වක්කලිත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
වක්කලිත්ථෙරගාථාවණ්ණනා
වක්කලී ස්ථවිරගාථා වර්ණනාව
වාතරොගාභිනීතොතිආදිකා ආයස්මතො වක්කලිත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො සත්ථු සන්තිකං ගච්ඡන්තෙහි උපාසකෙහි සද්ධිං විහාරං ගන්ත්වා පරිසපරියන්තෙ ඨිතො ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං සද්ධාධිමුත්තානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සයම්පි තං ඨානං පත්ථෙන්තො සත්තාහං මහාදානං දත්වා පණිධානං අකාසි. සත්ථා තස්ස අනන්තරායතං දිස්වා බ්යාකරි.
“වාත රොගාභිනීතො” යනු ආයුෂ්මත් වක්කලී තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර කුලගෙයක උපන්හ. නුවණැති බවට පත් එකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ හමුවට යන උපාසකවරුන් සමග විහාරයට ගොස් පිරිස් කෙළවර හිඳ ධර්ම ශ්‍රවණය කළේය. එවිට ශාස්තෲන් වහන්සේ එක් භික්ෂූන් වහන්සේ කෙනෙකුන් සද්ධාමුත්ත තෙරවරුන්ගෙන් අග්‍රභාවයට පත්කරනු දුටු සිටුකුමරු ද එම තනතුර ප්‍රාර්ථනා කළේය. සත් දිනක් බුදුපාමොක් මහ සඟනට මහ දන් දුන් හෙතෙම ඒ සඳහා ප්රණිධානය කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අනාගතය දැන විවරණ දුන් සේක.
සොපි යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො අම්හාකං සත්ථු කාලෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්ති, වක්කලීතිස්ස නාමං අකංසු. සො වුද්ධිප්පත්තො තයො වෙදෙ උග්ගණ්හිත්වා බ්රාහ්මණසිප්පෙසු නිප්ඵත්තිං ගතො සත්ථාරං දිස්වා රූපකායස්ස සම්පත්තිදස්සනෙන අතිත්තො සත්ථාරා සද්ධිංයෙව විචරති. “අගාරමජ්ඣෙ වසන්තො නිච්චකාලං සත්ථාරං දට්ඨුං න ලභිස්සාමී”ති සත්ථු සන්තිකෙ පබ්බජිත්වා ඨපෙත්වා භොජනවෙලං සරීරකිච්චකාලඤ්ච සෙසකාලෙ යත්ථ ඨිතෙන සක්කා දසබලං පස්සිතුං, තත්ථ ඨිතො අඤ්ඤං කිච්චං පහාය භගවන්තං ඔලොකෙන්තොව විහරති. සත්ථා තස්ස ඤාණපරිපාකං ආගමෙන්තො බහුකාලං තස්මිං රූපදස්සනෙනෙව විචරන්තෙ කිඤ්චි අවත්වා පුනෙකදිවසං “කිං තෙ, වක්කලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන? යො ඛො, වක්කලි, ධම්මං පස්සති, සො මං පස්සති. යො මං පස්සති, සො ධම්මං පස්සති. ධම්මඤ්හි, වක්කලි, පස්සන්තො මං පස්සති, මං පස්සන්තො ධම්මං පස්සතී”ති (සං· නි· 3.87) ආහ.
දිවි ඇති තාක් පින්දහම් සිදුකොට දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් සැප විඳි හෙතෙම, අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන කාලයෙහි බමුණු කුලයේ උපන්නේ ය. “වක්කලී” නමින් ප්‍රකට වූ ඔහු නිසිවියට පත්ව ත්‍රිවේදයේ පරතෙරට ගොස්, බමුණු ශිල්ප ශාස්ත්‍රයන් සියල්ල ඉගෙන, ශාස්තෲන් වහන්සේගේ අතිශය ශෝභාසම්පන්න ශරීර ශෝභාව දැකීමෙන් තෘප්තියට පත් නොවී උන්වහන්සේ වෙතම රැඳුණේය. ගිහිගේ විසීමෙන් නිතරම ශාස්තෲන් වහන්සේ දැකීමට නොලැබේයැයි සිතූ ඔහු ශාස්තෲන් වහන්සේ ළඟ පැවිදි වී, ආහාර ගන්නා වේලාවෙහි හැර සෙසු මුළු කාලයම යම් තැනෙක හිඳ දසබලයන් වහන්සේ මනාව දැක බලා ගත හැකිවන්නේ ද එබඳු තැන්වලම හිඳිමින්, වෙනත් සෑම කටයුත්තක්ම බැහැර ලා, බුදුකය දෙස බලමින්ම වාසය කළේය. මෙසේ විසූ වක්කලී තෙරුන්ගේ ඤාණයේ මුහුකුරා යෑම බලමින් බුදුරජාණන් වහන්සේ ද කිසිවක් නොපවසා සිටි සේක. සුදුසු අවස්ථාවෙහි දී දිනක් “වක්කලිය! මේ කුණු කය දැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද? වක්කලිය! යමෙක් දහම් දකින්නේ ද ඔහු මා දකින්නේ ය. යමෙක් මා දකින්නේ ද ඔහු ධර්මය දකින්නේය. “වක්කලිය! ධර්මය නිසි පරිදි වටහාගන්නාම මා දකින්නේය. මා නිවැරදිව දකින්නා දහම දකින්නේය”යි වදාළහ.
