යෙදුමෙන් කියවන්න

ගයාකස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ගයාකස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා

ගයාකාශ්‍යප ස්ථවිරගාථා වර්ණනාව

පාතො මජ‍්ඣන‍්හිකන‍්තිආදිකා ආයස‍්මතො ගයාකස‍්සපත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තො ඉතො එකතිංසෙ කප‍්පෙ සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො නිස‍්සරණජ‍්ඣාසයතාය ඝරාවාසං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අරඤ‍්ඤායතනෙ අස‍්සමං කාරෙත්‍වා වනමූලඵලාහාරො වසති. තෙන ච සමයෙන භගවා එකො අදුතියො තස‍්ස අස‍්සමසමීපෙන ගච‍්ඡති. සො භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතො වෙලං ඔලොකෙත්‍වා මනොහරානි කොලඵලානි සත්‍ථු උපනෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො නිස‍්සරණජ‍්ඣාසයතාය ඝරාවාසං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ද‍්වීහි තාපසසතෙහි සද‍්ධිං ගයායං විහරති. ගයායං වසනතො හිස‍්ස කස‍්සපගොත‍්තතාය ච ගයාකස‍්සපොති සමඤ‍්ඤා අහොසි. සො භගවතා සද‍්ධිං පරිසාය එහිභික‍්ඛූපසම‍්පදං දත්‍වා ආදිත‍්තපරියායදෙසනාය (මහාව· 54) ඔවදියමානො අරහත‍්තෙ පතිට‍්ඨාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.45.8-14) –

“පාතො මජ්ඣන්තිකං” යනාදී ගාථා ආයුෂ්මත් ගයා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේ දී සසරින් මිදීම සඳහා කුසල් රැස් කරමින් අවුත්, මීට කල්ප තිස් එකකට පෙර සිඛි නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි කුලගෙයක උපන්හ. නුවණැති බවට පත් එකුමරු කාම සම්පත් කෙරෙහි නො ඇලුණු බැවින් ගිහිගේ හැර දමා තවුස් පැවිද්දෙන් පැවිදි වී ආරණ්‍යයක ආශ්‍රමයක් කරවාගෙන වනමුල් ඵලවැලින් යැපෙමින් ජීවත් විය. එසමයේ දිනක් භාග්‍යවතුන් වහන්සේ හුදෙකලාවම ඒ අසපුව සමීපයෙන් වැඩම කළහ. තාපස තෙම බුදුරජාණන් වහන්සේ දැක පහන් සිතින් සමීපයට පැමිණ, උන්වහන්සේට වැඳ එකත්පසෙක සිටියේය. කල්වේලා බලා මනහර වූ ඩෙබර ගෙඩි උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා සැප විඳි හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී බමුණු පවුලක ඉපිද වැඩිවියට පත් විය. කාමයෙන් වෙන්වීමේ සිත නිසා ගිහිගේ හැර දැමූ ඔහු තවුස් පැවිද්දෙන් පැවිදිව දෙසීයක් තවුසන් පිරිවරාගෙන ගයාවේ වාසය කළේය. ගයාවේ විසූ බැවින් ද කාශ්‍යප ගෝත්‍රයේ උපන් බැවින් ද ඒ තාපස තුමා “ගයාකාශ්‍යප” නාමයෙන් හැඳින්විණි. පිරිස සමඟම අප භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණි හෙතෙම, ඒහි භික්‍ෂු මහණ උපසම්පදාව ලබා, අනතුරුව ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව අසා රහත් විය. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.

“අජිනෙන නිවත්‍ථොහං, වාකචීරධරො තදා; ඛාරියා පූරයිත්‍වානං, කොලංහාසිං මමස‍්සමං.

“එකල්හි අඳුන් දිවිසම් ඇඳි මම දිරාගිය සිවුරු දරමින් තවුස් පිරිකර කද ද ඩෙබර ගෙඩි ද ගෙන තම අසපුවට පැමිණියෙමි.

“තම‍්හි කාලෙ සිඛී බුද‍්ධො, එකො අදුතියො අහු; මමස‍්සමං උපගච‍්ඡි, ජානන‍්තො සබ‍්බකාලිකං.

එසමයේ ශ්‍රේෂ්ඨ පුද්ගල වූ අසහාය නායක වූ සිඛි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. හැම කල්හි සිදු වන දේ දක්නා වූ උන්වහන්සේ මාගේ අසපුවට වැඩම කළහ.

“සකං චිත‍්තං පසාදෙත්‍වා, වන්‍දිත්‍වාන ච සුබ‍්බතං; උභො හත්‍ථෙහි පග‍්ගය‍්හ, කොලං බුද‍්ධස‍්සදාසහං.

