යෙදුමෙන් කියවන්න

මුදිතත්‍ථෙරගාථා

4. 1. 12.

4. 1. 12.

311. පබ‍්බජිං ජීවිකත්‍ථො’හං ලද‍්ධාන උපසම‍්පදං, තතො සද‍්ධං පටිලභිං දළ‍්හවිරියො පරක‍්කමිං.

311. මම ජීවිකාර්ත්‍ථී වැ පැවිදි වීම, උපසපුව ලැබ එයින් සැදැහැ ලදිමි, දැඩි වෙර ඇති වැ උත්සාහ කෙළෙමි.

312. කාමං භිජ‍්ජතු’යං කායො මංසපෙසී විසීයරුං, උභො ජණ‍්ණුකසන්‍ධීහි ජඞ‍්ඝායො පපතන‍්තු මෙ.

312. එකත්නෙන් මේ කය බිඳී යේවා, මාංශපේශීහු විසිරී යෙත්වා, මාගේ දෙදණ සන්‍ධියෙන් දෙකෙණ්ඩයෝ ගිලිහෙත්වා.

313. නාසිස‍්සං න පිවිස‍්සාමි විහාරා ච න නික‍්ඛමෙ, න’පි පස‍්සං නිපාතෙස‍්සං තණ‍්හාසල‍්ලෙ අනූහතෙ.

313. තෘෂ්ණා නමැති හුල නූදුළ කල්හි නො කමි, නො බොමි, වෙහෙරින් නො නික්මෙමි, ඇලය (බිම) නො තබමි.

314. තස‍්ස මෙවං විහරතො පස‍්ස විරියපරක‍්කමං, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසන’න‍්ති.

314. මෙසේ වාසය කරන්නා වූ මාගේ වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පරාක්‍රමය බලව, (මා විසින්,) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මුදිතො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් මුදිත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

මුදිතත්‍ථෙරගාථා.

මුදිත ස්ථවිරගාථා යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

නාගසමාලො භගු ච සභියො නන්‍දකො’පි ච ජම‍්බුකො සෙනකො ථෙරො සම‍්භූතො රාහුලො’පි ච භවති චන්‍දනො ථෙරො දසෙතෙ බුද‍්ධසාවකා ධම‍්මිකො සප‍්පකො ථෙරො මුදිතො චා’පි තෙ තයො ගාථායො ද‍්වෙ ච පඤ‍්ඤාස ථෙරා සබ‍්බෙ’පි තෙරසා’ති.

නාගසමාල යැ , භගු යැ, සභිය යැ, නන්‍දක යැ, ජම්බුක යැ, සොනක යැ, සම්භූත යැ, රාහුල යැ, යන බුදුසව්වෝ ද ධම්මික යැ, සප්පක යැ, මුදිත යැ යන තෙරවරු ද වෙති. ගාථා දෙපනසක් හා තෙළෙස් තෙර කෙනෙක් ද වෙත්.

චතුක‍්කනිපාතො නිට‍්ඨිතො.

චතුක්කනිපාතය නිමි.