යෙදුමෙන් කියවන්න

සුමනත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සුමනත්‍ථෙරගාථාවණ‍්ණනා

සුමන ස්ථවිරගාථා වර්ණනාව

යං පත්‍ථයානොතිආදිකා ආයස‍්මතො සුමනත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො ඉතො පඤ‍්චනවුතෙ කප‍්පෙ බුද‍්ධසුඤ‍්ඤෙ ලොකෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකං පච‍්චෙකබුද‍්ධං බ්‍යාධිතං දිස‍්වා හරීතකං අදාසි . සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොසලරට‍්ඨෙ ගහපතිකුලෙ නිබ‍්බත‍්තිත්‍වා සුමනොති ලද‍්ධනාමො සුඛෙන වඩ‍්ඪි. තස‍්ස පන මාතුලො පබ‍්බජිත්‍වා අරහා හුත්‍වා අරඤ‍්ඤෙ විහරන‍්තො සුමනෙ වයප‍්පත‍්තෙ තං පබ‍්බාජෙත්‍වා චරිතානුකූලං කම‍්මට‍්ඨානං අදාසි. සො තත්‍ථ යොගකම‍්මං කරොන‍්තො චත‍්තාරි ඣානානි පඤ‍්ච ච අභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙසි. අථස‍්ස ථෙරො විපස‍්සනාවිධිං ආචික‍්ඛි. සො ච නචිරෙනෙව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.44.60-71) –

“යං පත්‍ථයානො” යනු ආයුෂ්මත් සුමන තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් පැමිණියහ. මීට කල්ප අනූ පහකට පෙර ලොව බුදුවරුන්ගෙන් ශූන්‍ය වූ කාලයක සිටුගෙයක උපන් හෙතෙම නුවණැති බවට පත්විය. දිනක් එක් පසේ බුදුවරයක් ආබාධිත වී සිටිනු දැක අරළු ගෙඩියක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් කාම සුගතීන්හි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී කොසොල් රට - බමුණු පවුලක ඉපිද සුමන නමින් ප්‍රකටව සැපසේ වැඩුණේය. ඔහුගේ මාමා පැවිදිව රහත් බවට පත්වී අරණ්‍යයේ වාසය කරනුයේ, නිසි වයසට එළඹි සුමන පැවිදි කරවා චරිතයට ගැලපෙන කමටහන් දුන්නේය. සුමන හිමියෝ ඒ කමටහන් වඩා සතර ධ්‍යානයන් ද පඤ්ච අභිඥාවන් ද උපදවා ගත්හ. අනතුරුව මාමා වූ තෙරණුවෝ උන්වහන්සේට විදසුන් කමටහන් දේශනා කළහ. ඒ විදසුන් භාවනාවෙහි නිරත වූ සුමන හිමියෝ නොබෝ කලකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“හරීතකං ආමලකං, අම‍්බජම‍්බුවිභීතකං; කොලං භල‍්ලාතකං බිල‍්ලං, සයමෙව හරාමහං.

“අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුළු, බෙලි යන පළතුරු මම ම රැස් කළෙමි.

“දිස‍්වාන පබ‍්භාරගතං, ඣායිං ඣානරතං මුනිං; ආබාධෙන ආපීළෙන‍්තං, අදුතීයං මහාමුනිං.

කඳු බෑවුමක වැඩහුන් ධ්‍යාන වඩන ධ්‍යානයෙහි ඇලුණු අසමසම වූ බුදුපියාණන් වහන්සේ ආබාධයකින් පෙළෙනු දුටු මම, අරළු ගෙන පූජාකළෙමි. බෙහෙත් කළ කෙණෙහි රෝගය සන්සිඳුණි.

“හරීතකං ගහෙත්‍වාන, සයම‍්භුස‍්ස අදාසහං; ඛාදමත‍්තම‍්හි භෙසජ‍්ජෙ, බ්‍යාධි පස‍්සම‍්භි තාවදෙ.