සිත පහදවා ගත් මම උන්වහන්සේට වැඳ දෝතින්ම ඩෙබර ගෙඩි රැගෙන පූජා කළෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං ඵලමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, කොලදානස‍්සිදං ඵලං.

මීට කල්ප තිස් එකකට පෙර දී යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියකට නොගියෙමි. ඩෙබර ගෙඩි දානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තෙ පන පතිට‍්ඨිතො අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා පාපපවාහනකිත‍්තනමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත්වූ උන්වහන්සේ තම පිළිවෙත් මඟ සිහිපත් කර බලා පාපී දිවි පෙවෙත දුර ලූ බව ප්‍රකට කර දක්වමින් සිය රහත් බව ප්‍රකාශ කරනු සඳහා මේ ගාථා පහ වදාළහ.

“පාතො මජ‍්ඣන‍්හිකං සායං, තික‍්ඛත‍්තුං දිවසස‍්සහං; ඔතරිං උදකං සොහං, ගයාය ගයඵග‍්ගුයා.

“පාතො මජ්ඣන්තිකං සායං තික්ඛත්තුං දිවසස්සහං, ඔතරිං උදකං සොතං ගයාය ගය එග්ගුයා”

“යං මයා පකතං පාපං, පුබ‍්බෙ අඤ‍්ඤාසු ජාතිසු; තං දානීධ පවාහෙමි, එවංදිට‍්ඨි පුරෙ අහුං.

“යං මයා පකතං පාපං පුබ්බෙ අඤ්ඤාසු ජාතිසු, තං දානීධ පවාහෙමි එවං දිට්ඨි පුරෙ අහුං”

“සුත්‍වා සුභාසිතං වාචං, ධම‍්මත්‍ථසහිතං පදං; තථං යාථාවකං අත්‍ථං, යොනිසො පච‍්චවෙක‍්ඛිසං.

“සුත්‍වා සුභාසිතං වාචං ධම්මත්‍ථ සහිතං පදං, තථං යථාවකං අත්‍ථං යොනිසො පච්චවෙක්ඛිසං”

“නින‍්හාතසබ‍්බපාපොම‍්හි, නිම‍්මලො පයතො සුචි; සුද‍්ධො සුද‍්ධස‍්ස දායාදො, පුත‍්තො බුද‍්ධස‍්ස ඔරසො.

“නිණ්හාත සබ්බ පාපොම්හී නිම්මලො පයතො සුචී, සුද්ධො සුද්ධස්ස දායාදො පුත්තො බුද්ධස්ස ඔරසො”

“ඔගය‍්හට‍්ඨඞ‍්ගිකං සොතං, සබ‍්බපාපං පවාහයිං; තිස‍්සො විජ‍්ජා අජ‍්ඣගමිං, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

“ඔගය්හට්ඨංගිකං සොතං සබ්බං පාපං පවාහයිං, තිස්සො විජ්ජා අජ්ඣගමිං, කතං බුද්ධස්ස සාසනං” තී.

ඉමා පඤ‍්ච ගාථා අභාසි.

තත්‍ථ පඨමගාථාය තාව අයං සඞ‍්ඛෙපත්‍ථො – පාතො සූරියුග‍්ගමනවෙලායං, මජ‍්ඣන‍්හිකං මජ‍්ඣන‍්හවෙලායං, සායං සායන‍්හවෙලායන‍්ති දිවසස‍්ස තික‍්ඛත‍්තුං තයො වාරෙ අහං උදකං ඔතරිං ඔගාහිං. ඔතරන‍්තො ච සොහං න යත්‍ථ කත්‍ථචි යදා වා තදා වා ඔතරිං, අථ ඛො ගයාය මහාජනස‍්ස “පාපපවාහන”න‍්ති අභිසම‍්මතෙ ගයාතිත්‍ථෙ, ගයඵග‍්ගුයා ගයාඵග‍්ගුනාමකෙ ඵග‍්ගුනීමාසස‍්ස උත‍්තරඵග‍්ගුනීනක‍්ඛත‍්තෙ අනුසංවච‍්ඡරං උදකොරොහනමනුයුත‍්තො අහොසින‍්ති.

මෙහි පළමු ගාථාවේ “සංක්‍ෂිප්ත අර්ථය මෙසේය - “උදෑසන සූර්යයා උදාවන වේලාවෙහි ද මධ්‍යාහ්න වේලාවෙහි ද සවස සන්ධ්‍යාකාලයෙහි ද යනුවෙන් දිනකට තුන්වරක් බැගින් මම දියෙහි බැස්සෙමි. කිමිදුනෙමි. එසේ කිමිදෙන ම මම එකම තැනක සැමදා නොකිමිදෙමි. ඉක්බිති මම ගයාවේ “මහජනයාගේ පව් සෝදා හරින්නේයැ”යි සම්මත වූ ගයා තීර්ථයෙහි “ගයාඑග්ගු” නම් වූ මැදින් මස උතුරුපල් නැකතෙහි වාර්ෂිකව පැවති ජලයට බැසීම සම්බන්ධ වූ “උදකෝරෝහන” උත්සවයෙහි නියුක්ත වූයෙමි.

