යෙදුමෙන් කියවන්න

වඩ‍්ඪත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

වඩ‍්ඪත්‍ථෙරගාථාවණ‍්ණනා

වඩ්ඪ ස්ථවිරගාථා වර්ණනාව

සාධූ හීතිආදිකා ආයස‍්මතො වඩ‍්ඪත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ භාරුකච‍්ඡනගරෙ ගහපතිකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වඩ‍්ඪොති ලද‍්ධනාමො අනුපුබ‍්බෙන වඩ‍්ඪති. අථස‍්ස මාතා සංසාරෙ සඤ‍්ජාතසංවෙගා පුත‍්තං ඤාතීනං නිය්‍යාදෙත්‍වා භික‍්ඛුනීනං සන‍්තිකෙ පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තී අරහත‍්තං පාපුණිත්‍වා අපරෙන සමයෙන පුත‍්තම‍්පි විඤ‍්ඤුතං පත‍්තං වෙළුදන‍්තත්‍ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බාජෙසි. සො පබ‍්බජිතො බුද‍්ධවචනං උග‍්ගහෙත්‍වා බහුස‍්සුතො ධම‍්මකථිකො හුත්‍වා ගන්‍ථධුරං වහන‍්තො එකදිවසං “එකකො සන‍්තරුත‍්තරොව මාතරං පස‍්සිස‍්සාමී”ති භික‍්ඛුනුපස‍්සයං අගමාසි. තං දිස‍්වා මාතා “කස‍්මා ත්‍වං එකකො සන‍්තරුත‍්තරොව ඉධාගතො”ති චොදෙසි. සො මාතරා චොදියමානො “අයුත‍්තං මයා කත”න‍්ති උප‍්පන‍්නසංවෙගො විහාරං ගන‍්ත්‍වා දිවාට‍්ඨානෙ නිසින‍්නො විපස‍්සිත්‍වා අරහත‍්තං පත්‍වා මාතු ඔවාදසම‍්පත‍්තිපකාසනමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

“සාධුහී” යනු ආයුෂ්මත් වඩ්ඪ තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම සඳහා පින්දහම් රැස්කරමින් අවුත් මේ බුද්ධෝත්පාදයේදී භාරුකච්ඡ නුවර ගහපති පවුලක ඉපිද වඩ්ඪ නමින් ප්‍රකට වූහ. වඩ්ඪ කුඩා කාලයේදීම සසර පිළිබඳව කළකිරුණු ඔහුගේ මව, තම පුත්‍ර ඤාතීන්ට පවරා භික්‍ෂුණී ශාසනයේ පැවිදි වූවාය. විදසුන් කමටහන් වැඩූ ඕ තොමෝ දිනකින්ම රහත් වූවාය. පසු කලෙකදී සිය පුතු ද නුවණැති බවට පත්ව සිටිනු දුටු ඇය, වේළුදත්ත තෙරුන් සමීපයේ තම පුතු පැවිදි කරවූවාය. පැවිදි වූ වඩ්ඪ තෙරුන් වහන්සේ තෙවළා බුදුදහම් ඉගෙන බහුශ්‍රැත ධර්මකථිකයෙක්ව ග්‍රන්‍ථ ධුරය පුරමින් සිටියහ. දිනක් හුදකලාවම ඉතා වේගවත්ව “සිය මව දකිමි”යි භික්‍ෂුණී අසපුවට වැඩි වඩ්ඪ තෙරුන් දුටු මවු මෙහෙණිය; “නුඹ කුමක් හෙයින් තනිවම ඉතා වහා මෙහි පැමිණියෙහි ද?”යි චෝදනා කළාය. සිය මව විසින් චෝදිත උන්වහන්සේ “මම නුසුදුසු දෙයක් කළෙමි”යි සංවේගයට පැමිණි සේක්, තමා වසන වෙහෙරට ගොස් දවල් වසන තැන හිඳ, විදසුන් වඩා රහත්වූහ. මවගේ අවවාද සම්පත්තිය ප්‍රකාශ කිරීම් වශයෙන් උන්වහන්සේ සිය රහත් බව පළකරමින් මේ ගාථා පහ වදාළහ.

“සාධූ හි කිර මෙ මාතා, පතොදං උපදංසයි; යස‍්සාහං වචනං සුත්‍වා, අනුසිට‍්ඨො ජනෙත‍්තියා; ආරද‍්ධවීරියො පහිතත‍්තො, පත‍්තො සම‍්බොධිමුත‍්තමං.

“සාධූහි කිර මෙ මාතා පතොදං උපදංසයී, යස්සාහං වචනං සුත්‍වා අනුසිට්ඨො ජනෙත්තියා ආරද්ධ විරියො පහිතත්තො පත්තො සම්බොධි මුත්තමං”

“අරහා දක‍්ඛිණෙය්‍යොම‍්හි, තෙවිජ‍්ජො අමතද‍්දසො; ජෙත්‍වා නමුචිනො සෙනං, විහරාමි අනාසවො.

