කොසියත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
කොසියත්ථෙරගාථාවණ්ණනා
කෝසිය ස්ථවිරගාථා වර්ණනාව
යො එව ගරූනන්තිආදිකා ආයස්මතො කොසියත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං සත්ථාරං දිස්වා පසන්නචිත්තො උච්ඡුඛණ්ඩිකං අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ මගධරට්ඨෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්ති, කොසියොතිස්ස ගොත්තවසෙන නාමං අකාසි. සො විඤ්ඤුතං පත්තො ආයස්මන්තං ධම්මසෙනාපතිං අභිණ්හං උපසඞ්කමති, තස්ස සන්තිකෙ ධම්මං සුණාති. සො තෙන සාසනෙ පටිලද්ධසද්ධො පබ්බජිත්වා කම්මට්ඨානං අනුයුඤ්ජන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.44.44-49) –
“යො වෙ ගරූනං” යනු ආයුෂ්මත් කෝසිය තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම පිණිස කුසල් දහම් රැස්කරමින් පැමිණ, විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී කුලවත් ගෙයක උපන්හ. නුවණැති බවට පත්වූ ඒ සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ දැකීමෙන් හටගත් පහන් සිත් ඇතිව, උන්වහන්සේට උක් කඬක් දුන්නේය. ඒ පින්කමේ විපාක වශයෙන් හෙතෙම දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී මගධ රට බමුණු කුලයක උපන්නේ ය. ඔහුට කෝසිය යන නම ගෝත්‍ර වශයෙන් ලැබුණේය. නුවණැති බවට පත් කෝසිය බමුණා නිතරම ආයුෂ්මත් ධර්ම සේනාපතීන් වහන්සේ ඇසුරු කළේය. වෙත පැමිණ බණ අසයි. සාකච්ඡා කරයි. උන්වහන්සේ නිසා සසුනේ පැහැදි ඒ බමුණා උපන් ශ්‍රද්ධාවෙන් පැවිදිව කමටහන් ගෙන, ඒ අනුව ක්‍රියා කරනුයේ නොබෝ දිනකින්ම රහත් විය. අපදාන පාළියේ දී කෝසිය තෙරණුවෝ මෙසේ වදාළහ.
“නගරෙ බන්ධුමතියා, ද්වාරපාලො අහොසහං; අද්දසං විරජං බුද්ධං, සබ්බධම්මාන පාරගුං.
“මම පෙර බන්ධුමතී නුවර දොරටුපාලකයෙක් වූයෙමි. සියලු දහම්හි පරතෙර දුටුවා වූ ඒ කෙලෙස් දුරලූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“උච්ඡුඛණ්ඩිකමාදාය බුද්ධසෙට්ඨස්සදාසහං; පසන්නචිත්තො සුමනො, විපස්සිස්ස මහෙසිනො.
උක් දණ්ඩක් ගෙන උන්වහන්සේ වෙත පැමිණි මම එය ශාස්තෲන් වහන්සේට පිදුවෙමි.
“එකනවුතිතො කප්පෙ, යං උච්ඡුමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, උච්ඡුඛණ්ඩස්සිදං ඵලං.
මීට කල්ප අනූ එකකට පෙරදී යම් උක් දඬු දානයක් පැවැත්වූයෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. උක් දඬු දානයේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා ගරුවාසං සප්පුරිසූපනිස්සයඤ්ච පසංසන්තො –
රහත් බවට පත් වූ උන්වහන්සේ තමා ලද සම්පත් පිළිබඳව නැවත හැරී බලා ගුරුවරුන්ගෙන් ඇසුරත් සත්පුරුෂ ආශ්‍රයත් ප්‍රශංසාවට ලක්කරමින් මේ ගාථා පහ වදාළහ.
