සප්පකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සප්පකත්ථෙරගාථාවණ්ණනා
සප්පක ස්ථවිරගාථා වර්ණනාව
යදා බලාකාතිආදිකා ආයස්මතො සප්පකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො ඉතො එකතිංසෙ කප්පෙ මහානුභාවො නාගරාජා හුත්වා නිබ්බත්තො සම්භවස්ස නාම පච්චෙකබුද්ධස්ස අබ්භොකාසෙ සමාපත්තියා නිසින්නස්ස මහන්තං පදුමං ගහෙත්වා උපරිමුද්ධනි ධාරෙන්තො පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා සප්පකොති ලද්ධනාමො විඤ්ඤුතං පත්තො භගවතො සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා කම්මට්ඨානං ගහෙත්වා අජකරණියා නාම නදියා තීරෙ ලෙණගිරිවිහාරෙ වසන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.52.78-83) –
“යදා බලාකා” යනු ආයුෂ්මත් සප්පක තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී පින් දහම් රැස්කරමින් අවුත් මීට කල්ප තිස් එකකට පෙර දී මහානුභාව සම්පන්න නාගරාජයකුව උපන්හ. සම්භවක නම් පසේ බුදුරජාණන් වහන්සේ එළිමහනේ සමවත් සුවයෙන් සිටිනු දැක, උන්වහන්සේගේ හිස මත මහත් වූ පියුමක් දරමින් බුද්ධ පූජාවක් සිදු කළ ඒ නා රජු එම පින්කමේ බලයෙන් දෙව් මිනිස් යන කාම සුගතීන්හිම ඉපිද සැප වින්දේය. මේ අපගේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර බමුණු පවුලක සප්පක නමින් ඉපිද නුවණැති බවට පත් හෙතෙම, අප භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. සප්පක තෙරණුවෝ කමටහන් රැගෙන අජකරණී නම් නදී තෙර වූ ලෙන් විහාරයේ වෙසෙමින් විදසුන් වඩා නොබෝ දිනකින්ම උතුම් රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“හිමවන්තස්සාවිදූරෙ, රොමසො නාම පබ්බතො; බුද්ධොපි සම්භවො නාම, අබ්භොකාසෙ වසී තදා.
“හිමවතට නුදුරෙහි රෝමස නම් පර්වතයක් ඇත. එකල එහි සම්භව නම් පසේ බුදුරජාණන් වහන්සේ එළිමහනෙහි වැඩ සිටි සේක.
“භවනා නික්ඛමිත්වාන, පදුමං ධාරයිං අහං; එකාහං ධාරයිත්වාන, භවනං පුනරාගමිං.
භවනයෙන් නික්ම පැමිණි මම උන්වහන්සේට පියුමක් දැරීමි. එක දිනක් එය දැරූ මම නැවත භවනයට ගියෙමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං බුද්ධමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මීට කල්ප තිස් එකකට පෙර යම් බුද්ධ පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් දුගතියකට නොගියෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
සො අරහත්තං පත්වා සත්ථාරං වන්දිතුං සාවත්ථිං ආගතො ඤාතීහි උපට්ඨීයමානො තත්ථ කතිපාහං වසිත්වා ධම්මං දෙසෙත්වා ඤාතකෙ සරණෙසු ච සීලෙසු ච පතිට්ඨාපෙත්වා යථාවුත්තට්ඨානමෙව ගන්තුකාමො අහොසි. තං ඤාතකා “ඉධෙව, භන්තෙ, වසථ, මයං පටිජග්ගිස්සාමා”ති යාචිංසු. සො ගමනාකාරං දස්සෙත්වා ඨිතො අත්තනා වසිතට්ඨානකිත්තනාපදෙසෙන විවෙකාභිරතිං පකාසෙන්තො –
රහත් බවට පත් සප්පක තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ වැඳ පුදා ගැනීමට සැවැත් නුවරට පැමිණියහ. ඤාතීන්ගේ පුද සත්කාර සම්මාන විඳිමින් එහි දින කිහිපයක් විසූ උන්වහන්සේ දහම් දෙසා ඤාති සමූහයා සරණ සිල්හි පිහිටුවා, පෙර විසූ තැනට ම යනු කැමති වූහ. ඒ ඤාතීහු “ස්වාමීනි! මෙහිම වසනු මැනවි. අපි සත්කාර කරන්නෙමු”යි ආරාධනා කළහ. යායුතු බවම හඟවමින් සප්පක තෙරණුවෝ තමා පෙර විසූ ස්ථානය ද විවේක සුවය ද වර්ණනා කරමින් සිය ඤාතීන්ට මේ ගාථා සතර දෙසූහ.
