යෙදුමෙන් කියවන්න

නදීකස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

නදීකස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා

නදීකාශ්‍යප ස්ථවිරගාථා වර්ණනාව

අත්‍ථාය වත මෙතිආදිකා ආයස‍්මතො නදීකස‍්සපත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා පසන‍්නමානසො අත‍්තනා රොපිතස‍්ස අම‍්බරුක‍්ඛස‍්ස පඨමුප‍්පන‍්නං මනොසිලාවණ‍්ණං එකං අම‍්බඵලං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ උරුවෙලකස‍්සපස‍්ස භාතා හුත්‍වා නිබ‍්බත‍්තො. වයප‍්පත‍්තො නිස‍්සරණජ‍්ඣාසයතාය ඝරාවාසං අනිච‍්ඡන‍්තො තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තීහි තාපසසතෙහි සද‍්ධිං නෙරඤ‍්ජරාය නදියා තීරෙ අස‍්සමං මාපෙත්‍වා විහරති. නදීතීරෙ වසනතො හිස‍්ස කස‍්සපගොත‍්තතාය ච නදීකස‍්සපොති සමඤ‍්ඤා අහොසි. තස‍්ස භගවා සපරිසස‍්ස එහිභික‍්ඛුභාවෙන උපසම‍්පදං අදාසි. තං සබ‍්බං ඛන්‍ධකෙ (මහාව· 36-39) ආගතමෙව. සො භගවතො ආදිත‍්තපරියායදෙසනාය (මහාව· 54; සං· නි· 4.28) අරහත‍්තෙ පතිට‍්ඨාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.44.81-87) –

“අත්‍ථාය වත මෙ” යනු ආයුෂ්මත් නදී කාශ්‍යප තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. ඒවායේ උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ දී සසරින් මිදීම සඳහා කුසල් රැස් කරමින් අවුත්, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. දිනක් ඔහු ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක, පහන් සිතින් තමාම සිටවූ අඹ ගසක පළමුව හටගත් රත්සිරියල් පැහැ ඇති එක් අඹ ගෙඩියක් උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී මගධ රට බමුණු පවුලක උරුවේල කාශ්‍යපගේ සොහොයුරා වී උපන්නේය. වැඩිවියට පැමිණි ඔහු ගිහිගෙයින් නික්මීමේ අදහස් ඇතිව ගිහිගේ හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව තුන්සීයක් ශිෂ්‍ය තවුසන් පිරිවරාගෙන නේරංජා නදී තෙර අසපුවක් සාදාගෙන විසීය. නදී තෙර විසූ බැවින් ද කාශ්‍යප ගෝත්‍රයේ උපන් බැවින් ද ඔහු නදී කාශ්‍යප නමින් ප්‍රකට විය. අප භාග්‍යවතුන් වහන්සේ පිරිවර සහිත වූ ඔහුට ඒහි භික්‍ෂු මහණ උපසම්පදාව ලබාදුන් සේක. ඒ සියලු තොරතුරු මහා ඛන්‍ධකයෙහි දැක්වුණු පරිදි දත යුතුයි. ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව ඇසූ නදී කාශ්‍යප තෙරණුවෝ රහත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.

“පදුමුත‍්තරබුද‍්ධස‍්ස, ලොකජෙට‍්ඨස‍්ස තාදිනො; පිණ‍්ඩාය විචරන‍්තස‍්ස, ධාරතො උත‍්තමං යසං.

“පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දුටු මම, ඒ ලොවට අසහාය නායක වූ තාදී ගුණ ඇත්තා වූ උතුම් යසස් දරන්නා වූ ශාස්තෲන් වහන්සේට අග්‍රඵලයක් පූජා කළෙමි.

“අග‍්ගඵලං ගහෙත්‍වාන, විප‍්පසන‍්නෙන චෙතසා; දක‍්ඛිණෙය්‍යස‍්ස වීරස‍්ස, අදාසිං සත්‍ථුනො අහං.

“තෙන කම‍්මෙන ද‍්විපදින්‍ද, ලොකජෙට‍්ඨ නරාසභ; පත‍්තොම‍්හි අචලං ඨානං, හිත්‍වා ජයපරාජයං.