සත්ථරි එවං වදන්තෙපි ථෙරො සත්ථු දස්සනං පහාය අඤ්ඤත්ථ ගන්තුං න සක්කොති. තතො සත්ථා “නායං භික්ඛු සංවෙගං අලභිත්වා බුජ්ඣිස්සතී”ති වස්සූපනායිකදිවසෙ “අපෙහි, වක්කලී”ති ථෙරං පණාමෙසි. සො සත්ථාරා පණාමිතො සම්මුඛෙ ඨාතුං අසක්කොන්තො “කිං මය්හං ජීවිතෙන, යොහං සත්ථාරං දට්ඨුං න ලභාමී”ති ගිජ්ඣකූටපබ්බතෙ පපාතට්ඨානං අභිරුහි. සත්ථා තස්ස තං පවත්තිං ඤත්වා “අයං භික්ඛු මම සන්තිකා අස්සාසං අලභන්තො මග්ගඵලානං උපනිස්සයං නාසෙය්යා”ති අත්තානං දස්සෙතුං ඔභාසං විස්සජ්ජෙන්තො –
ශාස්තෲන් වහන්සේ මෙසේ දෙසුවත් වක්කලී තෙරුන් උන්වහන්සේගේ දර්ශනයෙන් වෙන්ව වෙනතක යෑමට, ඉවතට යෑමට අසම්ත විය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ “මේ භික්ෂුව සංවේගයට පත් නොවී සත්‍ය අවබෝධ කර නොගන්නේයැ”යි දැන වස් එළඹෙන දිනයෙහි “වක්කලී, මෙතැනින් ඉවත්ව යන්නැයි” වදාරා ශ්‍රී හස්තය දිගු කළ සේක. ශාස්තෲන් වහන්සේ විසින් බැහැර කරන ලද වක්කලී තෙරුන්, උන්වහන්සේ ඉදිරියෙහි සිටීමට අසමත්ව, “ශාස්තෲන් වහන්සේ දක්නට නොලැබෙන මාගේ ජීවිතයෙන් කවර ප්රයේජනයක් ද?”යි සිතා ගිජුකුළු පවුවෙහි ප්රපාතස්ථානයට නැංගේය. ශාස්තෲන් වහන්සේ එහිමියන්ගේ එම හැසිරීම දැක, “මේ භික්ෂුව මාගේ සමීපයේදී පිහිටක් නොලැබ දැන් මාර්ගඵලාවබෝධයට ඇති හේතු සම්පත් ද නසා ගන්නේ ය”යි තමන් වහන්සේ දැක්වීමට ආලෝකයක් විහිදුවා -
“පාමොජ්ජබහුලො භික්ඛු, පසන්නො බුද්ධසාසනෙ; අධිගච්ඡෙ පදං සන්තං, සඞ්ඛාරූපසමං සුඛ”න්ති. (ධ· ප· 381) –
“පාමොජ්ජබහුලො භික්ඛු පසන්නො බුද්ධසාසනෙ, අධිගච්ඡෙ පදං සන්තං සංඛාරූප සමං සුඛං” තී.
“බුදුසසුනේ පැහැදුණු සිත් ඇති ප්‍රමෝදයෙන් - සතුටින් යුක්ත භික්ෂුව ශාන්ත වූ නිර්වාණපදය අවබෝධ කරගන්නේ ය. සංස්කාරයන්ගේ සන්සිඳීම සැපයකි.”
ගාථං වත්වා “එහි, වක්කලී”ති හත්ථං පසාරෙසි. ථෙරො “දසබලො මෙ දිට්ඨො, ‘එහී’ති අව්හානම්පි ලද්ධ”න්ති බලවපීතිසොමනස්සං උප්පාදෙත්වා “කුතො ආගච්ඡාමී”ති අත්තනො ගමනභාවං අජානිත්වා සත්ථු සම්මුඛෙ ආකාසෙ පක්ඛන්දන්තො පඨමපාදෙන පබ්බතෙ ඨිතොයෙව සත්ථාරා වුත්තගාථං ආවජ්ජෙන්තො ආකාසෙයෙව පීතිං වික්ඛම්භෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණීති අඞ්ගුත්තරට්ඨකථායං (අ· නි· අට්ඨ· 1.1.208) ධම්මපදවණ්ණනායඤ්ච (ධ· ප· අට්ඨ· 2.381) ආගතං.
යන ගාථාව වදාරා, “එන්න, වක්කලී”යි ශ්‍රී හස්තය දිගු කළසේක. තෙරණුවෝ “දසබලයන් වහන්සේ මා දැක ඇත. එන්න යැයි මා හට පැවසූ සේක”යි බලවත් ප්‍රීතියට සතුටට පැමිණියහ. “කොහි යන්නේද?”යි තමාගේ ගමන පිළිබඳව අමතක වූ වක්කලී හිමි භාග්‍යවතුන් වහන්සේ දෙස බලාගෙනම අහසට පැන්නේය. එක පයක් පර්වතයේ පිහිටා තිබියදීම ශාස්තෲන් වහන්සේ වදාළ ගාථාව ආවර්ජනය කරමින් සිටි වක්කලී හිමියෝ අහසේදීම ප්‍රීතිය මැඩ පවත්වාගෙන, සිවුපිළිසිඹියා පත් මහරහත් බවට පත් වූ සේක. මෙසේ අංගුත්තර අටුවාවේ ද ධම්මපද වර්ණනාවේද පැවසෙන නමුත් මේ ථේරගාථා අටුවාවෙහි මෙසේ පැවසේ.
