විජිතසෙනත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
විජිතසෙනත්ථෙරගාථාවණ්ණනා
විජිතසේන ස්ථවිරගාථා වර්ණනාව
ඔලග්ගෙස්සාමීතිආදිකා ආයස්මතො විජිතසෙනත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තො අත්ථදස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො ඝරාවාසං පහාය ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අරඤ්ඤෙ විහරන්තො ආකාසෙන ගච්ඡන්තං භගවන්තං දිස්වා පසන්නමානසො පසන්නාකාරං දස්සෙන්තො අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. සත්ථා තස්ස අජ්ඣාසයං ඤත්වා ආකාසතො ඔතරි. සො භගවතො මනොහරානි මධුරානි ඵලානි උපනෙසි, පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කොසලරට්ඨෙ හත්ථාචරියකුලෙ නිබ්බත්තිත්වා විජිතසෙනොති ලද්ධනාමො විඤ්ඤුතං පාපුණි. තස්ස මාතුලා සෙනො ච උපසෙනො චාති ද්වෙ හත්ථාචරියා සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධා පබ්බජිත්වා වාසධුරං පූරෙන්තා අරහත්තං පාපුණිංසු. විජිතසෙනොපි හත්ථිසිප්පෙ නිප්ඵත්තිං ගතො නිස්සරණජ්ඣාසයතාය ඝරාවාසෙ අලග්ගමානසො සත්ථු යමකපාටිහාරියං දිස්වා පටිලද්ධසද්ධො මාතුලත්ථෙරානං සන්තිකෙ පබ්බජිත්වා තෙසං ඔවාදානුසාසනියා විපස්සනාය කම්මං කරොන්තො විපස්සනාවීථිං ලඞ්ඝිත්වා බහිද්ධා නානාරම්මණෙ විධාවන්තං අත්තනො චිත්තං ඔවදන්තො –
“ඔලග්ගෙස්සාමි” යනු ආයුෂ්මත් විජිත සේන තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ දී නිවන් පතාගෙන කුසල් දහම් රැස්කරමින් පැමිණ, අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී කුලගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ගිහි ගේ හැර දැමූ ඒ කුල කුමරු සෘෂි පැවිද්දෙන් පැවිදිව අරණ්‍යයෙහි වෙසේ. දිනක් අහසින් වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ දුටු හෙතෙම සිත පහදවාගෙන ඇඳිලි බැඳ වැඳගෙන සිටියේය. ඔහුගේ අදහස් දුටු තථාගතයෝ අහසින් බැස ඔහු ඉදිරියේ වැඩහුන්හ. එවිට ඒ තවුසා රසවත් පළතුරු උන්වහන්සේට පිළිගැන්වීය. එම දානය පිළිගත් බුදුපියාණෝ ඔහුට පුණ්‍යානුමෝදනා කළහ. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැප විඳිමින් සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී කොසොල් රට ඇතුන් මෙහෙයවන කුලයක ඉපිද විජිතසේන නමින් ප්රකටව නුවණැති බවට පත්විය. ඔහුගේ මාමාවරු වූ සේන හා උපසේන යන හස්තාචාරීහු දෙදෙන ශාස්තෲන් වහන්සේ වෙතින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබූ ශ්‍රද්ධාව නිසා සසුනේ පැවිදි වූහ. ඔවුහු පැවිදිව විදර්ශන ධුරය පිරීමෙන් රහත් බවට පැමිණියහ. විජිතසේන ද හස්ති ශිල්පයේ කෙළවරට ගොස්, කාමුක සම්පත් කෙරෙහි ඇල්මක් නොවූ බැවින් ගිහිගේ හැර දමා, ශාස්තෲන් වහන්සේගේ යමාමහ පෙළහර දැකීමෙන් උපන් ශ්‍රද්ධාව නිසා මාමාවරුන් වූ තෙරුන් වහන්සේලාගේ සමීපයේ පැවිදි විය. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව විදසුන් කමටහන වැඩූ විජිතසේන හිමියෝ බාහිර විවිධ අරමුණු වෙත දිවයන තම සිතට අවවාද කරමින් මෙම ගාථා පහ වදාළහ.
“ඔලග්ගෙස්සාමි තෙ චිත්ත, ආණිද්වාරෙව හත්ථිනං; න තං පාපෙ නියොජෙස්සං, කාමජාලං සරීරජං.