“යො වෙ ගරූනං වචනඤ්ඤු ධීරො, වසෙ ච තම්හි ජනයෙථ පෙමං; සො භත්තිමා නාම ච හොති පණ්ඩිතො, ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
යොවෙ ගරූනං වචනඤ්ඤෑ ධීරො, වසෙ ච තම්හි ජනයෙථ පෙමං, සො භත්තිමා නාම ච හොති පණ්ඩිතො, ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
“යං ආපදා උප්පතිතා උළාරා, නක්ඛම්භයන්තෙ පටිසඞ්ඛයන්තං; සො ථාමවා නාම ච හොති පණ්ඩිතො, ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
යං ආපදා උප්පතිතා උළාරා, නික්ඛම්භයන්තෙ පටිසංඛයන්තං, සො ථාමවා නාම ච හොති පණ්ඩිතො, ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
“යො වෙ සමුද්දොව ඨිතො අනෙජො, ගම්භීරපඤ්ඤො නිපුණත්ථදස්සී; අසංහාරියො නාම ච හොති පණ්ඩිතො, ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
යො වෙ සමුද්දොව ඨිතො අනෙජො, ගම්භීර පඤ්ඤො නිපුණත්ථදස්සී, අසංහාරියො නාම ච හොති පණ්ඩිතො, ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
“බහුස්සුතො ධම්මධරො ච හොති, ධම්මස්ස හොති අනුධම්මචාරී; සො තාදිසො නාම ච හොති පණ්ඩිතො, ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
බහුස්සුතො ධම්මධරොච හොති, ධම්මස්ස හොති අනුධම්මචාරී, සො තාදිසො නාම ච හොති පණ්ඩිතො, ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
“අත්ථඤ්ච යො ජානාති භාසිතස්ස, අත්ථඤ්ච ඤත්වාන තථා කරොති; අත්ථන්තරො නාම ස හොති පණ්ඩිතො, ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්සා”ති. –
අත්ථඤ්ච යො ජානාති භාසිතස්ස, අත්ථඤ්ච ඤත්වාන තථා කරොති, අත්ථන්නරො නාම සහොති පණ්ඩිතො, ඤත්වාච ධම්මෙසු විසෙසි අස්සා” තී.
ඉමා පඤ්ච ගාථා අභාසි.
තත්ථ යොති ඛත්තියාදීසු චතූසු පරිසාසු යො කොචි. වෙති බ්යත්තං. ගරූනන්ති සීලාදිගරුගුණයුත්තානං පණ්ඩිතානං. වචනඤ්ඤූති තෙසං අනුසාසනීවචනං ජානන්තො, යථානුසිට්ඨං පටිපජ්ජමානො පටිපජ්ජිත්වා ච තස්ස ඵලං ජානන්තොති අත්ථො. ධීරොති ධිතිසම්පන්නො. වසෙ ච තම්හි ජනයෙථ පෙමන්ති තස්මිං ගරූනං වචනෙ ඔවාදෙ වසෙය්ය යථානුසිට්ඨං පටිපජ්ජෙය්ය, පටිපජ්ජිත්වා “ඉමිනා වතාහං ඔවාදෙන ඉමං ජාතිආදිදුක්ඛං වීතිවත්තො”ති තත්ථ ජනයෙථ පෙමං ගාරවං උප්පාදෙය්ය. ඉදඤ්හි ද්වයං “ගරූනං වචනඤ්ඤු ධීරො”ති පදද්වයෙන වුත්තස්සෙවත්ථස්ස පාකටකරණං. සොති යො ගරූනං වචනඤ්ඤූ ධීරො, සො යථානුසිට්ඨං පටිපත්තියා තත්ථ භත්තිමා ච නාම හොති, ජීවිතහෙතුපි තස්ස අනතික්කමනතො පණ්ඩිතො ච නාම හොති. ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්සාති තථා පටිපජ්ජන්තො ච තාය එව පටිපත්තියා චතුන්නං අරියසච්චානං ජානනහෙතු ලොකියලොකුත්තරධම්මෙසු විජ්ජාත්තයාදිවසෙන “තෙවිජ්ජො, ඡළභිඤ්ඤො, පටිසම්භිදාපත්තො”ති විසෙසි විසෙසවා සියාති අත්ථො.
