අම්හාකං භගවතො නිබ්බත්තිතො පුරෙතරමෙව බාරාණසියං බ්රාහ්මණකුලෙ භාතරො හුත්වා, අනුක්කමෙන නිබ්බත්තා ගොත්තවසෙන තයොපි කස්සපා එව නාම ජාතා. තෙ වයප්පත්තා තයො වෙදෙ උග්ගණ්හිංසු. තෙසං ජෙට්ඨභාතිකස්ස පඤ්ච මාණවකසතානි පරිවාරො, මජ්ඣිමස්ස තීණි, කනිට්ඨස්ස ද්වෙ. තෙ අත්තනො ගන්ථෙ සාරං ඔලොකෙන්තා දිට්ඨධම්මිකමෙව අත්ථං දිස්වා පබ්බජ්ජං රොචෙසුං. තෙසු ජෙට්ඨභාතා අත්තනො පරිවාරෙන සද්ධිං උරුවෙලං ගන්ත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා උරුවෙලකස්සපො නාම ජාතො මහාගඞ්ගානදීවඞ්කෙ පබ්බජිතො නදීකස්සපො නාම ජාතො, ගයාසීසෙ පබ්බජිතො ගයාකස්සපො නාම ජාතො.
දිවි ඇතිතාක් පින්දහම් කළ හෙතෙම ඉන් චුතව දෙව් මිනිසුන් අතර සැරිසරා අවුත්, මෙයින් කල්ප අනූ දෙකකට පෙර දී ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේගේ පියාට දාව වෙනත් මවුකුසක බාල සොහොයුරෙක්ව උපන්නේය. ඔහුට තවත් බාල සහෝදරයෝ දෙදෙනෙක් වූහ. මේ තිදෙනාම බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට ඉතා උතුම් වූ පූජාවන්ගෙන් පූජාකරමින් දිවි ඇතිතාක් පින්දහම් සිදුකළහ. ඒ කුසල් බලයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ ඒ තිදෙන අප භාග්‍යවතුන් වහන්සේ පහළවීමට පෙරදී ම බරණැස බමුණු කුලයක සොහොයුරන්ව ඉපිද අනුපිළිවෙලින් වැඩුනාහ. උපන් ගෝත්‍ර නාම වශයෙන් ඔවුන් තිදෙනාම “කස්සප” නාමයෙන් හැඳින්විණි. වැඩිවියට පත් ඔවුහු ත්රිවේදය උගත්හ. ඔවුන්ගෙන් වැඩිමලාට තරුණයෝ පන්සීයක් පිරිවර වූහ. දෙවැනියාට පිරිවර තුන්සීයකි. තෙවැනියාට පිරිවර දෙසීයකි. තමන් හදාළ වේද ග්රන්ථයන්හි සාරයක් නොදුටු ඔවුහු මෙලොවම විඳිය යුතු සැප කැමතිව පැවිදිවූහ. ඒ තිදෙනාගෙන් වැඩිමල් සෝයුරා තම පිරිවර සමග උරුවෙල් ජනපදයට ගොස් සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව උරුවේල කාශ්‍යප නාමයෙන් ප්‍රකට විය. දෙවැනියා මහාගංගාව හැරී යන නදී වංකයක පැවිදිව හුන් බැවින් නදී කාශ්‍යප නමින් ප්‍රකට විය. ගයාවෙහි පැවිදි වී සිය පිරිස සමග සිටි බාල සෝයුරා ගයා කාශ්‍යප නම් විය.
එවං තෙසු ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා තත්ථ තත්ථ වසන්තෙසු බහූනං දිවසානං අච්චයෙන අම්හාකං බොධිසත්තො මහාභිනික්ඛමනං නික්ඛමිත්වා, පටිවිද්ධසබ්බඤ්ඤුතඤ්ඤාණො අනුක්කමෙන ධම්මචක්කං පවත්තෙත්වා, පඤ්චවග්ගියත්ථෙරෙ අරහත්තෙ පතිට්ඨාපෙත්වා යසප්පමුඛෙ පඤ්චපඤ්ඤාස සහායකෙ විනෙත්වා සට්ඨි අරහන්තෙ “චරථ, භික්ඛවෙ, චාරික”න්ති විස්සජ්ජෙත්වා, භද්දවග්ගියෙ විනෙත්වා උරුවෙලකස්සපස්ස වසනට්ඨානං ගන්ත්වා වසනත්ථාය අග්යාගාරං පවිසිත්වා , තත්ථ කතනාගදමනං ආදිං කත්වා අඩ්ඪුඩ්ඪසහස්සෙහි පාටිහාරියෙහි උරුවෙලකස්සපං සපරිසං විනෙත්වා පබ්බාජෙසි. තස්ස පබ්බජිතභාවං ඤත්වා ඉතරෙපි ද්වෙ භාතරො සපරිසා ආගන්ත්වා සත්ථු සන්තිකෙ පබ්බජිංසු. සබ්බෙව එහිභික්ඛූ ඉද්ධිමයපත්තචීවරධරා අහෙසුං.
