යෙදුමෙන් කියවන්න

සුභූතත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සුභූතත්‍ථෙරගාථාවණ‍්ණනා

සුභූත ස්ථවිරගාථා වර්ණනාව

අයොගෙතිආදිකා ආයස‍්මතො සුභූතත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ බාරාණසියං ගහපතිමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පසන‍්නමානසො සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාය මාසෙ මාසෙ අට‍්ඨක‍්ඛත‍්තුං චතුජ‍්ජාතියගන්‍ධෙන සත්‍ථු ගන්‍ධකුටිං ඔපුඤ‍්ජාපෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සුගන්‍ධසරීරො හුත්‍වා, ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ ගහපතිකුලෙ නිබ‍්බත‍්තිත්‍වා සුභූතොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො, නිස‍්සරණජ‍්ඣාසයතාය ඝරාවාසං පහාය තිත්‍ථියෙසු පබ‍්බජිත්‍වා තත්‍ථ සාරං අලභන‍්තො, සත්‍ථු සන‍්තිකෙ උපතිස‍්සකොලිතසෙලාදිකෙ බහූ සමණබ්‍රාහ‍්මණෙ පබ‍්බජිත්‍වා සාමඤ‍්ඤසුඛං අනුභවන‍්තෙ දිස‍්වා සාසනෙ පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා ආචරියුපජ‍්ඣායෙ ආරාධෙත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විවෙකවාසං වසන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.55.272-308) –

“අයොගෙ” යනාදී ගාථා ආයුෂ්මත් සුභූත තෙරුන් වහන්සේගේ ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී පින් රැස් කරමින් අවුත් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ කාලයෙහි බරණැස මහධනවත් පවුලක උපන්හ. නුවණැති වූ ඒ බමුණු කුමරා දිනක ශාස්තෲන් වහන්සේගෙන් දහම් අසා පහන් සිත් ඇතිව සරණ සිල්හි පිහිටා, මාසයකට අට වාරයක් සුවඳ ද්‍රව්‍ය සතරක් මිශ්‍රකර ශාස්තෲන් වහන්සේගේ ගඳකිලිය පිරිබඩ ගැන්වීය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් උපනුපන් ආත්මභාවයන්හි සුවඳ ශරීර ඇතිව ඉපිද සැප වින්දේය. මේ බුද්ධෝත්පාද කාලයේදී මගධ රට ගහපති කුලයේ ඉපිද “සුභූත” යන නමින් ප්‍රකටව, වැඩිවියට පත් හෙතෙම කාමුක සම්පත්හි නොඇලී ගිහිගේ හැර තීර්ථකයන් වෙත පැවිදි විය. එම සස්නෙහි හරයක් නොදුටු ඔහු, අප ශාස්තෲන් වහන්සේ වෙත උපතිස්ස, කෝලිත, සේල ආදී බොහෝ මහණ බමුණෝ පැමිණ, පැවිදි වී ශ්‍රමණඵල විඳිනු දැක; බුදුසසුන පිළිබඳව උපන් ශ්‍රද්ධාවෙන් පැවිදි විය. ආචාර්ය උපාධ්‍යායයන් සතුටු කිරීමෙන් කමටහන් ගත් හෙතෙම විවේක වාසයේ ඇලී වෙසෙමින් විදසුන් වඩා රහත් විය. සුභූත තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.

“ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙ, බ්‍රහ‍්මබන්‍ධු මහායසො; කස‍්සපො නාම ගොත‍්තෙන, උප‍්පජ‍්ජි වදතං වරො.

“මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයේ උපන්, මහත් යසස් ඇති, වාදීන්හට අග්‍ර වූ දෙතිස් මහා පුරුෂ ලකුණින් හෙබි අසූවක් අනුව්‍යඤ්ජන සහිත ඛ්‍යාමප්‍රභා කේතුමාලාවලින් නිකුත් රැස් දරන්නා වූ සඳු මෙන් ලෝවැසියාට සැනසිල්ල දෙන්නා වූ හිරු මෙන් ප්‍රභාලෝකය විහිදුවන්නා වූ වැහිවළාවක් මෙන් සත්‍වයන්ගේ ග්‍රීෂ්මය නිවන්නා වූ සයුර මෙන් ගුණයන්ට ආකරයක් වූ, ශීලයෙන් මහපොළොව වැනි වූ, සමාධියෙන් හිමවත් පව්ව වැනි වූ, ප්‍රඥාවෙන් අහස වැනි වූ, සුළඟ මෙන් කිසිතැනෙක නො ඇලෙන්නා වූ, නමින් කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.

