සොණකුටිකණ්ණත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සොණකුටිකණ්ණත්ථෙරගාථාවණ්ණනා
සෝණ ස්ථවිරගාථා වර්ණනාව
උපසම්පදා ච මෙ ලද්ධාතිආදිකා ආයස්මතො සොණස්ස කුටිකණ්ණස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ විභවසම්පන්නො සෙට්ඨි හුත්වා උළාරාය ඉස්සරියසම්පත්තියා ඨිතො එකදිවසං සත්ථාරං සතසහස්සඛීණාසවපරිවුතං මහතියා බුද්ධලීළාය මහන්තෙන බුද්ධානුභාවෙන නගරං පවිසන්තං දිස්වා පසන්නමානසො වන්දිත්වා අඤ්ජලිං කත්වා අට්ඨාසි. සො පච්ඡාභත්තං උපාසකෙහි සද්ධිං විහාරං ගන්ත්වා භගවතො සන්තිකෙ ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං කල්යාණවාක්කරණානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සයම්පි තං ඨානං පත්ථෙත්වා මහාදානං දත්වා පණිධානං අකාසි. සත්ථා තස්ස අනන්තරායතං දිස්වා “අනාගතෙ ගොතමස්ස නාම සම්මාසම්බුද්ධස්ස සාසනෙ කල්යාණවාක්කරණානං අග්ගො භවිස්සතී”ති බ්යාකාසි.
“උපසම්පදා ච මෙ ලද්ධා” යනාදී ගාථා ආයුෂ්මත් සෝණ කුටිකණ්ණ තෙරුන් වහන්සේ විසින් වදාරණ ලදි. එම ගාථාවල උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි හංසවතී නුවර මහත් සම්පත් ඇති සිටුවරයෙක් ව මහත් වූ ඉසුරු සම්පත් විඳිමින් සැප වින්දේය. ඔහු දිනක් ලක්ෂයක් මහරහතුන් පිරිවරා මහත් වූ බුද්ධ ලීලාවෙන්, මහත් වූ බුද්ධානුභාවයෙන් නුවරට වැඩමවන ශාස්තෲන් වහන්සේ දුටුවේය. එම දර්ශනයෙන් පැහැදුණු සිතැති ඔහු බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට වැඳගෙන සිටියේය. පසුබත් කල උපාසකවරුන් සමග විහාරයට ගිය හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙතින් ධර්ම ශ්‍රවණය කළේය. එසේ බණ අසන විට ශාස්තෲන් වහන්සේ එක් භික්ෂු නමක් මිහිරි කටහඬ ඇති භික්ෂූන්ගෙන් අග්‍රස්ථානයට පත් කළ සේක. ඒ දුටු සිටුතුමා ද එම තනතුර පතමින් මහදන් දී අධිෂ්ඨාන කරගත්තේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ සිතැඟි දැන, එය ඉටුවන බව දුටුසේක්; “මෙතෙම අනාගත ගෞතම බුද්ධ ශාසනයේ දී මිහිරි කටහඬ ඇති භික්ෂූන්ගෙන් අග්‍රවන්නේය”යි විවරණ දුන් සේක.
සො තත්ථ යාවජීවං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො විපස්සිස්ස භගවතො කාලෙ සාසනෙ පබ්බජිත්වා වත්තපටිවත්තානි පූරෙන්තො එකස්ස භික්ඛුනො චීවරං සිබ්බිත්වා අදාසි. පුන බුද්ධසුඤ්ඤෙ ලොකෙ බාරාණසියං තුන්නවායො හුත්වා එකස්ස පච්චෙකබුද්ධස්ස චීවරකොටිං ඡින්නං ඝටෙත්වා අදාසි. එවං තත්ථ තත්ථ පුඤ්ඤානි කත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ අවන්තිරට්ඨෙ කුරරඝරෙ මහාවිභවස්ස සෙට්ඨිනො පුත්තො හුත්වා නිබ්බත්ති. සොණොතිස්ස නාමං අකංසු. කොටිඅග්ඝනකස්ස කණ්ණපිළන්ධනස්ස ධාරණෙන “කොටිකණ්ණො”ති වත්තබ්බෙ කුටිකණ්ණොති පඤ්ඤායිත්ථ.
