යෙදුමෙන් කියවන්න

ගිරිමානන්‍දත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ගිරිමානන්‍දත්‍ථෙරගාථාවණ‍්ණනා

ගිරිමානන්‍ද ස්ථවිරගාථා වර්ණනාව

වස‍්සති දෙවොතිආදිකා ආයස‍්මතො ගිරිමානන්‍දත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො සුමෙධස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ඝරාවාසං වසන‍්තො අත‍්තනො භරියාය පුත‍්තෙ ච කාලඞ‍්කතෙ සොකසල‍්ලසමප‍්පිතො අරඤ‍්ඤං පවිට‍්ඨො සත්‍ථාරා තත්‍ථ ගන‍්ත්‍වා ධම‍්මං කථෙත්‍වා සොකසල‍්ලෙ අබ‍්බූළ‍්හෙ පසන‍්නමානසො සුගන්‍ධපුප‍්ඵෙහි පූජෙත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා සිරසි අඤ‍්ජලිං කත්‍වා අභිත්‍ථවි.

“වස්සති දෙවො” ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන්වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස්කරමින් අවුත් සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී කුලගෙයක ඉපිද වැඩිවියට පැමිණ ගිහිගේ විසූහ. තම බිරිය සමඟ පුතු නැති වූ අවස්ථාවෙහි දැඩි ශෝකයට පත් වූ ඔහු අරණ්‍යයට පිවිස, ශාස්තෲන් වහන්සේ වෙත ගොස්, දහම් ඇසීය. ඉන් ශෝක ගින්න නිවාගත් ඔහු පැහැදුණු සිත් ඇතිව සුවඳ මලින් බුදුන්ට පූජා කළේය. පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ හිසෙහි ඇඳිලි බැඳගෙන බුදුගුණ පැවසීය.

සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බිම‍්බිසාරරඤ‍්ඤො පුරොහිතස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, ගිරිමානන්‍දොතිස‍්ස නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථු රාජගහගමනෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොන‍්තො කතිපයං දිවසං ගාමකාවාසෙ වසිත්‍වා සත්‍ථාරං වන්‍දිතුං රාජගහං අගමාසි. බිම‍්බිසාරමහාරාජා තස‍්ස ආගමනං සුත්‍වා උපසඞ‍්කමිත්‍වා “ඉධෙව, භන‍්තෙ, වසථ, අහං චතූහි පච‍්චයෙහි උපට‍්ඨහාමී”ති සම‍්පවාරෙත්‍වා ගතො බහුකිච‍්චතාය න සරි. “ථෙරො අබ‍්භොකාසෙ වසතී”ති දෙවතා ථෙරස‍්ස තෙමනභයෙන වස‍්සං වාරෙසුං. රාජා අවස‍්සනකාරණං සල‍්ලක‍්ඛෙත්‍වා ථෙරස‍්ස කුටිකං කාරාපෙසි. ථෙරො කුටිකායං වසන‍්තො සෙනාසනසප‍්පායලාභෙන සමාධානං ලභිත්‍වා වීරියසමතං යොජෙත්‍වා විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.40.419-448) –

ඒ පින්කමෙහි විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී බිම්බිසාර රජුගේ පුරෝහිතයාගේ පුතුව උපන්නේය. “ගිරිමානන්‍ද” නම් වූ ඔහු නුවණැති බවට පත්වූ අවස්ථාවෙහි රජගහ නුවරට වැඩම වූ බුදුරජාණන් වහන්සේගේ අසිරිය දැක උපන් ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි විය. කිහිප දිනක් ගම් සෙනසුනක විසූ ගිරිමානන්ද තෙරණුවෝ, ශාස්තෲන් වහන්සේට වැඳීම සඳහා රජගහ නුවරට වැඩියහ. උන්වහන්සේගේ පැමිණීම ඇසූ බිම්සර රජු, උන්වහන්සේ වෙත පැමිණ, “ස්වාමීනි, මෙහිම වසන්න. මම සිවුපසයෙන් උවටැන් කරන්නෙමි”යි ආරාධනා කොට ගියේය. රාජකටයුතු බොහෝ බැවින් රජුට මෙය අමතක විය. තෙරණුවෝ එළිමහනෙහිම විසූහ. දෙවියෝ තෙරුන් “තෙමේය” යන බිය නිසා වැසි නොවැස්සූහ. නොවසින කරුණ විමසූ රජු, තම දෝෂය දැක ගිරිමානන්ද තෙරුන්ට කුටියක් කරවා දුන්නේය. එම කුටියෙහි විසූ තෙරුන් වහන්සේ සුදුසු සෙනසුනක් ලද බැවින් සමාධිගත වූ සිත් ඇතිව වීර්යයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව - විදසුනට සිත යොමු කළ සේක් රහත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.

