යසදත්තත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
යසදත්තත්ථෙරගාථාවණ්ණනා
යසදත්ත ස්ථවිරගාථා වර්ණනාව
උපාරම්භචිත්තොතිආදිකා ආයස්මතො යසදත්තත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනි. තථා හෙස පදුමුත්තරස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා බ්රාහ්මණානං විජ්ජාසිප්පෙසු නිප්ඵත්තිං ගතො කාමෙ පහාය ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අරඤ්ඤෙ විහරන්තො එකදිවසං සත්ථාරං දිස්වා පසන්නමානසො අඤ්ජලිං පග්ගය්හ අභිත්ථවි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ මල්ලරට්ඨෙ මල්ලරාජකුලෙ නිබ්බත්තිත්වා යසදත්තොති ලද්ධනාමො, වයප්පත්තො තක්කසිලං ගන්ත්වා සබ්බසිප්පානි සික්ඛිත්වා සභියෙන පරිබ්බාජකෙන සද්ධිංයෙව චාරිකං චරමානො, අනුපුබ්බෙන සාවත්ථියං භගවන්තං උපසඞ්කමිත්වා සභියෙන පුට්ඨපඤ්හෙසු විස්සජ්ජියමානෙසු සයං ඔතාරාපෙක්ඛො සුණන්තො නිසීදි “සමණස්ස ගොතමස්ස වාදෙ දොසං දස්සාමී”ති. අථස්ස භගවා චිත්තාචාරං ඤත්වා සභියසුත්තදෙසනාවසානෙ (සු· නි· සභියසුත්ත) ඔවාදං දෙන්තො –
“උපාරම්භ චිත්තො” යනු ආයුෂ්මත් යසදත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒ ගාථාවන්ගේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම සඳහා පින් රැස් කරගනිමින් අවුත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බමුණු පවුලක ඉපිද සියළු බමුණු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට පත්වූහ. පස්කම් සැප කෙරෙහි කළකිරුණු ඒ බමුණා සෘෂි පැවිද්දෙන් පැවිදිව කැළයෙහි වසනුයේ දිනක් ශාස්තෲන් වහන්සේ දැක පහන් සිතින් ඇඳිලි බැඳගෙන උන්වහන්සේට ස්තූති කළේය. ඒ පින්කමේ විපාක විඳිමින් සසර සැරිසරා දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳි හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී මල්ල රට, මල්ල රජ පවුලක ඉපිද යසදත්ත යැයි ප්‍රකට විය. නිසිවියට පැමිණි ඔහු තක්සලාවට ගොස් සිප්සතර උගත්තේය. මනාව සිප් සතර හදාළ යසදත්ත; සභිය නම් පිරිවැජියා සමග ම හැසිරෙමින් අනුපිළිවෙලින් සැවැත් නුවරට පැමිණ භාග්‍යවතුන් වහන්සේ හමුවට ගියේය. සභිය පිරිවැජියා ඇසූ ප්‍රශ්න ඉතා විසිතුරුව බුදුපියාණන් වහන්සේ විසඳන කල්හි මනාව ඒ සාකච්ඡාවටම සිත් යොමුකළ යසදත්ත; “ශ්‍රමණ භළුත් ගෞතමයන්ගේ වාග් දෝෂයක් සොයමි”යි එය අසා සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත දැන, සභිය සූත්‍ර දේශනාවසානයේදී යසදත්තට අවවාද දෙන සේක්; මේ ගාථා පහ වදාළ සේක.
“උපාරම්භචිත්තො දුම්මෙධො, සුණාති ජිනසාසනං; ආරකා හොති සද්ධම්මා, නභසො පථවී යථා.
“උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං, ආරකා හොති සද්ධම්මා නභසො පඨවී යථා.
“උපාරම්භචිත්තො දුම්මෙධො, සුණාති ජිනසාසනං; පරිහායති සද්ධම්මා, කාළපක්ඛෙව චන්දිමා.
උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං, පරිහායති සද්ධම්මා කාලපක්ඛෙව චන්දිමා.
“උපාරම්භචිත්තො දුම්මෙධො, සුණාති ජිනසාසනං; පරිසුස්සති සද්ධම්මෙ, මච්ඡො අප්පොදකෙ යථා.
උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං, පරිසුස්සති සද්ධම්මෙ මච්ඡො අප්පොදකෙ යතා.