දිවි ඇතිතාක් පින්දහම් සිදුකළ හෙතෙම, එපින් බෙලෙන් කාමසුගතීන්හි සැප විඳිමින් සැරිසරා පැමිණ, විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ පැවිදි භූමියට පත්ව, වත් පිළිවෙත් පුරනුයේ දිනක් එක් භික්ෂුවකගේ සිවුරක් මසා දුන්නේය. නැවත බුද්ධශූන්‍ය වූ ලොවෙහි බරණැස් නුවර රෙදි වියන්නෙක්ව උපන් ඔහු, පසේ බුදුවරයෙකුට දිරාගිය කොණවල් බැහිරලා ගැළපූ සිවුරක් පූජා කළේය. මෙසේ ඒ ඒ භවයෙහි පින්දහම් රැස්කරගත් ඔහු; මේ බුද්ධෝත්පාද කාලයේ දී අවන්ති රට කුරරඝරයේ මහා ධනවත් සිටු පුතෙක් ව උපන්නේය. “සෝණ” යන නමින් ප්‍රකට වූ ඔහුට, කෝටියක් අගනා කුණ්ඩලාභරණයක් දැරු බැවින් “කොටිකණ්ණ” යැයි කිවයුතු තැන “කුටිකණ්ණ” යැයි වහරන ලදි.
සො අනුක්කමෙන වඩ්ඪිත්වා කුටුම්බං සණ්ඨපෙන්තො ආයස්මන්තෙ මහාකච්චානෙ කුලඝරං නිස්සාය පවත්තපබ්බතෙ විහරන්තෙ තස්ස සන්තිකෙ ධම්මං සුත්වා සරණෙසු ච සීලෙසු ච පතිට්ඨාය තං චතූහි පච්චයෙහි උපට්ඨහි. සො අපරභාගෙ සංසාරෙ සඤ්ජාතසංවෙගො ථෙරස්ස සන්තිකෙ පබ්බජිත්වා කිච්ඡෙන කසිරෙන දසවග්ගං සඞ්ඝං සන්නිපාතෙත්වා උපසම්පජ්ජිත්වා කතිපයකාලං ථෙරස්ස සන්තිකෙ වසිත්වා, ථෙරං ආපුච්ඡිත්වා සත්ථාරං වන්දිතුං සාවත්ථිං උපගතො, සත්ථාරා එකගන්ධකුටියං වාසං ලභිත්වා පච්චූසසමයෙ අජ්ඣිට්ඨො සොළසඅට්ඨකවග්ගියානං උස්සාරණෙන සාධුකාරං දත්වා භාසිතාය “දිස්වා ආදීනවං ලොකෙ”ති (උදා· 46; මහාව· 258) උදානගාථාය පරියොසානෙ විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.44.26-34) –
අනුපිළිවෙලින් වැඩුණු සෝණ කුටිකණ්ණ කුමරු, මනාව පවුල් රක්ෂණයෙහි යෙදුණේය. ආයුෂ්මත් මහා කච්චාන රහතන් වහන්සේ කුරර ඝරයෙහි පැවති පර්වත විහාරයේ විසූ බැවින් උන්වහන්සේගෙන් දහම් අසා සරණ සිල්හි පිහිටි සෝණකුමරු නිති සිවුපස දානයෙන් උන්වහන්සේ පිදුවේය. ඊට පසු කාලයක සසර බිය දැක හටගත් සංවේග ඇති ඔහු තෙරුන් ළඟ පැවිදි විය. ඉතා අමාරුවෙන්, දුක්විඳ දසවර්ග සංඝයා රැස්කරවාගත් සෝණ තෙරණුවෝ උපසම්පදාව ලබාගත්හ. කිහිප දිනක් ආචාර්යයන් වහන්සේ ළඟ විසූ සෝණ හිමියෝ ගුරු අවසරය ලැබ, ශාස්තෲන් වහන්සේට වැඳීම සඳහා සැවැත් නුවරට පැමිණියහ. ශාස්තෲන් වහන්සේ සමග එක ගඳකිළියෙහි විසීමට අවසර ලද උන්වහන්සේ, ඉතා අලුයම් කාලයෙහි අට්ඨක වර්ගයේ (සුත්ත නිපාත) සූත්‍ර දහසය ම මධුර ස්වරයෙන් ගායනා කළහ. එය ඇසූ භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දී වදාරන ලද; “දිසවා ආදීනවං ලොකෙ” යනාදී උදාන ගාථාව අවසන විදසුන් වැඩූ සෝණ හිමියෝ රහත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“පදුමුත්තරො නාම ජිනො, ආහුතීනං පටිග්ගහො; වසීසතසහස්සෙහි, නගරං පාවිසී තදා.