“භරියා මෙ කාලඞ‍්කතා, පුත‍්තො සිවථිකං ගතො; මාතා පිතා මතා භාතා, එකචිතම‍්හි ඩය‍්හරෙ.

“මගේ බිරිය ද පුතු ද මළේය. මව ද පියා ද සෝයුරා ද එකම චිතකයක දැවෙන්නෝය.

“තෙන සොකෙන සන‍්තත‍්තො, කිසො පණ‍්ඩු අහොසහං; චිත‍්තක‍්ඛෙපො ච මෙ ආසි, තෙන සොකෙන අට‍්ටිතො.

එම ශෝකයෙන් පීඩා වූ මම තැවුනෙමි. කෘශ වූයෙමි. සිත් විකෘති වූයෙම් තැන තැන ඇවිද්දෙමි.

“සොකසල‍්ලපරෙතොහං, වනන‍්තමුපසඞ‍්කමිං; පවත‍්තඵලං භුඤ‍්ජිත්‍වා, රුක‍්ඛමූලෙ වසාමහං.

ශෝක හුලින් පීඩා වූ මම වනගත වීමි. ඉබේ වැටුණු ගෙඩි මුල් කමින් රුක්මුල්හිම විසුවෙමු.

“සුමෙධො නාම සම‍්බුද‍්ධො, දුක‍්ඛස‍්සන‍්තකරො ජිනො; මමුද‍්ධරිතුකාමො සො, ආගඤ‍්ඡි මම සන‍්තිකං.

පස්මරුන් දිනූ දුක් කෙළවර කර ගත්තා වූ සුමේධ නම් බුදුපියාණෝ මා සසරින් ගොඩගනු කැමතිව මාගේ සමීපයට වැඩම කළහ.

“පදසද‍්දං සුණිත්‍වාන, සුමෙධස‍්ස මහෙසිනො; පග‍්ගහෙත්‍වානහං සීසං, උල‍්ලොකෙසිං මහාමුනිං.

උන්වහන්සේගේ පා හඬ ඇසූ මම හිස ඔසවා බැලුවෙමි. මහාවීරයන් වහන්සේ මා වෙත වැඩම කළහ.

“උපාගතෙ මහාවීරෙ, පීති මෙ උදපජ‍්ජථ; තදාසිමෙකග‍්ගමනො, දිස‍්වා තං ලොකනායකං.

ප්‍රීතියට පත් මම උන්වහන්සේ දැකීමෙන් එකඟ වූ සිත් ඇත්තෙම් වූයෙමි. සිහිය ලැබූ මම උන්වහන්සේට කොළ මිටක් පිදුවෙමි. ඒ කොළ ඇතිරූ අසුනෙහි මා හට අනුකම්පා කළ බුදුහු වැඩහුන් සේක. මාගේ ශෝකය නසනු සඳහා උන්වහන්සේ දහම් දෙසූහ.

“සතිං පටිලභිත්‍වාන, පණ‍්ණමුට‍්ඨිමදාසහං; නිසීදි භගවා තත්‍ථ, අනුකම‍්පාය චක‍්ඛුමා.

“නිසජ‍්ජ තත්‍ථ භගවා, සුමෙධො ලොකනායකො; ධම‍්මං මෙ කථයී බුද‍්ධො, සොකසල‍්ලවිනොදනං.

“අනව‍්හිතා තතො ආගුං, අනනුඤ‍්ඤාතා ඉතො ගතා; යථාගතා තථා ගතා, තත්‍ථ කා පරිදෙවනා.

“මරණයට පත්වූ අඹුදරු ආදීහු කැඳවීමක් නොමැතිව අතීත භවයෙන් මේ භවයට පැමිණියහ. එසේම දැනුම් නොදී ඔවුහු පරලොව ගියහ. යම් සේ ආවාහුද එසේම ගියහ. එහි කවර නම් වැලපීමක් ද? හැඬීමක් ද?

“යථාපි පථිකා සත‍්තා, වස‍්සමානාය වුට‍්ඨියා; සභණ‍්ඩා උපගච‍්ඡන‍්ති, වස‍්සස‍්සාපතනාය තෙ.