ඒ පින්කමේ බලයෙන් ශක්‍ර දේවේන්ද්‍රව, ලොවට නායකව, මිනිසුන්ට ප්‍රධානව සැප විඳි මම දැන් ජය පරාජ දෙකම දුරලා අචල වූ නිර්වාණය අවබෝධ කළෙමි.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, අග‍්ගදානස‍්සිදං ඵලං.

මීට කල්ප ලක්‍ෂයකට පෙර දී යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් දුගතියකට නොගියෙමි. අග්‍රඵල දානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තෙ පන පතිට‍්ඨිතො අපරභාගෙ අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා දිට‍්ඨිසමුග‍්ඝාතකිත‍්තනමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවෙහි පිහිටි නදී කාශ්‍යප තෙරණුවෝ, පසුකලෙක තම පිළිවෙත් මඟ සිහිකර බලා මිසදිටු බව මුලිනුපුටා දැමූ බව ප්‍රකාශ කිරීම් වශයෙන් සිය රහත් ඵලාවබෝධය ප්‍රකට කරමින් මේ ගාථා පහ වදාළහ.

“අත්‍ථාය වත මෙ බුද‍්ධො, නදිං නෙරඤ‍්ජරං අගා; යස‍්සාහං ධම‍්මං සුත්‍වාන, මිච‍්ඡාදිට‍්ඨිං විවජ‍්ජයිං.

“අත්‍ථාය වත මෙ බුද්ධො නදිං නේරංජරං අගා, යස්සාහං ධම්මං සුත්‍වාන මිච්ඡාදිට්ඨි විවජ්ජයිං”

“යජිං උච‍්චාවචෙ යඤ‍්ඤෙ, අග‍්ගිහුත‍්තං ජුහිං අහං; එසා සුද‍්ධීති මඤ‍්ඤන‍්තො, අන්‍ධභූතො පුථුජ‍්ජනො.

“යජිං උච්චාවචෙ යඤ්ඤෙ අග්ගිහුත්තං ජුහිං අහං, එසා සුද්ධීති මඤ්ඤන්තො අන්‍ධභූතො පුථුජ්ජනො”

“දිට‍්ඨිගහනපක‍්ඛන්‍දො, පරාමාසෙන මොහිතො; අසුද‍්ධිං මඤ‍්ඤිසං සුද‍්ධිං, අන්‍ධභූතො අවිද‍්දසු.

“දිට්ඨිගහන පක්ඛන්තො පරාමසෙන මොහිතො, අසුද්ධිං මඤ්ඤිසං සුද්ධිං අන්‍ධභූතො අවිද්දසු”

“මිච‍්ඡාදිට‍්ඨි පහීනා මෙ, භවා සබ‍්බෙ විදාලිතා; ජුහාමි දක‍්ඛිණෙය්‍යග‍්ගිං, නමස‍්සාමි තථාගතං.

“මිච්ඡා දිට්ඨි පහීණා මෙ භවා සබ්බෙ විදාළිතා, ජුහාමි දක්ඛිණෙය්‍යග්ගිං, නමස්සාමි තථාගතං”

“මොහා සබ‍්බෙ පහීනා මෙ, භවතණ‍්හා පදාලිතා; වික‍්ඛීණො ජාතිසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. –

“මොහා සබ්බෙ පහීණා මෙ, භවතණ්හා පදාළිතා, වික්ඛිණො ජාතිසංසාරො, නත්‍ථිදානි පුනබ්භවො” තී.

ඉමා පඤ‍්ච ගාථා අභාසි.

තත්‍ථ අත්‍ථාය වත මෙති මය‍්හං අත්‍ථාය වත හිතාය වත. බුද‍්ධොති සබ‍්බඤ‍්ඤුබුද‍්ධො. නදිං නෙරඤ‍්ජරං අගාති නෙරඤ‍්ජරාසඞ‍්ඛාතං නදිං අගඤ‍්ඡි, තස‍්සා නදියා තීරෙ ච මම භාතු උරුවෙලකස‍්සපස‍්ස අස‍්සමං උපගතොති අධිප‍්පායො.

එහි “අත්‍ථාය වත මෙ” ඒකාන්තයෙන්ම මාගේ හිත වැඩ සඳහා. “බුද්ධො” සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ. “නදිං නෙරංජරං අගා” නේරංජරා නම් වූ නදියට වැඩම කළහ. ඒ නදී තීරයේ මගේ සෝයුරු උරුවෙල් කාශ්‍යපගේ අසපුවට වැඩම වූහ යන අදහසයි.