ඉධ පන එවං වදන්ති – “කිං තෙ, වක්කලී”තිආදිනා සත්ථාරා ඔවදිතො ගිජ්ඣකූටෙ විහරන්තො විපස්සනං පට්ඨපෙසි, තස්ස සද්ධාය බලවභාවතො එව විපස්සනා වීථිං න ඔතරති, භගවා තං ඤත්වා කම්මට්ඨානං සොධෙත්වා අදාසි. පුන විපස්සනං මත්ථකං පාපෙතුං නාසක්ඛියෙව, අථස්ස ආහාරවෙකල්ලෙන වාතාබාධො උප්පජ්ජි, තං වාතාබාධෙන පීළියමානං ඤත්වා භගවා තත්ථ ගන්ත්වා පුච්ඡන්තො –
“වක්කලිය! මේ ශරීරය දැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද?”යි ආදී වශයෙන් ශාස්තෲන් වහන්සේ අවවාද දුන් කල්හි, ගිජුකුළු පවුවෙහි වෙසෙමින් වක්කලී තෙරණුවෝ විදසුන් භාවනාව වැඩූහ. උන්වහන්සේගේ සිතේ ශ්‍රද්ධාව ඉතා බලවත් බැවින් නිසි සේ සිත විදසුන් වීථියට නො බසී. නො වැටේ. එකරුණ දුටු භාග්‍යවතුන් වහන්සේ නැවත කමටහන පිරිසිදු කරදුන් සේක. නැවතද විදසුන් භාවනාව මස්තක ප්‍රාප්ත කර ගැනීමට නො හැකිවූයේම ය. ඉක්බිති උන්වහන්සේට ආහාර විපරීතවීමෙන් වාතාබාධයක් උපන්නේ ය. වක්කලී හිමියන් වාතාබාධයෙන් පෙළෙනු දුටු භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩමවා ඒ පිළිබඳව මෙසේ විමසූ සේක.
“වාතරොගාභිනීතො ත්වං, විහරං කානනෙ වනෙ; පවිද්ධගොචරෙ ලූඛෙ, කථං භික්ඛු කරිස්සසී”ති. –
“වාතරොගාභිනීතො ත්වං විහරං කානනෙ වනෙ, පවිට්ඨ ගොචරෙ ළූඛෙ කළුං භික්ඛු කරිස්සසී” තී.
ආහ. තං සුත්වා ථෙරො –
එය ඇසූ තෙරණුවෝ ඊට පිළිතුරු ලෙස මේ ගාථා සතර වදාළහ.
“පීතිසුඛෙන විපුලෙන, ඵරමානො සමුස්සයං; ලූඛම්පි අභිසම්භොන්තො, විහරිස්සාමි කානනෙ.
“පීති සුඛෙන විපුලෙන ඵරමානො සමුස්සයං, ළූඛම්පි අබිසම්භොන්තො විහරිස්සාමි කානනෙ”
“භාවෙන්තො සතිපට්ඨානෙ, ඉන්ද්රියානි බලානි ච; බොජ්ඣඞ්ගානි ච භාවෙන්තො, විහරිස්සාමි කානනෙ.
“භාවෙන්තො සතිපට්ඨානෙ ඉන්ද්රියානි බලානි ච, බොජ්ඣඞ්ගානි ච භාවෙන්තො විහරිස්සාමි කානනෙ”
“ආරද්ධවීරියෙ පහිතත්තෙ, නිච්චං දළ්හපරක්කමෙ; සමග්ගෙ සහිතෙ දිස්වා, විහරිස්සාමි කානනෙ.
“ආරද්ධවිරියො පහිතත්තො නිච්චං දළ්හ පරක්කමො, සමග්ගෙ සහිතෙ දිස්වා විහරිස්සාමි කානනෙ”
“අනුස්සරන්තො සම්බුද්ධං, අග්ගං දන්තං සමාහිතං; අතන්දිතො රත්තින්දිවං, විහරිස්සාමි කානනෙ”ති. –
“අනුස්සරන්තො සම්බුද්ධං අග්ගං දන්තං සමාහිතං, අතන්දිතො රත්තිංදිවං විහරිස්සාමි කානනෙ” තී.
චතස්සො ගාථා අභාසි.
තත්ථ වාතරොගාභිනීතොති වාතාබාධෙන අසෙරිභාවං උපනීතො, වාතබ්යාධිනා අභිභූතො. ත්වන්ති ථෙරං ආලපති. විහරන්ති තෙන ඉරියාපථවිහාරෙන විහරන්තො. කානනෙ වනෙති කානනභූතෙ වනෙ, මහාඅරඤ්ඤෙති අත්ථො. පවිද්ධගොචරෙති විස්සට්ඨගොචරෙ දුල්ලභපච්චයෙ. වාතරොගස්ස සප්පායානං සප්පිආදිභෙසජ්ජානං අභාවෙන ඵරුසභූමිභාගතාය ච ලූඛෙ ලූඛට්ඨානෙ. කථං භික්ඛු කරිස්සසීති භික්ඛු ත්වං කථං විහරිස්සසීති භගවා පුච්ඡි.
