යෙදුමෙන් කියවන්න

මුදිතත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මුදිතත්‍ථෙරගාථාවණ‍්ණනා

මුදිත ස්ථවිරගාථා වර්ණනාව

පබ‍්බජින‍්තිආදිකා ආයස‍්මතො මුදිතත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො එකං මඤ‍්චමදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොසලරට‍්ඨෙ ගහපතිකුලෙ නිබ‍්බත‍්තිත්‍වා මුදිතොති ලද‍්ධනාමො විඤ‍්ඤුතං පාපුණි. තෙන ච සමයෙන තං කුලං රඤ‍්ඤා කෙනචිදෙව කරණීයෙන පලිබුද‍්ධං අහොසි. මුදිතො රාජභයාභීතො පලායිත්‍වා අරඤ‍්ඤං පවිට‍්ඨො අඤ‍්ඤතරස‍්ස ඛීණාසවත්‍ථෙරස‍්ස වසනට‍්ඨානං උපගච‍්ඡි. ථෙරො තස‍්ස භීතභාවං ඤත්‍වා “මා භායී”ති සමස‍්සාසෙසි. සො “කිත‍්තකෙන නු ඛො, භන‍්තෙ, කාලෙන ඉදං මෙ භයං වූපසමෙස‍්සතී”ති පුච‍්ඡිත්‍වා “සත‍්තට‍්ඨමාසෙ අතික‍්කමිත්‍වා”ති වුත‍්තෙ – “එත‍්තකං කාලං අධිවාසෙතුං න සක‍්කොමි, පබ‍්බජිස‍්සාමහං, භන‍්තෙ, පබ‍්බාජෙථ ම”න‍්ති ජීවිතරක‍්ඛණත්‍ථං පබ‍්බජ‍්ජං යාචි. ථෙරො තං පබ‍්බාජෙසි. සො පබ‍්බජිත්‍වා සාසනෙ පටිලද‍්ධසද‍්ධො භයෙ වූපසන‍්තෙපි සමණධම‍්මංයෙව රොචෙන‍්තො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො – “අරහත‍්තං අප‍්පත්‍වා ඉමස‍්මා වසනගබ‍්භා බහි න නික‍්ඛමිස‍්සාමී”තිආදිනා පටිඤ‍්ඤං කත්‍වා විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.36.30-33) –

“පබ්බජිං” යනු ආයුෂ්මත් මුදිත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණැති බවට පැමිණියහ. දිනක් ඒ ශාස්තෲන් වහන්සේ දැක සිත පහදවාගත් ඒ සිටුකුමරු එක් පැසක් පූජා කළේය. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි ඔහු, මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට ගහපති පවුලක මුදිත නමින් ඉපිද නුවණැති බවට පැමිණියේ ය. ඒ කාලයේ දී එම ගහපති පවුල කිසියම් කරුණක් නිසා රජුගේ කෝපයට ලක්ව පළිගැනීම් සිදුවිය. ඊට බියවූ මුදිත එනුවරින් පලාගොස් එක් අරණ්‍යයකට පිවිස, එක්තරා රහත් තෙර නමක් වසන තැනකට පිවිසියේය. ඔහුගේ බියසුළු බව දුටු තෙරණුවෝ “දරුව, බිය නොවව” යි ඔහු අස්වසාලූහ. ඔහු ස්වාමීනි! මේ භය කවර කාලයකින් සන්සිඳේද”යි විමසූ විට තෙරණුවෝ “සත් අට මසකින් සන්සිඳේ” යැයි වදාළහ. “එපමණකල් ඉවසා සිටීමට නොහැක. මම පැවිදි වන්නෙමි. ස්වාමීනි! මා පැවිදි කළ මැනවි”යි ජීවිත ආරක්‍ෂාව සඳහා පැවිද්ද ඉල්ලීය. තෙරණුවෝ ඔහු පැවිදි කළහ. පැවිදිව බුදුසසුන පිළිබඳ උපදවාගත් ශ්‍රද්ධා ඇති මුදිත හිමියෝ රාජභය සන්සිඳුණු කල්හි ද මහණකමෙහිම ඇලී කමටහන් ගෙන විදසුන් භාවනාව වඩමින්, “රහත් නොවී මේ මම වසන කුටියෙන් පිටතට නො නික්මෙමි” යන ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්තව, විදසුනෙහිම සිත පිහිටුවා නොබෝ දිනකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“විපස‍්සිනො භගවතො, ලොකජෙට‍්ඨස‍්ස තාදිනො; එකං මඤ‍්චං මයා දින‍්නං, පසන‍්නෙන සපාණිනා.

