යෙදුමෙන් කියවන්න

රාහුලත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

රාහුලත්‍ථෙරගාථාවණ‍්ණනා

රාහුලභද්‍ර ස්ථවිරගාථා වර්ණනාව

උභයෙනාතිආදිකා ආයස‍්මතො රාහුලත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං සික‍්ඛාකාමානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සයම‍්පි තං ඨානන‍්තරං පත්‍ථෙත්‍වා සෙනාසනවිසොධනවිජ‍්ජොතනාදිකං උළාරං පුඤ‍්ඤං කත්‍වා පණිධානමකාසි. සො තතො චවිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ අම‍්හාකං බොධිසත‍්තං පටිච‍්ච යසොධරාය දෙවියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා රාහුලොති ලද‍්ධනාමො මහතා ඛත‍්තියපරිවාරෙන වඩ‍්ඪි, තස‍්ස පබ‍්බජ‍්ජාවිධානං ඛන්‍ධකෙ (මහාව· 105) ආගතමෙව. සො පබ‍්බජිත්‍වා සත්‍ථු සන‍්තිකෙ අනෙකෙහි සුත‍්තපදෙහි සුලද‍්ධොවාදො පරිපක‍්කඤාණො විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.2.68-85) –

“උභයෙන” යනු ආයුෂ්මත් රාහුල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස් කරමින් අවුත් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත් වූහ. දිනක් ධර්ම ශ්‍රවණය කරමින් සිටි ඔහු ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්‍ෂුවක් ශික්‍ෂාකාමීන් අතර අග තනතුරෙහි තබනු දැක තමාද එම තනතුර ප්‍රාර්ථනා කරමින් සෙනසුන් පිරිසිදු කිරීම්, බැබළවීම් ආදියෙන් මහත් වූ පින්කම් කළේය. ඉන් චුතව දෙව් මිනිස් දෙගතියේ සැරිසරමින් අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී අපගේ බෝසතුන් නිසා යසෝදරා දේවියගේ කුස පිළිසිඳ ගෙන, “රාහුල” යන නම ලැබ මහත් ක්‍ෂත්‍රිය ආරක්‍ෂා විධිවිධාන යටතේ වැඩුනේය. රාහුල කුමරුගේ පැවිදිවීම මහා ඛන්‍ධකගේ පැමිණි ලෙසම දත යුතුයි. පැවිදි වූ රාහුල තෙරණුවෝ, අප ශාස්තෲන් වහන්සේගේ සමීපයේදී නොයෙක් සූත්‍ර දේශනා මගින් ලැබූ අවවාද ඇතිව නුවණ මුහුකුරා ගොස්, විදසුනෙහි සිත පිහිටුවීමෙන් රහත් බවට පත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.

“පදුමුත‍්තරස‍්ස භගවතො, ලොකජෙට‍්ඨස‍්ස තාදිනො; සත‍්තභූමම‍්හි පාසාදෙ, ආදාසං සන්‍ථරිං අහං.

“ලෝක ජ්‍යෙෂ්ඨ වූ තාදී ගුණ ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සත්මහල් ප්‍රාසාදයක කැඩපතක් මෙන් ශෝභාමත් ඇතිරියක් අතුරා පූජා කළෙමි.

“ඛීණාසවසහස‍්සෙහි, පරිකිණ‍්ණො මහාමුනි; උපාගමි ගන්‍ධකුටිං, ද‍්විපදින්‍දො නරාසභො.

දෙපා ඇත්තවුන්ට අග්‍ර වූ මහාමුනි වූ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ රහතුන් දහසක් පිරිවරා ගෙන ගඳ කිළියට පිවිසි සේක.

“විරොචෙන‍්තො ගන්‍ධකුටිං, දෙවදෙවො නරාසභො; භික‍්ඛුසඞ‍්ඝෙ ඨිතො සත්‍ථා, ඉමා ගාථා අභාසථ.

දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේ ගඳකිළිය බබුළුවමින් බික් සඟන මැද වැඩ හිඳ මෙසේ වදාළහ.

“යෙනායං ජොතිතා සෙය්‍යා, ආදාසොව සුසන්‍ථතො; තමහං කිත‍්තයිස‍්සාමි, සුණාථ මම භාසතො.

“යමෙකු විසින් මේ සෙනසුන බබුළුවන ලද ද කැඩපතක් මෙන් ප්‍රභාමත් ඇතිරිල්ලක් මනාව මෙහි අතුරන ලද්දේද මම ඔහුගේ අනාගතය පවසමි. ඒ මාගේ වදන් සාවධානව අසවු.

“සොණ‍්ණමයා රූපිමයා, අථො වෙළුරියාමයා; නිබ‍්බත‍්තිස‍්සන‍්ති පාසාදා, යෙ කෙචි මනසො පියා.