මෙහි “වාතරොගාභිනීතො” වාතාබාධයෙන් පෙළී ශරීරය තමාට අවසඟභාවයට පත් වූයෙහි ද? වාත රෝගයෙන් පීඩිත වූයෙහි ද? “ත්වං” යනුවෙන් තෙරුන්ට ආමන්ත්‍රණය කරයි. “විහරං” ඒ ඒ ඉරියවු පවත්වමින් වාසය කරමින් “කානනෙ වනෙ” කැලෑවක් වූ වනයෙහි. මහා වනයක් යන අරුතයි. “පවිට්ඨගොචරෙ” හැර දැමූ ගොදුරු ඇති, දුලබ වූ ප්‍රත්‍ය ඇති, වාතරෝගයට සුදුසු වූ ගිතෙල් ආදී බෙහෙත් නොමැති බැවින් ද කර්කශ භූමිභාගයක සිටින බැවින් ද රූක්ෂ වූ රළු ස්ථානයක. “කථං භික්ඛු කරිස්සසී”, “මහණ, නුඹ කෙසේ වෙසෙන්නේ ද?”යි භාග්‍යවතුන් වහන්සේ විමසූ සේක.
තං සුත්වා ථෙරො නිරාමිසපීතිසොමනස්සාදිනා අත්තනො සුඛවිහාරං පකාසෙන්තො “පීතිසුඛෙනා”තිආදිමාහ. තත්ථ පීතිසුඛෙනාති උබ්බෙගලක්ඛණාය ඵරණලක්ඛණාය ච පීතියා තංසම්පයුත්තසුඛෙන ච. තෙනාහ “විපුලෙනා”ති උළාරෙනාති අත්ථො. ඵරමානො සමුස්සයන්ති යථාවුත්තපීතිසුඛසමුට්ඨිතෙහි පණීතෙහි රූපෙහි සකලං කායං ඵරාපෙන්තො නිරන්තරං ඵුටං කරොන්තො. ලූඛම්පි අභිසම්භොන්තොති අරඤ්ඤාවාසජනිතං සල්ලෙඛවුත්තිහෙතුකං දුස්සහම්පි පච්චයලූඛං අභිභවන්තො අධිවාසෙන්තො. විහරිස්සාමි කානනෙති ඣානසුඛෙන විපස්සනාසුඛෙන ච අරඤ්ඤායතනෙ විහරිස්සාමීති අත්ථො. තෙනාහ – “සුඛඤ්ච කායෙන පටිසංවෙදෙසි”න්ති (පාරා· 11).
මෙය ඇසූ තෙරණුවෝ නිරාමිස ප්‍රීති සොම්නසින් යුක්ත වූවාහු, තමා විඳින සැප විහරණය ප්‍රකාශ කරනු සඳහා “පීතිසුඛෙන” යන ගාථා සතර වදාළහ. පීති සුඛෙන උද්වේග ලක්ෂණයෙන් ද පැතිරයන ලක්ෂණයෙන් ද යුතු ප්‍රීතිමය සුවයෙන් යුක්ත වූ. “විපුලෙන” මහත් වූ. “ඵරමානො සමුස්සයං” ඉහත කියූ පරිදිම ප්‍රීතිසුවයෙන් යුක්තව, ප්‍රණීත වූ රූපයෙන් මුළු කයම පතුරුවමින්, නිරන්තරව ඒ සුවය ස්පර්ශ කරමින්, “ථෑඛම්හි අභිසම්හොන්තො” අරණ්‍යයෙහි විසීමෙන් හටගත් සැහැල්ලු පැවැත්ම නිසා ඉවසිය නොහැකි, ප්‍රත්‍යයන්ගේ රූක්ෂ බව අභිභවනය කරමින්, ඉවසමින්. “විහරිස්සාමි කානනෙ” ධ්‍යාන සුවයෙන් ද විදසුන් සුවයෙන් ද අරණ්‍යයෙහි වෙසෙන්නෙමි යන අර්ථයයි. එනිසා “කායික සුවය ද වින්දනය කළෙමි” යි කියන ලදි.
“යතො යතො සම්මසති, ඛන්ධානං උදයබ්බයං; ලභතී පීතිපාමොජ්ජං, අමතං තං විජානත”න්ති ච. (ධ· ප· 374);
“යතො යතො සම්මසතී ඛන්ධානං උදයබ්යයං, ලභති පීතිපාමොජ්ජං අමතං තං විජානතං” තී.
ස්කන්ධයන්ගේ ඉපදීම හා නැතිවීම යම් යම් තැනකදී සන්සිඳේ ද ඒ ඒ උතුම් නිවණ අවබෝධ කරගත් තැනැත්තා අතිශය ප්‍රීති ප්රමෝදයක් අත් විඳියි.