“ලොවට එකම ජ්‍යෙෂ්ඨ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිත් ඇති මම සියතින්ම එක් පැසක් පූජා කළෙමි.

“හත්‍ථියානං අස‍්සයානං, දිබ‍්බයානං සමජ‍්ඣගං; තෙන මඤ‍්චකදානෙන, පත‍්තොම‍්හි ආසවක‍්ඛයං.

එහි විපාක වශයෙන් සසරදී මා හට ඇත්, අස්, දිව යානා පහළ විය. ගී නැටුම් ආදී උත්සව ශ්‍රීයෙන් සැප විඳි මම දැන් සියලු ආශ්‍රව ක්‍ෂය කළෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං මඤ‍්චමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, මඤ‍්චදානස‍්සිදං ඵලං.

මීට කල්ප අනූ එකකට පෙර දී යම් පැසක් පූජා කළෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියකට නොගියෙමි. පැස දානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුද්ධානුශාසනය ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා විමුත‍්තිසුඛං පටිසංවෙදෙන‍්තො සහායභික‍්ඛූහි අධිගතං පුච‍්ඡිතො අත‍්තනො පටිපන‍්නාකාරං කථෙන‍්තො –

රහත් බවට පත්ව විමුක්ති සුව විඳිමින් කල් යැවූ මුදිත තෙරුන්ගෙන් යහළු භික්‍ෂූහු, අවබෝධ කළ මාර්ගඵල පිළිබඳව විමසූහ. එවිට තමන් වහන්සේ පිළිපැදි ආකාරය හා අවබෝධ කළ අර්හත්භාවය පෙන්වා දෙමින් මේ සිවු ගාථා වදාළහ.

“පබ‍්බජිං ජීවිකත්‍ථොහං, ලද‍්ධාන උපසම‍්පදං; තතො සද‍්ධං පටිලභිං, දළ‍්හවීරියො පරක‍්කමිං.

“පබ්බජිං ජීවකත්‍ථෙහ ලද්ධාන උපසම්පදං, තතො සද්ධං පටිලභිං, දළ්හවිරියො පරක්කමිං’

“කාමං භිජ‍්ජතුයං කායො, මංසපෙසී විසීයරුං; උභො ජණ‍්ණුකසන්‍ධීහි, ජඞ‍්ඝායො පපතන‍්තු මෙ.

“කාමං භිජ්ජතුයං කායො මංසපෙසී විසීයරුං, උභොජණ්ණුකසන්‍ධීහි ජංඝායො පපතන්තු මෙ”

“නාසිස‍්සං න පිවිස‍්සාමි, විහාරා ච න නික‍්ඛමෙ; නපි පස‍්සං නිපාතෙස‍්සං, තණ‍්හාසල‍්ලෙ අනූහතෙ.

“නාසිස්සං න පිවිස්සාමි විහාරා ච න නික්ඛමෙ, නපි පස්සං නිපාතෙස්සං තණ්හාසල්ලෙ අනූහතෙ”

“තස‍්ස මෙවං විහරතො, පස‍්ස වීරියපරක‍්කමං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

“තස්සමෙවං විහරතො පස්ස විරියපරක්කමං, තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං”

චතස‍්සො ගාථා අභාසි.

තත්‍ථ ජීවිකත්‍ථොති ජීවිකාය අත්‍ථිකො ජීවිකප‍්පයොජනො. “එත්‍ථ පබ‍්බජිත්‍වා නිබ‍්භයො සුඛෙන අකිලමන‍්තො ජීවිස‍්සාමී”ති එවං ජීවිකත්‍ථාය පබ‍්බජින‍්ති අත්‍ථො. ලද‍්ධාන උපසම‍්පදන‍්ති පඨමං සාමණෙරපබ‍්බජ‍්ජායං ඨිතො ඤත‍්තිචතුත්‍ථෙන කම‍්මෙන උපසම‍්පදං ලභිත්‍වා. තතො සද‍්ධං පටිලභින‍්ති තතො උපසම‍්පන‍්නකාලතො පට‍්ඨාය කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තො ද‍්වෙ මාතිකා, තිස‍්සො අනුමොදනා, එකච‍්චං සුත‍්තං, සමථකම‍්මට‍්ඨානං, විපස‍්සනාවිධිඤ‍්ච උග‍්ගණ‍්හන‍්තො බුද‍්ධාදීනං මහානුභාවතං දිස‍්වා – “සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො ධම‍්මො, සුප‍්පටිපන‍්නො සඞ‍්ඝො”ති රතනත‍්තයෙ සද‍්ධං පටිලභිං. දළ‍්හවීරියො පරක‍්කමින‍්ති එවං පටිලද‍්ධසද‍්ධො හුත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව සච‍්චපටිවෙධාය දළ‍්හවීරියො ථිරවීරියො හුත්‍වා පරක‍්කමිං, අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදාය සම‍්මදෙව පදහිං.

