යෙදුමෙන් කියවන්න

සප‍්පකත්‍ථෙරගාථා

4. 1. 11.

4. 1. 11.

307. යදා බලාකා සුචිපණ‍්ඩරච‍්ඡදා කාළස‍්ස මෙඝස‍්ස භයෙන තජ‍්ජිතා, පලෙහිති ආලයමාලයෙසිනී තදා නදී අජකරණී රමෙති මං.

307. යම් කාලෙක පිවිතුරු සුදුපියාපත් ඇති කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී සැඟවෙන තැන් සොයන්නී වාසස්ථානය කරා පලායන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.

308. යදා බලාකා සුවිසුද‍්ධපණ‍්ඩරා කාළස‍්ස මෙඝස‍්ස භයෙන තජ‍්ජිතා, පරියෙසති ලෙණමලෙණදස‍්සිනී තදා නදී අජකරණී රමෙති මං.

308. යම් කලෙක පිවිතුරු පඞෙරවන් වූ කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී තිලීයනස්ථාන නො දක්නී සැඟවෙන තැන් සොයන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.

309. කං නු තත්‍ථ න රමෙන‍්ති ජම‍්බුයො උභතො තහිං, සොභෙන‍්ති ආපගාකූලං මම ලෙණස‍්ස පච‍්ඡතො.

309. එහි මාගේ ලෙන පිටිපස ජම්බුවෘක්‍ෂයෝ දෙපස ගංඉවුරු හොබවති. ඒ වෘක්‍ෂයෝ එහි කවරක්හු නො පිනවත් ද,

310. තා මතමදසඞ‍්ඝසුප‍්පහීනා භෙකා මන්‍දවතී පනාදයන‍්ති, නාජ‍්ජ ගිරිනදීහි විප‍්පවාසසමයො ඛෙමා අජකරණී සිවා සුරම‍්මා’ති.

310. සර්‍පසමූහයාගෙන් මොනොවට මිදුණු ගම්භීරනාද ඇති ඒ මඬියෝ නද දෙති. දැන් ගිරිනදින්ගෙන් වෙන් වැ විසියයුතු කාලය නො වෙයි. නිර්‍භය වූ අජකරණී නදිය භද්‍ර වූවා අතිශයින් සිත්කලු වූ යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සප‍්පකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් සප්පක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

සප‍්පකත්‍ථෙරගාථා.

සප්පක ස්ථවිරගාථා යි.