යෙදුමෙන් කියවන්න

ධම‍්මිකත්‍ථෙරගාථා

4. 1. 10.

4. 1. 10.

303. ධම‍්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං ධම‍්මො සුචිණ‍්ණො සුඛමාවහාති, එසානිසංසො ධම‍්මෙ සුචිණ‍්ණෙ න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී.

303. සුචරිතධර්‍ම තෙම එකත්නෙන් එදහම් පිළිපදිනුවනු රක්නේ යැ. මොනොවට රැස් කළ එදහම සුව එළවයි. ධර්‍මය මොනොවට රැස් කළ කල්හි තෙල අනුසස් ඇත. ධර්‍මචාරී තෙම දුගතියට නොයන්නේ යැ.

304. න හි ධම‍්මො අධම‍්මො ච උභො සමවිපාකිනො, අධම‍්මො නිරයං නෙති ධම‍්මො පාපෙති සුග‍්ගතිං.

304. ධර්‍මය අධර්‍මය යන දෙදෙන සමවිපාක ඇත්තාහු නො වෙති. අධර්‍මය නිරය කරා පමුණුවයි. ධර්‍මය සුගතියට පමුණුවයි.

305. තස‍්මා හි ධම‍්මෙසු කරෙය්‍ය ඡන්‍දං ඉති මොදමානො සුගතෙන තාදිනා, ධම‍්මෙ ඨිතා සුගතවරස‍්ස සාවකා නීයන‍්ති ධීරා සරණවරග‍්ගගාමිනො.

305. එහෙයින් ධර්‍මයෙහි සිටි බුද්ධශ්‍රාවක වූ ධීරයෝ උතුම් සරණ ගියාහු නිවනට ගෙනයනු ලැබෙති. තාදීගුණ ඇති සුගතයන් හේතු කොටගෙන මෙසේ සතුටු වනුයේ ධර්‍මයෙහි ඡන්‍දය කරන්නේ යැ.

306. විප‍්ඵොටිතො ගණ‍්ඩමූලො තණ‍්හාජාලො සමූහතො, සො ඛීණසංසාරො න චත්‍ථි නිඤ‍්චනං චන්‍දො යථා දොසිනා පුණ‍්ණමාසියාති.

306. පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත ගණ්ඞයාගේ මූලය නසනලද, තෘෂ්ණාජාලය උපුටනලද. ඒ මම ගෙවනලද සසර ඇත්තෙමි. මට රාගාදි කිඤ්චනයෙක් නැත. (මහිකාදි) දෝෂ රහිත බැවින් පණුරැසි සඳ මෙනි යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ධම‍්මිකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් ධම්මික ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

ධම‍්මිකත්‍ථෙරගාථා.

ධම්මික ස්ථවිරගාථා යි.