යෙදුමෙන් කියවන්න

වක‍්කලිත්‍ථෙරගාථා

5. 1. 8.

5. 1. 8.

350. වාතරොගාභිනීතො ත්‍වං විහරං කානනෙ වනෙ, පවිද‍්ධගොචරෙ ලූඛෙ කථං භික‍්ඛු කරිස‍්සසි.

350. මහණ ගෝචර රහිත රූක්‍ෂ වූ මහවෙනෙහි වසන තෝ වාතරෝගයෙන් අවසඟ බවට පමුණුවනලද්දෙහි කෙසේ වසන්නෙහි ද?

351. පීතිසුඛෙන විපුලෙන ඵරමානො සමුස‍්සයං, ලූඛම‍්පි අභිසම‍්භොන‍්තො විහරිස‍්සාමි කානනෙ.

351. මහත් වූ ප්‍රීතිසුඛයෙන් ශරීරය පතුරුවමින් ප්‍රත්‍යරූක්‍ෂය පවා මැඩලමින් මහවෙනෙහි වෙසෙමි.

352. භාවෙන‍්තො සතිපට‍්ඨානෙ ඉන්‍ද්‍රියානි බලානි ච, බොජ‍්ඣඞ‍්ගානි ච භාවෙන‍්තො විහරිස‍්සාමි කානනෙ.

352. සතරසීවටන් ද පඤ්චේන්‍ද්‍රියයන් ද පඤ්චබලයන් ද වඩමින් සප්තබෝධ්‍යඞ්ගයන් ද වඩමින් වෙනෙහි වෙසෙමි.

353. ආරද‍්ධවිරියො පහිතත‍්තො නිච‍්චං දළ‍්හපරක‍්කමො, සමග‍්ගෙ සහිතෙ දිස‍්වා විහරිස‍්සාමි කානනෙ.

353. පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තෙම් නිවනට මෙහෙයූ සිතැත්තෙම් නිරතුරු දෘඪපරාක්‍රම ඇත්තෙම් එක් වැ වසන සමග වූ සබ්‍රම්සරුන් දැක (කල්‍යාණමිත්‍රසම්පත්තින්) වෙනෙහි වෙසෙමි.

354. අනුස‍්සරන‍්තො සම‍්බුද‍්ධං අග‍්ගං දන‍්තං සමාහිතං, අතන්‍දිතො රත‍්තින්‍දිවං විහරිස‍්සාමි කානනෙ’ති.

354. අග්‍ර වූ දාන්ත වූ සමාහිත වූ සම්බුද්ධයන් සිහි කෙරෙමින් රෑදාවල් නො මැලි වූයෙම් වෙනෙහි වෙසෙමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වක‍්කලිත්‍ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් වක්කලී ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

වක‍්කලිත්‍ථෙරගාථා.

වක්කලී ස්ථවිරගාථා යි.