මෙසේ ඒ ඒ තැන ඔවුහු සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව ඒ ඒ තැන විසූහ. මෙසේ වෙසෙමින් බොහෝ කලක් ගතවූ පසුව අපගේ බෝධිසත්වයෝ මහබිනික්මන් කොට, අවබෝධ කරගත් සර්වඥ ඤාණ ඇතිව, අනුපිළිවෙලින් පැවැත් වූ දම්සක් පැවතුම් දෙසුම් ඇතිව, පස්වග මහණුන් අර්හත් ඵලයෙහි පිහිටුවා, යස ප්‍රධාන පනස් පහක් වූ යහලු පිරිස හික්මවා ලොව ප්‍රථම රහත් සැටනම ඇතිකරවා “මහණෙනි! දහම් චාරිකාවෙහි හැසිරෙවු” යනුවෙන් ඔවුන් පිටත් කර යැවූහ. ඉන්පසුව බුදුපියාණන් වහන්සේ භද්‍රවර්ගිය කුමාරවරුන් හික්මවා ඔවුන් ද සදහම් චාරිකාවෙහි පිටත්කර යවා, උරුවේල කාශ්‍යප වසන තැනට වැඩමවා රාත්‍රී වාසය සඳහා ගිනිහල් ගෙට වැඩ එහිදී නාගදමනාදියෙන් ප්රාතිහාර්ය තුන්දහස් පන්සීයක් දැක්වූහ. මෙසේ පිරිවර සහිතව උරුවෙල් කසුප් තවුසා දමනය කර පැවිදි කරවූ භාග්‍යවතුන් වහන්සේ වෙත සෙසු දෙසොහොයුරෝ ද සිය පිරිස සමග පැමිණ පැවිදි වූහ. ඒ සියලු දෙනම ඒහිභික්ෂු මහණ උපසම්පදාව ලැබූහ.
සත්ථා තං සමණසහස්සං ආදාය ගයාසීසං ගන්ත්වා පිට්ඨිපාසාණෙ නිසින්නො ආදිත්තපරියායදෙසනාය සබ්බෙ අරහත්තෙ පතිට්ඨාපෙසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.54.251-295) –
ඒ සිය දහසකට වැඩි වූ පිරිස සමග ගයා ශීර්ෂයට වැඩම කළ ශාස්තෲන් වහන්සේ එහිදී ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කළ සේක. ඒ සැමදෙනා වහන්සේම ඒ සූත්රදේශනාවසානයේදී රහත් වූහ. අපදාන පාළියේදී උරුවේල කාශ්‍යප තෙරණුවෝ මෙසේ වදාළහ.
“පදුමුත්තරො නාම ජිනො, සබ්බලොකවිදූ මුනි; ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
“පසැස් ඇති, සියලු ලෝකයන් තත් වූ පරිදි දැනගන්නා වූ පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජාණෝ මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූහ.
“ඔවාදකො විඤ්ඤාපකො, තාරකො සබ්බපාණිනං; දෙසනාකුසලො බුද්ධො, තාරෙසි ජනතං බහුං.
සියලු සත්ත්වයන්ට අවවාද දෙන, දහම් අවබෝධ කරවන, සත්ත්වයන් සසරින් එතෙර කරවන, දම් දෙසුමෙහි දක්ෂ වූ බුදුරජාණෝ බොහෝ ජනයා සසරින් එතෙර කරවූහ.
“අනුකම්පකො කාරුණිකො, හිතෙසී සබ්බපාණිනං; සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ, පඤ්චසීලෙ පතිට්ඨපි.
සියලු සත්නට අනුකම්පා කරන කාරුණික වූ අන්‍යයන්ගේ යහපත කැමති උන්වහන්සේ තමා වෙත පැමිණි සියලු තීර්ථකයන් සරණ සිල්හි පිහිටවූහ.
“එවං නිරාකුලං ආසි, සුඤ්ඤතං තිත්ථියෙහි ච; විචිත්තං අරහන්තෙහි, වසීභූතෙහි තාදිභි.
මෙසේ ඒ කාලය තීර්ථකයන්ගෙන් හිස් වූ නිරවුල් වූ තාදී ගුණ ඇති පඤ්ච වශීතාවයෙන් යුතු රහතුන්ගෙන් පිරුණු සමයක් විය.
“රතනානට්ඨපඤ්ඤාසං, උග්ගතො සො මහාමුනි; කඤ්චනග්ඝියසඞ්කාසො, බාත්තිංසවරලක්ඛණො.
උන්වහන්සේගේ උස රියන් පනස් අටකි. රන් ඇගෑයක් වැන්න. දෙතිස් මහ පුරිස් ලකුණින් හෙබි සේක.
“වස්සසතසහස්සානි, ආයු විජ්ජති තාවදෙ; තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
එකල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයකි. එපමණ කල් වැඩහුන් ඒ සර්වඥයන් වහන්සේ ජන සමූහයා සසරින් එතෙර කරවූ සේක.
“තදාහං හංසවතියා, බ්රාහ්මණො සාධුසම්මතො; උපෙච්ච ලොකපජ්ජොතං, අස්සොසිං ධම්මදෙසනං.
එකල මම හංසවතී නුවර යහපත් යැයි සමාජය පිළිගත් බ්‍රාහ්මණයෙක් වූයෙම්, ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දහම් ඇසුවෙමි.
“තදා මහාපරිසතිං, මහාපරිසසාවකං; ඨපෙන්තං එතදග්ගම්හි, සුත්වාන මුදිතො අහං.
එකල මම මහත් පිරිස් ඇත්තන් අතරින් අග්‍ර වූ තෙරනමක් අග තනතුරු ලබනු දුටුවෙමි. සතුටු වූ මම බමුණන් දහසක් පිරිවරාගෙන’වුත් ආරාධනා කොට බුදුන් ප්රමුඛ මහා සංඝරත්නයට මහ දන් පැවැත්වූයෙමි. ඉන්පසු වැඳගෙන මෙවදන් පැවසුවෙමි.
“මහතා පරිවාරෙන, නිමන්තෙත්වා මහාජිනං; බ්රාහ්මණානං සහස්සෙන, සහදානමදාසහං.