“ඔලගෙස්සාමි තෙ චිත්ත ආණිද්වාරෙව හත්ථිනං, න තං පාපෙ නියොජෙස්සං කාමජාල සරීරජ”
“ත්වං ඔලග්ගො න ගච්ඡසි, ද්වාරවිවරං ගජොව අලභන්තො; න ච චිත්තකලි පුනප්පුනං, පසක්ක පාපරතො චරිස්සසි.
“ත්වං ඔලග්ගො න ගඤ්ඡිසි ද්වාරවිවරං ගජොව අලභන්තො, න ච චිත්තකලී පුනප්පුනං පසහං පාපරතො චරිස්සසි”
“යථා කුඤ්ජරං අදන්තං, නවග්ගහමඞ්කුසග්ගහො; බලවා ආවත්තෙති අකාමං, එවං ආවත්තයිස්සං තං.
“යථා කුඤ්ජරං අදන්තං නවග්ගහං අංකුසග්ගහො, බලවා ආවත්තෙති අකාමං, එවං ආවත්තයිස්සං තං”
“යථා වරහයදමකුසලො, සාරථිපවරො දමෙති ආජඤ්ඤං; එවං දමයිස්සං තං, පතිට්ඨිතො පඤ්චසු බලෙසු.
“යථා වරහයදමකුසලො සාරථීපවරො දමෙති ආජඤ්ඤං, එවං දමයිස්සං තං පතිට්ඨතො පඤ්චබලෙසු”
“සතියා තං නිබන්ධිස්සං, පයුත්තො තෙ දමෙස්සාමි; වීරියධුරනිග්ගහිතො, න යිතො දූරං ගමිස්සසෙ චිත්තා”ති. –
“සතියා තං නිබන්ධිස්සං පයතත්තො වො දමෙස්සාමි, විරිය ධුරනිග්ගහීතො නයිතො දූරං ගමිස්සසෙ චිත්තා” තී.
ගාථා අභාසි.
තත්ථ ඔලග්ගෙස්සාමීති සංවරිස්සාමි නිවාරෙස්සාමි. තෙති තං. උපයොගත්ථෙ හි ඉදං සාමිවචනං . තෙ ගමනන්ති වා වචනසෙසො. හත්ථිනන්ති ච හත්ථින්ති අත්ථො. චිත්තාති අත්තනො චිත්තං ආලපති. යථා තං වාරෙතුකාමො, තං දස්සෙන්තො “ආණිද්වාරෙව හත්ථින”න්ති ආහ. ආණිද්වාරං නාම පාකාරබද්ධස්ස නගරස්ස ඛුද්දකද්වාරං, යං ඝටිකාඡිද්දෙ ආණිම්හි පක්ඛිත්තෙ යන්තෙන විනා අබ්භන්තරෙ ඨිතෙහිපි විවරිතුං න සක්කා. යෙන මනුස්සගවස්සමහිංසාදයො න නිග්ගන්තුං සක්කා. නගරතො බහි නිග්ගන්තුකාමම්පි හත්ථිං යතො පලොභෙත්වා හත්ථාචරියො ගමනං නිවාරෙසි. අථ වා ආණිද්වාරං නාම පලිඝද්වාරං. තත්ථ හි තිරියං පලිඝං ඨපෙත්වා රුක්ඛසූචිසඞ්ඛාතං ආණිං පලිඝසීසෙ ආවුණන්ති. පාපෙති රූපාදීසු උප්පජ්ජනකඅභිජ්ඣාදිපාපධම්මෙ තං න නියොජෙස්සං න නියොජිස්සාමි. කාමජාලාති කාමස්ස ජාලභූතං. යථා හි මච්ඡබන්ධමිගලුද්දානං ජාලං නාම මච්ඡාදීනං තෙසං යථාකාමකාරසාධනං, එවං අයොනිසොමනසිකාරානුපාතිතං චිත්තං මාරස්ස කාමකාරසාධනං. තෙන හි සො සත්තෙ අනත්ථෙසු පාතෙති. සරීරජාති සරීරෙසු උප්පජ්ජනක. පඤ්චවොකාරභවෙ හි චිත්තං රූපපටිබද්ධවුත්තිතාය “සරීරජ”න්ති වුච්චති.
