යෙදුමෙන් කියවන්න

චන්‍දනත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

චන්‍දනත්‍ථෙරගාථාවණ‍්ණනා

චන්‍දන ස්ථවිරගාථා වර්ණනාව

ජාතරූපෙනාතිආදිකා ආයස‍්මතො චන්‍දනත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො ඉතො එකතිංසෙ කප‍්පෙ බුද‍්ධසුඤ‍්ඤෙ ලොකෙ රුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්තො සුදස‍්සනං නාම පච‍්චෙකබුද‍්ධං පබ‍්බතන‍්තරෙ වසන‍්තං දිස‍්වා පසන‍්නමානසො කුටජපුප‍්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං විභවසම‍්පන‍්නෙ කුලෙ නිබ‍්බත‍්තිත්‍වා චන්‍දනොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො ඝරාවාසං වසන‍්තො සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා සොතාපන‍්නො අහොසි. සො එකං පුත‍්තං ලභිත්‍වා ඝරාවාසං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤෙ විහරන‍්තො සත්‍ථාරං වන්‍දිතුං සාවත්‍ථිං ආගතො සුසානෙ වසති. තස‍්ස ආගතභාවං සුත්‍වා පුරාණදුතියිකා අලඞ‍්කතපටියත‍්තා දාරකං ආදාය මහතා පරිවාරෙන ථෙරස‍්ස සන‍්තිකං ගච‍්ඡති – “ඉත්‍ථිකුත‍්තාදීහි නං පලොභෙත්‍වා උප‍්පබ‍්බාජෙස‍්සාමී”ති. ථෙරො තං ආගච‍්ඡන‍්තිං දූරතොව දිස‍්වා “ඉදානිස‍්සා අවිසයො භවිස‍්සාමී”ති යථාරද‍්ධං විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.52.37-43) –

“ජාතරූපෙන” යනු ආයුෂ්මත් චන්දන තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස්කරමින් අවුත්, මීට කල්ප තිස් එකකට පෙර දී බුද්ධ ශූන්‍ය වූ ලෝකයෙහි රුක් දෙවියෙක්ව උපන්හ. සුදස්සන නම් පසේ බුදුරජාණන් වහන්සේ එක් පර්වත පාදයක වෙසෙනු දැක, පහන් සිත් ඇතිවූ ඒ දෙවියා උන්වහන්සේට කෙළින්ද මලින් පූජා කළේය. ඒ පින්කමේ බලයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර මහ සම්පත් ඇති පවුලක ඉපිද චන්දන නාමයෙන් ප්‍රකට විය. වැඩිවියට පත් චන්දන කුමරු ගිහිගේ වසමින්ම ශාස්තෲන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කොට සෝවාන් ඵලයෙහි පිහිටියේය. එක් පුතෙකු ලැබුණු පසු ගිහිගෙයින් නික්ම පැවිදි වූ ඔහු විදසුන් කමටහනෙහි සිත පිහිටුවා අරණ්‍යයෙහි විසීය. දිනක් ශාස්තෲන් වහන්සේ වැඳ පුදා ගැනීමට සැවැත් නුවරට පැමිණි චන්ද තෙරණුවෝ සුසාන භූමියේ විසූහ. උන්වහන්සේ එහි වෙසෙන බව දැනගත් පැරණි (ගිහි කල) භාර්යාව තම එකම පුතු ද රැගෙන ඉතා අලංකාරව සැරසී මහත් පිරිවරින්, “මොහු ස්ත්‍රී මායම්වලින් රවටාගෙන සිවුරු හරවා ගන්නෙමි”යි තෙරුන් සමීපයට පැමිණියාය. තෙරණුවෝ ඇයගේ පැමිණීම දුරදීම දැක “දැන් මැයට වසඟ නොවන්නෙක් වන්නෙමි”යි උත්සාහවත්ව විදසුනෙහි සිත පිහිට වූ සේක් රහත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.