එහි “ජීවිකත්‍ථො”, ජීවිතය සඳහා ජීවිතයෙන් ප්‍රයෝජන ඇතිව, මෙහි පැවිදි වී බිය නොමැතිව සුවසේ වෙහෙසට පත් නොවී ජීවත්වෙමියි යනුවෙන් ජීවත්වීම සඳහාම පැවිදිවී යන අර්ථයයි. “ලද්ධාන උපසම්පදං” පළමුව සාමණේරයකු පැවිදි වී, පසුව ඤත්ති චතුත්‍ථ කර්මයෙන් උපසම්පදාව ලැබ, “තතො සද්ධං පටිලභි” එසේ උපසපන් වූ කාලයේ සිටම කළණ මිතුරු ඇසුර ලැබීමෙන් උභය ප්‍රාතිමොක්‍ෂය, ත්‍රිවිධ අනුමෝදනා සහිත එක් සූත්‍රයක්, සමථ-විදසුන් ආදී කමටහන් විධි උගෙන බුද්ධාදී මහෝත්තමයන් මහානුභාවය දැක, “භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයහ. ධර්ම මනාව දේශනා කරන ලදහ. සංඝයා මනාවූ පිළිවෙත් ඇත්තෝය” යනුවෙන් තුණුරුවන් විෂයෙහි ශ්‍රද්ධාව උපදවා ගත්තෙමි. “දළ්හවිරියො පරක්කමිං” මෙසේ ලැබූ ශ්‍රද්ධාවෙන් විදසුන් භාවනා කමටහනෙහි දැඩි වීර්යයෙන්, ස්ථිර වීර්යයෙන් නොබෝ දිනකින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උත්සාහ කළෙමි. අකුසල් දහම් ප්‍රහාණයටත් කුසල් දහම් වැඩිදියුණු කර ගැනීමටත් මනාව උත්සාහ කළෙමි.

යථා පන පරක‍්කමිං, තං දස‍්සෙතුං “කාම”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ කාමන‍්ති යථාකාමං එකංසතො වා භිජ‍්ජතු. අයං කායොති අයං මම පූතිකායො, ඉමිනා වීරියපතාපෙන භිජ‍්ජති චෙ, භිජ‍්ජතු ඡින‍්නභින‍්නං හොතු. මංසපෙසී විසීයරුන‍්ති ඉමිනා දළ‍්හපරක‍්කමෙන ඉමස‍්මා කායා මංසපෙසියො විසීයන‍්ති චෙ, විසීයන‍්තු ඉතො චිතො විද‍්ධංසන‍්තු. උභො ජණ‍්ණුකසන්‍ධීහි, ජඞ‍්ඝායො පපතන‍්තු මෙති උභොහි ජණ‍්ණුකසන්‍ධීහි සහ මම උභො ජඞ‍්ඝායො සත්‍ථියො ඌරුබන්‍ධතො භිජ‍්ජිත්‍වා භූමියං පපතන‍්තු. “ම”න‍්තිපි පාඨො, සො එවත්‍ථො. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

ඒ පරාක්‍රම වීර්යයේ ආකාරය පැවසීම සඳහා “කාමං” යන ගාථාව වදාළහ. එහි “කාම” ඒකාන්තයෙන් අනිවාර්යයෙන්ම, “භිජ්ජතුං කායො” මේ මාගේ කුණුකය, මේ වීර්ය උපක්‍රමයෙන් බිඳී යේවා, සිඳී-බිඳී වැනසී යේවා. “මංසපෙසී විසීයරුං” මේ දැඩි වීර්ය හේතුවෙන් මගේ මේ කයින් මාශපේශී විසිරී යේවා, ඔබිනොබ පැතිරීයේවා. “උභො ජණ්ණුක සන්‍ධීහි ජංඝායො පපතන්තු මෙ” දෙදණ සන්‍ධියෙන් මගේ දෙකළවා, කෙන්ඩා බිඳී බිම වැටේවා. “මං” යන පාඨය ද යෙදේ. එහි අර්ථය ද එයම වේ. සෙසු පදයන්ගේ අර්ථ ඉහත පැවසූ පරිදිම දත යුතුයි.

මුදිතත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මුදිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

චතුක‍්කනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

චතුක්ක නිපාතයේ අර්ථ වර්ණනාව සමාප්තයි.