යෙදුමෙන් කියවන්න

යසදත‍්තත්‍ථෙරගාථා

5. 1. 10.

5. 1. 10.

360. උපාරම‍්භචිත‍්තො දුම‍්මෙධො සුණාති ජිනසාසනං, ආරකා හොති සද‍්ධම‍්මා නභසො පඨවී යථා.

360. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු අහසට පොළොව මෙන් පිළිවෙත් සදහමින් දුරු වෙයි.

361. උපාරම‍්භචිත‍්තො දුම‍්මෙධො සුණාති ජිනසාසනං, පරිහායති සද‍්ධම‍්මා කාළපක‍්ඛෙව චන්‍දිමා.

361. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු අවපසැ සඳ සෙයින් නවලොව්තුරු දහමින් පිරිහෙයි.

362. උපාරම‍්භචිත‍්තො දුම‍්මෙධො සුණාති ජිනසාසනං, පරිසුස‍්සති සද‍්ධම‍්මෙ මච‍්ඡා අප‍්පොදකෙ යථා.

362. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු දියත්තක මසකු සෙයින් ලොවුතුරුදහම්හි වියැළෙයි.

363. උපාරම‍්භචිත‍්තො දුම‍්මෙධො සුණාති ජිනසාසනං, න විරූහති සද‍්ධම‍්මෙ ඛෙත‍්තෙ බීජංව පූතිකං.

363. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම ජිනශාසනය අසා නමුදු කෙතෙහි වපුළ කුණු වූ බිජුවට සෙයින් නවලොවුතුරු දහම්හි නො වැඩෙයි.

364. යො ච තුට‍්ඨෙන චිත‍්තෙන සුණාති ජිනසාසනං, ඛෙපෙත්‍වා ආසවෙ සබ‍්බෙ සච‍්ඡිකත්‍වා අකුප‍්පතං, පප‍්පුය්‍ය පරමං සන‍්තිං පරිනිබ‍්බාති අනාසවො’ති.

364. යමෙකුත් තුටුසිතින් ජිනශාසනය අසා නම්, (හේ) සියලු (කාමාදි) ආස්‍රවයන් ගෙවා අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කොට පරමශාන්තියට පැමිණ ආශ්‍රව රහිත වූයේ පිරිනිවේ යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා යසදත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් යසදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

යසදත‍්තත්‍ථෙරගාථා.

යසදත්ත ස්ථවිරගාථා යි.