භාවෙන්තො සතිපට්ඨානෙති මග්ගපරියාපන්නෙ කායානුපස්සනාදිකෙ චත්තාරො සතිපට්ඨානෙ උප්පාදෙන්තො වඩ්ඪෙන්තො ච. ඉන්ද්රියානීති මග්ගපරියාපන්නානි එව සද්ධාදීනි පඤ්චින්ද්රියානි. බලානීති තථා සද්ධාදීනි පඤ්ච බලානි. බොජ්ඣඞ්ගානීති තථා සතිසම්බොජ්ඣඞ්ගාදීනි සත්ත බොජ්ඣඞ්ගානි. ච-සද්දෙන සම්මප්පධානඉද්ධිපාදමග්ගඞ්ගානි සඞ්ගණ්හාති. තදවිනාභාවතො හි තග්ගහණෙනෙව තෙසං ගහණං හොති. විහරිස්සාමීති යථාවුත්තෙ බොධිපක්ඛියධම්මෙ භාවෙන්තො මග්ගසුඛෙන තදධිගමසිද්ධෙන ඵලසුඛෙන නිබ්බානසුඛෙන ච විහරිස්සාමි.
“භාවෙන්තො සතිපට්ඨානෙ” ආර්ය මාර්ගයට ඇතුලත් වන කායානුපස්සනාව ආදී සතර සතිපට්ඨානයන් වඩමින් ද “ඉන්ද්රියානි” ආර්ය මාර්ගයට ඇතුලත් වූ මම ශ්‍රද්ධාදී පඤ්ච ඉන්ද්‍රියන් ද “බලානි” එසේම ශ්‍රද්ධා දී බල පස ද “බොජ්ඣංගානි” සති සම්බොජ්ඣංගය ප්‍රදාන වූ සත් බොජ්ඣංග දහම් ද, “ච” කාරයෙන්, සමුච්චාර්ථයේ නිපාතයෙන් සම්‍යක් ප්‍රදාන, ඉර්ධිපාද, මාර්ගාංග ද අදහස් කරයි. චකාරය යෙදීමෙන් ඒ සියලුම ධර්මතාවෝ ම අදහස කරන ලද්දේමය. “විහරිස්සාමි” ඉහත විස්තර කළ අයුරින් ම බෝධිපාක්ෂික ධර්ම වඩමින් ආර්ය මාර්ග සුවයෙන් ද එම දහම් අවබෝධයෙන් ජනිත ඵල සුවයෙන් ද නිවන් සුවයෙන් ද වාසය කරන්නෙමි.
ආරද්ධවීරියෙති චතුබ්බිධසම්මප්පධානවසෙන පග්ගහිතවීරියෙ. පහිතත්තෙති නිබ්බානං පතිපෙසිතචිත්තෙ. නිච්චං දළ්හපරක්කමෙති සබ්බකාලං අසිථිලවීරියෙ. අවිවාදවසෙන කායසාමග්ගිදානවසෙන ච සමග්ගෙ. දිට්ඨිසීලසාමඤ්ඤෙන සහිතෙ සබ්රහ්මචාරී දිස්වා. එතෙන කල්යාණමිත්තසම්පත්තිං දස්සෙති.
“ආරද්ධවිරියො” සිවුවැදෑරුම් යහපත් වීර්යයෙන් (සම්මා වායාම) උත්සාහයෙන්, ඇරඹූ වීර්යයෙන්, නිවණ ලබාගැනීම දක්වා ම මෙහෙය වූ වීර්ය සහගත සිතින් “නිච්චං දළ්හ පරක්කමො” යි සියලු කාලයේ ම ලිහිල් නොවූ වීර්යයෙන් යුතුව, විවාද නොකර කායික, වාචසික සමගි භාවයෙන් දෘෂ්ටි, සීල ආදියෙන් සමාන වූ සබ්‍රහ්මචාරීන් සමග විසීමෙන්, මෙහිදී කල්‍යාණ මිත්‍ර සම්පත්තිය දක්වයි.
අනුස්සරන්තො සම්බුද්ධන්ති සම්මා සාමං සබ්බධම්මානං බුද්ධත්තා සම්මාසම්බුද්ධං සබ්බසත්තුත්තමතාය, අග්ගං උත්තමෙන දමථෙන දන්තං, අනුත්තරසමාධිනා සමාහිතං අතන්දිතො අනලසො හුත්වා, රත්තින්දිවං සබ්බකාලං “ඉතිපි සො භගවා අරහ”න්තිආදිනා අනුස්සරන්තො විහරිස්සාමි. එතෙන බුද්ධානුස්සතිභාවනාය යුත්තාකාරදස්සනෙන සබ්බත්ථ කම්මට්ඨානානුයොගමාහ, පුරිමෙන පාරිහාරියකම්මට්ඨානානුයොගං.
“අනුස්සරන්තො සම්බුද්ධං” තමන් වහන්සේම සියලු දහම් මනාව අවබෝධ කරගත් බැවින් ද සියලු සත්ත්වයන්ටම උතුම්, අග්‍ර වන බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ දමනයෙන් දැමුණු, අනුත්තර වූ සමාධියෙන් සන්සිඳුණු සිතැතිව, අප්‍රමාදීව අනලස්ව රෑ දාවල් සැම කල්හි “ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය......” ආදී වශයෙන් නව අරහාදී බුදුගුණ සිහි කරමින් වාසය කරන්නෙමි. මේ බුද්ධානුස්සති භාවනාවෙන් තමන්වහන්සේ වඩන ලද සියලුම භාවනා කමටහන් දක්වන ලදි. රහත්වීමට පෙර සම්පූර්ණ කරන ලද කමටහන් පිළිබඳව අදහස් කරන ලදි.