“අනුබ්‍යඤ‍්ජනසම‍්පන‍්නො, බාත‍්තිංසවරලක‍්ඛණො; බ්‍යාමප‍්පභාපරිවුතො, රංසිජාලසමොත්‍ථටො.

“අස‍්සාසෙතා යථා චන්‍දො, සූරියොව පභඞ‍්කරො; නිබ‍්බාපෙතා යථා මෙඝො, සාගරොව ගුණාකරො.

“ධරණීරිව සීලෙන, හිමවාව සමාධිනා; ආකාසො විය පඤ‍්ඤාය, අසඞ‍්ගො අනිලො යථා.

“තදාහං බාරාණසියං, උපපන‍්නො මහාකුලෙ; පහූතධනධඤ‍්ඤස‍්මිං, නානාරතනසඤ‍්චයෙ.

එකල මම බරණැස් නුවර මහත් ධන ධාන්‍ය ඇති, විවිධ රත්න සමූහ ඇති මහා කුලයක උපන්නෙමි.

“මහතා පරිවාරෙන, නිසින‍්නං ලොකනායකං; උපෙච‍්ච ධම‍්මමස‍්සොසිං, අමතංව මනොහරං.

මහත් පිරිවරින් යුතුව වැඩහුන් බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ අමෘතය වැනි වූ ධර්මය ශ්‍රවණය කළෙමි.”

“ද‍්වත‍්තිංසලක‍්ඛණධරො, සනක‍්ඛත‍්තොව චන්‍දිමා; අනුබ්‍යඤ‍්ජනසම‍්පන‍්නො, සාලරාජාව ඵුල‍්ලිතො.

“තරු සහිත සඳ මෙන් දෙතිස් මහා පුරිස් ලකුණ දරන, අසූ අනූ ව්‍යඤ්ජනයෙන් යුතු, පිපුණු සල් රුකක් වැනි වූ, රැස් සමූහයෙන් වට කළ දීප්තිමත්, රන් පවුවක් වැනි වූ ඛ්‍යාම ප්‍රභා රශ්මියෙන් පිරිවරාගත් සරත් කාලයේ හිරු වැනි වූ, රන් වන් ශරීරයෙන් මැණික් පර්වතයක් වැනි වූ, මරුන් දිනා උතුම් ජිනවර වූ පිරුණු කරුණාවෙන් යුතු හදක් ඇති, ගුණයේ සාගරය වන්, ලොව ප්‍රකට කීර්ති ඇති, මහමෙර වැනි වූ යසසින් පැතිරුණා වූ, වීර වූ ආකාශය හා සම වූ මුනි වූ සුළඟ මෙන් සියලු තැන නොඇලෙන්නා වූ සිත් ඇති, නායක වූ, මහපොළොව මෙන් සව්සත්හට පිහිට වූ සත්වන මුනි වූ ජලය නොතැවරෙන පියුම මෙන් ලොව නො තැවරෙන්නා වූ, මිසදුටුවාද නම් පැලෑටි දවන ගින්නක් වැනි ඒ කාශ්‍යප බුදුහු බබළති.

“රංසිජාලපරික‍්ඛිත‍්තො, දිත‍්තොව කනකාචලො; බ්‍යාමප‍්පභාපරිවුතො, සතරංසී දිවාකරො.

“සොණ‍්ණානනො ජිනවරො, සමණීව සිලුච‍්චයො; කරුණාපුණ‍්ණහදයො, ගුණෙන විය සාගරො.

“ලොකවිස‍්සුතකිත‍්ති ච, සිනෙරූව නගුත‍්තමො; යසසා විත්‍ථතො වීරො, ආකාසසදිසො මුනි.