“යදා බලාකා සුචිපණ්ඩරච්ඡදා, කාළස්ස මෙඝස්ස භයෙන තජ්ජිතා; පලෙහිති ආලයමාලයෙසිනී, තදා නදී අජකරණී රමෙති මං.
“යදා බලාකා සුචිපණ්ඩරච්ඡදා, කාලස්ස මෙඝස්ස භයෙන තජ්ජිතා, පලෙහතී ආලයමාලයෙසිනී, තදා නදී අජකරණී රමෙති මං.
“යදා බලාකා සුවිසුද්ධපණ්ඩරා, කාළස්ස මෙඝස්ස භයෙන තජ්ජිතා; පරියෙසති ලෙණමලෙණදස්සිනී, තදා නදී අජකරණී රමෙති මං.
“යදා බලාකා සුවිසුද්ධපණ්ඩරා, කාලස්ස මෙඝසස්ස භයෙන තජ්ජිතා, පරියෙසතී ලෙනමලෙන දස්සිනී, තදා නදී අජකරණී රමෙති මං”
“කං නු තත්ථ න රමෙන්ති, ජම්බුයො උභතො තහිං; සොභෙන්තී ආපගාකූලං, මම ලෙණස්ස පච්ඡතො.
“කන්නු තත්ථ න රමෙන්ති ජම්බුයො උභතො තහිං, සොභෙන්ති ආපගා කූලං මම ලෙනස්ස පච්ඡතො”
“තාමතමදසඞ්ඝසුප්පහීනා, භෙකා මන්දවතී පනාදයන්ති; නාජ්ජ ගිරිනදීහි විප්පවාසසමයො, ඛෙමා අජකරණී සිවා සුරම්මා”ති. – චතස්සො ගාථා අභාසි;
“තාම තම දසංඝසුප්පහීණා, භෙකා මන්දවතී පනාදයන්තී, නාජ්ජ ගිරිනදීහි විප්පවාසසමයො ඛෙමා අජකරණී සිවා සුරම්මා”
තත්ථ යදාති යස්මිං කාලෙ. බලාකාති බලාකාසකුණිකා. සුචිපණ්ඩරච්ඡදාති සුචිසුද්ධධවලපක්ඛා. කාළස්ස මෙඝස්ස භයෙන තජ්ජිතාති ජලභාරභරිතතාය කාළස්ස අඤ්ජනගිරිසන්නිකාසස්ස පාවුස්සකමෙඝස්ස ගජ්ජතො වුට්ඨිභයෙන නිබ්බිජ්ජිතා භිංසාපිතා. පලෙහිතීති ගොචරභූමිතො උප්පතිත්වා ගමිස්සති. ආලයන්ති නිලයං අත්තනො කුලාවකං. ආලයෙසිනීති තත්ථ ආලයනං නිලීයනමෙව ඉච්ඡන්තී. තදා නදී අජකරණී රමෙති මන්ති තස්මිං පාවුස්සකකාලෙ අජකරණීනාමිකා නදී නවොදකස්ස පූරා හාරහාරිනී කුලඞ්කසා මං රමෙති මම චිත්තං ආරාධෙතීති උතුපදෙසවිසෙසකිත්තනාපදෙසෙන විවෙකාභිරතිං පකාසෙසි.