“අරහා දක්ඛිණෙය්‍යොම්හි තෙවිජ්ජො අමතද්දසො, ජෙත්‍වා නමුචිනො සෙනං විහරාමි අනාසවො”

“අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච, යෙ මෙ විජ‍්ජිංසු ආසවා; සබ‍්බෙ අසෙසා උච‍්ඡින‍්නා, න ච උප‍්පජ‍්ජරෙ පුන.

“අජ්ඣත්තඤ්ච බහිද්ධා ච යෙ මෙ විජ්ජිංසු ආසවා, සබ්බෙ අසෙසා උච්ඡින්නා නච උප්පජ්ජරෙ පුන”

“විසාරදා ඛො භගිනී, එවමත්‍ථං අභාසයි; අපිහා නූන මයිපි, වනථො තෙ න විජ‍්ජති.

“විසාරදා ඛො භගිනි එතමත්‍ථං අභාසයී, අපිහා නූන මයිපි වනථො තෙන විජ්ජති”

“පරියන‍්තකතං දුක‍්ඛං, අන‍්තිමොයං සමුස‍්සයො; ජාතිමරණසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. – ඉමා ගාථා අභාසි;

“පරියන්තකතං දුක්ඛං අන්තිමොයං සමුස්සයො, ජාතිමරණ සංසාරො නත්‍ථිදානි පුනබ්භවො” තී.

තත්‍ථ සාධූ හි කිර මෙ මාතා, පතොදං උපදංසයීති සාධු වත මාතා මය‍්හං ඔවාදසඞ‍්ඛාතං පතොදං දස‍්සෙති, තෙන මෙ වීරියං උත‍්තෙජෙන‍්තී උත‍්තමඞ‍්ගෙ පඤ‍්ඤාසීසෙ විජ‍්ඣි. යස‍්සාති යස‍්සා මෙ මාතුයා. සම‍්බොධින‍්ති අරහත‍්තං. අයඤ‍්හෙත්‍ථ යොජනා – ජනෙත‍්තියා මෙ අනුසිට‍්ඨො යස‍්සා අනුසාසනීභූතං වචනං සුත්‍වා අහං ආරද‍්ධවීරියො පහිතත‍්තො විහරන‍්තො උත‍්තමං අග‍්ගඵලං සම‍්බොධිං අරහත‍්තං පත‍්තො.

මෙහි “සාධු හි කිර මෙ මාතා පතොදං උපදංසයී” ඒකාන්තයෙන් මගේ මව මනාව අවවාද නම් වූ කෙවිට දැක්වූවාය. ඉන් උත්සාහවත් වූ මම වීර්ය වඩා සිරසින් ප්‍රඥා නම් හිස විද්දෙමි. ප්‍රඥාව අවබෝධ කළෙමි. “යස්සා” ඒ මාගේ මව විසින් “සම්බොධිං” රහත් බව. මෙහි අර්ථය මෙසේ දත යුතුයි. “අවවාද කරන මවගේ, ඒ අවවාද අනුශාසනා ඇසූ මම ඇරඹූ වීර්ය ඇතිව, උත්සාහයෙන් වාසය කළෙමි. අග්‍රඵලය වූ අර්හත් වූ නිර්වාණාවබෝධය ලැබුවෙමි.

තතො එව ආරකත‍්තා කිලෙසෙහි අරහා පුඤ‍්ඤක‍්ඛෙත‍්තතාය දක‍්ඛිණෙය්‍යො දක‍්ඛිණාරහො අම‍්හි. පුබ‍්බෙනිවාසඤාණාදිවිජ‍්ජාත‍්තයස‍්ස අධිගතත‍්තා තෙවිජ‍්ජො නිබ‍්බානස‍්ස සච‍්ඡිකතත‍්තා අමතද‍්දසො නමුචිනො මාරස‍්ස සෙනං කිලෙසවාහිනිං බොධිපක‍්ඛියසෙනාය ජිනිත්‍වා තස‍්ස ජිතත‍්තායෙව අනාසවො සුඛං විහරාමීති.

එසේම කෙලෙස් දුරලූ බැවින් මම “අරහා” අර්හත් වෙමි. පින්කෙතක් වූ බැවින් “දක්ඛිණෙය්‍යො” දක්‍ෂිණාවට සුදුසු වෙමි. පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අවබෝධකරගත් බැවින් “තෙවිජ්ජො” ත්‍රිවිද්‍යා ඇත්තෙමි. නිවණ සාක්ෂාත් කරගත් බැවින් “අමතද්දසො” නිවන් දුටුවෙමි. කෙලෙස් මර සෙනඟ, කෙලෙස් නම් සතුරන් බෝධිපාක්‍ෂික ධර්ම නම් සේනාව ලවා නැසුවෙමි. එසේ දිනූ බැවින් ම ආශ්‍රව රහිතව සුවසේ වෙසෙමි.”

