යෙදුමෙන් කියවන්න

රාජදත‍්තත්‍ථෙරගාථා

5. 1. 1.

5. 1. 1.

315. භික‍්ඛු සීවථිකං ගන‍්ත්‍වා අද‍්දසං ඉත්‍ථිමුජ‍්ඣිතං, අපවිද‍්ධං සුසානස‍්මිං ඛජ‍්ජන‍්තිං කිමිහී ඵුටං.

315. භික්‍ෂුවක් වූ මම අමුසොහොනට ගොස් සොහොනෙහි හැරපියන ලද පණුවන් විසින් පැතිරැ කනලද (මළ) ස්ත්‍රියක දිටිමි.

316. යං හි එකෙ ජිගුච‍්ඡන‍්ති මතං දිස‍්වාන පාපකං, කාමරාගො පාතුරහු අන්‍ධො’ව වසතී අහුං.

316. ඇතැම් කෙනෙක් ලාමක වූ යම් මළ සිරුරක් දැක පිළිකුල් කෙරෙත් ද, මට එහිලා කාමරාගය පහළ විය. (යම් සිරුරක්) නවදොරින් අසූචි වැහේ නම් එහි අන්‍ධදයකු මෙන් වීමි.

317. ඔරං ඔදනපාකම‍්හා තම‍්හා ඨානා අපක‍්කමිං, සතිමා සම‍්පජානොහං එකමන‍්තං උපාවිසිං.

317. බතක් පැසීමෙන් මෙපිට එතැනින් බැහැර ගියෙමි. මම සිහි ඇත්තෙම් නුවණ ඇත්තෙම් එක් පසෙකැ හුන්මි.

318. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ‍්ජථ, ආදීනවො පාතුරහු නිබ‍්බිදා සමතිට‍්ඨථ.

318. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහළ විය. නිර්වේදය එළැඹ සිටියේ.

319. තතො චිත‍්තං විමුච‍්චි මෙ පස‍්ස ධම‍්මසුධම‍්මතං, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසන’න‍්ති.

319. එයින් මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදැයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා රාජදත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් රාජදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

රාජදත‍්තත්‍ථෙරගාථා.

රාජදත්ත ස්ථවිරගාථා යි.