එහි “යො” ක්ෂත්රියාදී සිවුපිරිසෙන් යම් කිසිවෙක්. “වෙ” ඒකාන්තයෙන්. “ගරූනං” සීලාදී ගරු කටයුතු ගුණයන්ගෙන් යුතු පඬුවරුන්ගේ. “වචනඤ්ඤෑ” ඔවුන්ගේ අනුශාසනා මනාව දැන, එහි පිහිටා පිළිපැදීමෙන් ප්‍රතිඵල ලබන බව දන්නා. “ධීරො” ධෛර්ය, උත්සාහයෙන් යුතු. “වසෙ ච තම්හි ජනයෙථ පෙමං” ඒ ගුරුවරුන්ගේ වචනයෙහි, අවවාදයෙහි පිහිටා ඒ අනුව වෙසෙන්නේ ය. පිළිපදින්නේ ය. “මේ ජාති ආදී දුක් කෙළවර කළ යුතුය” යන අවවාදය අසා එහි ප්‍රේමය, ගෞරවය උපදවන්නේ ය. මෙසේ ගරුකටයුත්තන්ටත්, ඔවුන්ගේ ගරු කටයුතු වචනයන්ටත් යන දෙකටම ප්‍රේම කරන, ගරු කරන ධෛර්යවත් වූවෙකු වීමි.” යනුවෙන් අර්ථ ගත යුතුයි. “සො” යනු ගුරුවරුන්ගේ වචන දන්නා වූ, පිළිගන්නා වූ ධෛර්යවත් වූ පුද්ගලයා එසේ ක්‍රියා කිරීමෙන්, ඒ වදන් අනුව පිළිපැදීමෙන් භක්තිමත් පුද්ගලයෙක් වේ. සිය දිවි ගියද ඊට පටහැනි වූ ක්‍රියාවක් නොකරන හෙයින් “පණ්ඩිත” නම් වේ. “ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස” එසේ පිළිපැදීමෙන්, එම ප්‍රතිපත්තියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැනගෙන අවබෝධ කළ නිසාත්, ලෞකික ලෝකෝත්තර ධර්මයන්හි විද්‍යාමානවීම් වශයෙන් ත්රිවිද්යාලාභියෙක්, ෂඩ් අභිඥාලාභියෙක්, පටිසම්භිදාවන්ට පත්වූවෙක් යනුවෙන් විශේෂාධිගමයන්ට පත්වූයෙමි.
යන්ති යං පුග්ගලං පටිපත්තියා අන්තරායකරණතො “ආපදා”ති ලද්ධවොහාරා සොතුණ්හඛුප්පිපාසාදිපාකටපරිස්සයා චෙව රාගාදිපටිච්ඡන්නපරිස්සයා ච උප්පතිතා උප්පන්නා, උළාරා බලවන්තොපි නක්ඛම්භයන්තෙ න කිඤ්චි චාලෙන්ති. කස්මා? පටිසඞ්ඛයන්තන්ති පටිසඞ්ඛායමානං පටිසඞ්ඛානබලෙ ඨිතන්ති අත්ථො. සොති යො දළ්හතරාහි ආපදාහිපි අක්ඛම්භනීයො, සො ථාමවා ධිතිමා දළ්හපරක්කමො නාම හොති. අනවසෙසසංකිලෙසපක්ඛස්ස අභිභවනකපඤ්ඤාබලසමඞ්ගිතාය පණ්ඩිතො ච නාම හොති. තථාභූතො ච ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්සාති තං වුත්තත්ථමෙව.