එහි “ඔලගෙස්සාමි” සංවර කරගන්නෙමි. වළකන්නෙමි. “තෙ” ඒ. මෙහි කර්ම විභක්ති අර්ථයේ ඡට්ඨි විභක්තිය යෙදී ඇත. ‘ඒ මාර්ගයෙන්” යන අදහසයි. “හත්ථීනං” ඇතෙකු යන අර්ථයයි. “චිත්තා” තමාගේ සිතට ආමන්ත්‍රණය කරයි. යමකින් එය වළකනු කැමැත්තේද ඒ දෙය දක්වමින් “ආණිද්වාරෙව හත්ථීනං” යනුවෙන් කියන ලදි. ආණි ද්වාරය නම් මහාප්රාකාරයකින් වටකළ නගරයේ ඇතුලට යා හැකි කුඩා දොරයි. එකට බැඳී සිදුරු ඇති කුරු බිලියෙහි දැමූ කල්හි එහි ඇතුලේ වූවන්ට උත්සාහයෙන් තොරව පිටතට පැමිණීමට නොහැක. මනුෂ්‍ය, ගව, මහීෂාදීන්ට ඉන් පිටවීමට නොහැක. නගරයෙන් පිටතට නික්මෙනු කැමති වූ ඇතා, කුරුබිලයට පොළඹවන හස්ත්යාචාරීහු ඌගේ ගමන වළක්වති. නැතිනම් ආණිද්වාර යනු දොර පොලු සහිත දොරයි. එහි හරහට දොර පොලු දමා, ගස් කූරු වලින් කරන ලද, බාධා සහිත දොර “පාපෙ” රූපාදී අරමුණු කෙරෙහි ඇතිවන දැඩි ලෝභ ආදී පාප ධර්මයන්හි. ඒ පවිටු සිත්වලින් සිත වළක්වමි. ඒ සිත් නොවඩමි. “කාමජාලා” කාමය දැලක් බඳුය. මසුන්, මුවන් බඳිනු ලබන්නේ දැලෙනි. සිහිකල්පනාවෙන් තොරවූ මතස්යාදීහු දැලේ බැඳී වැනසෙන්නාක් මෙන් අනුවණින් සිත යොමුකිරීම නිසා ඒ පාපී සිත මාරයාගේ කැමැත්ත ඉටුකරයි. මරු වසඟ වේ. එනිසා එබඳු සත්ත්වයෝ වැනසීමට දුකට පත්වෙති. “සරීරජා” ශරීරයෙන් උපදින පඤ්චවෝකාර භවයන්හි සත්වයන්ගේ (කාමාවචර භූමි එකොළොස හා රූපාවචර භූමි පසළොස යන විසිහය භූමිය) සිත රූපය හා බැඳී පවතියි. එනිසා ශරීරජ නම් වේ.
ත්වං ඔලග්ගො න ගච්ඡසීති ත්වං, චිත්තකලි, මයා සතිපඤ්ඤාපතොදඅඞ්කුසෙහි වාරිතො න දානි යථාරුචිං ගමිස්සසි, අයොනිසොමනසිකාරවසෙන යථාකාමං වත්තිතුං න ලභිස්සසි. යථා කිං? ද්වාරවිවරං ගජොව අලභන්තො නගරතො ගජනිරොධතො වා නිග්ගමනාය ද්වාරවිවරකං අලභමානො හත්ථී විය. චිත්තකලීති චිත්තකාළකණ්ණි. පුනප්පුනන්ති අපරාපරං. පසක්කාති සරණසම්පස්සාසවසෙන. පාපරතොති පාපකම්මනිරතො පුබ්බෙ විය ඉදානි න චරිස්සසි තථා චරිතුං න දස්සාමීති අත්ථො.
“ඔලග්ගො න ගඤ්ඡිසි” එම්බා කාලකණ්ණි සිත! ම විසින් සිහිය නම් කෙවිටෙන්, ප්‍රඥාව නම් අංකුසයෙන් වළක්වන ලද නුඹ දැන් තමාට රිසි සේ නොම හැසිරෙන්නෙහි. අනුවණින් මෙනෙහි කිරීම් වශයෙන් කැමති සේ පැවතීමට, සිටීමට ඉඩ නො ලබන්නෙහිය. ඒ කෙසේ ද? දොරටුවෙන් නික්මීමට නොහැකි ඇතෙකු මෙනි. නගරයෙන් පිටතට නික්ම යෑමට දොරටුව විවෘත කරගත නොහැකි ඇතෙකු මෙනි. “චිත්තකලී” යනු කාලකණ්ණි සිත. “පුනප්පුනං” නැවත නැවත. “පසහං” සරභ නම් මුව සමූහයා නපුරු ක්‍රියා ඉවසන්නාක් මෙන් පාපයේ ඇලී, පවිටු ක්‍රියාවල යෙදෙමින් පෙර මෙන් නො හැසිරෙන්නෙහිය. එසේ හැසිරීමට ඉඩ නොදෙමි. යන අර්ථයයි.