ඉදානි තදා යෙනාධිප‍්පායෙන උදකොරොහනමනුයුත‍්තං, තං දස‍්සෙතුං “යං මයා”ති ගාථමාහ. තස‍්සත්‍ථො – “යං මයා පුබ‍්බෙ ඉතො අඤ‍්ඤාසු ජාතීසු පාපකම‍්මං උපචිතං. තං ඉදානි ඉධ ගයාතිත්‍ථෙ ඉමිස‍්සා ච ගයාඵග‍්ගුයා ඉමිනා උදකොරොහනෙන පවාහෙමි අපනෙමි වික‍්ඛාලෙමී”ති. පුරෙ සත්‍ථු සාසනුපගමනතො පුබ‍්බෙ එවංදිට‍්ඨි එවරූපවිපරීතදස‍්සනො අහුං අහොසිං.

යම් අදහසකින් ඒ දියට බැසීම සිදු කළේ ද ඒ අදහස දක්වනු සඳහා දෙවන “යං මයා” යන ගාථාව වදාළහ. එහි අර්ථ මෙසේය. - පෙර, මේ ආත්මභාවයට මුලින් වූ අන්‍ය ආත්මභාවයන්හිදී මවිසින් සිදුකළ පාප කර්ම, රැස්කළ පව්කම්; දැන් ගයා තීර්ත්‍ථයෙහි දී මේ ගයාඑල්ගු නම් දියට බසින උත්සවයේදී සෝදා හරිමි. දුරු කරමි. පහ කරමි. “පුරෙ” යනු ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව ඇසීමට පෙර දී. මෙබඳු වැරදි අදහස් - විපරීත දැක්මක් මා හට විය.

ධම‍්මත්‍ථසහිතං පදන‍්ති විභත‍්තිඅලොපෙන නිද‍්දෙසො. ධම‍්මෙන ච අත්‍ථෙන ච සහිතකොට‍්ඨාසං, ආදිතො මජ‍්ඣතො පරියොසානතො ච ධම‍්මූපසංහිතං අත්‍ථූපසංහිතං සුට‍්ඨු එකන‍්තෙන නිය්‍යානිකං කත්‍වා භාසිතං වාචං සම‍්මාසම‍්බුද‍්ධවචනං සුත්‍වා තෙන පකාසිතං පරමත්‍ථභාවෙන තච‍්ඡභාවතො තථං යථාරහං පවත‍්තිනිවත‍්තිඋපායභාවෙ බ්‍යභිචාරාභාවතො යාථාවකං දුක‍්ඛාදිඅත්‍ථං යොනිසො උපායෙන පරිඤ‍්ඤෙය්‍යාදිභාවෙන පච‍්චවෙක‍්ඛිසං “දුක‍්ඛං පරිඤ‍්ඤෙය්‍යං, සමුදයො පහාතබ‍්බො, නිරොධො සච‍්ඡිකාතබ‍්බො , මග‍්ගො භාවෙතබ‍්බො”ති පතිඅවෙක‍්ඛිං, ඤාණචක‍්ඛුනා පස‍්සිං පටිවිජ‍්ඣින‍්ති අත්‍ථො.

“ධම්මත්‍ථසහිතං පදං” යනුවෙන් විභක්ති ලොප් නොකර දැක් වූ ධර්ම අර්ථ සහිත වූ ත්‍රිපිටක සද්ධර්මය, මුල මැද අග යන තුන් ස්ථානයම ධර්ම අර්ථ දෙකින් යුක්ත වූ. මනාව දෙසූ. ඒකාන්තයෙන්ම නිවණ අරමුණු කොට දෙසූ බැවින් සුභාෂිත වූ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වදන් අසා, උන්වහන්සේ වදාළ පරමාර්ථ සහිත යථාර්ථ වූ සත්‍ය වූ, සුදු සේ පැවැත්ම - නැවැත්ම - පිළිවෙල ඇති වැරදි ස්වභාව හා හැසිරීම් නැත්තා වූ තත්ත්‍වාකාරයෙන් දුකෙහි ස්වභාවය චතුරාර්ය සත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් පිරිසිඳ දැනීම් වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කළෙමි. “දුක පිරිසිඳ දන්නේය. සමුදය නම් තණ්හාව ක්‍ෂය කළ යුතුයි. නිරොධය - නිවණ ප්‍රත්‍යක්‍ෂ කළ යුතුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි.” මෙසේ නිතර සිහි කළෙමි. නුවණැසින් දුටුවෙමි. අවබෝධ කළෙමි.