“එකල්හි ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට යෝග්‍ය වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ රහතුන් ලක්ෂයක් පිරිවරාගෙන නුවරට වැඩම කළ සේක.
“නගරං පවිසන්තස්ස, උපසන්තස්ස තාදිනො; රතනානි පජ්ජොතිංසු, නිග්ඝොසො ආසි තාවදෙ.
තාදී ගුණ ඇති උපශාන්ත වූ උන්වහන්සේ නුවරට පිවිසෙන කල්හි රත්නයෝ තමාම බැබළුණහ. එකෙණෙහිම මහා ඝෝෂාවක් ද ඇති විය.
“බුද්ධස්ස ආනුභාවෙන, භෙරී වජ්ජුමඝට්ටිතා; සයං වීණා පවජ්ජන්ති, බුද්ධස්ස පවිසතො පුරං.
නගරයට පිවිසෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි බුද්ධානුභාවයෙන් නොගැසූ බෙර ස්වයංවම නාද විය. වීණා ද තමාම වැයුණේය.
“බුද්ධසෙට්ඨං නමස්සාමි, පදුමුත්තරමහාමුනිං; පාටිහීරඤ්ච පස්සිත්වා, තත්ථ චිත්තං පසාදයිං.
මහාමුනි වූ පදුමුත්තර බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ නොදකිමි. මේ ප්රාතිහාර්ය දැක උන්වහන්සේ කෙරෙහි සිත පැහැද වූයෙමි.
“අහො බුද්ධො අහො ධම්මො, අහො නො සත්ථු සම්පදා; අචෙතනාපි තූරියා, සයමෙව පවජ්ජරෙ.
“බුදුරජාණෝ ඉතා අසිරිමත් යහ. ධර්මය ආශ්චර්යජනකය. අපගේ ශාස්තෲ සම්පත්තිය ද ආශ්චර්යය. අචේතනික වූ ගායන වාදන භාණ්ඩ ස්වයංවම නාද විය.”
“සතසහස්සිතො කප්පෙ, යං සඤ්ඤමලභිං තදා; දුග්ගතිං නාභිජානාමි, බුද්ධසඤ්ඤායිදං ඵලං.
මෙසේ මීට කල්ප ලක්ෂයකට පෙර දී යම් බුද්ධ සංඥාවක් ලැබුවෙම් ද එතැන් පටන් දුගතියක නූපන්නෙමි. බුද්ධ සංඥාවේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.”
අරහත්තෙ පන පතිට්ඨිතො අත්තනො උපජ්ඣායෙන ආචික්ඛිතනියාමෙන පච්චන්තිමෙසු ජනපදෙසු විනයධරපඤ්චමෙන ගණෙන උපසම්පදා, ධුවන්හානං, චම්මත්ථරණං, ගුණඞ්ගුණූපාහනං, චීවරවිප්පවාසොති පඤ්ච වරෙ යාචිත්වා තෙ සත්ථු සන්තිකා ලභිත්වා පුනදෙව අත්තනො වසිතට්ඨානං ගන්ත්වා උපජ්ඣායස්ස තමත්ථං ආරොචෙසි. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන උදානට්ඨකථායං ආගතනයෙන වෙදිතබ්බො. අඞ්ගුත්තරට්ඨකථායං (අ· නි· අට්ඨ· 1.1.206) පන “උපසම්පන්නො හුත්වා අත්තනො උපජ්ඣායස්ස සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණී”ති වුත්තං.
රහත් බවට පත් වූ උන්වහන්සේ, තමාගේ උපාධ්‍යායන් වහන්සේ වදාළ අයුරින්ම ප්‍රත්‍යන්ත ජනපදයන්හිදි විනයධර භික්ෂුවක් පස්වැනි වූ සංඝයාගෙන් උපසම්පදාව ලැබීම ද දිනපතා නෑම ද සම් ඇතිරිළි ද පට කිහිපයක් ඇති පාවහන් දැරීමද අමතර සිවුරු ඉවසීම ද යන පංචවරය ඉල්ලා, භාග්‍යවතුන් වහන්සේගේ අනුමැතිය ලබාගත්හ. එසේ අනුමැතිය ලබාගෙන නැවතත් පෙර තමා සිටි තැනට වැඩම කළ සෝණ කුටිකණ්ණ හිමියෝ මේ බව තම උපාධ්‍යායන් වහන්සේට දැනුම් දුන්හ. මේ දැක්වූයේ ඉතා සංක්ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් උදානට්ඨකථාවේ පැමිණි අයුරින් දතයුතුයි. අංගුත්තරට්ඨකථාවෙහි වනාහී “උපසපන්වීමෙන් අනතුරුව සිය උපාධ්‍යායන් වහන්සේ ළඟදීම කමටහන් ගෙන, විදසුන් වඩා රහත් වූයේය”යි කියැවේ.