“මහාදානං දදිත්වාන, අභිවාදිය නායකං; එකමන්තං ඨිතො හට්ඨො, ඉදං වචනමබ්රවිං.
“තයි සද්ධාය මෙ වීර, අධිකාරගුණෙන ච; පරිසා මහතී හොතු, නිබ්බත්තස්ස තහිං තහිං.
“වීරයන් වහන්ස, මවිසින් ඔබවහන්සේට සැදැහැයෙන් කළ පූජා සත්කාර නම් අධිකාර ගුණ හේතුවෙන් ඒ ඒ උපනුපන් ජාතියෙහි දී මා හට මහ පිරිස් ඇතිවේවා.”
“තදා අවොච පරිසං, ගජගජ්ජිතසුස්සරො; කරවීකරුතො සත්ථා, එතං පස්සථ බ්රාහ්මණං.
එය ඇසූ ශාස්තෲන් වහන්සේ මේඝ ගර්ජනාවක් බඳු මනා වූ ගැඹුරු ස්වර ඇති කුර කෙවිල්ලකට බඳු කටහඬින් මුළු පිරිස අමතා මෙසේ වදාළහ.
“හෙමවණ්ණං මහාබාහුං, කමලානනලොචනං; උදග්ගතනුජං හට්ඨං, සද්ධවන්තං ගුණෙ මම.
“රන්වන් වූ මහත් බාහු ඇති, පියුමකට බඳු මුහුණ හා ඇස් ඇති, ඌර්ධ රෝමයක් ඇති, ප්‍රීතියෙන් මාගේ ගුණයන්හි සැදැහැවත් වූ මේ බමුණා දෙස බලවු.
“එස පත්ථයතෙ ඨානං, සීහඝොසස්ස භික්ඛුනො; අනාගතම්හි අද්ධානෙ, ලච්ඡසෙ තං මනොරථං.
මෙතෙම මහ පිරිස් ඇත්තන්ට අගතැන්පත් වූ සිංහඝෝෂ නම් භික්ෂුහුගේ තනතුර පතයි. මතුමත්තෙහි ඔහුගේ පැතුම ඉටුවන්නේය.
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක කුලයේ උපදින ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළවෙති.
“තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො; කස්සපො නාම ගොත්තෙන, හෙස්සති සත්ථු සාවකො.
උන්වහන්සේගේ ධර්මයේ දායාද වූ, ධර්මයෙන් නිර්මිත කළා වූ ඖරස පුත්‍ර වූ කාශ්‍යප නම් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.”
“ඉතො ද්වෙනවුතෙ කප්පෙ, අහු සත්ථා අනුත්තරො; අනූපමො අසදිසො, ඵුස්සො ලොකග්ගනායකො.
ඊට පසුව මීට කල්ප අනූ දෙකකට පෙර ලොව උපමා රහිත වූ අසමසම වූ ඵුස්ස බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.
“සො ච සබ්බං තමං හන්ත්වා, විජටෙත්වා මහාජටං; වස්සතෙ අමතං වුට්ඨිං, තප්පයන්තො සදෙවකං.
උන්වහන්සේ සියලු මෝහාන්ධකාරය නිසා තණ්හා අවුල්ජාලා බිඳදමමින්, දෙවියන් සහිත ලෝකයා පිනවමින් දහම් වැසි වැස්වූහ.
“තදා හි බාරාණසියං, රාජාපච්චා අහුම්හසෙ; භාතරොම්හ තයො සබ්බෙ, සංවිසට්ඨාව රාජිනො.
එකල අපි බරණැස් නුවර රජ පුතුන්ව උපන්නෙමු. එසේම අපි තිදෙනම ඔවුනොවුන්ට සොහොයුරෝ වූයෙමු. රජුගේ විශ්වාසය අප ම විය.
“වීරඞ්ගරූපා බලිනො, සඞ්ගාමෙ අපරාජිතා; තදා කුපිතපච්චන්තො, අම්හෙ ආහ මහීපති.
එකල කිපුණු පසල් දනවුවක් පිළිබඳව දැනගත් රජතුමා, රූපශ්‍රීයෙන් දෙවියන් වැනි වූ වීර්ය නිසා පැරදුණු යුද්ධ නැත්තා වූ අප අමතා මෙසේ පැවසීය.
“එථ ගන්ත්වාන පච්චන්තං, සොධෙත්වා අට්ටවීබලං; ඛෙමං විජිරිතං කත්වා, පුන දෙථාති භාසථ.
“දරුවෙනි, යවු. ගොස් පසල් දනව්වෙහි සොර බල බිඳලා මාගේ රට නිර්භය කොට එවු”යි යනුවෙනි. එවිට අපි මෙසේ කීවෙමු.
“තතො මයං අවොචුම්හ, යදි දෙය්යාසි නායකං; උපට්ඨානාය අම්හාකං, සාධයිස්සාම වො තතො.
“අපට ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමට ඉඩනොදෙන්නේ නම් අපි යුද්ධය ජයගන්නෙමු” යනුවෙනි.
“තතො මයං ලද්ධවරා, භූමිපාලෙන පෙසිතා; නික්ඛිත්තසත්ථං පච්චන්තං, කත්වා පුනරුපෙච්ච තං.
එසේ ලැබූ වර ඇති අපි රාජානුග්‍රහය ලැබ කුපිත වූ පසල් දනවුව, සාමයෙහි පවත්වා කලිකලහ සන්සිඳුවා පැමිණ, රජුගෙන් බුද්ධෝපස්ථානයට අවසර ලැබ ලෝකනායකයන් වහන්සේට දිවි ඇතිතාක් පූජා පැවැත්වූයෙමු.