ඉදානි යථාවුත‍්තමත්‍ථං විවරිතුං “යස‍්සාහ”න‍්තිආදි වුත‍්තං. යස‍්සාති යස‍්ස බුද‍්ධස‍්ස භගවතො. ධම‍්මං සුත්‍වානාති චතුසච‍්චපටිසංයුත‍්තං ධම‍්මං සුත්‍වා, සොතද‍්වාරානුසාරෙන උපලභිත්‍වා. මිච‍්ඡාදිට‍්ඨිං විවජ‍්ජයින‍්ති “යඤ‍්ඤාදීහි සුද‍්ධි හොතී”තිආදිනයප‍්පවත‍්තං විපරීතදස‍්සනං පජහිං.

දැන් ඉහතින් කියූ අර්ථය - යහපත කුමක්දැයි විවරණය කර දක්වනු සඳහා “යස්සාහං” යනාදිය වදාළහ. “යස්ස” යනු යම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ “ධම්මං සුත්‍වා” චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවක් අසා, ශ්‍රෝතද්වාර යට (කණට) අරමුණු වී. “මිච්ඡාදිට්ඨිං විවජ්ජයී”, “යාගාදී නිරර්ථක දෙයින් සංසාර ශුද්ධිය ලැබේය”යි ආදී වශයෙන් පැවති විපරීත දැක්ම - අමනෝඥ අදහස් දුරු කළෙමි.

මිච‍්ඡාදිට‍්ඨිං විවජ‍්ජයින‍්ති වුත‍්තමෙවත්‍ථං විත්‍ථාරෙත්‍වා දස‍්සෙතුං “යජි”න‍්තිආදිමාහ. තත්‍ථ යජිං උච‍්චාවචෙ යඤ‍්ඤෙති පාකටයඤ‍්ඤෙ සොමයාගවාජපෙය්‍යාදිකෙ නානාවිධෙ යඤ‍්ඤෙ යජිං. අග‍්ගිහුත‍්තං ජුහිං අහන‍්ති තෙසං යඤ‍්ඤානං යජනවසෙන ආහුතිං පග‍්ගණ‍්හන‍්තො අග‍්ගිං පරිචරිං. එසා සුද‍්ධීති මඤ‍්ඤන‍්තොති එසා යඤ‍්ඤකිරියා අග‍්ගිපාරිචරියා සුද‍්ධිහෙතුභාවතො සුද‍්ධි “එවං මෙ සංසාරසුද‍්ධි හොතී”ති මඤ‍්ඤමානො. අන්‍ධභූතො පුථුජ‍්ජනොති පඤ‍්ඤාචක‍්ඛුවෙකල‍්ලෙන අවිජ‍්ජන්‍ධතාය අන්‍ධභූතො පුථුජ‍්ජනො හුත්‍වා වනගහනපබ‍්බතගහනාදීනි විය දුරතික‍්කමනට‍්ඨෙන දිට‍්ඨියෙව ගහනං දිට‍්ඨිගහනං , තං පක‍්ඛන්‍දො අනුපවිට‍්ඨොති දිට‍්ඨිගහනපක‍්ඛන්‍දො. පරාමාසෙනාති ධම‍්මසභාවං අතික‍්කමිත්‍වා “ඉදමෙව සච‍්ච”න‍්ති පරාමසනතො පරාමාසසඞ‍්ඛාතෙන මිච‍්ඡාභිනිවෙසෙන. මොහිතොති මූළ‍්හභාවං පාපිතො. අසුද‍්ධිං මඤ‍්ඤිසං සුද‍්ධින‍්ති අසුද‍්ධිං මග‍්ගං “සුද‍්ධිං මග‍්ග”න‍්ති මඤ‍්ඤිසං මඤ‍්ඤිං. තත්‍ථ කාරණමාහ “අන්‍ධභූතො අවිද‍්දසූ”ති. යස‍්මා අවිජ‍්ජාය අන්‍ධභූතො, තතො එව ධම‍්මාධම‍්මං යුත‍්තායුත‍්තඤ‍්ච අවිද‍්වා, තස‍්මා තථා මඤ‍්ඤින‍්ති අත්‍ථො.

