යෙදුමෙන් කියවන්න

චන්‍දනත්‍ථෙරගාථා

4. 1. 9.

4. 1. 9.

299. ජාතරූපෙන පච‍්ඡන‍්නා දාසීගණපුරක‍්ඛතා අඞ‍්කෙන පුත‍්තමාදාය භරියා මං උපාගමි.

299. රන්මුවා අබරණින් සැදුණු සිරුර ඇති දාසීගණයා විසින් පෙරටු කරනලද භාර්‍ය්‍යා තොමෝ ඇකයෙන් පුතු වඩාගෙන මා වෙත එළඹියා යැ.

300. තං ච දිස‍්වාන ආයන‍්තිං සකපුත‍්තස‍්ස මාතරං අලඞ‍්කතං සුවසනං මච‍්චුපාසං’ව ඔඩ‍්ඩිතං.

300. සැරසුණු හන්පෙරෙවි මනා වස්ත්‍ර ඇති බහාලූ මාරපාශයක් වැනි එන්නා වූ සියපුතුගේ මෑණියන් වූ ඇය දැක.

301. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ‍්ජථ ආදීනවො පාතුරහු නිබ‍්බිදා සමතිට‍්ඨථ.

301. එයින් මට යෝනිසෝමනසිකාර උපන, ආදීනව පහළ වී, නිර්වේදය උදාවී.

302. තතො චිත‍්තං විමුච‍්චි මෙ පස‍්ස ධම‍්මසුධම‍්මතං තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනන‍්ති.

302. එයින් මාගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව, ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ, බුදුන්ගේ අනුශාසනය කරනලදැ’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා චන්‍දනො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් චන්‍දනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

චන්‍දනත්‍ථෙරගාථා.

චන්‍දන ස්ථවිරගාථා යි.