වැසි වස්නා කල්හි මගී ජනයා බඩු සහිතව ම නොතෙමෙන තැනකට යන්නාක් මෙන් ද, වැසි නැවති කල්හි කැමති තැනකට යන්නේද එමෙන් ඔබගේ දෙමාපියාදීහු පැමිණ ගියහ. වැලපෙනුයේ කුමකට ද?

“වස‍්සෙ ච තෙ ඔරමිතෙ, සම‍්පයන‍්ති යදිච‍්ඡකං; එවං මාතා පිතා තුය‍්හං, තත්‍ථ කා පරිදෙවනා.

“ආගන‍්තුකා පාහුනකා, චලිතෙරිතකම‍්පිතා; එවං මාතා පිතා තුය‍්හං, තත්‍ථ කා පරිදෙවනා.

ලෝකවාසී සැම මෙලොවට අමුත්තෝය. ආගන්තුකයෝ ය. සැලෙන කම්පා වෙනස්වන ස්වභාව ඇති ඔබගේ දෙමාපියෝ ද එබඳුමය.

“යථාපි උරගො ජිණ‍්ණං, හිත්‍වා ගච‍්ඡති සං තචං; එවං මාතා පිතා තුය‍්හං, සං තනුං ඉධ හීයරෙ.

සර්පයෙක් සිය දිරාගිය හැව හැරයන්නාක් මෙන් නුඹගේ දෙමාපියෝ ද තම සිරුර හැර ගියහ.”

“බුද‍්ධස‍්ස ගිරමඤ‍්ඤාය, සොකසල‍්ලං විවජ‍්ජයිං; පාමොජ‍්ජං ජනයිත්‍වාන, බුද‍්ධසෙට‍්ඨං අවන්‍දහං.

“ඒ උතුම් බුදුවදන් ඇසූ මම ශෝකය මැඩ පවත්වා ගත් මම, සතුටු වූයෙම් තථාගතයන් වහන්සේට වැන්දෙමි.

“වන්‍දිත්‍වාන මහානාගං, පූජයිං ගිරිමඤ‍්ජරිං; දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තං, සුමෙධං ලොකනායකං.

උන්වහන්සේට දිව්‍යමය සුවඳින් යුතු ගිරිනිල් මල් කළඹක් පිදුවෙමි.

“පූජයිත්‍වාන සම‍්බුද‍්ධං, සිරෙ කත්‍වාන අඤ‍්ජලිං; අනුස‍්සරං ගුණග‍්ගානි, සන්‍ථවිං ලොකනායකං.

ලෝකනායක වූ සුමේධ බුදුරදුන්හට සිරසෙහි ඇඳිලි බැඳ අග්‍ර වූ ගුණ සිහිකරමින් පැසසීමි.”

“නිත‍්තිණ‍්ණොසි මහාවීර, සබ‍්බඤ‍්ඤු ලොකනායක; සබ‍්බෙ සත‍්තෙ උද‍්ධරසි, ඤාණෙන ත්‍වං මහාමුනෙ.

“මහා වීරයන් වහන්ස, ලෝක නායකයන් වහන්ස, ඔබ භව තරණය කළාහුය. මහා මුනීන් වහන්ස, ඔබ නුවණින් සව්සතුන් දුකින් ගොඩලන්නෙහිය.

“විමතිං ද‍්වෙළ‍්හකං වාපි, සඤ‍්ඡින්‍දසි මහාමුනෙ; පටිපාදෙසි මෙ මග‍්ගං, තව ඤාණෙන චක‍්ඛුම.

මහාමුනීන් වහන්ස, ඔබ විමතිය ද සැකය ද සිඳින්නෙහිය. පසැස් ඇති උතුමන් වහන්ස, ඔබ ඔබගේ නුවණින් මාගේ මාර්ගය පෙන්වූ සේක.

“අරහා වසිපත‍්තා ච, ඡළභිඤ‍්ඤා මහිද‍්ධිකා; අන‍්තලික‍්ඛචරා ධීරා, පරිවාරෙන‍්ති තාවදෙ.

ක්‍ෂණයකින් ධ්‍යාන උපදවා ගත්, ෂඩ්භිඥා උපදවාගත්, මහත් සෘද්ධි ඇති, මහා ප්‍රාඥ වූ ආකාශචාරී රහත්හු ඔබවහන්සේ පිරිවරා ගනිති.

“පටිපන‍්නා ච සෙඛා ච, ඵලට‍්ඨා සන‍්ති සාවකා; සුරොදයෙව පදුමා, පුප‍්ඵන‍්ති තව සාවකා.