“අසඞ‍්ගචිත‍්තො සබ‍්බත්‍ථ, අනිලො විය නායකො; පතිට‍්ඨා සබ‍්බභූතානං, මහීව මුනිසත‍්තමො.

“අනුපලිත‍්තො ලොකෙන, තොයෙන පදුමං යථා; කුවාදගච‍්ඡදහනො, අග‍්ගික‍්ඛන්‍ධොව සොභති.

“අගදො විය සබ‍්බත්‍ථ, කිලෙසවිසනාසකො; ගන්‍ධමාදනසෙලොව, ගුණගන්‍ධවිභූසිතො.

ඒ කාශ්‍යප බුදුහු සියලු කෙලෙස් විස නසන බෙහෙතක් වැනියහ. ගුණ සුවඳින් සැරසුණු ගන්‍ධමාදන පවුව මෙනි. ඒ වීර වූ බුදුපියාණෝ රත්නයන්ට සයුර මෙන් ගුණයන්ට ආකරයකි. වන රාජීන්ගේ කසල පිස දමන සින්‍ධු නදිය මෙන් සියලු සතුන්ගේ කෙලෙස් දූවිලි පිස හරිනාහ.” “සතුරන් දිනූ මහා යෝධයෙකු මෙන් මරසෙනඟ මැඩ, සක්විති රජෙකු සත්රුවන්ට අධිපති වන්නාක් මෙන් සත් බොජ්ඣංග ධර්මයන්ට අධිපති වූ ඒ බුදුරජාණෝ; කෙලෙස් දෝෂ නම් ව්‍යාධියට පිළියම් කරන මහා වෛද්‍යවරයෙක් වෙති. මිසදිටු නම් ගෙඩිය නසන ශල්‍ය වෛද්‍යවරයෙකි. එකල දෙවි මිනිසුන් ගරු කරන, ලොව බබුළුවන්නා වූ මිනිසුන්ට හිරු වූ ඒ බුදුහු පිරිස් මැද හිඳ දහම් දෙසති.”

“ගුණානං ආකරො වීරො, රතනානංව සාගරො; සින්‍ධූව වනරාජීනං, කිලෙසමලහාරකො.

“විජයීව මහායොධො, මාරසෙනාවමද‍්දනො; චක‍්කවත‍්තීව සො රාජා, බොජ‍්ඣඞ‍්ගරතනිස‍්සරො.

“මහාභිසක‍්කසඞ‍්කාසො, දොසබ්‍යාධිතිකිච‍්ඡකො; සල‍්ලකත‍්තො යථා වෙජ‍්ජො, දිට‍්ඨිගණ‍්ඩවිඵාලකො.

“සො තදා ලොකපජ‍්ජොතො, සනරාමරසක‍්කතො; පරිසාසු නරාදිච‍්චො, ධම‍්මං දෙසයතෙ ජිනො.

“දානං දත්‍වා මහාභොගො, සීලෙන සුගතූපගො; භාවනාය ච නිබ‍්බාති, ඉච‍්චෙවමනුසාසථ.

“දන් දී මහත් භෝග සම්පත් ලබන්නේය. සීලය රැකීමෙන් සුගතියට යන්නේ ය. භාවනාවෙන් කෙලෙස් පිරිනිවෙන්නේය.” යනුවෙන් අනුශාසනා කරන්නා වූ මහත් ආශ්වාද ජනක වූ රසවත්-මුල මැද අග යහපත් වූ ඒ දහම් දෙසුම සැම දෙනම අමෘතයක් මෙන් අසති.

“දෙසනං තං මහස‍්සාදං, ආදිමජ‍්ඣන‍්තසොභනං; සුණන‍්ති පරිසා සබ‍්බා, අමතංව මහාරසං.

“සුත්‍වා සුමධුරං ධම‍්මං, පසන‍්නො ජිනසාසනෙ; සුගතං සරණං ගන‍්ත්‍වා, යාවජීවං නමස‍්සහං.

ඉමිහිරි දහම් අසා බුදුසසුනෙහි පැහැදුණු මම දිවි ඇති තෙක් බුදුන් සරණ ගියෙම්; උන්වහන්සේට නමස්කාර කළෙමි.