“යං” යම් පුද්ගලයෙක්. ප්‍රතිපත්තියට අනතුරක් කරන බැවින් “ආපදා” ආපදාවෝ යැයි ලබන ලද ව්‍යවහාර ඇති, සීතල උණුසුම සාපිපාසාදී ප්‍රකට උපද්‍රව මෙන්ම රාගාදී සැඟවුණු උපද්‍රව ද බලවත්ව, ඉතා මහත්ව පැමිණියත්, ඊට වහල්ව නොකැළඹී කිසිසේත්ම නොසැලෙමි. කම්පා නොවෙමි. කුමක් නිසාද? “පටිසංඛයන්තං” නුවණින් විමසා බලනුයේ, නුවණින් විමසා බැලීමෙහි යෙදුනේ. “සො” යමෙක් ඉතා දැඩි වූ ආපදාවන්ගෙන් පවා නොමැඬලිය හැකිවේද ඔහු වීර්යවන්තයෙකි. ධෛර්යවන්තයෙකි. දැඩි පරාක්‍රම වීර්ය ඇත්තෙකි. ඉතිරි නොවූ කෙලෙස් පක්ෂය ඇති ඔහු කෙලෙස් අභිභවනය කිරීමේ ප්‍රඥා බලයෙන් යුතු වූ බැවින් “පණ්ඩිත” නම් වේ. එසේම වන්නෙමි. “ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස” මෙහි අරුත් ඉහතින් කියූ පරිදිම දත යුතුයි.
සමුද්දොව ඨිතොති සමුද්දො විය ඨිතසභාවො. යථා හි චතුරාසීතියොජනසහස්සගම්භීරෙ සිනෙරුපාදසමීපෙ මහාසමුද්දො අට්ඨහිපි දිසාහි උට්ඨිතෙහි පකතිවාතෙහි අනිඤ්ජනතො ඨිතො අනෙජො ගම්භීරො ච, එවං කිලෙසවාතෙහි තිත්ථියවාදවාතෙහි ච අකම්පනීයතො ඨිතො අනෙජො. ගම්භීරස්ස අනුපචිතඤාණසම්භාරෙහි අලද්ධගාධස්ස නිපුණස්ස සුඛුමස්ස පටිච්චසමුප්පාදාදිඅත්ථස්ස පටිවිජ්ඣනෙන ගම්භීරපඤ්ඤො නිපුණත්ථදස්සී. අසංහාරියො නාම ච හොති පණ්ඩිතො සො තාදිසො පුග්ගලො කිලෙසෙහි දෙවපුත්තමාරාදීසු වා කෙනචි අසංහාරියතාය අසංහාරියො නාම හොති, යථාවුත්තෙන අත්ථෙන පණ්ඩිතො ච නාම හොති. සෙසං වුත්තනයමෙව.
“සමුද්දොව ඨිතො” මුහුද මෙන් ස්ථිර, අකම්පිත ස්වභාවයෙහි පිහිටි, අසූහාර දහසක් යොදුන් ගැඹුරැති, මහමෙර පාමුල පිහිටි මහා සමුද්‍රය අට දිසාවෙන් නැගි ස්වාභාවික සුළඟින් කම්පා නොවී සිටියි. නොකැළඹේ. ඉතා ගැඹුරුය. මෙසේම කෙලෙස් වාතයෙන් ද, අන්‍ය තීර්ථකවාදයන්ගෙන් ද, කම්පා නොවී සිටින, තණ්හා ඇලීම් රහිත වූ, ගැඹුරු වූ, නොරැස්කළ ඥාන සම්භාර ධර්මයෙන් යුතු, නොගැලුණු, නිපුණවූ, සියුම් වූ, සත්‍ය ප්‍රනීත්‍ය සමුත්පාදා දී අර්ථය අවබෝධ කරගැනීමෙන් ගැඹුරු ප්‍රඥාව ඇත්තා වූ, නිපුණ වූ සියුම් අර්ථ දකින්නා වූ ඒ උතුම් පුද්ගලයා කෙලෙස්වලින් දේවමාරාදී කිසිකෙනෙකුන් විසින් හෝ පැහැරගත නොහැකි බැවින් “අසංහාරිය” නම් වේ. එම අර්ථය නිසාම පණ්ඩිත නාමය ද ඔහුට යෙදේ. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.