සො අපරභාගෙ විමුත්තිසුඛෙන විහරන්තො අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා සොමනස්සජාතො උදානවසෙන –
ඊට පසුකාලයකදී විමුක්ති සුවය විඳිමින් වැඩවසන උන්වහන්සේ තමාගේ පිළිවෙත් මඟ දෙස නැවත හැරී බලා හටගත් සතුටින් ප්‍රීතිය පහළකිරීම් වශයෙන් මේ ගාථා පහ වදාළහ.
“උපසම්පදා ච මෙ ලද්ධා, විමුත්තො චම්හි අනාසවො; සො ච මෙ භගවා දිට්ඨො, විහාරෙ ච සහාවසිං.
“උපසම්පදා ච මෙ ලද්ධා. විමුත්තො චම්හි අනාසවො, සො ච මෙ භගවා දිට්ඨො, විහාරෙච සහාවසිං”
“බහුදෙව රත්තිං භගවා, අබ්භොකාසෙතිනාමයි; විහාරකුසලො සත්ථා, විහාරං පාවිසී තදා.
“බහුදෙවරත්තිං භගවා අබ්භොකාසෙ’තිනාමයි, විහාර කුසලො සත්ථා විහාරං පාවිසී තදා”
“සන්ථරිත්වාන සඞ්ඝාටිං, සෙය්යං කප්පෙසි ගොතමො; සීහො සෙලගුහායංව, පහීනභයභෙරවො.
“සන්ථරිත්වාන සංඝාටිං සෙය්යං කප්පෙසි ගොතමො, සිහො සෙලගුහායංව පහීණ භය භෙරවො”
“තතො කල්යාණවාක්කරණො, සම්මාසම්බුද්ධසාවකො; සොණො අභාසි සද්ධම්මං, බුද්ධසෙට්ඨස්ස සම්මුඛා.
“තතො කල්යාණවාක්කරණො සම්මා සම්බුද්ධසාවකො, සොණො අභාසි සද්ධම්මං බුද්ධසෙට්ඨස්ස සම්මුඛා”
“පඤ්චක්ඛන්ධෙ පරිඤ්ඤාය, භාවයිත්වාන අඤ්ජසං; පප්පුය්ය පරමං සන්තිං, පරිනිබ්බිස්සත්යනාසවො”ති. –
“පඤ්චක්ඛන්ධෙ පරිඤ්ඤාය භාවයිත්වාන අඤ්ජසං, පප්පුය්ය පරමං සන්තිං පරිනිබ්බායිස්සත්යනාසවො” තී.
ඉමා පඤ්ච ගාථා අභාසි.
තත්ථ උපසම්පදා ච මෙ ලද්ධාති යා සා කිච්ඡෙන දසවග්ගං භික්ඛුසඞ්ඝං සන්නිපාතෙත්වා අත්තනා ලද්ධා උපසම්පදා. යා ච පන වරදානවසෙන සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු විනයධරපඤ්චමෙන ගණෙන සත්ථාරා අනුඤ්ඤාතා උපසම්පදා, තදුභයං සන්ධායාහ. ච-සද්දො සමුච්චයත්ථො, තෙන ඉතරෙපි සත්ථු සන්තිකා ලද්ධවරෙ සඞ්ගණ්හාති. විමුත්තො චම්හි අනාසවොති අග්ගමග්ගෙන සකලකිලෙසවත්ථුවිමුත්තියා විමුත්තො ච අම්හි. තතො එව කාමාසවාදීහි අනාසවො අම්හීති යොජනා. සො ච මෙ භගවා දිට්ඨොති යදත්ථං අහං අවන්තිරට්ඨතො සාවත්ථිං ගතො, සො ච භගවා මයා අදිට්ඨපුබ්බො දිට්ඨො. විහාරෙ ච සහාවසින්ති න කෙවලං තස්ස භගවතො දස්සනමෙව මයා ලද්ධං, අථ ඛො විහාරෙ සත්ථු ගන්ධකුටියං සත්ථාරා කාරණං සල්ලක්ඛෙත්වා වාසෙන්තෙන සහ අවසිං. “විහාරෙති විහාරසමීපෙ”ති කෙචි.