“මුනිනො ගන්‍ධකුටියා, ඔපුඤ‍්ජෙසිං තදා මහිං; චතුජ‍්ජාතෙන ගන්‍ධෙන, මාසෙ අට‍්ඨ දිනෙස‍්වහං.

එකල මම දුගඳ ශරීරයේ සුවඳ ලැබේවායි පතා බුදුරදුන්ගේ ගඳකිළියේ පොළොව මසකට දින අට බැගින් සිව්ගඳින් පිරිබඩ ගැන්වීමි.

“පණිධාය සුගන්‍ධත‍්තං, සරීරවිස‍්සගන්‍ධිනො; තදා ජිනො වියාකාසි, සුගන්‍ධතනුලාභිතං.

එවිට මා සසර සුවඳවත් සිරුරක් ලබන බව බුදුහු වදාළහ.

“යො යං ගන්‍ධකුටිභූමිං, ගන්‍ධෙනොපුඤ‍්ජතෙ සකිං; තෙන කම‍්මවිපාකෙන, උපපන‍්නො තහිං තහිං.

“යමෙක් මේ ගඳකිළි බිම නොයෙක් වර සුවඳ ගල්වා ද එහි විපාක වශයෙන් උපනුපන් අත්බැව්හිදී මෙතෙම සුවඳ ශරීර ලබන්නේය.

“සුගන්‍ධදෙහො සබ‍්බත්‍ථ, භවිස‍්සති අයං නරො; ගුණගන්‍ධයුත‍්තො හුත්‍වා, නිබ‍්බායිස‍්සතිනාසවො.

ගුණ සුවඳින් යුතු අවසන් අත්බැව්හි ආශ්‍රව දුරලා පිරිනිවෙන්නේය.”

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

මනාව කළ ඒ පින්කමේ හා චිත්ත ප්‍රාර්ථනාව අනුව මම මේ මිනිස් කය හැරදමා දෙව්ලොව උපන්නෙමි.”

“පච‍්ඡිමෙ ච භවෙ දානි, ජාතො විප‍්පකුලෙ අහං; ගබ‍්භං මෙ වසතො මාතා, දෙහෙනාසි සුගන්‍ධිතා.

“ඒ මම අවසන් අත්බැව්හි බමුණු මහසල් කුලයක උපන්නෙමි. මවුකුස වසන මා නිසා මගේ මවු ඉතා සුවඳවත් වූවාය.

“යදා ච මාතුකුච‍්ඡිම‍්හා, නික‍්ඛමාමි තදා පුරී; සාවත්‍ථි සබ‍්බගන්‍ධෙහි, වාසිතා විය වායථ.

මා කුසින් නික්මෙන කල මුළු සැවැත් නුවරම ඉතා සුවඳවත් වූවාය. මා කුසින් නික්මෙන කල මුළු සැවැත් නුවරම ඉතා සුවඳවත් වූයේය.

“පුප‍්ඵවස‍්සඤ‍්ච සුරභි, දිබ‍්බගන්‍ධං මනොරමං; ධූපානි ච මහග‍්ඝානි, උපවායිංසු තාවදෙ.

මනරම් වූ සුමිහිරි දිව්‍යමය සුවඳ ඇති මල්වැසි වැස්සේය. මාහැඟි සුවඳ දුම් දස දෙස පැතිරුණේය.

“දෙවා ච සබ‍්බගන්‍ධෙහි, ධූපපුප‍්ඵෙහි තං ඝරං; වාසයිංසු සුගන්‍ධෙන, යස‍්මිං ජාතො අහං ඝරෙ.

මා උපන් ගෘහය දෙවියන් විසින් සියලු සුවඳ දුම් හා මලින් සරසන ලද්දේය.”

“යදා ච තරුණො භද‍්දො, පඨමෙ යොබ‍්බනෙ ඨිතො; තදා සෙලං සපරිසං, විනෙත්‍වා නරසාරථි.

“මා භද්‍ර වූ තරුණ අවස්ථාවෙහි සිටි තරුණයෙක් වූ සමයෙහි පිරිස් සහිත සේල බමුණා බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි විය.