“යාචිත්වා සත්ථුපට්ඨානං, රාජානං ලොකනායකං; මුනිවීරං ලභිත්වාන, යාවජීවං යජිම්හ තං.
“මහග්ඝානි ච වත්ථානි, පණීතානි රසානි ච; සෙනාසනානි රම්මානි, භෙසජ්ජානි හිතානි ච.
දැහැමින් ඉපයූ මාහැඟි වස්ත්‍ර ද ප්‍රණීත රසවත් අහර ද මනරම් සෙනසුන් ද හිත වූ බෙහෙත් ද සංඝයා සහිත බුදුරදුන්ට පිදුවෙමු. සිල් සමාදන් වූ අපි කාරුණික සිත් උපදවා ගෙන භාවනාවෙහි යෙදී හැම කාලයෙහි ම මෙත් සිතින් ලෝකනායකයන් වහන්සේට වතාවත් කළෙමු.
“දත්වා සසඞ්ඝමුනිනො, ධම්මෙනුප්පාදිතානි නො; සීලවන්තො කාරුණිකා, භාවනායුත්තමානසා.
“සද්ධා පරිචරිත්වාන, මෙත්තචිත්තෙන නායකං; නිබ්බුතෙ තම්හි ලොකග්ගෙ, පූජං කත්වා යථාබලං.
“තතො චුතා සන්තුසිතං, ගතා තත්ථ මහාසුඛං; අනුභූතා මයං සබ්බෙ, බුද්ධපූජායිදං ඵලං.
උන්වහන්සේ පිරිනිවි කල්හි හැකි පමණින් ධාතු පූජා පැවැත්වූ අපි මරණින් පසු තුසිත දෙව්ලොව ඉපිද මහත් වූ සැප වින්දෙමු. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.
“මායාකාරො යථා රඞ්ගෙ, දස්සෙසි විකතිං බහුං; තථා භවෙ භමන්තොහං, විදෙහාධිපතී අහුං.
මායාකාරයෙකු රඟමඩලේ බොහෝ විසුලු දක්වන්නාක් මෙන් භවයෙන් භවයට සැරිසැරූ මම විදේහ රටෙහි අධිපතියාව උපන්නෙමි.
“ගුණාචෙලස්ස වාක්යෙන, මිච්ඡාදිට්ඨිගතාසයො; නරකං මග්ගමාරූළ්හො, රුචාය මම ධීතුයා.
ගුණ නම් අචේලකයාගේ වචනයෙන් මිසදිටු බැව්හි පිහිටි සිතැති, වැරදි මඟ ගිය රුජා නම් මගේ දුවණියගේ අවවාද නොපිළිගත් මම නාරද බ්‍රහ්මයා විසින් නොයෙක් අයුරින් අනුශාසනා කරන ලද්දෙම්. මිසදිටු බව හැර දශ කුසල කර්ම පථයන් පුරා, මිනිස් සිරුර හැර සිය ගෙදරට යන්නාක් මෙන් ස්වර්ගයට ගියෙමි.
“ඔවාදං නාදියිත්වාන, බ්රහ්මුනා නාරදෙනහං; බහුධා සංසිතො සන්තො, දිට්ඨිං හිත්වාන පාපිකං.
“පූරයිත්වා විසෙසෙන, දස කම්මපථානිහං; හිත්වාන දෙහමගමිං, සග්ගං සභවනං යථා.
“පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, බ්රහ්මබන්ධු අහොසහං; බාරාණසියං ඵීතායං, ජාතො විප්පමහාකුලෙ.
අන්තිම භවයේ දී මම බමුණෙක්ව උපන්නෙමි. සමෘද්ධ වූ බරණැස් නුවර බමුණු මහසල් කුලයක උපන්නෙමි.
“මච්චුබ්යාධිජරාභීතො, ඔගාහෙත්වා මහාවනං; නිබ්බානං පදමෙසන්තො, ජටිලෙසු පරිබ්බජිං.
මරණය, ව්‍යාධිය, ජරාව යන මෙයින් බිය වූ මම මහත් ධනය හැර නිවණ සොයමින් ජටිලයන් වෙත පැවිදි වූයෙමි.
“තදා ද්වෙ භාතරො මය්හං, පබ්බජිංසු මයා සහ; උරුවෙලායං මාපෙත්වා, අස්සමං නිවසිං අහං.
එකල මාගේ දෙබෑයෝ ද මා සමග පැවිදි වූහ. උරුවේලාවෙහි වසන මම ගෝත්‍රයෙන් කස්සප නම් වීමි. ඉන් මාහට උරුවෙල කස්සප යන නාමය ලැබුණි.
“කස්සපො නාම ගොත්තෙන, උරුවෙලනිවාසිකො; තතො මෙ ආසි පඤ්ඤත්ති, උරුවෙලකස්සපො ඉති.
“නදීසකාසෙ භාතා මෙ, නදීකස්සපසව්හයො; ආසී සකාසනාමෙන, ගයායං ගයාකස්සපො.
මාගේ දෙටු සෝයුරා ගංගා නදිය සමීපයේ විසූ බැවින් නදී කස්සප නම් විය. ගයාවෙහි විසූ කස්සප බාල සෝයුරා ගයාකස්සප විය.
“ද්වෙ සතානි කනිට්ඨස්ස, තීණි, මජ්ඣස්ස භාතුනො; මම පඤ්ච සතානූනා, සිස්සා සබ්බෙ මමානුගා.