එවං පන වත්වා ථෙරො විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.54.28-65) –
මෙසේ වදාළ වක්කලී තෙරණුවෝ විදසුනෙහි සිත පිහිටුවා රහත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො; අනොමනාමො අමිතො, නාමෙන පදුමුත්තරො.
“මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලෝකනායක වූ අනෝම නම් අපමණ ගුණ ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.
“පදුමාකාරවදනො, පදුමාමලසුච්ඡවී; ලොකෙනානුපලිත්තොව, තොයෙන පදුමං යථා.
උන්වහන්සේගේ මුහුණු පියුමක් බඳු. පියුමක් සේ නිමල වූ ඉතා යහපත් සිවියක් ඇත. ජලයේ නොගැටෙන පියුම මෙන් එතුමෝ ලෝකයා සමග නො ගැටෙති.
“වීරො පදුමපත්තක්ඛො, කන්තො ච පදුමං යථා; පදුමුත්තරගන්ධොව, තස්මා සො පදුමුත්තරො.
වීර වූ උන්වහන්සේට පියුම් පෙති බඳු ඇස් ඇත. පියුමක් මෙන් ඒ ඇස් කාන්තිමත්ය. උතුම් පියුම් මෙන් උන්වහන්සේගේ ශරීරයෙන් සුවඳ හමයි. එනිසා උන්වහන්සේ පදුමුත්තර නම් වන සේක.
“ලොකජෙට්ඨො ච නිම්මානො, අන්ධානං නයනූපමො; සන්තවෙසො ගුණනිධි, කරුණාමතිසාගරො.
ලෝකජ්‍යෙෂ්ඨ වූ මාන රහිත වූ අන්ධයන්ට ඇසක් වැනි වූ ශාන්ත වූ ගුණයන්ට නිධාන වූ කුළුණු නැණ සයුරක් වැනි වූ බඹසුර අසුරයන් විසින් පිදුවා වූ දෙවි-මිනිසුන් විසින් පිරිවරා ගත්තා වූ අතිඋත්තම මහාවීර වූ ඒ බුදුරජාණෝ; කිසියම් දිනෙක ජනමධ්යයේ හිඳ සුවඳවත් මුවින් මිහිරි වූ හඬින් සියලු පිරිස අමතා සිය ශ්‍රාවකයෙකු මෙසේ වර්ණනා කළ සේක.
“ස කදාචි මහාවීරො, බ්රහ්මාසුරසුරච්චිතො; සදෙවමනුජාකිණ්ණෙ, ජනමජ්ඣෙ ජිනුත්තමො.
“වදනෙන සුගන්ධෙන, මධුරෙන රුතෙන ච; රඤ්ජයං පරිසං සබ්බං, සන්ථවී සාවකං සකං.
“සද්ධාධිමුත්තො සුමති, මම දස්සනලාලසො; නත්ථි එතාදිසො අඤ්ඤො, යථායං භික්ඛු වක්කලි.
“ශ්‍රද්ධාව පිහිටි සිතැති මනා නුවණැති මා දැකීමෙහි ලොල් වූ මේ වක්කලී භික්ෂුව බඳු අනු භික්ෂුවක් මාගේ සසුනෙහි නැත.”
“තදාහං හංසවතියං, නගරෙ බ්රාහ්මණත්රජො; හුත්වා සුත්වා ච තං වාක්යං, තං ඨානමභිරොචයිං.
එකල මම හංසවතී නුවර බමුණු පුතෙකු ව සිට ඒ වචන අසා එම තනතුර ලැබීමට ආශා කළෙමි.
“සසාවකං තං විමලං, නිමන්තෙත්වා තථාගතං; සත්තාහං භොජයිත්වාන, දුස්සෙහච්ඡාදයිං තදා.
එකල්හි ශ්‍රාවක සංඝයා සහිත ඒ නිර්මල බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට සතියක් සිවුපසයක් උපස්ථාන කළෙමි.
“නිපච්ච සිරසා තස්ස, අනන්තගුණසාගරෙ; නිමුග්ගො පීතිසම්පුණ්ණො, ඉදං වචනමබ්රවිං.
උන්වහන්සේගේ අනන්ත වූ ගුණ සයුරෙහි සිරසින් වැටී ගිලී ප්‍රීතියෙන් සම්පූර්ණව මේ වදන් පැවසුවෙමි.
“යො සො තයා සන්ථවිතො, ඉතො සත්තමකෙ මුනි; භික්ඛු සද්ධාවතං අග්ගො, තාදිසො හොමහං මුනෙ.
“මුනීන්ද්රයන් වහන්ස! මෙයින් සත්වන දිනයේ යම් භික්ෂුවක් සැදැහැ ඇත්තන්ට අග්‍රයයි ඔබවහන්සේ විසින් පසස්නා ලද සේක් ද මම ද එබඳු භික්ෂුවක් වන්නෙමි.”
“එවං වුත්තෙ මහාවීරො, අනාවරණදස්සනො; ඉමං වාක්යං උදීරෙසි, පරිසාය මහාමුනි.