“තෙහි සබ‍්බෙහි පරිවුතො, සාවත්‍ථිපුරමාගතො; තදා බුද‍්ධානුභාවං තං, දිස‍්වා පබ‍්බජිතො අහං.

ඒ සියල්ලන් සමඟ සැවැත් පුරයට පැමිණි කල්හි උතුම් බුද්ධානුභාවය දුටු මම උන්වහන්සේ වෙත පැවිදි වූයෙමි.

“සීලං සමාධිපඤ‍්ඤඤ‍්ච, විමුත‍්තිඤ‍්ච අනුත‍්තරං; භාවෙත්‍වා චතුරො ධම‍්මෙ, පාපුණිං ආසවක‍්ඛයං.

ඉතා උතුම් ශීල, සමාධි, ප්‍රඥා හා විමුක්ති යන සිවුදහම් වැඩූ මම ආශ්‍රව ක්‍ෂය කොට නිවන් දුටුවෙමි.

“යදා පබ‍්බජිතො චාහං, යදා ච අරහා අහුං; නිබ‍්බායිස‍්සං යදා චාහං, ගන්‍ධවස‍්සො තදා අහු.

මා පැවිදි වූ කල්හි ද රහත් වූ අවස්ථාවෙහි ද මතු පිරිනිවෙන අවස්ථාවෙහි ද ඉතා සුවඳවත් මල් වැසි පැවතියේය.

“සරීරගන්‍ධො ච සදාතිසෙති මෙ, මහාරහං චන්‍දනචම‍්පකුප‍්පලං; තථෙව ගන්‍ධෙ ඉතරෙ ච සබ‍්බසො, පසය‍්හ වායාමි තතො තහිං තහිං.

මා හැඟි සඳුන්, සපු, උපුල් මල් සුවඳ මිශ්‍ර වු මාගේ ශරීර සුවඳ හැමකල්හි හමයි. මා ගිය ගිය තැන පවතින සුවඳ මැඩ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

අරහත‍්තං පන පත්‍වා තිත්‍ථියෙසු පබ‍්බජිත්‍වා අත‍්තනො පත‍්තං අත‍්තකිලමථානුයොගං දුක‍්ඛං, සාසනෙ පබ‍්බජිත්‍වා පත‍්තං ඣානාදිසුඛඤ‍්ච චින‍්තෙත්‍වා අත‍්තනො පටිපත‍්තිපච‍්චවෙක‍්ඛණමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත් සුභූත තෙරණුවෝ, තීර්ථකයන් වෙත පැවිදිව පෙර තමා විඳි අත්තකිලමථානුයෝගී දුක් ද දැන් බුදුසසුනේ පැවිදිව තමාම ලැබූ ධ්‍යානාදී සැපය ද ප්‍රකටව දක්වමින්, තමාගේ පිළිවෙත් මඟ නැවත සිහිපත් කරමින්, සිය රහත්බවද ප්‍රකාශ කරමින් මේ ගාථා දෙසූහ.

“අයොගෙ යුඤ‍්ජමත‍්තානං, පුරිසො කිච‍්චමිච‍්ඡකො; චරං චෙ නාධිගච‍්ඡෙය්‍ය, තං මෙ දුබ‍්භගලක‍්ඛණං.

“අයොගෙ යුඤ්ජමත්තානං පුරිසො කිච්ච මිච්ඡතො, වරඤ්චෙ නාධිගච්ඡෙය්‍ය, තම්මෙ දුබ්භග ලක්ඛණං”

“අබ‍්බූළ‍්හං අඝගතං විජිතං, එකඤ‍්චෙ ඔස‍්සජෙය්‍ය කලීව සියා; සබ‍්බානිපි චෙ ඔස‍්සජෙය්‍ය අන්‍ධොව සියා, සමවිසමස‍්ස අදස‍්සනතො.

“අබ්බූළ්හං අඝගතං විජිතං - එකං චෙ ඔස්සජෙය්‍ය කලීව සියා, සබ්බානිපි චෙ ඔස්සජෙය්‍ය අන්‍ධොව සියා - සමවිසමස්ස අදස්සනතො”

“යඤ‍්හි කයිරා තඤ‍්හි වදෙ, යං න කයිරා න තං වදෙ; අකරොන‍්තං භාසමානං, පරිජානන‍්ති පණ‍්ඩිතා.