“හිමවන‍්තස‍්සාවිදූරෙ , වසලො නාම පබ‍්බතො; බුද‍්ධො සුදස‍්සනො නාම, වසතෙ පබ‍්බතන‍්තරෙ.

“හිමවතට නුදුරෙහි වසල නම් පර්වතයක් ඇත. සුදස්සන නම් පසේ බුදුරජාණන් වහන්සේ එහි පර්වත අතුරෙහි විසීය.

“පුප‍්ඵං හෙමවන‍්තං මය‍්හ, වෙහාසං අගමාසහං; තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං, ඔඝතිණ‍්ණමනාසවං.

හිමවතේ හටගත් මල් ගෙන අහසින් යන මම කෙලෙස් දූවිලි නැති ඕඝයන් තරණය කළ ආශ්‍රව විරහිත බුදුරදුන් දුටුවෙමි.

“පුප‍්ඵං කුටජමාදාය, සිරෙ කත්‍වාන අඤ‍්ජලිං; බුද‍්ධස‍්ස අභිරොපෙසිං, සයම‍්භුස‍්ස මහෙසිනො.

එකල මම කෙළින්ද මල් හිසෙහි තබාගෙන මම ම සියල්ල බුදුරදුන්ට පිදුවෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං පුප‍්ඵමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මීට කල්ප තිස් එකකට පෙර සියල්ල තමාම අවබෝධ කළ, මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේට යම් මල් පූජාවක් කළෙම්ද ඒ බුදුපුදෙහි විපාක ලෙස මම දුගතියක නූපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා ආකාසෙ ඨත්‍වා තස‍්සා ධම‍්මං දෙසෙත්‍වා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාපෙත්‍වා සයං අත‍්තනා පුබ‍්බෙ වසිතට‍්ඨානමෙව ගතො. සහායභික‍්ඛූහි – “විප‍්පසන‍්නානි ඛො තෙ, ආවුසො, ඉන්‍ද්‍රියානි, කච‍්චි තයා සච‍්චානි පටිවිද‍්ධානී”ති පුට‍්ඨො –

ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ අහසේ සිට ඇයට දහම් දෙසා සරණ සිල්හි පිහිටුවා, තමන් වහන්සේ පෙර විසූ තැනටම ගියහ. එහි විසූ සහායක භික්‍ෂූහු “ඇවැත්නි! නුඹගේ ඉන්‍ද්‍රියයෝ ප්‍රසන්නයහ. කිම නුඹ විසින් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ සේක් ද?”යි විචාළහ. එවිට චන්දන තෙරණුවෝ -

“ජාතරූපෙන සඤ‍්ඡන‍්නා, දාසීගණපුරක‍්ඛතා; අඞ‍්කෙන පුත‍්තමාදාය, භරියා මං උපාගමි.

“ජාතරූපෙන පච්ඡන්නා දාසී ගණ පුරක්ඛතා, අංකෙන පුත්තං ආදාය භරියා මං උපාගමී”

“තඤ‍්ච දිස‍්වාන ආයන‍්තිං, සකපුත‍්තස‍්ස මාතරං; අලඞ‍්කතං සුවසනං, මච‍්චුපාසංව ඔඩ‍්ඩිතං.

“තංච දිස්වාන ආයන්තිං සකපුත්තස්ස මාතරං, අලංකතං සුවසනං මච්චපාසංව ඔඩ්ඩිතං”

“තතො මෙ මනසීකාරො, යොනිසො උදපජ‍්ජථ; ආදීනවො පාතුරහු, නිබ‍්බිදා සමතිට‍්ඨථ.

“තතො මෙ මනසීකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහූ, නිබ්බිදා සමතිට්ඨථ”

“තතො චිත‍්තං විමුච‍්චි මෙ, පස‍්ස ධම‍්මසුධම‍්මතං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

“තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්ම සුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං”

ඉමාහි ගාථාහි අත‍්තනො පටිපත‍්තිං කථෙන‍්තො අඤ‍්ඤං බ්‍යාකාසි.