“උපාරම්භචිත්තො දුම්මෙධො, සුණාති ජිනසාසනං; න විරූහති සද්ධම්මෙ, ඛෙත්තෙ බීජංව පූතිකං.
උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං, න විරූහති සද්ධම්මෙ ඛෙත්තෙ බීජංව පූතිකං.
“යො ච තුට්ඨෙන චිත්තෙන, සුණාති ජිනසාසනං; ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ, සච්ඡිකත්වා අකුප්පතං; පප්පුය්ය පරමං සන්තිං, පරිනිබ්බාතිනාසවො”ති. –
යොච තුට්ඨෙන චිත්තෙන සුණාති ජිනසාසනං, ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ සච්ඡිකත්වා අකුප්පතං, පප්පුය්ය පරමං සන්තිං පරිනිබ්බාති අනාසවො” තී.
ඉමා පඤ්ච ගාථා අභාසි.
තත්ථ උපාරම්භචිත්තොති සාරම්භචිත්තො, දොසාරොපනාධිප්පායොති අත්ථො. දුම්මෙධොති නිප්පඤ්ඤො. ආරකා හොති සද්ධම්මාති සො තාදිසො පුග්ගලො නභසො විය පථවී පටිපත්තිසද්ධම්මතොපි දූරෙ හොති, පගෙව පටිවෙධසද්ධම්මතො. “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසී”තිආදිනා (දී· නි· 1.18) විග්ගාහිකකථං අනුයුත්තස්ස කුතො සන්තනිපුණො පටිපත්තිසද්ධම්මො.
එහි “උපාරම්භචිත්තො” එකට එක කරන සිත, දෝෂාරෝපණය කරන සිත් ඇති. “දුම්මෙධො” දුෂ්ප්‍රාඥ. “ආරකා හොති සද්ධම්මා” එබඳු අනුවණ පුද්ගලයා අහසට පොළොව මෙන් ප්‍රතිපත්ති සද්ධර්මයෙන් පවා දුරු වේ. ඈත් වේ. ප්‍රතිවේධ සද්ධර්මයෙන් ඈත්වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. “නුඹ මේ දහම් විනය නො දන්නෙහිය” ආදී කලහ විවාද මූලික කථාවෙන් යුක්ත තැනැත්තාට කෙසේ නම් දහම් විනයේ අර්ථ වැටහේ ද?
පරිහායති සද්ධම්මාති නවවිධලොකුත්තරධම්මතො පුබ්බභාගියසද්ධාදිසද්ධම්මතොපි නිහීයති. පරිසුස්සතීති විසුස්සති කායචිත්තානං පීණනරසස්ස පීතිපාමොජ්ජාදිකුසලධම්මස්සාභාවතො. න විරූහතීති විරූළ්හිං වුද්ධිං න පාපුණාති. පූතිකන්ති ගොමයලෙපදානාදිඅභාවෙන පූතිභාවං පත්තං.
“පරිහායති සද්ධම්මො” නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයෙන් ද පූර්වභාගී වූ ශ්‍රද්ධාදී සද්ධර්ම සම්පත්තියෙන් ද පිරිහේ. “පරිසුස්සති” වියැලෙයි. කය හා සිත පිනවන්නා වූ ප්‍රීතිය, ප්‍රමෝදය ආදී කුසල දහම්හි රසවත්භාවය නොලබයි. “න විරූහති” අභිවෘද්ධියට, වැඩිදියුණු බවට නොපැමිණෙයි. “පූතිකං” රැකීම්, සැළකීම් ආදියෙන් දුරු වූ බැවින් කුණු වූ බවට ගිය.
තුට්ඨෙන චිත්තෙනාති ඉත්ථම්භූතලක්ඛණෙ කරණවචනං, අත්තමනො පමුදිතො හුත්වාති අත්ථො. ඛෙපෙත්වාති සමුච්ඡින්දිත්වා. අකුප්පතන්ති අරහත්තං. පප්පුය්යාති පාපුණිත්වා. පරමං සන්තින්ති අනුපාදිසෙසං නිබ්බානං. තදධිගමො චස්ස කෙවලං කාලාගමනමෙව, න කොචිවිධොති තං දස්සෙතුං වුත්තං “පරිනිබ්බාතිනාසවො”ති.