“මිච්ඡාදිට්ඨිං විවජ්ජයි” කියන ලද අර්ථයම - කරුණම විස්තර කොට දක්වනු සඳහා. “යජිං” යන දෙවන ගාථාව වදාළහ. එහි “යජිං උච්චාවචෙ යඤ්ඤෙ” සෝමයාග, වාජපෙය්‍ය දී නානාවිධ යාගයන් සිදුකළෙමි. “අග්ගිහුත්තං ජුහිං” ඒ යාගයන් පැවැත්වීමට, යැදීමට හෝම ද්‍රව්‍යගෙන ගිනි පිදුවෙමි. ‘අග්ගිහුත්තං ජුහිං” ඒ යාගයන් පැවැත්වීමට, යැදීමට හෝම ද්‍රව්‍යගෙන ගිනි පිදුවෙමි. “එසා සුද්ධීති මඤ්ඤන්තො” මේ යාග ක්‍රියාවෙන්, ගිනි පිදීමෙන් පිරිසිදුභාවයට කාරණ වූ සංසාරික පාපයන්ගෙන් පිරිසිදුවීම ලැබේයැයි සිතුවෙමි. “අන්‍ධභූතො පුථුජ්ජනො” ප්‍රඥා ඇස විකල් වූ හෙයින් අවිද්‍යා අන්ධකාරයෙන් වෙලී අන්‍ධ වූ පුහුදුන් පුද්ගලයෙක්ව; වන පර්වත ගිරි දුර්ග ගහන වූ මාවතකට පිවිසි අන්‍ධයෙකු මෙන් මිසදිටුගත් බැවින් හසර නොදැන වල්මත්ව පැකිලෙමින්, වැටෙමින් සිටියෙමි. “පරමාසෙන” ධර්ම ස්වභාවය ඉක්මවා “මෙයම සත්‍ය වේ” යැයි දැඩිව ගැනීමෙන් පරාමර්ශනය නම්, මිසදිටු අදහස් දැඩිව ගැනීමෙන් මුලාවූයෙමි. මෝඩකම නිසා පාපී වූ අශුද්ධි මාර්ගය ශුද්ධ-පිරිසිදු මාවත යැයි සිතා සිටියෙමි. ඊට හේතු මෙසේ දක්වයි. “අන්‍ධභූතො අවිද්දසු” අවිද්‍යාව නිසා අන්‍ධවූයේ ධර්ම අධර්මද සුදුසු නුසුදුසු දේ ද නොදත් හෙයින්, එසේ මෝඩ සිතුවිලි ඇතිව සිටියෙමි.

මිච‍්ඡාදිට‍්ඨි පහීනා මෙති එවංභූතස‍්ස පන සත්‍ථු සම‍්මුඛා චතුසච‍්චගබ‍්භං ධම‍්මකථං සුත්‍වා යොනිසො පටිපජ‍්ජන‍්තස‍්ස අරියමග‍්ගසම‍්මාදිට‍්ඨියා සබ‍්බාපි මිච‍්ඡාදිට‍්ඨි සමුච‍්ඡෙදප‍්පහානවසෙන මය‍්හං පහීනා. භවාති කාමභවාදයො සබ‍්බෙපි භවා අරියමග‍්ගසත්‍ථෙන විදාලිතා විද‍්ධංසිතා. ජුහාමි දක‍්ඛිණෙය්‍යග‍්ගින‍්ති ආහවනීයාදිකෙ අග‍්ගී ඡඩ‍්ඩෙත්‍වා සදෙවකස‍්ස ලොකස‍්ස අග‍්ගදක‍්ඛිණෙය්‍යතාය සබ‍්බස‍්ස ච පාපස‍්ස දහනතො දක‍්ඛිණෙය්‍යග‍්ගිං සම‍්මාසම‍්බුද‍්ධං ජුහාමි පරිචරාමි. තයිදං මය‍්හං දක‍්ඛිණෙය්‍යග‍්ගිපරිචරණං දධිනවනීතමථිතසප‍්පිආදිනිරපෙක‍්ඛං සත්‍ථු නමස‍්සනමෙවාති ආහ “නමස‍්සාමි තථාගත”න‍්ති. අථ වා ජුහාමි දක‍්ඛිණෙය්‍යග‍්ගින‍්ති දායකානං දක‍්ඛිණාය මහප‍්ඵලභාවකරණෙන පාපස‍්ස ච දහනෙන දක‍්ඛිණෙය්‍යග‍්ගිභූතං අත‍්තානං ජුහාමි පරිචරාමි තථා කත්‍වා පරිචරාමි, තථා කත්‍වා පරිහරාමි. පුබ‍්බෙ අග‍්ගිදෙවං නමස‍්සාමි, ඉදානි පන නමස‍්සාමි තථාගතන‍්ති.