එහි “යදා” යනු යම් කලෙක “බලාකා” කෙකනියෝ, “සුචිපණ්ඩරච්ඡදා” ඉතා පිරිසිදු සුදුපාට පියාපත් ඇති, “කාලස්ස මෙඝස්ස භයෙන තජ්ජිතා” ජල සමූහයක් දරන බැවින් කළු පාට වූ අඳුන් ගිරි සමූහයක් වත් වැහිවලාවන්ගේ මේඝ ගර්ජනාවෙන්, දැන් වැසි වසීය යන බියෙන්, තැති ගත්. “පලෙහීතී” මෙතෙක් ආහාර ගනිමින් සිටි ගොදුරු බිම් හැර දමා යති. “ආලයං” වාසස්ථානයන්ට, තමාගේ කැදලිවලට, සිය වාසස්ථානයේ හිඳියි. එහි විසීම කැමති වේ යන අර්ථයයි. “තදා නදී අජකරණීරමෙති මං” ඒ වැසි කාලයේ අප්කරණී නම් ලද නදිය නව දිය පිරී, උතුරා යමින්, ඉවුරු තෙමා දමමින් මා සතුටු කරයි. මගේ සිත පිනවයි. විශේෂයෙන් සෘතු සම්පත්තිය පැවසීමෙන් සප්පක තෙරුන්ගේ විවේකයේ කැමති බව ප්‍රකාශ වේ.
සුවිසුද්ධපණ්ඩරාති සුට්ඨු විසුද්ධපණ්ඩරවණ්ණා, අසම්මිස්සවණ්ණා සබ්බසෙතාති අත්ථො. පරියෙසතීති මග්ගති. ලෙණන්ති වසනට්ඨානං. අලෙණදස්සිනීති වසනට්ඨානං අපස්සන්තී. පුබ්බෙ නිබද්ධවසනට්ඨානස්ස අභාවෙන අලෙණදස්සිනී, ඉදානි පාවුස්සකකාලෙ මෙඝගජ්ජිතෙන ආහිතගබ්භා පරියෙසති ලෙණන්ති නිබද්ධවසනට්ඨානං කුලාවකං කරොතීති අත්ථො.
“සුවිසුද්ධපණ්ඩරා” ඉතා පිරිසිදු සුදුපාට, පඬුවන් වෙනත් පාටක් හා මිශ්‍ර නොවූ සියළුම ශරීරය සුදුපාට වූ. “පරියෙසතී” සොයයි. “ලෙනං” විසීමට තැන් “අලෙනදස්සිනී” වාසයට සුදුසු තැනක් නොදක්නී, පෙර නිතරම වසන තැනක් නොමැති හෙයින් සැඟවෙන තැනක් නොදක්නී. දැන් වැසි කාලයේ මේඝ ගර්ජනාවෙන් නූපන් ගැබ් ඇති බැවින් “පරියෙසතී ලෙනං” සැඟවෙන තැන් සොයයි. නිතරම වෙසෙන තැන කැදැල්ලක් සාදයි යන අරුතයි.
කං නු තත්ථ…පෙ… පච්ඡතොති මම වසනකමහාලෙණස්ස පච්ඡතො පච්ඡාභාගෙ ආපගාකූලං අජකරණීනදියා උභතොතීරං තහිං තහිං ඉතො චිතො ච සොභෙන්තියො නිච්චකාලං ඵලභාරනමිතසාඛා සිනිද්ධපණ්ණච්ඡායා ජම්බුයො තත්ථ තස්මිං ඨානෙ කං නාම සත්තං න රමෙන්ති නු, සබ්බං රමෙන්තියෙව.