“යංහි කයිරා තංහි වදෙ - යං න කයිරා න තං වදෙ, අකරොන්තං භාසමානානං - පරිජානන්ති පණ්ඩිතා”

“යථාපි රුචිරං පුප‍්ඵං, වණ‍්ණවන‍්තං අගන්‍ධකං; එවං සුභාසිතා වාචා, අඵලා හොති අකුබ‍්බතො.

“යථාපි රුචිරං පුප්ඵං වණ්ණවන්තං අගන්‍ධකං, එවං සුභාසිතා වාචා අඵලා හොති අකුබ්බතො”

“යථාපි රුචිරං පුප‍්ඵං, වණ‍්ණවන‍්තං සුගන්‍ධකං; එවං සුභාසිතා වාචා, සඵලා හොති කුබ‍්බතො”ති. –

“යථාපි රුචිරං පුප්ඵං වණ්ණවන්තං සගන්‍ධකං, එවං සුභාසිතා වාචා සඵලා හොති සකුබ්බතො” තී.

ඉමා පඤ‍්ච ගාථා අභාසි.

තත්‍ථ අයොගෙති අයුඤ‍්ජිතබ‍්බෙ අසෙවිතබ‍්බෙ අන‍්තද‍්වයෙ. ඉධ පන අත‍්තකිලමථානුයොගවසෙන අත්‍ථො වෙදිතබ‍්බො. යුඤ‍්ජන‍්ති තස‍්මිං අත‍්තානං යුඤ‍්ජන‍්තො යොජෙන‍්තො තථා පටිපජ‍්ජන‍්තො. කිච‍්චමිච‍්ඡකොති උභයහිතාවහං කිච‍්චං ඉච‍්ඡන‍්තො, තප‍්පටිපක‍්ඛතො අයොගෙ චරං චරන‍්තො චෙ භවෙය්‍ය. නාධිගච‍්ඡෙය්‍යාති යථාධිප‍්පෙතං හිතසුඛං න පාපුණෙය්‍යාති ඤායො. තස‍්මා යං අහං තිත්‍ථියමතවඤ‍්චිතො අයොගෙ යුඤ‍්ජිං, තං මෙ දුබ‍්භගලක‍්ඛණං අපුඤ‍්ඤසභාවො. “පුරිමකම‍්මබ්‍යාමොහිතො අයොගෙ යුඤ‍්ජි”න‍්ති දස‍්සෙති.

එහි “අයොගෙ” නොයෙදිය යුතු - සේවනය නොකළ යුතු අන්ත දෙකෙහි. මෙහිදී අත්තකිලමථානුයෝගය අදහස් වන බව දත යුතුයි. “යුඤ්ජං” එහි තමා යොදමින්, නිරතවෙමින්, එය පිළිපදිමින්. “කිච්චමිච්ඡතො” දෙලොවටම හිතවැඩ දායක වූ කටයුතු කැමැතිව. ඊට විරුද්ධ වූ නොයෙදිය යුතු වූ ප්‍රතිපදාවන්හි නිරත වූයෙමි. “නාධිගච්ඡෙය්‍ය” “ඔහු තමා කැමති වූ හිත වූ සුවයට නොපැමිණෙන්නේය” යන අර්ථයි. මෙසේ යම් කලෙක අන්‍ය තීර්ථක ඉගැන්වීම්වලින් රැවටුණු මම, නොයෙදිය යුතු කටයුත්තෙහි යෙදුනෙම් ද, ඒ මාගේ දුර්භාග ලක්‍ෂණයකි. පින් නොකළ බවෙකි.