ඉදානි “අනාසවො”ති වුත‍්තමත්‍ථං පාකටතරං කාතුං “අජ‍්ඣත‍්තඤ‍්චා” ති ගාථමාහ. තස‍්සත්‍ථො – අජ‍්ඣත‍්තං අජ‍්ඣත‍්තවත්‍ථුකා ච බහිද‍්ධා බහිද‍්ධවත්‍ථුකා ච ආසවා යෙ මය‍්හං අරියමග‍්ගාධිගමතො පුබ‍්බෙ විජ‍්ජිංසු උපලබ‍්භිංසු, තෙ සබ‍්බෙ අනවසෙසා උච‍්ඡින‍්නා අරියමග‍්ගෙන සමුච‍්ඡින‍්නා පහීනා පුන දානි කදාචිපි න ච උප‍්පජ‍්ජෙය්‍යුං න උප‍්පජ‍්ජිස‍්සන‍්තියෙවාති.

දැන් “අනාසවො” ආශ්‍රව රහිතව වෙසෙමියි කියූ කරුණ අතිශයින් ප්‍රකට කිරීමට “අජ්ඣත්තං” යන ගාථාව වදාළහ. එහි අර්ථය මෙසේය. “ආධ්‍යාත්මික වූ ද ආධ්‍යාත්මික වස්තූන්හි පිහිටියාවූ ද බාහිර වූ ද බාහිර වස්තූන්හි පිහිටියාවූ ද ඒ ආශ්‍රව සමූහය ම විසින් ආර්ය මාර්ගාවබෝධයට පෙර දීම විධ්වංසනය කළෙමි. දුරු කළෙමි. ඒ සියලුම ආශ්‍රව ඉතිරි නොවන සේ ආර්ය මාර්ගයෙන් ම මුලිනුපුටා දැමුවෙමි. ප්‍රහීණ කළෙමි. නැවත කිසිදු ආශ්‍රවයක් නූපදින්නේය. ඇති නොවන්නේමය.

ඉදානි මාතු වචනං අඞ‍්කුසං කත්‍වා අත‍්තනා අරහත‍්තස‍්ස අධිගතත‍්තා මාතරං ථොමෙන‍්තො “විසාරදා”ති ගාථමාහ. තත්‍ථ විසාරදා ඛොති එකංසෙන විගතසාරජ‍්ජා. එවං මාතු අත‍්තනො ච අරහත‍්තාධිගමෙන සත්‍ථු ඔරසපුත‍්තභාවං උල‍්ලපෙන‍්තො මාතරං “භගිනී”ති ආහ. එතමත්‍ථං අභාසයීති එතං මම ඔවාදභූතං අත්‍ථං අභණි. එවං පන මං ඔවදන‍්තී න කෙවලං විසාරදා එව, අථ ඛො අපිහා නූන මයිපි තව පුත‍්තකෙපි අපිහා අසන්‍ථවා මඤ‍්ඤෙ, කිං වා එතෙන පරිකප‍්පනෙන? වනථො තෙ න විජ‍්ජති අවිජ‍්ජාදිකො වනථො තව සන‍්තානෙ නත්‍ථෙව, යා මං භවක‍්ඛයෙ නියොජෙසීති අධිප‍්පායො.

දැන් මවගේ වදන් හෙණ්ඩුවක් මෙන් ගෙන තමා රහත් වූ බැවින් ඒ මවුට ස්තූති කරන තෙරණුවෝ “විසාරදා” යන ගාථාව වදාළහ. එහි “විසාරදා” ඒකාන්තයෙන්ම පැතිර ගිය නුවණැති, විශාරද වූ. මෙසේ තමා ද මවු ද රහත් වූ හෙයින් තමා දැන් ශාස්තෲන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ බව හඟවනු සඳහා මවට “නැගණිය” යනුවෙන් අමතයි. “එතමත්‍ථං අභාසයී” මේ මට අවවාද වශයෙන් මේ අර්ථය නුඹ කීවෙහි. මෙසේ මට අවවාද දුන් නුඹ හුදෙක් විශාරද වූ තැනැත්තියක් පමණක් නොවන්නෙහි. ඔබතුමිය මාගේ මවුද වන්නීය. මේ අදහසින් කවර ප්‍රයෝජනයක් ද? නුඹ කෙරෙහි කෙලෙස් වනය නැත. අවිද්‍යාදී කෙලෙස් ධර්ම නුඹගේ සන්තානයෙහි නොමැත්තේමය. යම් සිතකින් මා භවක්‍ෂය කිරීමෙහි යොදවන ලද ද ඒ සිත කෙලෙසුන්ගෙන් මිදුණකි යන අදහසයි.

ඉදානි “තයා නියොජිතාකාරෙනෙව මයා පටිපන‍්න”න‍්ති දස‍්සෙන‍්තො “පරියන‍්තකත”න‍්ති ඔසානගාථමාහ, තස‍්සත්‍ථො සුවිඤ‍්ඤෙය්‍යොව.

දැනු නුඹ යම් අර්ථයක් සඳහා මා යෙදවූවෙහිද එම අර්ථය මවිසින් ලබන ලදැයි දැක්වීමට “පරියන්තකතං” යන අවසාන ගාථාව වදාළහ. එහි අර්ථය ඉතා සරලය. වහා වැටහෙන්නේ ය.

වඩ‍්ඪත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වඩ්ඪ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.