“පහීනදරථො බුද‍්ධො, අනුමොදමකාසි මෙ; භෙසජ‍්ජදානෙනිමිනා, බ්‍යාධිවූපසමෙන ච.

කයෙහි විඩාව සන්සිඳුණු පසු බුදුපියාණෝ මාහට පුණ්‍යානුමෝදනා සිදුකළහ. “මෙම බෙහෙත් දානය හා රෝගය සන්සිඳවීම නිසා ලැබූ පින හේතුවෙන් නුඹ දෙවිව හෝ මිනිස්ව හෝ අන් අත්භවෙක හෝ උපන්නේ සියලු තැන්හි සැප ඇත්තෙක් වේවා. කිසිකලෙක නුඹට ව්‍යාධියක් නොපැමිණේවා.”

“දෙවභූතො මනුස‍්සො වා, ජාතො වා අඤ‍්ඤජාතියා; සබ‍්බත්‍ථ සුඛිතො හොතු, මා ච තෙ බ්‍යාධිමාගමා.

“ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො, සයම‍්භූ අපරාජිතො; නභං අබ‍්භුග‍්ගමී ධීරො, හංසරාජාව අම‍්බරෙ.

“සියල්ල තමාම අවබෝධ කරගත් පස්මරුන් දිනූ බුදු පියාණෝ මේ වදන් පවසා අහසේ යන හංස රාජයකු මෙන් අහසට නැඟ වැඩි සේක.

“යතො හරීතකං දින‍්නං, සයම‍්භුස‍්ස මහෙසිනො; ඉමං ජාතිං උපාදාය, බ්‍යාධි මෙ නුපපජ‍්ජථ.

යම් අත්භවෙකදී සියල්ල තනිව අවබෝධ කළ බුදුරදුන්ට අරළු දානයක් දුනිම් ද එදා සිට මේ දක්වාම මාහට ව්‍යාධියක් - ලෙඩක් දුකක් නොවිණි.

“අයං පච‍්ඡිමකො මය‍්හං, චරිමො වත‍්තතෙ භවො; තිස‍්සො විජ‍්ජා සච‍්ඡිකතා, කතං බුද‍්ධස‍්ස සාසනං.

[missing trans]

“චතුන‍්නවුතිතො කප‍්පෙ, භෙසජ‍්ජමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, භෙසජ‍්ජස‍්ස ඉදං ඵලං.

මීට කල්ප අනූ පහකට පෙර දී යම් ඖෂධ දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තෙ පන පතිට‍්ඨිතො එකදිවසං මාතුලත්‍ථෙරස‍්ස උපට‍්ඨානං අගමාසි. තං ථෙරො අධිගමං පුච‍්ඡි, තං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත්වූ සුමන තෙරණුවෝ දිනක් මාමා වූ තෙරුන්ට උපස්ථාන කිරීමට උන්වහන්සේ වෙත ගියහ. එහිදී මාමා වූ තෙරණුවෝ “නුඹගේ අධිගමයන් කවරේද?”යි විමසූහ. එවිට මේ ගාථා පහෙන් සිංහනාද පවත්වන සුමන හිමියෝ සිය රහත්බව ප්‍රකාශ කළහ.

“යං පත්‍ථයානො ධම‍්මෙසු, උපජ‍්ඣායො අනුග‍්ගහි; අමතං අභිකඞ‍්ඛන‍්තං, කතං කත‍්තබ‍්බකං මයා.

“යං පත්‍ථයානො ධම්මෙසු උපජ්ඣායො අනුග්ගහී, අමතං අභිකඞ්ඛන්තං කතං කත්තබ්බකං මයා”

“අනුප‍්පත‍්තො සච‍්ඡිකතො, සයං ධම‍්මො අනීතිහො; විසුද‍්ධඤාණො නික‍්කඞ‍්ඛො, බ්‍යාකරොමි තවන‍්තිකෙ.