ආර්‍ය්‍ය මාර්ගයට පිළිපන්නෝ ද සත් සේඛයෝ ද රහත්වූවෝ ද ඔබ පිරිවරති. ඔබ ශ්‍රාවකයෝ හිරු උදාවන කල්හි පියුම් මෙන් ප්‍රබෝධ වෙති.

“මහාසමුද‍්දොවක‍්ඛොභො , අතුලොපි දුරුත‍්තරො; එවං ඤාණෙන සම‍්පන‍්නො, අප‍්පමෙය්‍යොසි චක‍්ඛුම.

පසැස් ඇත්තාණෙනි! සමුදුර නොකැළඹිය හැකි, සමකළ නොහැකි වන්නාක් මෙන් නුඹ වහන්සේ නුවණ ද ඉතා ගැඹුරුය. නොකැළඹේ. අසම සමය. අපමණය.”

“වන්‍දිත්‍වාහං ලොකජිනං, චක‍්ඛුමන‍්තං මහායසං; පුථුදිසා නමස‍්සන‍්තො, පටිකුටිකො ආගඤ‍්ඡහං.

මෙසේ පැවසූ මම සියලු දිශාවන්හි ම හිඳ තුන්ලොව දිනූ කීර්තිමත් වූ යශස් ඇති, බුදුපියාණන් වහන්සේට වඳිමින් නැමුනෙමි.

“දෙවලොකා චවිත්‍වාන, සම‍්පජානො පතිස‍්සතො; ඔක‍්කමිං මාතුයා කුච‍්ඡිං, සන්‍ධාවන‍්තො භවාභවෙ.

“කුදු මහත් භවයන්හි සැරි සැරූ මම දෙව්ලොවින් චුත ව යහපත් සිහියෙන් හා ප්‍රඥාවෙන් යුතුව මවුකුසින් බිහිවූයෙමි.

“අගාරා අභිනික‍්ඛම‍්ම, පබ‍්බජිං අනගාරියං; ආතාපී නිපකො ඣායී, පටිසල‍්ලානගොචරො.

ගිහිගෙයින් නික්මුණු මම සසුනෙහි පැවිදි වූයෙමි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව ප්‍රඥාවන්ත වූයෙම් ධ්‍යාන වඩමින් විවේක සෙනසුන් ඇසුරු කළෙමි.

“පධානං පදහිත්‍වාන, තොසයිත්‍වා මහාමුනිං; චන්‍දොවබ‍්භඝනා මුත‍්තො, විචරාමි අහං සදා.

වීර්යවන්ත වූ මම බුදුරදුන් තුටු කරමින් වැහිවළාවෙන් මිදුණු සඳ මෙන් හැමකල්හි වෙසෙමි.

“විවෙකමනුයුත‍්තොම‍්හි, උපසන‍්තො නිරූපධි; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, විහරාමි අනාසවො.

සන්සුන්ව, උපධි රහිතව, විවේකයෙහි ඇලුණු මම ආශ්‍රව රහිතව වෙසෙමි.

“තිංසකප‍්පසහස‍්සම‍්හි, යං බුද‍්ධමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මීට කල්ප තිස් දහසකට පෙර දී යම් බුදුවරයකු මනා කොට පිදුවෙම් ද එතැන් සිට දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.

අථ ථෙරස‍්ස අරහත‍්තප‍්පත‍්තියා හට‍්ඨතුට‍්ඨෙ විය දෙවෙ වස‍්සන‍්තෙ උපරි තං වස‍්සනෙ නියොජනමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

ඉක්බිති තෙරණුවෝ රහත්වීම නිසා සතුටට පත්වූවක් මෙන් වැසි වැසීමට පටන්ගත් කල්හි, ඒ වැස්සට තව තවත් වසින ලෙස දැන්වීම් වශයෙන් ද සිය රහත්බව ප්‍රකාශ කිරීම් වශයෙන් ද මේ ගාථා පහ වදාළහ.

“වස‍්සති දෙවො යථාසුගීතං, ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා; තස‍්සං විහරාමි වූපසන‍්තො, අථ චෙ පත්‍ථයසී පවස‍්ස දෙව.

“වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටී සුඛා නිවාතා, තස්සං විහරාමි වූපසන්තො - අථ චෙ පත්‍ථයසි පවස්ස දෙව”

“වස‍්සති දෙවො යථාසුගීතං, ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා; තස‍්සං විහරාමි සන‍්තචිත‍්තො, අථ චෙ පත්‍ථයසී පවස‍්ස දෙව.

“වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටී සුඛා නිවාතා, තස්සං විහරාමි සත්තචිත්තො - අථ චෙ පත්‍ථයසි පවස්ස දෙව”

“වස‍්සති දෙවො…පෙ… තස‍්සං විහරාමි වීතරාගො…පෙ….

“වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටී සුඛා නිවාතා, තස්සං විහරාමි වීතරාගො - අථ චෙ පත්‍ථයසි පවස්ස දෙව”

“වස‍්සති දෙවො…පෙ… තස‍්සං විහරාමි වීතදොසො…පෙ….

“වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටී සුඛා නිවාතා, තස්සං විහරාමි වීතදොසො - අථ චෙ පත්‍ථයසි පවස්ස දෙව”

“වස‍්සති දෙවො…පෙ… තස‍්සං විහරාමි වීතමොහො; අථ චෙ පත්‍ථයසී පවස‍්ස දෙවා”ති. –

“වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටී සුඛා නිවාතා, තස්සං විහරාමි වීතමොහො - අථ චෙ පත්‍ථයසි පවස්ස දෙව”

ඉමා පඤ‍්ච ගාථා අභාසි;

තත්‍ථ යථාසුගීතන‍්ති සුගීතානුරූපං, සුන්‍දරස‍්ස අත‍්තනො මෙඝගීතස‍්ස අනුරූපමෙවාති අත්‍ථො. වලාහකො හි යථා අගජ‍්ජන‍්තො කෙවලං වස‍්සන‍්තො න සොභති, එවං සතපටලසහස‍්සපටලෙන උට‍්ඨහිත්‍වා ථනයන‍්තො ගජ‍්ජන‍්තො විජ‍්ජුල‍්ලතා නිච‍්ඡාරෙන‍්තොපි අවස‍්සන‍්තො න සොභති, තථාභූතො පන හුත්‍වා වස‍්සන‍්තො සොභතීති වුත‍්තං “වස‍්සති දෙවො යථාසුගීත”න‍්ති. තෙනාහ – “අභිත්‍ථනය, පජ‍්ජුන‍්න” , (චරියා· 3.89; ජා· 1.1.75) “ගජ‍්ජිතා චෙව වස‍්සිතා චා”ති (අ· නි· 4.101; පු· ප· 157) ච. තස‍්සං විහරාමීති තස‍්සං කුටිකායං අරියවිහාරගබ‍්භෙන ඉරියාපථවිහාරෙන විහරාමි. වූපසන‍්තචිත‍්තොති අග‍්ගඵලසමාධිනා සම‍්මදෙව උපසන‍්තමානසො.

මෙහි “යථාසුගීතං” යනු මනහර ගීයක් වැනි වූ. සුන්දර වූ වැස්ස ගීයක් සේ පවතී යන අර්ථයයි. වැස්ස වනාහි නොගොරවා හුදෙක් වැසිදිය පමණක් වැටේ නම් නොහොබී. එසේම ලක්‍ෂ ගණනින් ගොරවමින් - නාද කරමින් විදුලිය ගසමින් හෙනහඬ නංවා නොවසී නම් එයද නොහොබී. විදුලිය ගසමින් ගෙරවීමත්, වැසි වැසීමත් පවතින වැස්සම ශෝභමාන වූ සුන්දර වර්ෂාවයි. එබඳු වැස්ස “මනා ගැයුමක් මෙන් වැසි වසී” යැයි කියන ලදි. එනිසා “වර්ෂාව! ගොරවමින්, නාදකරමින්, තැතිගන්වමින් වර්ෂාව පවත්වන්න”යි කියන ලදි. “තස්සං විහරාමි” ඒ කුටියේ මම ආර්ය විහරණයෙන්, ඉරියවු පවත්වමින් වාසය කරමි. සන්සුන් සිතින් යුක්තව අග්‍රඵල සමාධියෙන් මනාව සන්සිඳුණු සිතැතිව වෙසෙමි.

එවං ථෙරස‍්ස අනෙකවාරං කතං උය්‍යොජනං සිරසා සම‍්පටිච‍්ඡන‍්තො වලාහකදෙවපුත‍්තො නින‍්නඤ‍්ච ථලඤ‍්ච පූරෙන‍්තො මහාවස‍්සං වස‍්සාපෙසි.

මෙසේ තෙරුන් වහන්සේ විසින් අනේකවාරයක් කරන ලද උනන්දු කිරීම් ඇති වැස්ස වලාහක දිව්‍ය පුත්‍රයා එම අණ හිස් මුදුනින් පිළිගනිමින්; වල ගොඩැලි පුරවා මහා වර්ෂාවක් වැස්සවීය.

ගිරිමානන්‍දත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ගිරිමානන්ද ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.