බාල සෝයුරාට දෙසීයක් ද දෙවැනි නදී කාශ්‍යපට තුන්සීයක් ද මට නො අඩු වූ පන්සීයක් ද යනුවෙන් දහසක් පිරිවර මා අනුව ගියහ.
“තදා උපෙච්ච මං බුද්ධො, කත්වාන විවිධානි මෙ; පාටිහීරානි ලොකග්ගො, විනෙසි නරසාරථි.
එකල පුරිසදම්ම සාරථී වූ ලෝකාග්‍ර වූ බුදුරජාණෝ මාගේ සමීපයට පැමිණ නානාවිධ ප්රාතිහාර්ය දක්වා මා හික්මවූහ.
“සහස්සපරිවාරෙන, අහොසිං එහිභික්ඛුකො; තෙහෙව සහ සබ්බෙහි, අරහත්තමපාපුණිං.
එසේම දහසක් පිරිස සමඟම මම ඒහිභික්ෂුභාවයෙන් මහණෝසම්පදාව ලැබුවෙමි. පසුව සැමදෙනම රහත් වූහ.
“තෙ චෙවඤ්ඤෙ ච බහවො, සිස්සා මං පරිවාරයුං; භාසිතුඤ්ච සමත්ථොහං, තතො මං ඉසිසත්තමො.
ඒ ශිෂ්‍යයෝ ද සෙසු බොහෝ දෙන ද මා පිරිවරාගත්හ. මම ඔවුනට අනුශාසනා කිරීමට සමත් වෙමි. ඉන්පසු විපස්සි බුදුරජුන් දවස සිට සත්වැනි සෘෂි වූ ගෞතම බුදුපියාණන් වහන්සේ මහ පිරිස් ඇති භික්ෂූන්ගේ අග්‍රභාවයෙහි මා තැබූ සේක. අසිරියකි. බුදුරදුන් කෙරෙහි කරන ලද මාගේ සත්කාරය සඵල විය.
“මහාපරිසභාවස්මිං, එතදග්ගෙ ඨපෙසි මං; අහො බුද්ධෙ කතං කාරං, සඵලං මෙ අජායථ.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මාගේ කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා සීහනාදං නදන්තො –
රහත් බවට පත්වූ උන්වහන්සේ තම පිළිවෙත් මඟ දෙස හැරී බලා, නැවත සිහිපත් කර බලා හටගත් සතුටින් සිංහනාද පවත්වන සේක්, මේ ගාථා සය වදාළ සේක.
“දිස්වාන පාටිහීරානි, ගොතමස්ස යසස්සිනො; න තාවාහං පණිපතිං, ඉස්සාමානෙන වඤ්චිතො.
“දිස්වාන පාටිහීරානි ගොතමස්ස යසස්සිනො, න තාවාහං පණිපතිං ඉස්සාමානෙන වඤ්චිතො.
“මම සඞ්කප්පමඤ්ඤාය, චොදෙසි නරසාරථි; තතො මෙ ආසි සංවෙගො, අබ්භුතො ලොමහංසනො.
මම සංකප්ප මඤ්ඤාය චොදෙසි නරසාරථී, තතො මො ආසි සංවෙගො අබ්භුතො ලොමහංසනො.
“පුබ්බෙ ජටිලභූතස්ස, යා මෙ සිද්ධි පරිත්තිකා; තාහං තදා නිරාකත්වා, පබ්බජිං ජිනසාසනෙ.
පුබ්බෙ ජටිල භූතස්ස යා මෙ ඉද්ධි පරිත්තිකා, තාහං තදා නිරංකත්වා පබ්බජිං ජිනසාසනෙ.
“පුබ්බෙ යඤ්ඤෙන සන්තුට්ඨො, කාමධාතුපුරක්ඛතො; පච්ඡා රාගඤ්ච දොසඤ්ච, මොහඤ්චාපි සමූහනිං.
පුබ්බෙ යඤ්ඤෙන සන්තුට්ඨො කාමධාතු පුරක්ඛතො, පච්ඡා රාගඤ්ච දොසඤ්ච මොහඤ්චාපි සමූහනිං.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; ඉද්ධිමා පරචිත්තඤ්ඤූ, දිබ්බසොතඤ්ච පාපුණිං.
පුබ්බෙ නිවාසං ජානාමි, දිබ්බ චක්ඛුං විසොධිතං, ඉද්ධිමා පරචිත්තඤ්ඤු දිබ්බසොතං ච පාපුණිං.
“යස්ස චත්ථාය පබ්බජිතො, අගාරස්මානගාරියං; සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො”ති. –
යස්ස චත්ථාය පබ්බජිතො අගාරස්මා අනගාරියං, සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බ සංයොජනක්ඛයො” තී.
ඉමා ඡ ගාථා අභාසි.