“තුට්ඨෙන චිත්තෙන” ඉත්ථම්භූතාර්ථයේ තතියා විභක්ති වචනයකි. තම සිතින් සතුටුවෙමින්, ප්‍රීතියෙන්. “ඛෙපෙත්වා” මුළුමනින්ම නසා, ක්ෂය කොට. “අකුප්පතං” රහත් බවට, ස්ථිරත්වයට, “පප්පුය්ය” පැමිණ. “පරමං සන්තිං” අනුපාදිසේස නිර්වාණය අවබෝධ කෙරේ. හුදෙක්ම සන්සිඳීමට පත් වේ. “කවරාකාරයෙන් ද?” යන්න දැක්වීමට “පරිනිබ්බායිස්සති අනාසවො” ආශ්‍රව රහිතව පිරිනිවෙන්නේ ය”යි වදාළහ.
එවං සත්ථාරා ඔවදිතො සංවෙගජාතො පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.44.35-43) –
මෙසේ වදාළ ශාස්තෲන් වහන්සේගේ අවවාදය ඇසීමෙන් උපන් සංවේග ඇති යසදත්ත කුමරු බුදුසසුනේ පැවිදිව විදසුන් භාවනාවේ සිත පිහිටුවා නොබෝ කලකින්ම කෙලෙස් නසා රහත් විය. යසදත්ත තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“කණිකාරංව ජලිතං, දීපරුක්ඛංව ජොතිතං; කඤ්චනංව විරොචන්තං, අද්දසං ද්විපදුත්තමං.
“කිණිහිරි රුකක් මෙන් දිළිසෙන, පහන් ගසක් වැනි වූ බබළන රන් රැසක් මෙන් රැස් පතුරුවන දෙපා ඇත්තන් අතර ප්‍රධාන වූ බුදුරදුන් දුටු මම; කමැඬලාව ද වැහිරි සිවුර ද පැන් කෙණ්ඩිය ද පසෙක තබා අඳුන් දිවි සම ඒකාංශ කර පොරවා උන්වහන්සේට ස්තූති කළෙමි.
“කමණ්ඩලුං ඨපෙත්වාන, වාකචීරඤ්ච කුණ්ඩිකං; එකංසං අජිනං කත්වා, බුද්ධසෙට්ඨං ථවිං අහං.
“තමන්ධකාරං විධමං, මොහජාලසමාකුලං; ඤාණාලොකං දස්සෙත්වාන, නිත්තිණ්ණොසි මහාමුනි.
“මහා මුනීන්වහන්ස! මෝහ ජාලයෙන් අවුල් වූ ගණදුර නසමින් ඥානාලෝකය දක්වා සසර සයුරින් එතෙර වූහ.
“සමුද්ධරසිමං ලොකං, සබ්බාවන්තමනුත්තරං; ඤාණෙ තෙ උපමා නත්ථි, යාවතා ජගතො ගති.
නිරුත්තර වූ තථාගතයන් වහන්ස! සියලු සත්ත්වයන් සහිත මේ ලෝකයා සසරින් ගොඩලනු මැනවි. ලෝකය මුළුල්ලෙහිම ඔබවහන්සේගේ නුවණ පිළිබඳ උපමාවක් නම් නැත.
“තෙන ඤාණෙන සබ්බඤ්ඤූ, ඉති බුද්ධො පවුච්චති; වන්දාමි තං මහාවීරං, සබ්බඤ්ඤුතමනාවරං.
ඒ අනූපම වූ ඥානයෙන් සර්වඥ වූ ඔබ වහන්සේ “බුද්ධ” නම් වන සේක. මහාවීරයන් වහන්ස! ආවරණ නොමැති ඒ සර්වඥතා ඥානයට මම වඳින්නෙමි.”
“සතසහස්සිතො කප්පෙ, බුද්ධසෙට්ඨං ථවිං අහං; දුග්ගතිං නාභිජානාමි, ඤාණත්ථවායිදං ඵලං.
මීට කල්ප ලක්ෂයකට පෙර දී මම ඒ පදුමුත්තර බුදුපියාණන් වහන්සේට ස්තූති කළෙම් ද ඒ පින හේතුවෙන් දුගතියකට නොගියෙමි. බුදුනුවණ පැසසීමේ විපාකය මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අඤ්ඤං බ්යාකරොන්තොපි ථෙරො ඉමා එව ගාථා අභාසි.
රහත් බවට පත් වූ යසදත්ත තෙරුන් වහන්සේ සිය රහත් බව ප්‍රකාශ කරමින් මෙම ගාථාවන්ම නැවත වදාළ සේක.
යසදත්තත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
යසදත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.