නින‍්හාතසබ‍්බපාපොම‍්හීති එවං පටිවිද‍්ධසච‍්චත‍්තා එව අරියමග‍්ගජලෙන වික‍්ඛාලිතසබ‍්බපාපො අම‍්හි. තතො එව රාගමලාදීනං අභාවෙන නිම‍්මලත‍්තා නිම‍්මලො. තතො එව පරිසුද‍්ධකායසමාචාරතාය පරිසුද‍්ධවචීසමාචාරතාය පරිසුද‍්ධමනොසමාචාරතාය පයතො සුචි සුද‍්ධො. සවාසනසබ‍්බකිලෙසමලවිසුද‍්ධියා සුද‍්ධස‍්ස බුද‍්ධස‍්ස භගවතො ලොකුත‍්තරධම‍්මදායස‍්ස ආදියනතො දායාදො. තස‍්සෙව දෙසනාඤාණසමුට‍්ඨානඋරොවායාමජනිතාභිජාතිතාය ඔරසො පුත‍්තො අම‍්හීති යොජනා.

“නිණ්හාත සබ්බපාපොම්හි” සෝදා හළ සියලු පව් ඇත්තෙමි යි මෙසේ අවබෝධ කරගත් සත්‍ය ඇති බැවින් ම ආර්ය මාර්ගය නම් ජලයෙන් සෝදාහළ සියලු පවු ඇත්තෙමි. එසේම රාගාදී කිලිටි නැති බැවින් “නිම්මලො” නිර්මල වූ. නිර්මල වූ බැවින් ම ඉතා පිරිසිදු කායික හැසිරීම් ඇති බැවින් “පයතො” පිරිසිදු වූ. “සුචි” පිරිසිදු වාග් හැසිරීමෙන් ද මනෝ හැසිරීමෙන් ද යුතු මම මෙසේ තිදොරින් ම පාරිශුද්ධ වූයෙමි. පූර්ව පුරුදු සහිත සියලු කෙලෙස් මළ දුරලා ඉතා පිරිසිදු භාවයට පත් වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ලෝකෝත්තර ධර්මය පිළිගෙන ඒ අනුව හැසිරීමෙන්, උන්වහන්සේගේ ධර්මයට දායාද වූයෙමි. ඒ දෙසූ දහම ඤාණයෙහි පිහිටුවා, හදවතින් දරා ක්‍රියාත්මක කිරීමෙන් බුදුරදුන්ගේ ඖරස පුත්‍රයෙක් වූයෙමි.

පුනපි අත‍්තනො පරමත්‍ථතො න‍්හාතකභාවමෙව විභාවෙතුං “ඔගය‍්හා”ති ඔසානගාථමාහ. තත්‍ථ ඔගය‍්හාති ඔගාහෙත්‍වා අනුපවිසිත්‍වා. අට‍්ඨඞ‍්ගිකං සොතන‍්ති සම‍්මාදිට‍්ඨිආදීහි අට‍්ඨඞ‍්ගසමොධානභූතං මග‍්ගසොතං. සබ‍්බපාපං පවාහයින‍්ති අනවසෙසං පාපමලං පක‍්ඛාලෙසිං, අරියමග‍්ගජලපවාහනෙන පරමත්‍ථන‍්හාතකො අහොසිං. තතො එව තිස‍්සො විජ‍්ජා අජ‍්ඣගමිං, කතං බුද‍්ධස‍්ස සාසනන‍්ති වුත‍්තත්‍ථමෙව.

නැවත ද තමාගේ පරමාර්ථ වශයෙන් වූ ස්නානයම වැදගත් බව ප්‍රකට කරනු සඳහා “ඔගය්හ” යන අවසාන ගාථාව වදාළහ. එහි “ඔගය්හ” යනු බැසගෙන; පිවිස “අට්ඨංගික සොතං” යහපත් දැක්ම ආදී අංග අටකින් යුතු ආර්ය මාර්ගය නම් වූ ජල පහරට. “සබ්බං පාපං පවාහයිං” පාප මළ ඉතිරි නොවන සේ සෝදා දැමුවෙමි. ආර්ය මාර්ගය නම් ජලයෙන් පරමාර්ථ වශයෙන් නෑවෙමි. ස්නානය කරන්නෙක් වූයෙමි. එසේම ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකෙළෙමි.

ගයාකස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ගයා කාශ්‍යප ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.