තත්ථ දිස්වාන පාටිහීරානීති නාගරාජදමනාදීනි අඩ්ඪුඩ්ඪසහස්සානි පාටිහාරියානි දිස්වා. “පාටිහීරං, පාටිහෙරං, පාටිහාරිය”න්ති හි අත්ථතො එකං, බ්යඤ්ජනමෙව නානං. යසස්සිනො”ති “ඉතිපි සො භගවා”තිආදිනා සදෙවකෙ ලොකෙ යථාභුච්චං පත්ථටකිත්තිසද්දස්ස. න තාවාහං පණිපතින්ති යාව මං භගවා “නෙව ඛො ත්වං, කස්සප, අරහා, නාපි අරහත්තමග්ගං සමාපන්නො, සාපි තෙ පටිපදා නත්ථි, යාය ත්වං අරහා වා අස්ස, අරහත්තමග්ගං වා සමාපන්නො”ති න තජ්ජෙසි, තාව අහං න පණිපාතනං අකාසිං. කිංකාරණා? ඉස්සාමානෙන වඤ්චිතො, “ඉමස්ස මයි සාවකත්තං උපගතෙ මම ලාභසක්කාරො පරිහායිස්සති, ඉමස්ස එව වඩ්ඪිස්සතී”ති එවං පරසම්පත්තිඅසහනලක්ඛණාය ඉස්සාය චෙව, “අහං ගණපාමොක්ඛො බහුජනසම්මතො”ති එවං අබ්භුන්නතිලක්ඛණෙන මානෙන ච වඤ්චිතො, පලම්භිතො හුත්වාති අත්ථො.
එහිදී “දිස්වාන පාටිහීරානි” යනු නාගරාජ දමන ආදී ප්රාතිහාර්ය තුන්දහස් පන්සීයක් දැක, පාටිහීර, පාටිහෙර, පාටිහාරිය යන වදන් තුනම ඒකාර්ථවත්ය. ඛ්යඤ්ජනයන්ගෙන් ම නානාවිධ වේ. (අර්ථයෙන් සමානය. රූපයෙන් වෙනස් ය.) “යසස්සිනො” සදෙව් ලොව ප්රමුඛ වූ තුන් ලොවෙහිම තත්වූ පරිදි පතළ කීර්ති ශබ්දය ඇති. “න තාවාං පණිපතිං” යම්තාක් භාග්‍යවතුන් වහන්සේ “කාශ්‍යපය, නුඹ රහත් කෙනෙකුන් නොවේ. රහත් මඟට පිළිපන් අයෙකු ද නොවේ. රහත් මඟට පමුණුවන, ප්‍රතිපදාවක් ද නුඹට නැත”යි තර්ජනය නොකළ සේක් ද ඒතාක් ම මම වැඳිය යුත්තකුට නොවැන්දෙමි. කුමන කරුණක් නිසා ද? ඊර්ෂ්‍යාවෙන් හා මානයෙන් වංචා රකන ලද්දෙමි. “මම මොහුගේ ශ්‍රාවකයෙකු වූ කල්හි මගේ ලාභ සත්කාර පිරිහෙන්නේ ය. මොහුගේ ලාභ සත්කාර වැඩෙන්නේ ම ය. “යනුවෙන් අනුන්ගේ සැප සම්පත් නො ඉවසන ස්වභාවයෙන් ඊර්ෂ්‍යාවෙන් යුතුවීමි. එසේම මම දැන් සමූහයක නායක වෙමි. බොහෝ ජනයාගේ සම්මානයට පත් වුවෙමි.
මම සඞ්කප්පමඤ්ඤායාති මය්හං මිච්ඡාසඞ්කප්පං ජානිත්වා, යං යං භගවා උත්තරි මනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සෙති, තං තං දිස්වා “මහිද්ධිකො ඛො මහාසමණො මහානුභාවො”ති චින්තෙත්වාපි “න ත්වෙව ඛො අරහා යථා අහ”න්ති එවං පවත්තං මිච්ඡාවිතක්කං ජානන්තොපි ඤාණපරිපාකං ආගමෙන්තො අජ්ඣුපෙක්ඛිත්වා පච්ඡා නෙරඤ්ජරාය මජ්ඣෙ සමන්තතො උදකං උස්සාරෙත්වා රෙණුහතාය භූමියා චඞ්කමිත්වා තෙන ආභතනාවාය ඨිතො තදාපි “මහිද්ධිකො”තිආදිකං චින්තෙත්වා පුන “න ත්වෙව ඛො අරහා යථා අහ”න්ති පවත්තිතං මිච්ඡාසඞ්කප්පං ඤත්වාති අත්ථො. චොදෙසි නරසාරථීති තදා මෙ ඤාණපරිපාකං ඤත්වා “නෙව ඛො ත්වං අරහා”තිආදිනා පුරිසදම්මසාරථි සත්ථා මං චොදෙසි නිග්ගණ්හි. තතො මෙ ආසි සංවෙගො, අබ්භුතො ලොමහංසනොති තතො යථාවුත්තචොදනාහෙතු එත්තකං කාලං අභූතපුබ්බතාය අබ්භුතො ලොමහංසනවසෙන පවත්තියා ලොමහංසනො “අනරහාව සමානො ‘අරහා’ති මඤ්ඤි”න්ති සංවෙගො සහොත්තප්පො ඤාණුප්පාදො මය්හං අහොසි.
