යෙදුමෙන් කියවන්න

ගයාකස‍්සපත්‍ථෙරගාථා

5. 1. 7.

5. 1. 7.

345. පාතො මජ‍්ඣන‍්තිකං සායං තික‍්ඛත‍්තුං දිවසස‍්සහං, ඔතරිං උදකං සො’හං ගයාය ගයඵග‍්ගුයා.

345. මම ගයාවෙහි ‘ගයාඵල්ගු, නම් තොටැ ජලස්‍රෝතසට උදය දාවල සවසැ’ යි දවසට තුන් වරක් බටිමි.

346. යං මයා පකතං පාපං පුබ‍්බෙ අඤ‍්ඤාසු ජාතිසු, තං දානීධ පවාහෙමි එවංදිට‍්ඨි පුරෙ අහුං.

346. ‘පෙර අන්‍යජාතියෙහි මා විසින් යම් පාපයෙක් කරනලද නම් ඒ පව් දැන් ගයාඑල්ගුයෙහි දී උල්පවා හරිමි’ යි පෙර මෙවන් දෘෂ්ටි ඇත්තෙම් වීමි.

347. සුත්‍වා සුභාසිතං වාචං ධම‍්මත්‍ථසහිතං පදං, තථං යාථාවතං අත්‍ථං යොනිසො පච‍්චවෙක‍්ඛිසං.

347. ධර්‍මාර්‍ත්‍ථ සංහිත වූ පද ඇති සුභාෂිත වචන අසා තථ්‍ය වූ තත් වූ පරිදි සිටුනා දුඃඛාදි අර්‍ත්‍ථය නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කෙළෙමි.

348. නින‍්හාතසබ‍්බපාපොම‍්හි නිම‍්මලො පයතො සුචි, සුද‍්ධො සුද‍්ධස‍්ස දායාදො පුත‍්තො බුද‍්ධස‍්ස ඔරසො.

348. සෝදා හළ සියලු පව් ඇති නිර්‍මල වූ ප්‍රයත වූ පවිත්‍ර වූ ශුද්ධ වූ මම පරිශුද්ධ වූ බුදුන්ගේ දායාද වූ ඖරසපුත්‍රයෙමි.

349. ඔගය‍්හට‍්ඨඞ‍්ගිකං සොතං සබ‍්බපාපං පවාහයිං, තිස‍්සො විජ‍්ජා අජ‍්ඣගමිං කතං බුද‍්ධස‍්ස සාසන’න‍්ති.

349. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග නමැති ස්‍රෝතසට බැසගෙන සියලු පව් උල්පවා හළිමි, ත්‍රිවිද්‍යා ලදිමි, බුදුසසුන් කෙළෙමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගයාකස‍්සපො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් ගයාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

ගයාකස‍්සපත්‍ථෙරගාථා.

ගයාකාශ්‍යප ස්ථවිරගාථා යි.