බහුස්සුතොති පරියත්තිබාහුසච්චවසෙන බහුස්සුතො, සුත්තගෙය්යාදි බහුං සුතං එතස්සාති බහුස්සුතො. තමෙව ධම්මං සුවණ්ණභාජනෙ පක්ඛිත්තසීහවසං විය අවිනස්සන්තමෙව ධාරෙතීති ධම්මධරො ච හොති. ධම්මස්ස හොති අනුධම්මචාරීති යථාසුතස්ස යථාපරියත්තස්ස ධම්මස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය නවලොකුත්තරධම්මස්ස අනුරූපං ධම්මං පුබ්බභාගපටිපදාසඞ්ඛාතං චතුපාරිසුද්ධිසීලධුතඞ්ගඅසුභකම්මට්ඨානාදිභෙදං චරති පටිපජ්ජතීති අනුධම්මචාරී හොති, “අජ්ජ අජ්ජෙවා”ති පටිවෙධං ආකඞ්ඛන්තො විචරති. සො තාදිසො නාම ච හොති පණ්ඩිතොති යො පුග්ගලො යං ගරුං නිස්සාය බහුස්සුතො ධම්මධරො ධම්මස්ස ච අනුධම්මචාරී හොති. සො ච තාදිසො තෙන ගරුනා සදිසො පණ්ඩිතො නාම හොති පටිපත්තියා සදිසභාවතො. තථාභූතො පන සො ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස, තං වුත්තත්ථංව.
“බහුස්සුතො” පරියාප්ති ශ්‍රී සද්ධර්මය බොහෝ කොට ඇසීම් පිරීම් වශයෙන් බහුශ්‍රැත නම් වේ. සූත්‍ර ගෙය්ය යනාදී නවාංග සත්ථු ශාසනය බොහෝ කොට අසන ලද තැනැත්තා බහුශ්රැතයායි. ඔහුට ධර්මය රන් බඳුනක දැමූ සිංහ තෙල් මෙන් නොනසමින්, අගය අඩු නොකරමින්ම දරනුයේ “ධම්මධර” නම් වේ. නව ලොවුතුරු දහමට අනුධර්ම වූ, අනුව හැසිරෙන්නා ව, ඇසූ පරිදි උගත් පරිදි ධර්මයේ අර්ථ දැනගෙන ධර්මය දැනගෙන හැසිරෙන්නා වූ පුද්ගලයා නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයට අනුරූප ධර්ම වූ පූර්වභාග ප්‍රතිපදාව නම් වූ චතුපාරිශුද්ධි ශීලය, ධූතාංග, අසභ කමටහන් ආදියෙහි හැසිරෙයි. එය මනාව අවබෝධ කරගනියි. ධර්මය අනුව හැසිරෙන්නෙකු වේ. අද අදම මේ දහම අවබෝධ කරගනිමියි කැමතිව, එය පතමින් හැසිරෙයි. මෙබඳු පුද්ගලයා “පණ්ඩිතො” පඬිවරයෙකි. යම් ගුරුවරයෙකු ඇසුරු කිරීමෙන් ඒ පුද්ගලයා බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්මයෙහි නියුක්ත පුද්ගලයෙක් වේද ඒ ගුරුවරයා ද එලෙසින්ම පණ්ඩිතයෙකි. ධර්මධරයෙකි. අනුධර්මචාරියෙකි. ගුරුවරයාට සමාන වූ බැවින් ද පණ්ඩිත නම් වේ. ප්‍රතිපත්තියෙන් සමාන බැවින් ඒ ගුරුවරයා මෙන්ම දහම දැන ඒ දහමෙහි විශේෂඥයෙක් වන්නෙමි. මෙහි අර්ථ ඉහත කියන ලදි.