මාගේ ඒ වදන් ඇසූ අනාවරණ ඥාන දර්ශන ඇති, මහාවීර වූ බුදුරජාණෝ පිරිස් මැද හිඳ මෙසේ වදාළහ.
“පස්සථෙතං මාණවකං, පීතමට්ඨනිවාසනං; හෙමයඤ්ඤොපචිතඞ්ගං, ජනනෙත්තමනොහරං.
“රන්වන් පූන නූලක් දැරූ සිරුරු ඇති ජනයාගේ නෙත් සිත් ඇද ගන්නා වූ කසාවත් හැඳි මේ මානවකයා දෙස බලවු.
“එසො අනාගතද්ධානෙ, ගොතමස්ස මහෙසිනො; අග්ගො සද්ධාධිමුත්තානං, සාවකොයං භවිස්සති.
මෙතෙම මතුයෙහි ගෞතම බුදුසසුනේ ශ්රද්ධාධිමුත්තයන්ට අග්‍ර වූ ශ්රාවකයා වන්නේ ය.
“දෙවභූතො මනුස්සො වා, සබ්බසන්තාපවජ්ජිතො; සබ්බභොගපරිබ්යූළ්හො, සුඛිතො සංසරිස්සති.
“දෙවි ව-මිනිස්ව සියලු සන්තාපයන්ගෙන් දුරුව හැම භෝග සම්පත්තියක්ම විඳිමින් සුවපත්ව සසර සැරිසරන්නේය.
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මීට කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක කුලයේ ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වෙති.
“තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො; වක්කලි නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො.
උන්වහන්සේගේ ධර්මයේ දායාද වූ ධර්මයෙන් නිර්මිත වූ ඖරස පුත්‍ර වූ මෙතෙම වක්කලී නම් ශාස්තෲ ශ්රාවකයා වන්නේය.”
“තෙන කම්මවිසෙසෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ කර්ම විශේෂය නිසා ද චිත්ත ප්‍රණිධිය නිසා ද මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි.
“සබ්බත්ථ සුඛිතො හුත්වා, සංසරන්තො භවාභවෙ; සාවත්ථියං පුරෙ ජාතො, කුලෙ අඤ්ඤතරෙ අහං.
සියලු තන්හි සැප විඳිමින් කුඩා මහත් භවයන්හි සැරිසැරූ මම සැවැත් නුවර එක් කුලයක උපන්නෙමි.
“නොනීතසුඛුමාලං මං, ජාතපල්ලවකොමලං; මන්දං උත්තානසයනං, පිසාචභයතජ්ජිතා.
වෙඬරු මෙන් සියුමැලි ව අශෝක දළු මෙන් මුදු මොළොක් වූ ළදරු උඩුකුරුව හෝනා වූ මම එක් පිසාචියක් දැක බියවුනෙමි.
“පාදමූලෙ මහෙසිස්ස, සායෙසුං දීනමානසා; ඉමං දදාම තෙ නාථ, සරණං හොහි නායක.
දුකට පත් සිතැති මගේ මාපියෝ “තථාගතයන් වහන්ස, ඔබවහන්සේට මේ දරුවා දෙන්නෙමු. නායකයාණෙනි! මොහුට පිහිටවනු මැනවැ”යි පවසා බුදුරදුන්ගේ පාමුල මා තැබූහ.
“තදා පටිග්ගහි සො මං, භීතානං සරණො මුනි; ජාලිනා චක්කඞ්කිතෙන, මුදුකොමලපාණිනා.
එවිට බියට පත් වූවන්ට පිහිට වන්නා වූ ඒ බුදුපියාණෝ ජාලාංගුලි ඇති සක්ලකුණින් හෙබියා වූ මුදු මොලොක් හස්තයෙන් මා පිළිගත්හ.
“තදා පභුති තෙනාහං, අරක්ඛෙය්යෙන රක්ඛිතො; සබ්බවෙරවිනිමුත්තො, සුඛෙන පරිවුද්ධිතො.
මම එතැන් පටන් වෙනත් කෙනෙකු විසින් නොරැකිය යුතු වූ තථාගතයන් විසින් ආරක්ෂිත වූයෙම් සියලු සතුරන්ගෙන් මිදී සුවසේ වැඩුනෙමි.
“සුගතෙන විනා භූතො, උක්කණ්ඨාමි මුහුත්තකං; ජාතියා සත්තවස්සොහං, පබ්බජිං අනගාරියං.
මොහොතක් හෝ බුදුරදුන්ගෙන් වෙන්ව විසීම නො ඉවසූවෙමි. උපතින් සත් හැවිරිදි වූ මම බුදුසසුනේ පැවිදි වූයෙමි.
“සබ්බපාරමිසම්භූතං , නීලක්ඛිනයනං වරං; රූපං සබ්බසුභාකිණ්ණං, අතිත්තො විහරාමහං.
සියලු පාරමිතා බලයෙන් හටගත්, උතුම් වූ ශ්‍රී සම්පත්තියට වාසස්ථාන වූ, වර්ණාදියෙන් සියලු ආකාරයෙන්ම ශුභ වූ බුදුරජාණන් වහන්සේගේ රූපයෙහි ඇලුණු සිත් ඇති මම එය දැකීමෙහි ම ලොල් වූයෙමි.
