යෙදුමෙන් කියවන්න

සුභූතත්‍ථෙරගාථා

5. 1. 2.

5. 1. 2.

320. අයොගෙ යුඤ‍්ජමත‍්තානං පුරිසො කිච‍්චමිච‍්ඡතො, චරං චෙ නාධිගච‍්ඡෙය්‍ය තං මෙ දුබ‍්භගලක‍්ඛණං.

320. කටයුතු කැමැති වන පුරුෂ තෙම නො යෙදියයුතු අත්තකිලමථානුයෝගයෙහි තමා යොදන්නේ වේ ද, ඉදින් එහි හැසිරෙනුයේ අභිමතාර්‍ත්‍ථය නොලබන්නේ වේ ද, එය මාගේ දුර්‍භග ලක්‍ෂණය යි.

321. අබ‍්බූළ‍්හං අඝගතං විජිතං එකං චෙ ඔස‍්සජෙය්‍ය කලීව සියා, සබ‍්බානිපි චෙ ඔස‍්සජෙය්‍ය අන්‍ධොව සියා සමවිසමස‍්ස අදස‍්සනතො.

321. ඉදින් ක්ලේශවිජය නො කොට එක මැ අප්‍රමාදය හරනේ නම් දුර්‍භගයෙක් මැ වන්නේ යැ, ඉදින් සියලු වීර්‍ය්‍යාදී ධර්‍මය හරනේ නම් සමවිෂම නො දක්නා හෙයින් අන්‍ධයෙක් මැ වෙයි.

322. යං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන‍්තං භාසමානං පරිජානන‍්ති පණ‍්ඩිතා.

322. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ. යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ. නො කරන දැය කියනුවන්ට පඬිවරු පරිභව කෙරෙති.

323. යථා’පි රුචිරං පුප‍්ඵං වණ‍්ණවන‍්තං අගන්‍ධකං, එවං සුභාසිතා වාචා අඵලා හොති අකුබ‍්බතො.

323. යම්සේ සිත්කලු වූ වර්‍ණවත් වූ සුවඳ නැති මලෙක් වේ ද, එපරිද්දෙන් සුභාෂිත වචනය ද නො කරනුවහුට නිෂ්ඵල වෙයි.

324. යථා’පි රුචිරං පුප‍්ඵං වණ‍්ණවන‍්තං සගන්‍ධකං, එවං සුභාසිතා වාචා සඵලා හොති පකුබ‍්බතො’ති.

324. යම්සේ සිත්කලු වූ වර්‍ණවත් වූ සුවඳ සහිත මලෙක් වේ ද, එපරිද්දෙන් සුභාෂිත වචනය කරනුවහුට සඵල වේ යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුභූතො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් සුභූත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

සුභූතත්‍ථෙරගාථා.

සුභූත ස්ථවිරගාථා යි.