“අනුපත්තො සච්ඡිකතො සයං ධම්මො අනීතිහො, විසුද්ධ ඤාණො නික්ඛඞ්ඛො බ්‍යාකරොමි තවන්තිකෙ”

“පුබ‍්බෙනිවාසං ජානාමි, දිබ‍්බචක‍්ඛු විසොධිතං; සදත්‍ථො මෙ අනුප‍්පත‍්තො, කතං බුද‍්ධස‍්ස සාසනං.

“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං, සදත්‍ථො මෙ අනුප්පත්තො, කතං බුද්ධස්ස සාසනං”

“අප‍්පමත‍්තස‍්ස මෙ සික‍්ඛා, සුස‍්සුතා තව සාසනෙ; සබ‍්බෙ මෙ ආසවා ඛීණා, නත්‍ථි දානි පුනබ‍්භවො.

“අප්පමත්තස්ස මෙ සික්ඛා සුස්සූතා තව සාසනෙ, සබ්බෙ මෙ ආසවා ඛීණා, නත්‍ථිදානි පුනබ්භවො”

“අනුසාසි මං අරියවතා, අනුකම‍්පි අනුග‍්ගහි; අමොඝො තුය‍්හමොවාදො, අන‍්තෙවාසිම‍්හි සික‍්ඛිතො”ති. –

“අනුසාසිං මං අරියවතා අනුකම්පී අනුග්ගහී, අමොඝො තුය්හ මොවාදො අන්තෙවාසිම්හි සික්ඛිතො” තී.

ඉමාහි පඤ‍්චහි ගාථාහි සීහනාදං නදන‍්තො අඤ‍්ඤං බ්‍යාකාසි.

තත්‍ථ යං පත්‍ථයානො ධම‍්මෙසු, උපජ‍්ඣායො අනුග‍්ගහි. අමතං අභිකඞ‍්ඛන‍්තන‍්ති සමථවිපස‍්සනාදීසු අනවජ‍්ජධම‍්මෙසු යං ධම‍්මං මය‍්හං පත්‍ථයන‍්තො ආකඞ‍්ඛන‍්තො උපජ‍්ඣායො අමතං නිබ‍්බානං අභිකඞ‍්ඛන‍්තං මං ඔවාදදානවසෙන අනුග‍්ගණ‍්හි. කතං කත‍්තබ‍්බකං මයාති තස‍්ස අධිගමත්‍ථං කත‍්තබ‍්බං පරිඤ‍්ඤාදිසොළසවිධං කිච‍්චං කතං නිට‍්ඨාපිතං මයා.

මෙහි “යං පත්‍ථයානො ධම්මෙසු උපජ්ඣායො අනුග්ගහී අමතං අභිකඞ්ඛන්තං” යනු සමථ විදර්ශනා ආදී නිරවද්‍ය වූ ධර්මයන්හි, යම් දහම් අවබෝධයක් පතන, කැමති වූ මා හට, අමාමහ නිවණ කැමැත්තා වූ මාහට අවවාද දීම් වශයෙන් උපාධ්‍යාය වූ ඔබවහන්සේ අනුග්‍රහ කළෙහිය. “කතං කත්තබ්බකං මයා” ඒ නිවණ අවබෝධ කරගැනීම සඳහා කළයුතු පිරිසිඳ දැනීම් ආදී දහසය වැදෑරුම් කටයුතු මවිසින් කොට නිමවූයෙමි.