අබ‍්බූළ‍්හං අඝගතං විජිතන‍්ති විබාධනසභාවතාය අඝා නාම රාගාදයො, අඝානි එව අඝගතං, අඝගතානං විජිතං සංසාරප‍්පවත‍්ති, තෙසං විජයො කුසලධම‍්මාභිභවො. “අඝගතං විජිත”න‍්ති අනුනාසිකලොපං අකත්‍වා වුත‍්තං. තං අබ‍්බූළ‍්හං අනුද‍්ධතං යෙන, තං අබ‍්බූළ‍්හාඝගතං විජිතං කත්‍වා එවංභූතො හුත්‍වා, කිලෙසෙ අසමුච‍්ඡින්‍දිත්‍වාති අත්‍ථො. එකඤ‍්චෙ ඔස‍්සජෙය්‍යාති අදුතියතාය පධානතාය ච එකං අප‍්පමාදං සම‍්මාපයොගමෙව වා ඔස‍්සජෙය්‍ය පරිච‍්චජෙය්‍ය චෙ. කලීව සො පුග‍්ගලො කාළකණ‍්ණී විය සියා. සබ‍්බානිපි චෙ ඔස‍්සජෙය්‍යාති සබ‍්බානිපි විමුත‍්තියා පරිපාචකානි සද‍්ධාවීරියසතිසමාධිපඤ‍්ඤින්‍ද්‍රියානි ඔස‍්සජෙය්‍ය චෙ, අභාවනාය ඡඩ‍්ඩෙය්‍ය චෙ, අන්‍ධොව සියා සමවිසමස‍්ස අදස‍්සනතො.

පෙර කර්ම නිසා “අඝගතිං විජිතං” වැළැක්වීම, පීඩා කිරීම ස්වභාව කරගත් බැවින් “අඝ” නම් වේ. රාගාදිය ද “අඝ” නම් වේ. සංසාර පැවැත්ම ඇති කරන රාගාදී කෙලෙස් දහම් පැරදවීම හෙවත් ඒ කෙලෙස් දහම් කුසල් දහම් මගින් අභිභවනය කර ජයගැනීම “අඝගතානං විජිතං - අඝගතං විජිතං” නම් වේ. මෙහි අනුනාසිකය, නිග්ගහීතය ලොප් නොකර තබන ලදි. ඒ කෙලෙස් දහම් ජයගැනීම නොකොට, ඊට උත්සාහ නොකොට යනු “අබ්බූළ්හං” නම් වේ. මෙසේ කෙලෙස් මුලිනුපුටා දැමීමෙන් තොර වූ මම, “එකං චෙ ඔස්සජෙය්‍යා” දෙවැන්නකු නැතිවද වීර්ය වඩමින් ද එකම අප්‍රමාදයේ යෙදීම, යහපත් උත්සාහයෙහි යෙදීම යම් පුද්ගලයකු හරනේ නම්; ඉවතට දමන්නේ නම්, ඒකාන්තයෙන් ඔහු ‘කලීව’ කාලකන්නියෙකු මෙන් වන්නේය. “සබ්බානිපි චෙ ඔස්සජෙය්‍ය” විමුක්තිය, සියලු පැසී, මුහුකුරා යන්නා වූ වීර්යය, සිහිය, සමාධිය, ප්‍රඥාව යන ඉන්‍ද්‍රියයන් අත්හරින්නේය. නොවැඩීමෙන්, වර්ධනය නොකර ඉවත දමන්නේය. ඔහු සමවිෂම බව නොදක්නා බැවින් අන්‍ධයෙක් ම වන්නේය.

යථාති ඔපම‍්මසම‍්පටිපාදනත්‍ථෙ නිපාතො. රුචිරන‍්ති සොභනං. වණ‍්ණවන‍්තන‍්ති වණ‍්ණසණ‍්ඨානසම‍්පන‍්නං. අගන්‍ධකන‍්ති ගන්‍ධරහිතං පාලිභද‍්දකගිරිකණ‍්ණිකජයසුමනාදිභෙදං. එවං සුභාසිතා වාචාති සුභාසිතා වාචා නාම තෙපිටකං බුද‍්ධවචනං වණ‍්ණසණ‍්ඨානසම‍්පන‍්නපුප‍්ඵසදිසං. යථා හි අගන්‍ධකං පුප‍්ඵං ධාරෙන‍්තස‍්ස සරීරෙ ගන්‍ධො න ඵරති, එවං එතම‍්පි යො සක‍්කච‍්චසවනාදීහි ච සමාචරති, තස‍්ස සක‍්කච‍්චං අසමාචරන‍්තස‍්ස යං තත්‍ථ කත‍්තබ‍්බං, තං අකුබ‍්බතො සුතගන්‍ධං පටිපත‍්තිගන්‍ධඤ‍්ච න ආවහති අඵලා හොති. තෙන වුත‍්තං “එවං සුභාසිතා වාචා, අඵලා හොති අකුබ‍්බතො”ති.