මෙසේ ඉතා උස්ව නැඟි ලක්ෂණ සහිත ඒ වැරදි අදහස් දැන, භාග්‍යවතුන් වහන්සේ මා හට උතුරු මිනිස් දම් පෙළහර දැක්වූ සේක් ද (මනුෂ්‍යභාවය ඉක්ම වූ ප්රාතිහාර්ය දැක්වූ සේක් ද?) ඒ ප්රාතිහාර්යයන් දුටු මම “මේ මහා ශ්‍රමණයා මහත් සෘද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි”යි සිතා “නමුත් මම මෙන් රහත් නොවූවෙකි”යි සිතුවෙම්. මෙසේ පැවති මාගේ ඒ වැරදි අදහස (සිතුවිල්ල) දැන දැනත් මගේ නුවණ මුහුකුරායෑම බලමින් සිටි භාග්‍යවතුන් වහන්සේ නේරංජනා නදිය මැද හාත්පස ජලය පිරී තිබියදී දූවිලි වැකුණු බිම සක්මන් කරමින් සිට, එතැනින් නැඟි නැවෙහි වැඩ සිටි සේක් ද එය දුටු මම නැවත ද “මේ මහා ශ්‍රමණයා මහත් සෘද්ධිමතෙකි. නමුත් මා මෙන් රහත් නැත”යි යන වැරදි සිතින් යුතු බව දැන. “චොදෙසි නරසාරථී” එම අවස්ථාවෙහි මගේ නුවණ මුහුකුරා ගිය බව දුටු පුරුෂයන් දමනය කිරීමෙහි රියදුරෙක් මෙන් දක්ෂ වූ ශාස්තෲන් වහන්සේ මා හට චෝදනා කළ සේක. “නුඹ රහත් කෙනෙකු හෝ රහත් මඟට පිළිපන්නෙකු හෝ නොවේ” යනාදී ලෙස නිග්‍රහ කළ සේක. “තතො මෙ ආසි සංවෙගො අබ්භූතො ලොමහංසනො” එසේ කරන ලද චෝදනාව නිසා මෙපමණ කාලය්ක නොවූ විරූ ලෙස අද්භූත වූ ලොමු ඩැහැ ගැනීමක්, රහත් නොවී සිට රහත් නමකැයි සිතා සිටීම පිළිබඳව සංවේගයක්, තැතිගැනීමක් හා ඤාණය පහළවීමක් මා හට ඇති විය.
ජටිලභූතස්සාති තාපසභූතස්ස. සිද්ධීති ලාභසක්කාරසමිද්ධි. පරිත්තිකාති අප්පමත්තිකා. තාහන්ති තං අහං. තදාති භගවතො චොදනාය සංවෙගුප්පත්තිකාලෙ. නිරාකත්වාති අපනෙත්වා ඡඩ්ඩෙත්වා, අනපෙක්ඛො හුත්වාති අත්ථො. “ඉද්ධීති භාවනාමයඉද්ධී”ති වදන්ති. තදයුත්තං තදා තස්ස අඣානලාභීභාවතො. තථා හි වුත්තං “කාමධාතුපුරක්ඛතො”ති.
“ජටිල භූතස්ස” ජටිල තාපසයෙකු වූ. “ඉද්ධි” ලාභ සත්කාර ලැබීමේ භාග්‍යයක්, සෘද්ධියක්. “පරිත්තිකා” අල්පමාත්‍ර වූ. “තාහං” තං අහං, ඒ මම “තදා” භාග්‍යවතුන් වහන්සේ චෝදනා කර, සංවේග ඉපදවූ කල්හි. “නිරං කත්වා” පහකර, හැරදමා, අපේක්ෂා රහිතව යන අර්ථයයි. ඇතැම්හු මෙහිදී “සෘද්ධි” තිබූ බව කියති. එය නුසුදුසු ප්‍රකාශයකි. එකල උරුවෙල කාශ්‍යප ධ්‍යානලාභියෙක් නොවූ බැවිනි. “කාමධාතු පුරක්ඛතො” යනුවෙන් පැවසූ හෙයිනි.
යඤ්ඤෙන සන්තුට්ඨොති “යඤ්ඤං යජිත්වා සග්ගසුඛං අනුභවිස්සාමි, අලමෙත්තාවතා”ති යඤ්ඤයජනෙන සන්තුට්ඨො නිට්ඨිතකිච්චසඤ්ඤී. කාමධාතුපුරක්ඛතොති කාමසුගතිං ආරබ්භ උප්පන්නතණ්හො යඤ්ඤයජනෙන කාමලොකං පුරක්ඛත්වා ඨිතො. සො චෙ යඤ්ඤො පාණාතිපාතපටිසංයුත්තො හොති, න තෙන සුගතිං සක්කා ලද්ධුං. න හි අකුසලස්ස ඉට්ඨො කන්තො විපාකො නිබ්බත්තති. යා පන තත්ථ දානාදිකුසලචෙතනා, තාය සති පච්චයසමවායෙ සුගතිං ගච්ඡෙය්ය. පච්ඡාති තාපසපබ්බජ්ජාතො පච්ඡා සත්ථු ඔවාදෙන තාපසලද්ධිං පහාය චතුසච්චකම්මට්ඨානානුයොගකාලෙ. සමූහනින්ති විපස්සනං උස්සුක්කාපෙත්වා මග්ගපටිපාටියා රාගඤ්ච දොසඤ්ච මොහඤ්ච අනවසෙසතො සමුග්ඝාතෙසිං.
“යඤ්ඤෙන සන්තුට්ඨො” යාග කිරීමෙන් (ස්වර්ග) දිව සුව අනුභව කරන්නෙමි”යි, ඊට මෙයට ප්‍රමාණවත් වේ”, යනුවෙන් යාග කිරීමෙන් ම සතුටු වූයෙමි. යාගයෙහි කටයුතු නිම කළෙමි. “කාමධාතු පුරක්ඛතො”, කාම සුගතිය අරඹයා උපන් තණ්හාව නිසා යාග කිරීමෙන් කාමලෝක සැප පෙරටු කරගෙන සිටියෙමි. ඒ යාගයේ දී ප්‍රාණඝාතයෙන් යුක්ත බැවින් ඉන් සුගතිගාමී වීමක් අපේක්ෂා කළ නොහැක. අකුසල් සඳහා යහපත් වූ කාන්ත වූ ප්රීතිජනක වූ විපාක නූපදින්නේමය. යම් ක්‍රියාවකින් දානාදී කුසල් සිත් උපදින්නේ ද ඊට හේතුප්‍රත්‍ය වශයෙන් සමාන වූ සුගතීන්ට පත්වන්නේය. “පච්ඡා” තවුස් පැවිද්දට පසුව. ශාස්තෲ අවවාදයෙන් තාපස පිළිගැනීම් අත්හැර චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස යොමු වූ කාලයෙහි දී. “සමූහනිං” විදසුන් භාවනාවේ සිත පිහිටුවා ආර්ය මාර්ගය අනුගමනය කිරීමෙන් රාගය ද ද්වේෂය ද මෝහය ද ඉතිරි නොකරම ක්ෂය කළෙමි.