තතො එව අනුප‍්පත‍්තො අධිගතො චතුබ‍්බිධොපි මග‍්ගධම‍්මො සච‍්ඡිකතො. සයං ධම‍්මො අනීතිහොති සයං අත‍්තනායෙව නිබ‍්බානධම‍්මො ඵලධම‍්මො ච අනීතිහො අසන්‍දිද‍්ධො අත‍්තපච‍්චක‍්ඛො කතො, “ඉතිහ, ඉති කිරා”ති පවත‍්තියා ඉතිහසඞ‍්ඛාතං සංසයං සමුච‍්ඡින්‍දන‍්තොයෙව අරියමග‍්ගො පවත‍්තති. තෙනාහ “විසුද‍්ධඤාණො නික‍්කඞ‍්ඛො”තිආදි. තත්‍ථ විසුද‍්ධඤාණොති සබ‍්බසංකිලෙසවිසුද‍්ධියා විසුද‍්ධඤාණො. තවන‍්තිකෙති තව සමීපෙ.

එසේම සතරක් වූ මාර්ග ධර්මයන් මවිසින් අවබෝධ කළෙමි. ඊට පැමිණියෙමි. “සච්ඡිකතො සයං ධම්මො අනීතිහො” තමා විසින්ම නිර්වාණ ධර්මය ද ඵල දහම ද අනුන්ගේ උපදෙසක් නොමැතිවම ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දෙමි. අවබෝධ කළෙමි. “මෙසේය” “මෙසේ වීලු” යනාදී වශයෙන් අනුන්ගෙන් අසන ලද “ඉතීහ” නම් වූ සැක සංකාවෝ ආර්ය මාර්ගයෙන් සහමුලින්ම නසා දැමුවෙමි. එනිසා කියන ලදි. “විසුද්ධ වූ පිරිසිදු වූ ඥාන ඇතියෙම් නිසැකව ම’ යන අර්ථ ඇති “විසුද්ධඤාණො නික්ඛඞ්ඛො” එහි සියලුම කිලිටිබව ඇතිකරන දහම් වලින් පිරිසිදුවීම විසුද්ධ ඤාණ නම් වේ. “විසුද්ධඤාණො” “තවන්තිකෙ” යනු නුඹ වහන්සේගේ සමීපයේදී.

සදත්‍ථොති අරහත‍්තං. සික‍්ඛාති අධිසීලසික‍්ඛාදයො. සුස‍්සුතාති පරියත‍්තිබාහුසච‍්චස‍්ස පටිවෙධබාහුසච‍්චස‍්ස ච පාරිපූරිවසෙන සුට‍්ඨු සුතා. තව සාසනෙති තව ඔවාදෙ අනුසිට‍්ඨියං ඨිතස‍්ස.

“සදත්‍ථො” යනු රහත් භාවයයි. “සික්ඛා” යන්නෙන් අධි සීල ශික්‍ෂාදී ශික්‍ෂා අදහස් කරන ලදි. “සුස්සුතා” පර්යාප්ති බහුශ්‍රැතභාවය හා ප්‍රතිවේධ බහුශ්‍රැතභාවය යන බොහෝ ඇසූ පිරූ තැන් සම්පූර්ණ වීම් වශයෙන් මනාව අසන ලද්දෙමි. “තව සාසනෙ” නුඹවහන්සේගේ අවවාදයෙහි මනාව පිහිටියා වූ මා විසින්.

අරියවතාති සුවිසුද‍්ධසීලාදිවතසමාදානෙන. අන‍්තෙවාසිම‍්හි සික‍්ඛිතොති තුය‍්හං සමීපෙ චිණ‍්ණබ්‍රහ‍්මචරියවාසතාය අන‍්තෙවාසී සික‍්ඛිතවා සික‍්ඛිතඅධිසීලාදිසික‍්ඛො අම‍්හීති.

“අරියවතා” ඉතා පිරිසිදු ශීලාදී ව්‍රත සමාදන් වූයෙම්. “අන්තෙවාසිම්හි සික්ඛිතො” නුඹ වහන්සේ සමීපයෙහි බොහෝ කාලයක් වැස නිමවූ බඹසර ඇති ව අතවැසිව අධිසීලාදී ශික්‍ෂාවන්හි හික්මුනෙමි.

සුමනත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සුමන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.