යන ගාථා සතරින් තම පිළිවෙත් මඟ පහදමින් සිය රහත්භාවය ප්‍රකාශ කළ සේක.

තත්‍ථ ජාතරූපෙන සඤ‍්ඡන‍්නාති ජාතරූපමයෙන සීසූපගාදිඅලඞ‍්කාරෙන අලඞ‍්කරණවසෙන පටිච‍්ඡාදිතසරීරා, සබ‍්බාභරණභූසිතාති අත්‍ථො. දාසීගණපුරක‍්ඛතාති යථාරහං අලඞ‍්කතපටියත‍්තෙන අත‍්තනො දාසිගණෙන පුරතො කතා පරිවාරිතාති අත්‍ථො. අඞ‍්කෙන පුත‍්තමාදායාති “අපි නාම පුත‍්තම‍්පි දිස‍්වා ගෙහස‍්සිතසාතො භවෙය්‍යා”ති පුත‍්තං අත‍්තනො අඞ‍්කෙන ගහෙත්‍වා.

එහි “ජාතරූපෙන පච්ඡන්නා” රන්රිදී වලින් කළ හිස, ගෙල ආදියේ පළඳින අලංකාර වූ ආභරණයන්ගෙන් වැසුණු ශරීර ඇති, සර්වාභරණවලින් සැරසුණු. “දාසී ගණපූරක්ඛතා” ඉතා සුදුසු සේ අලංකාරව සැරසුණු සිය දාසී සමූහයා විසින් පෙරටු කරගත් දාසී සමූහයා පිරිවරාගත් “අංකෙන පුත්තං ආදාය” මොහු පුතු දැකවත් ගිහිගේ වාසයට නැවත එනු ඇත” යන හැඟීමෙන් පුතු තම ඇකයේ රුවාගෙන,

ආයන‍්තින‍්ති ආගච‍්ඡන‍්තිං. සකපුත‍්තස‍්ස මාතරන‍්ති මම ඔරසපුත‍්තස‍්ස ජනනිං, මය‍්හං පුරාණදුතියිකන‍්ති අත්‍ථො. සබ‍්බමිදං ථෙරො අත‍්තනො කාමරාගසමුච‍්ඡෙදං බහුමඤ‍්ඤන‍්තො වදති. යොනිසො උදපජ‍්ජථාති “එවරූපාපි නාම සම‍්පත‍්ති ජරාබ්‍යාධිමරණෙහි අභිභුය්‍යති, අහො සඞ‍්ඛාරා අනිච‍්චා අධුවා අනස‍්සාසිකා”ති එවං යොනිසොමනසිකාරො උප‍්පජ‍්ජි. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

“ආයන්තිං” එන්නාවූ. “සකපුත්තස්ස මාතරං” මගේ එකම ඖරස පුත්‍රයාගේ මව වූ, මගේ ගිහිකල භාර්යාව යන අර්ථයයි. මෙම ගාථා දෙකින්ම තෙරුන් වහන්සේ සිය කාමරාගය මුලිනුපුටා දැමූ බව කියැවේ. “යොනිසො උදපජ්ජථ” ඒ ස්ත්‍රියගේ ස්වරූපය දුටු මට නුවණැස පහළ විය. මෙබඳු සම්පත්තියෙන් අනූන මේ ස්ත්‍රීහුද ජරාවට, ව්‍යාධියට, මරණයට පත්වෙති. අහෝ! ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. එහි ආශ්වාදයක් සැනසීමක් නොමැත. මෙසේ නුවණින් විමසා බැලීමෙන් යථාර්ථය අවබෝධ විය. ඉතිරි පදයන්ගේ අර්ථ ඉහතින් පැවසූ ලෙසම දත යුතුයි.

චන්‍දනත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

චන්දන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.