යස්මා පනායං ථෙරො අරියමග්ගෙන රාගාදයො සමූහනන්තොයෙව ඡළභිඤ්ඤො අහොසි, තස්මා තං අත්තනො ඡළභිඤ්ඤභාවං දස්සෙන්තො “පුබ්බෙනිවාසං ජානාමී”තිආදිමාහ. තත්ථ පුබ්බෙනිවාසං ජානාමීති අත්තනො පරෙසඤ්ච පුබ්බෙනිවාසං අතීතාසු ජාතීසු නිබ්බත්තක්ඛන්ධෙ ඛන්ධපටිබද්ධෙ ච පුබ්බෙනිවාසඤාණෙන හත්ථතලෙ ආමලකං විය පච්චක්ඛතො ජානාමි බුජ්ඣාමි. දිබ්බචක්ඛු විසොධිතන්ති දිබ්බචක්ඛුඤාණං විසොධිතං, පකතිචක්ඛුනා ආපාථගතං පකතිරූපං විය දිබ්බං මානුසම්පි දූරං තිරොට්ඨිතං අතිසුඛුමඤ්ච රූපං විභාවෙතුං සමත්ථඤාණං භාවනාය මයා විසුද්ධං කත්වා පටිලද්ධන්ති අත්ථො. ඉද්ධිමාති අධිට්ඨානිද්ධිවිකුබ්බනිද්ධිආදීහි ඉද්ධීහි ඉද්ධිමා, ඉද්ධිවිධඤාණලාභීති අත්ථො. සරාගාදිභෙදස්ස පරෙසං චිත්තස්ස ජානනතො පරචිත්තඤ්ඤූ, චෙතොපරියඤාණලාභීති වුත්තං හොති. දිබ්බසොතඤ්ච පාපුණින්ති දිබ්බසොතඤාණඤ්ච පටිලභිං.
ඒ තෙරණුවෝ ආර්ය මාර්ගයෙන් රාගාදිය මුලිනුපුටා දැමූ කල්හි ම ෂඩ් අභිඥාලාභී වූහ. “තෙරණුවෝ එනිසාම තමාගේ ෂඩ් අභිඥාලාභී බව දැක්වීම සඳහා “පුබ්බෙනිවාසං ජානාමී” යනාදී ගාථාව පැවසූහ. එහි “පුබ්බෙනිවාසං ජානාමී” යනු තමාගේ ද අනුන්ගේ ද පෙරවිසූ ආත්මභාව පිළිබඳව උපන් ස්කන්ධයන් ද ඒ ආශ්රිත වූවන් ද පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණින් අතැඹුලක් සේ ප්රත්යක්ෂ වශයෙන්ම දනිමි. “දිබ්බචක්ඛු විසොධිනං” දිවැස් නුවණ පිරිසිදු කළෙමි. පියවි ඇසට නොපෙනෙන, ඉතා දුරින් පිහිටි, ඉතා සියුම් වූ රූප මනාව දැක ගැනීමට සමත් වූ පියවි ඇස ඉදිරියට පැමිණි ප්‍රකෘති රූපයක් මෙන් දිව්‍යමය වූ මනුෂ්‍යභාවය ඉක්ම වූ ඇසින් දැකීමට සමත් වූවෙමි. භාවනාවෙන් මවිසින් මේ හැකියාව ලබාගත්තෙමි. “ඉද්ධිමා” අධිෂ්ඨාන, විකුබ්බන (සෘද්ධිමය මැවීම්) ආදී සෘද්ධිමත්, සෘද්ධිවිධ ඥානයන් ලැබුවෙමි. “රාග සහිත ආදී වශයෙන් ප්‍රභේද වූ අනුන්ගේ සිත් දැනගැනීමේ හැකියාව ඇති, අනුන්ගේ සිත් දන්නා වූ චේතෝපරිය ඥානය ලබාගත්තෙමි” යැයි කියන ලදි. “දිබ්බසොතඤ්ච පාපුණි” දිවකන් ලැබීමේ නුවණ ලැබුවෙමි.
සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයොති යො සබ්බෙසං සංයොජනානං ඛයභූතො ඛයෙන වා ලද්ධබ්බො, සො සදත්ථො පරමත්ථො ච මයා අරියමග්ගාධිගමෙන අධිගතොති. එවමෙතාය ගාථාය ථෙරස්ස අඤ්ඤාබ්යාකරණං අහොසීති වෙදිතබ්බො.
“සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො” යමෙක් සියලුම සංයෝජනයෙන් ක්ෂය කිරීමෙන් ලබාගත යුතු වූ ඒ ස්වාර්ථය, පරමාර්ථය මවිසින් ආර්යමාර්ගාධිගමයෙන් ලබා ගත්තෙමි. මෙම ගාථාවෙන්ම තෙරුන් වහන්සේගේ රහත් බව ප්‍රකාශ කරන ගාථා ද විය.
උරුවෙලකස්සපත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
උරුවේල කස්සප ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.