“යථා” යනු උපමාද්‍යෝතක නිපාතයකි. “රුචිරං” ශෝභන වූ. “වණ්ණවන්තං” වර්ණවත්භාවයෙන් යුක්ත වූ. “අගන්‍ධකං” සුවඳ නැති එරමුදු, කටරොලු, බඳුවද ආදී මල් වර්ග, “එවං සුභාසිතා වාචා” යනු වර්ණාදියෙන් ශෝභමාන මල් වැනි වූ ත්‍රිපිටක බුද්ධ වචනය ‘සුභාෂිත’ නම් වේ. යම් සේ සුවඳ නැති මල් පැළඳගත් තැනැත්තාගේ ශරීරයේ සුවඳ නො පැතිරෙන්නේ ද, එසේම මේ සුභාෂිත දහම් යමෙක් සකසා මැනවින් නො අසයි ද එහි නොයෙක් දේ ද ඔහුගේ දහම් ඇසීම ද එබඳු ය. සකසා දහම් නො අසා ද කළ යුතු දේ නොකරයි ද දහම් ශ්‍රවණාදිය නොකරයි ද සුත සුවඳ, ත්‍යාග සුවඳ, ප්‍රතිපත්ති සුවඳ යන සුගන්‍ධයන් ඔහුගෙන් නොහමයි. ඔහු දහමින් ලබන ඵලයක් නැත. එනිසා කියන ලදි. – “මෙසේ සුභාෂිත වචනය ක්‍රියාත්මක නොකරන්නාට නිෂ්ඵල වේ.

සුගන්‍ධකන‍්ති සුමනචම‍්පකනීලුප‍්පලපුප‍්ඵාදිභෙදං. එවන‍්ති යථා තං පුප‍්ඵං ධාරෙන‍්තස‍්ස සරීරෙ ගන්‍ධො ඵරති, එවං තෙපිටකබුද‍්ධවචනසඞ‍්ඛාතා සුභාසිතා වාචාපි යො සක‍්කච‍්චසවනාදීහි තත්‍ථ කත‍්තබ‍්බං කරොති, අස‍්ස පුග‍්ගලස‍්ස සඵලා හොති, සුතගන්‍ධපටිපත‍්තිගන්‍ධානං ආවහනතො මහප‍්ඵලා හොති මහානිසංසා. තස‍්මා යථොවාදං පටිපජ‍්ජෙය්‍ය, යථාකාරී තථාවාදී ච භවෙය්‍යාති. සෙසං වුත‍්තනයමෙව.

“සුගන්‍ධකං” සමන්, සපු, නිලුපුල් ආදී සුවඳවත් මල්. “එවං” යම් සේ ඒ සුවඳවත් මල් දරන්නාගේ ශරීරයෙන් සුවඳ පැතිරේ ද එසේම ත්‍රිපිටක බුද්ධ වචනය නම් සුභාෂිත වචනය, යමෙක් මනාව දහම් ඇසීම් වශයෙන් කළයුතු දේ ඉටුකරයි ද ඒ පුද්ගලයාට ඒ ධර්මය ඵල සහිත වේ. සුත, ත්‍යාග, ප්‍රතිපත්ති සුවඳවලින් යුක්ත වූ ඒ පුද්ගලයා ඉන් මහත්ඵල මහානිසංස විඳියි. ත්‍යාගශීලීභාවයත් පුරුදු කරන ඒ පුද්ගලයා කියන ලෙසම කරන්නෙකු ද වේ. (යථාවාදී තථාකාරී) සෙසු පදයන්ගේ අර්ථ ඉහත පැවසූ පරිදි දත යුතුයි.

සුභූතත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සුභූත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.