එහි “උපසම්පදා ච මෙ ලද්ධා” යම් ඒ උපසම්පදාවක් ඉතා දුකසේ දස නමක් වූ මහා සංඝරත්නය රැස්කරවා තමා විසින් ලබන ලද ඒ උපසම්පදාවත්, ප්‍රත්‍යන්ත ජනපදයන්හිදී විනයධර තෙරනමක් සහිත පස්නමක් වූ මහා සංඝයාගෙන් යම් උපසම්පදාවක් කිරීමට බුද්ධානුමැතිය ලබන ලද ද ඒ උපසම්පදාවත් යන දෙකම මෙහිදී අදහස් වේ. “ච” ශබ්දය සමුච්චාර්ථයේ නිපාතයකි. ඉන් සෝණකුටිකණ්ණ හිමියන් ශාස්තෲන් වහන්සේ වෙතින් ලබාගත් සෙසු වරප්‍රසාද අදහස් කරයි. “විමුත්තො චම්හි අනාසංවා” ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් සියලු කෙලෙස් වස්තූන්ගෙන් මිදුණෙම් වෙමි. එසේම කාමාදී ආශ්රවයන්ගෙන් ද මිදුණෙමි. “සොච මෙ භගවා දිට්ඨො” යම් අර්ථයක් සඳහා අවන්ති රටේ සිට මම සැවැත්නුවරට ගියෙම් ද පෙර නොදුටු නොවිරූ ඒ භාග්‍යවතුන් වහන්සේ ම විසින් දක්නා ලද්දෙමි. “විහාරෙ ච සහාවසිං” හුදෙක් මම ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම පමණක් නොලැබූවෙමි. උන්වහන්සේ දැකීමත්, කථාබහ කිරීමත් මෙන්ම කරුණු සලකා බැලූ ශාස්තෲන් වහන්සේ සමඟ එක කුටියෙහි විසීමද මම ලැබුවෙමි. “විහාරෙ” යනු ඇතමෙක් විහාරය සමීපයෙහි යැයි කියති.
බහුදෙව රත්තින්ති පඨමං යාමං භික්ඛූනං ධම්මදෙසනාවසෙන කම්මට්ඨානසොධනවසෙන ච, මජ්ඣිමං යාමං දෙවානං බ්රහ්මූනඤ්ච කඞ්ඛච්ඡෙදනවසෙන භගවා බහුදෙව රත්තිං අබ්භොකාසෙ අතිනාමයි වීතිනාමෙසි. විහාරකුසලොති දිබ්බබ්රහ්මආනෙඤ්ජඅරියවිහාරෙසු කුසලො. විහාරං පාවිසීති අතිවෙලං නිසජ්ජචඞ්කමෙහි උප්පන්නපරිස්සමවිනොදනත්ථං ගන්ධකුටිං පාවිසි.
“බහුදෙවරත්තිං” රෑ පළමුයාමය භික්ෂූන්ට දහම් දෙසීම් වශයෙන් ද කමටහන් පිරිසිදු කරදීම් වශයෙන් ද මැද යාමය දෙව් බමුණන්ගේ සැක සිඳීම් වශයෙන් ද ගත කළ භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් එළිමහනෙහි කල් යැවූ සේක. වැඩසිටි සේක. “විහාර කුසලො”, දිව්‍ය බ්‍රහ්මාදී උසස් පැවතුම්හි, ආර්ය විහාරණයන්හි යන සිවු වාසයෙහි දක්ෂ වූ “විහාරං පාවිසි” බුදුපියාණන් වහන්සේ බොහෝ වේලාවක් හිඳීම්, සක්මන් කිරීම් ආදියෙන් උපන් වෙහෙස දුරුකරගනු සඳහා ගඳකිළියට පිවිසි සේක.
සන්ථරිත්වාන සඞ්ඝාටිං, සෙය්යං කප්පෙසීති චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා සීහසෙය්යං කප්පෙසි. තෙනාහ “ගොතමො සීහො සෙලගුහායංව පහීනභයභෙරවො”ති. තත්ථ ගොතමොති භගවන්තං ගොත්තෙන කිත්තෙති. සීහො සෙලගුහායංවාති සෙලස්ස පබ්බතස්ස ගුහායං. යථා සීහො මිගරාජා තෙජුස්සදතාය පහීනභයභෙරවො දක්ඛිණෙන පස්සෙන පාදෙ පාදං අච්චාධාය සෙය්යං කප්පෙසි, එවං චිත්තුත්රාසලොමහංසනඡම්භිතත්තහෙතූනං කිලෙසානං සමුච්ඡින්නත්තා පහීනභයභෙරවො ගොතමො භගවා සෙය්යං කප්පෙසීති අත්ථො.