“බුද්ධරූපරතිං ඤත්වා, තදා ඔවදි මං ජිනො; අලං වක්කලි කිං රූපෙ, රමසෙ බාලනන්දිතෙ.
එසේ ආසක්ත වූ මා දුටු කෙලෙස් දිනූ බුදුරජාණෝ, “වක්කලිය, කම් නැත. බාලයන් තුටුවන්නා වූ රූපයෙහි ඇලෙන්නේ කිම?”යි මා හට අවවාද කළ සේක.
“යො හි පස්සති සද්ධම්මං, සො මං පස්සති පණ්ඩිතො; අපස්සමානො සද්ධම්මං, මං පස්සම්පි න පස්සති.
“යමෙක් සදහම් දක්නේ ද ඒ නුවණැති පුරුෂයා මා දක්නේය. සදහම් නොදක්නා මා දුටුවත් නොදුටු නැත්තෙක්මය.
“අනන්තාදීනවො කායො, විසරුක්ඛසමූපමො; ආවාසො සබ්බරොගානං, පුඤ්ජො දුක්ඛස්ස කෙවලො.
රූප කය අපමණ දොස් ඇත්තකි. විෂ වෘක්ෂයක් බඳුය. සියලු රෝගයන්ට නිවාසයෙකි. හුදෙක් දුක් පිඬකි.
“නිබ්බින්දිය තතො රූපෙ, ඛන්ධානං උදයබ්බයං; පස්ස උපක්කිලෙසානං, සුඛෙනන්තං ගමිස්සසි.
එබැවින් රූපයෙහි කළකිරී ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දෙස බලව! එවිට නුඹ සියලු කෙලෙසුන්ගෙන් අන්තයට සුවසේ පැමිණෙන්නෙහි ය.”
“එවං තෙනානුසිට්ඨොහං, නායකෙන හිතෙසිනා; ගිජ්ඣකූටං සමාරුය්හ, ඣායාමි ගිරිකන්දරෙ.
මෙසේ හිත වැඩ සලසන ලෝකනායකයන් වහන්සේගේ අනුශාසනාව ඇසූ මම ගිජුකුළු පවුවට නැගී ගිරිකඳුරෙහි සිට බුදුරුව නොදැකීමේ වියෝගයෙන් පෙළුනෙම්, මැරෙන්නට සිතුවෙමි.
“ඨිතො පබ්බතපාදම්හි, අස්සාසයි මහාමුනි; වක්කලීති ජිනො වාචං, තං සුත්වා මුදිතො අහං.
ඒ පස්මරුන් දිනූ බුදුහු කඳුබෑවුමෙහි පෙනී සිට “වක්කලී” යැයි මා ඇමතූහ. එවදන් ඇසූ මම සතුටුව, නොයෙක් සිය ගණන් පුරුෂ ප්‍රමාණයන්ගෙන් ගැඹුරු වූ පර්වත ප්‍රපාතයට පැන්නෙමි. බුද්ධානුභාවයෙන් සුවසේ ම මම පොළොවට වැටුනෙමි.
“පක්ඛන්දිං සෙලපබ්භාරෙ, අනෙකසතපොරිසෙ; තදා බුද්ධානුභාවෙන, සුඛෙනෙව මහිං ගතො.
“පුනොපි ධම්මං දෙසෙති, ඛන්ධානං උදයබ්බයං; තමහං ධම්මමඤ්ඤාය, අරහත්තමපාපුණිං.
නැවතත් ඒ බුදුරජාණෝ මාහට ස්කන්ධයන්ගේ ඇතිවීම-නැතිවීම පිළිබඳව දහම් දෙසූහ. ඒ දහමට සිත යොමු කළ මම රහත් වූයෙමි.
“සුමහාපරිසමජ්ඣෙ, තදා මං චරණන්තගො; අග්ගං සද්ධාධිමුත්තානං, පඤ්ඤපෙසි මහාමති.
එසේ නිවන් දුටු, මරණයේ කෙළවර දුටු මහා ප්‍රාඥයන් වහන්සේ බලවත් සැදැහැ ඇති භික්ෂූන්ගෙන් අග්‍ර භාවයට මා පත්කළ සේක.
“සතසහස්සිතො කප්පෙ, යං කම්මමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මීට කල්ප ලක්ෂයකට පෙරදී යම් කුශල කර්මයක් සිදුකෙළෙම් ද එතැන් පටන් අද දක්වා දුගතියකට නොපැමිණියෙමි. මේ බුද්ධ පූජාවේ විපාකයයි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අඤ්ඤං බ්යාකරොන්තොපි ථෙරො ඉමා එව ගාථා අභාසි. අථ නං සත්ථා භික්ඛුසඞ්ඝමජ්ඣෙ නිසින්නො සද්ධාධිමුත්තානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
රහත් බවට පත් වක්කලී තෙරණුවෝ සිය රහත් බව ප්‍රකාශ කිරීම සඳහා ඉහත දැක්වූ ගාථා පහ නැවත වදාළහ. ඉක්බිති භික්ෂු මහා සංඝරත්නය මැද සිටි බුදුපියාණන් වහන්සේ, බලවත් සැදැහැ ඇති භික්ෂූන්ගෙන් අග්‍රභාවයට වක්කලී තෙරණුවෝ පත් කළහ.
වක්කලිත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
වක්කලී ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.