අදන්තන්ති අදමිතං හත්ථිසික්ඛං අසික්ඛිතං. නවග්ගහන්ති අචිරගහිතං. අඞ්කුසග්ගහොති හත්ථාචරියො. බලවාති කායබලෙන ඤාණබලෙන ච බලවා. ආවත්තෙති අකාමන්ති අනිච්ඡන්තමෙව නිසෙධනතො නිවත්තෙති. එවං ආවත්තයිස්සන්ති යථා යථාවුත්තං හත්ථිං හත්ථාචරියො, එවං තං චිත්තං චිත්තකලිං දුච්චරිතනිසෙධනතො නිවත්තයිස්සාමි.
“අදන්තං” දමනය නොවූ, හස්ති ශික්ෂණයෙන් නොහික්මුණු. නවග්ගහං අලුත අල්වාගත්, “අංකුසග්ගහො” ඇත්ගොවුවා. “බලවා” කාය බලයෙන් ද ඤාණ බලයෙන් ද බලවත් වූ. “ආවත්තෙති අකාමං” නොකැමතිවම, සේවනය නොකිරීමෙන් වලකයි. “එවං ආවත්තයිස්සං” ඉහත කියූ පරිදි ඇත්ගොවුවා ඇතා හසුරුවන්නාක් මෙන්, එම්බා කාලකණ්ණි සිත! මම ද නුඹ දුශ්චරිතයෙන් වළක්වමි.
වරහයදමකුසලොති උත්තමානං අස්සදම්මානං දමනෙ කුසලො. තතො එව සාරථිපවරො අස්සදම්මසාරථීසු විසිට්ඨො දමෙති ආජඤ්ඤං ආජානීයං අස්සදම්මං දෙසකාලානුරූපං සණ්හඵරුසෙහි දමෙති විනෙති නිබ්බිසෙවනං කරොති. පතිට්ඨිතො පඤ්චසු බලෙසූති සද්ධාදීසු පඤ්චසු බලෙසු පතිට්ඨිතො හුත්වා අස්සද්ධියාදිනිසෙධනතො තං දමයිස්සං දමෙස්සාමීති අත්ථො.
“වරහයදම කුසලො” උතුම් වූ අශ්ව දමනයෙන්, අසුන් දමනයට දක්ෂ වූ, එසේම උතුම් රියදුරෙක් වූ, අශ්ව දමනයෙහි ප්‍රකට වූ අස්ගොවුවකු දේශකාලානුරූපී වූ මෘදු පරුෂ වදනින් අශ්වයන් දමනය කරයි. හික්මවයි. වැරදි දෙයින් වළක්වයි. මෙසේ ඔහු අජානීය අශ්වයින් හික්මවයි. “පතිට්ඨිතො පඤ්චබලෙසු” ශ්‍රද්ධාදී පඤ්ච බලයන්හි මනාව පිහිටා, අශ්රද්ධාවාදී දෙයින් සිත වළක්වමින් දමනය කරන්නෙමි.
සතියා තං නිබන්ධිස්සන්ති ගොචරජ්ඣත්තතො බහි ගන්තුං අදෙන්තො සතියොත්තෙන කම්මට්ඨානථම්භෙ, චිත්තකලි, තං නිබන්ධිස්සාමි නියමෙස්සාමි. පයුත්තො තෙ දමෙස්සාමීති තත්ථ නිබන්ධන්තො එව යුත්තප්පයුත්තො හුත්වා තෙ දමෙස්සාමි, සංකිලෙසමලතො තං විසොධෙස්සාමි. වීරියධුරනිග්ගහිතොති යථාවුත්තො ඡෙකෙන සුසාරථිනා යුගෙ යොජිතො යුගනිග්ගහිතො යුගන්තරගතො තං නාතික්කමති, එවං ත්වම්පි චිත්ත, මම වීරියධුරෙ නිග්ගහිතො සක්කච්චකාරිතාය සාතච්චකාරිතාය අඤ්ඤථා වත්තිතුං අලභන්තො ඉතො ගොචරජ්ඣත්තතො දූරං බහි න ගමිස්සසි. භාවනානුයුත්තස්ස හි කම්මට්ඨානතො අඤ්ඤං ආසන්නම්පි ලක්ඛණතො දූරමෙවාති එවං ථෙරො ඉමාහි ගාථාහි අත්තනො චිත්තං නිග්ගණ්හන්තොව විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.45.22-30) –