අත්ථඤ්ච යො ජානාති භාසිතස්සාති යො පුග්ගලො සම්මාසම්බුද්ධෙන භාසිතස්ස පරියත්තිධම්මස්ස අත්ථං ජානාති. ජානන්තො පන “ඉධ සීලං වුත්තං, ඉධ සමාධි, ඉධ පඤ්ඤා”ති තත්ථ තත්ථ යථාවුත්තං අත්ථඤ්ච ඤත්වාන තථා කරොති යථා සත්ථාරා අනුසිට්ඨං, තථා පටිපජ්ජති. අත්ථන්තරො නාම ස හොති පණ්ඩිතොති සො එවරූපො පුග්ගලො අත්ථන්තරො අත්ථකාරණා සීලාදිඅත්ථජානනමත්තමෙව උපනිස්සයං කත්වා පණ්ඩිතො හොති. සෙසං වුත්තනයමෙව.
අවසන් ගාථාවේ “අත්ථඤ්ච සො ජානාති භාසිතස්ස” ඒ පුද්ගලයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද පර්යාප්ති ශ්‍රී සද්ධර්මයේ අර්ථ දනියි. දැනගත්තේ ද මේ ශීලයයි. මේ සමාධියයි. මේ ප්රඥාවයි යනුවෙන් ඒ ඒ තැන කියන ලද අර්ථය දැන එසේ ක්‍රියා කරයි. ශාස්තෲන් වහන්සේගෙන් අනුශාසනා ලද පරිදිම පිළිපදියි. “අත්ථන්තරො නාම සහොති පණ්ඩිතො” ඒ මෙබඳු වූ පුද්ගලයා “අත්ථන්තර” නම් වේ. අභිවෘද්ධියට හේතු වූ සීලාදී ධර්මයන්ගේ අර්ථය දැනගැනීම් පමණකින්ම එය උපනිශ්‍රය (මූලාධාර) කරගෙන පණ්ඩිතයෙක් වේ. සෙසු පදයන්ගේ අර්ථ කියන ලද්දේමය.
එත්ථ ච පඨමගාථාය “යො වෙ ගරූන”න්තිආදිනා සද්ධූපනිස්සයො විසෙසභාවො වුත්තො, දුතියගාථාය “යං ආපදා”ති ආදිනා වීරියූපනිස්සයො, තතියගාථාය “යො වෙ සමුද්දොව ඨිතො”තිආදිනා සමාධූපනිස්සයො, චතුත්ථගාථාය “බහුස්සුතො”තිආදිනා සතූපනිස්සයො, පඤ්චමගාථාය “අත්ථඤ්ච යො ජානාතී”තිආදිනා පඤ්ඤූපනිස්සයො විසෙසභාවො වුත්තොති වෙදිතබ්බො.
“මෙහි දී පළමු ගාථාවෙන් “යො වෙ ගරූනං” ආදී වශයෙන් ශ්‍රද්ධාව මූලාධාර වීමෙන් ලබන ගුණ විශේෂ පැවසුණි. දෙවන ගාථාවෙන් “ආපදා” ආදී වශයෙන් වීර්ය මූලාධාර වීමෙන් ලබන ගුණ විශේෂ පවසන ලදි. තෙවන ගාථාවෙන් “යො වෙ සමුද්දොව ඨිතො” ආදී වශයෙන් සමාධිය මූලාධාර වී ගුණ විශේෂ උපන් බව කියයි. සතරවන ගාථාවෙන් “යො බහුස්සුතො” ආදී වශයෙන් සතිය මූලාධාර වී ගුණවිශේෂ උපන් බව කියයි. පස්වන ගාථාවෙන් “අත්ථඤ්ච යො ජානාතී” ආදී වශයෙන් ප්‍රඥාව මූලාධාර වීමෙන් ගුණ විශේෂ ඇති වූ බව කියැවේ” යැයි දත යුතුයි.
කොසියත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
කෝසිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
පඤ්චකනිපාතවණ්ණනා නිට්ඨිතා.
පස්වන නිපාත වර්ණනාව සමාප්තයි.