“මිච්ඡාදිට්ඨි පහීණා මෙ” මෙසේ විසූ මම ශාස්තෲන් වහන්සේ ගේ ඉදිරියේදී චතුරාර්ය සත්‍යය ගැබ් වූ දහම් දෙසුමක් අසා නුවණින් මෙනෙහි කර ඒ ආර්‍ය්‍ය මාර්ගයෙහි යහපත් දැක්මකින් යුතුව ගමන් කිරීමෙන්, ඒ අනුව පිළිපැදීමෙන් එතෙක් මාගේ සන්තානයේ පැවති සියලුම මිසදිටු අදහස් මුලිනුපුටා දැමුවෙමි. සම්පූර්ණයෙන් ම ප්‍රහීණ කළෙමි. “භවා” කාමාදී සියලු භවයෝ ආර්ය මාර්ගය නැමති සැනින් විධ්වංසනය කළෙමි. දැදුරු කළෙමි. “ජුහාමි දක්ඛිණෙය්‍යග්ගිං” යාග කිරීම්, ගිනි පිදීම් අත්හැර දෙවියන් සහිත ලෝකයේ අග්‍ර දක්‍ෂිණාවට සුදුසු වූ බැවින් සියලු පවු දවන-ක්‍ෂය කරන බැවින් දක්‍ෂිණෙය්‍යග්ගි වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුදමි. පරිචරණය කරමි. ඒ මාගේ දක්‍ෂිණෙය්‍යග්ගි පරිචරණය පටන් ගැනීමෙන් කන බොන ගිතෙල් ආදී දෙය අපේක්ෂා නොකරමි. එය හුදෙක් ශාස්තෲන් වහන්සේට වන්දනා කිරීම පමණකි. “නමස්සාමි තථාගතං”. නැතහොත් “ජුහාමි දක්ඛිණෙය්‍යග්ගිං” යනු දායකයන්ගේ ආමිෂ දානාදිය මහත්ඵල ඇත්තක් කරන බැවින් ද පව් දහනය කරන බැවින් ද දක්‍ෂිණාමය ගින්නක් (දක්‍ෂිණෙය්‍යග්ගියක්) වූ මම යාග කරමි. පූජා කරමි. එසේ කොට හැසිරෙමි. එසේ කොට තමා රැකගනිමි. පවත්වා ගනිමි. පෙර මම ගිනිදෙවියාට නමස්කාර කළෙමි. දැන් තථාගතයන් වහන්සේට නමස්කාර කරමි.

මොහා සබ‍්බෙ පහීනා මෙති දුක‍්ඛෙ අඤ‍්ඤාණාදිභෙදා සබ‍්බෙ මොහා මය‍්හං පහීනා සමුච‍්ඡින‍්නා, තතො එව “භවතණ‍්හා පදාලිතා. වික‍්ඛීණො ජාතිසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති තීසු පදෙසු මෙ-සද‍්දො ආනෙත්‍වා යොජෙතබ‍්බො.

“මොහා සබ්බෙ පහීණා මෙ” දුකෙහි නොදැනීම ආදී ප්‍රභේද ඇති සියලුම ආකාරයේ මෝහය මවිසින් දැන් ප්‍රහීන කරන ලදි. මුලිනුපුටා දමන ලදි. එසේම භවය පිළිබඳ ආශාව (භව තණ්හාව) බිඳ දැමුවෙමි. දෙකඩ කළෙමි. “වික්ඛිණො ජාති සංසාරො” සසර ඉපදීම ක්‍ෂය කළෙමි. “නත්‍ථිදානි පුනබ්භවො” දැන් පුනර්භවයක් නැත. අවසන් ගාථාවේ මුල් පදයේ එන “මෙ” (මාගේ - මාහට යන අර්ථ ඇති) ශබ්දය සෙසු පද තුනෙහි ද සුදුසු පරිදි යෙදිය යුතුයි.

නදීකස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

නදී කාශ්‍යප ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.