“කන්නු තත්ථ -පෙ- පච්ඡතො” මා වෙසෙන මහ ලෙන පිටිපස. පසුපස ජලය පිරි, අජකරණී නදියෙන් දෙඉවුරම ඉතා විසිතුරුව දියෙන් පුරවා ශෝභමාන කරන කල්හි, නිතර පලබරින් නැමුණු අතුපතරින් සිසිල් වූ සෙවණින් යුතු ජම්බු ගස් සමූහය, ඒ ප්‍රදේශයෙහි කවරෙක්ගේ සිත නොපිනවන්නේද? “සියල්ලන්ගේ සිත් පිනවන්නේමය” යන අරුතයි.
තාමතමදසඞ්ඝසුප්පහීනාති අමතං වුච්චති අගදං, තෙන මජ්ජන්තීති අමතමදා, සප්පා, තෙසං සඞ්ඝො අමතමදසඞ්ඝො, තතො සුට්ඨු පහීනා අපගතා. භෙකා මණ්ඩූකියො, මන්දවතී සරවතියො, පනාදයන්ති තං ඨානං මධුරෙන වස්සිතෙන නින්නාදයන්ති. නාජ්ජ ගිරිනදීහි විප්පවාසසමයොති අජ්ජ එතරහි අඤ්ඤාහිපි පබ්බතෙය්යාහි නදීහි විප්පවාසසමයො න හොති, විසෙසතො පන වාළමච්ඡසුසුමාරාදිවිරහිතතො ඛෙමා අජකරණී නදී. සුන්දරතලතිත්ථපුලිනසම්පත්තියා සිවා. සුට්ඨු රම්මා රමණීයා, තස්මා තත්ථෙව මෙ මනො රමතීති අධිප්පායො.
“තාමතමදසංඝසුප්පහීණා” අමතං යනු බෙහෙත්ය. ඖෂධය. බෙහෙත් වලින් මඩිනු ලබනුයේ “අමතමද” නම් වේ. එනම් සර්පයෝය. ඔවුන්ගේ සමූහය, “අමතමද සංඝ” නම් වේ. ඒ සර්ප සමූහයාගෙන් මනාව දුරු වූ ඉවත් වූ “සුප්පහීණා” නම් වේ. සර්ප සමූහයාගෙන් දුරු වූ පෙදෙසේ ඒ මැඩියෝ - ගෙම්බෝ නදදෙති. මිහිරි නාද පතුරුවති. ඒ ස්ථානය මිහිරි හැඬීමෙන් - නාදයෙන් නින්නාද කරවයි. “නාජ්ජ ගිරිනදීහි විප්පවාසසමයො” අද, මේ දැන් අනික් පර්වත, ගිරි, නදීන්ගෙන් වෙන්ව විසිය යුතු කාලය නොවෙයි. විශේෂයෙන්ම දරුණු මත්ස්‍ය කිඹුල් ආදීන්ගෙන් දුරුවූ ක්ෂේම වූ (සැක බිය රහිත) අජකරණී නදිය, රසවත් ඵලඵල්වයනගෙන් පිරී ගස් සහිත සුදුවැලි තලාවෙන් යුක්තව ඉතා රමණීයව ගලා බසී. මගේ සිත එහිම ඇලේ යන අදහසයි.
එවං පන වත්වා ඤාතකෙ විස්සජ්ජෙත්වා අත්තනො වසනට්ඨානමෙව ගතො. සුඤ්ඤාගාරාභිරතිදීපනෙන ඉදමෙව ච ථෙරස්ස අඤ්ඤාබ්යාකරණං අහොසීති.
මෙසේ පැවසූ සප්පක හිමියෝ නෑ සමූහයා හැර දමා, තමා පෙර විසූ ස්ථානයටම වැඩම කළහ. උන්වහන්සේ ශූන්‍යාගාර වාසයේ කැමැත්ත ප්‍රකාශ කළ මේ ගාථාවලින්ම, සිය රහත්භාවය ද විවරණය කළ සේක.
සප්පකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සප්පක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.