“සතියා තං නිබන්ධිස්සං” ගොදුරු ගැනීම් ආදිය සඳහා පිටත යෑමට නොදී සිහිය නම් යොතින් කමටහන් නම් ටැඹෙහි නුඹ තබා බඳින්නෙමි. නුඹ එහි යොදවන්නෙමි. “පයතත්තො වොදපෙස්සාමි” එහි බැඳ තැබීමෙන්ම, සිහියෙන් කමටහනෙහි සිත යෙදවීමෙන්ම සිත පිරිසිදු කරන්නෙමි. කිලිටි පාප දහම්වලින් සිත පවිත්‍ර කරන්නෙමි. “විරියධුර නිග්ගහිතො” ඉහත කී අයුරින් දක්ෂ වූ අශ්වයන් දමනය කරන්නෙකු විසින් වියදණ්ඩෙහි යෙදූ, මනාව හික්මවූ වියදඬු අතරෙහි හුන් අශ්වයා සකසා - මැනවින් කටයුතු කරන්නේ ය. අන් අයුරකින් පැවතීමට ඉඩ නොලබන්නේය. ගොදුරු ගැනීමට ඉන් බැහැරට නො යන්නේ ය. එමෙන් භාවනා කමටහනෙහිම යෙදුණු සිතට ඒ කමටහනින් බැහැර වූ ආසන්න වූ ලක්ෂණය පවා ඉතා දුරවූවක් ම ය. මෙසේ සිත දමනය කරගනිමින්, තම සිතට නිග්‍රහ කළ තෙරණුවෝ විදසුන් වඩා රහත්ඵලයට පත්වූහ. අපදාන පාළියේදී විජිතසේන තෙරණුවෝ මෙසේ වදාළහ.
“සුවණ්ණවණ්ණං සම්බුද්ධං, ද්වත්තිංසවරලක්ඛණං; විපිනග්ගෙන ගච්ඡන්තං, සාලරාජංව ඵුල්ලිතං.
“මහවන හිසින් වඩින්නා වූ උතුම් වූ දෙතිස් මහ පුරිස් ලකුණින් හෙබියාවූ පිපුණු සල් රුකක් බඳු රන්වන් වූ සම්බුදුරජාණන් වහන්සේ දුටු මම, තණ ඇතිරියක් පනවා උන්වහන්සේට ආරාධනා කළෙමි. “බුදුරජාණන් වහන්ස! මට අනුකම්පා කරත්වා! භික්ෂාව දෙන්නට කැමැත්තෙමි. එය පිළිගනිත්වා!”යි පැවසූ මාගේ වදන් ඇසූ, කාරුණික ලෝකයාට අනුකම්පා කරන, මහත් යසස් ඇති අත්ථදස්සි බුදුහු මාගේ අදහස දැන, අහසින් වැඩමවා තණ ඇතිරියෙහි වැඩහුන් සේක. බදුළුගෙඩි රැගත් මම උන්වහන්සේට ඒවා පිදුවෙමි.
“තිණත්ථරං පඤ්ඤාපෙත්වා, බුද්ධසෙට්ඨං අයාචහං; අනුකම්පතු මං බුද්ධො, භික්ඛං ඉච්ඡාමි දාතවෙ.
“අනුකම්පකො කාරුණිකො, අත්ථදස්සී මහායසො; මම සඞ්කප්පමඤ්ඤාය, ඔරූහි මම අස්සමෙ.
“ඔරොහිත්වාන සම්බුද්ධො, නිසීදි පණ්ණසන්ථරෙ; භල්ලාතකං ගහෙත්වාන, බුද්ධසෙට්ඨස්සදාසහං.
“මම නිජ්ඣායමානස්ස, පරිභුඤ්ජි තදා ජිනො; තත්ථ චිත්තං පසාදෙත්වා, අභිවන්දිං තදා ජිනං.
මා බලා සිටියදීම මගේ සැක දුරුකරමින් බුදුහු ඒවා වැළඳූහ. සිත පැහැද වූ මම බුදුරදුන්ට වැන්දෙමි.
“අට්ඨාරසෙ කප්පසතෙ, යං ඵලමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
එදා මීට කල්ප දහ අටකට පෙර යම් ඵල දානයක් පැවැත්වූයෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාකය මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අඤ්ඤං බ්යාකරොන්තොපි ඉමා ගාථා අභාසි.
රහත් බවට පත් තෙරණුවෝ ඒ බව ප්‍රකාශ කරමින් ද මෙම ගාථා පහම නැවත වදාළහ.
විජිතසෙනත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
විජිතසේන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.