“සන්ථරිත්වාන සංඝාටිං සෙය්යං කප්පෙසි” සඟල සිවුර හතරට නවා පැනවූ සයනයෙහි සැතපුණු සේක. එනිසා කියන ලදි. – “දුරුකළ භය හා භයවන අරමුණු ඇති ගෞතමයන් වහන්සේ ගල් ගුහාවක වෙසෙන සිංහයකු මෙන් සැතපුණු සේක.” යනුවෙන් කියන ලදි. එහි “ගොතමො” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. “සීහො සෙලගුහායං වා”, “ගල් පර්වතයක වූ ගුහාවක වෙසෙන සිවුපාවුන්ගේ රජ වූ සිංහයා පිරුණු තේජසින් දුරුකළ භය හා භයවන අරමුණු ඇතිව දකුණු ඇළයෙන් පයින් පය පැහැර නිදන්නේ ද එමෙන් සිත් තැතිගැනීම්, ලොමුඩැහැගැනීම්, තැතිගැනීම් ආදී කෙලෙසුන් සම්පූර්ණ සිඳ දැමූ බැවින් ප්‍රහීණ වූ භය හා සයවන අරමුණු ඇති ගෞතම නම් භාග්‍යවතුන් වහන්සේ සැතපුණු සේක” යන අර්ථයයි.
තතොති පච්ඡා, සීහසෙය්යං කප්පෙත්වා තතො වුට්ඨහිත්වා “පටිභාතු තං භික්ඛු ධම්මො භාසිතු”න්ති (උදා· 46) සත්ථාරා අජ්ඣෙසිතොති අත්ථො. කල්යාණවාක්කරණොති සුන්දරවචීකරණො, ලක්ඛණසම්පන්නවචනක්කමොති අත්ථො. සොණො අභාසි සද්ධම්මන්ති සොළස අට්ඨකවග්ගියසුත්තානි සොණො කුටිකණ්ණො, බුද්ධසෙට්ඨස්ස සම්මාසම්බුද්ධස්ස සම්මුඛා, පච්චක්ඛතො අභාසීති ථෙරො අත්තානමෙව පරං විය අවොච.
“තතො” පසුව. සිංහ සෙය්යාවෙන් සැතපී සිට ඉන් නැගිට සිටි භාග්‍යවතුන් වහන්සේ විසින් මහණ! නුඹට ධර්මය පැවසීමට වැටහේවා”යි ආරාධනා කරන ලද්දේ. “කල්‍යාණ වාක්කරණො” මිහිරි කටහඬ ඇති, මිහිරි ලක්ෂණයයෙන් අනූන වදන් ඇතිව “සොණො අභාසි සද්ධම්මං” සොළොසක් වූ අට්ඨක වර්ගයේ සූත්‍ර සෝණ කුටිකණ්ණ තෙරණුවෝ සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිට වදාළහ. තෙරණුවෝ මේ ගාථාවේදී තමා අනිකකු මෙන් දක්වති.
පඤ්චක්ඛන්ධෙ පරිඤ්ඤායාති පඤ්චුපාදානක්ඛන්ධෙ තීහිපි පරිඤ්ඤාහි පරිජානිත්වා තෙ පරිජානන්තොයෙව, අඤ්ජසං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයිත්වා, පරමං සන්තිං නිබ්බානං පප්පුය්ය පාපුණිත්වා ඨිතො අනාසවො. තතො එව ඉදානි පරිනිබ්බිස්සති අනුපාදිසෙසනිබ්බානවසෙන නිබ්බායිස්සතීති.
“පඤ්චක්ඛන්ධෙ පරිඤ්ඤාය” පඤ්ච උපාදානස්කන්ධය ත්‍රිවිධ පරිඥාවන්ගෙන් පිරිසිඳ දැන, එය දැනගැනීම් වශයෙන් ම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා පරම ශාන්ති දායක වූ නිර්වාණයට පැමිණියෙමි. නිවන් අවබෝධ කර ගත්තෙමි. දැන් අනාශ්රවයෙක්මි වෙසෙමි. එනිසාම දැන් පිරිනිවෙන්නෙමි. අනුපාදිසේස නිර්වාණ ධාතුවට සමවදින්නෙමි.
සොණකුටිකණ්ණත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සෝණ කුටිකණ්ණ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.