මොහුට සිත සතුටු කරන රන්, රිදී, වෙරළුමිණිවලින් කළ කැඩපත් පහළ වේ.

“චතුසට‍්ඨික‍්ඛත‍්තුං දෙවින්‍දො, දෙවරජ‍්ජං කරිස‍්සති; සහස‍්සක‍්ඛත‍්තුං චක‍්කවත‍්තී, භවිස‍්සති අනන‍්තරා.

ශක්‍ර දේවේන්‍ද්‍ර සැට සතර වරක් දෙව්රජය කරන මෙතෙම දහස් වරක් සක්විති රාජ්‍යය කරන්නේය.

“එකවීසතිකප‍්පම‍්හි, විමලො නාම ඛත‍්තියො; චාතුරන‍්තො විජිතාවී, චක‍්කවත‍්තී භවිස‍්සති.

මෙයින් විසි එක්වන කල්පයේදී සිවුමහා දිවයින හා සිවුමහා සාගරය සහිත පෘථිවියම පාලනය කරන, සතුරු රජුන් ජයගන්නා වූ විමල නම් සක්විති රජව උපදින්නේය.

“නගරං රෙණුවතී නාම, ඉට‍්ඨකාහි සුමාපිතං; ආයාමතො තීණි සතං, චතුරස‍්සසමායුතං.

ඔහුගේ ගඩොලින් කළ නගරය රේණුවතී නමි. එය දිගින් යොදුන් තුන්සීයකි. හතරැස් හැඩයෙන් යුක්තය.

“සුදස‍්සනො නාම පාසාදො, විස‍්සකම‍්මෙන මාපිතො; කූටාගාරවරූපෙතො, සත‍්තරතනභූසිතො.

උතුම් වූ කුළු ගෙවලින් යුත් සත් රුවනින් අලංකාර කරන ලද විශ්ව කර්මයා විසින් මැවූ සුදර්ශන නම් ප්‍රාසාදයක් මොහුට පහළ වේ.

“දසසද‍්දාවිවිත‍්තං තං, විජ‍්ජාධරසමාකුලං; සුදස‍්සනංව නගරං, දෙවතානං භවිස‍්සති.

නීති විද්‍යාධරයන් ගැවසී එය දශවිධ ශබ්දයන්ගෙන් ගැවසී ගත් දෙවියන්ගේ සුදර්ශන නගරය මෙන් ශෝභාමත්ය.

“පභා නිග‍්ගච‍්ඡතෙ තස‍්ස, උග‍්ගච‍්ඡන‍්තෙව සූරියෙ; විරොචෙස‍්සති තං නිච‍්චං, සමන‍්තා අට‍්ඨයොජනං.

එම ප්‍රාසාදයේ ශෝභාව හිරු උදාවන කල්හි විහිදේ. එය නිරතුරුව හාත්පස අටයොදුන් තැන බබළන්නේය.

“කප‍්පසතසහස‍්සම‍්හි, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මීට කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ ගෞතම නම් ශාස්තෲහු ලොව පහළ වෙති.

“තුසිතා සො චවිත්‍වාන, සුක‍්කමූලෙන චොදිතො; ගොතමස‍්ස භගවතො, අත්‍රජො සො භවිස‍්සති.

කුසල බල මහිම ඇති මෙතෙම තුසී පුරයෙන් නික්ම, උන්වහන්සේගේ ඖරස පුත්‍රව උපදින්නේය.

“සචෙවසෙය්‍ය අගාරං, චක‍්කවත‍්තී භවෙය්‍ය සො; අට‍්ඨානමෙතං යං තාදී, අගාරෙ රතිමජ‍්ඣගා.

ඔහු ඉදින් ගිහි ගේ වෙසේ නම් සක්විති රජ වන්නේය. තාදී ගුණ සහිතයෝ ගිහිගෙයි ඇලීමට යාම සිදු නොවන දෙයකි.

“නික‍්ඛමිත්‍වා අගාරම‍්හා, පබ‍්බජිස‍්සති සුබ‍්බතො; රාහුලො නාම නාමෙන, අරහා සො භවිස‍්සති.

සුශික්‍ෂිත වූ මෙතෙම ගිහිගෙන් නික්ම පැවිදි වන්නේය. ඔහු රාහුල නමින් රහත් වන්නේය.”

“කිකීව අණ‍්ඩං රක‍්ඛෙය්‍ය, චාමරී විය වාලධිං; නිපකො සීලසම‍්පන‍්නො, මමං රක‍්ඛි මහාමුනි.

ඒ විවරණය එසේම සිදු විය. රාහුල හිමියෝ මෙසේ වදාළහ. “මහාමුනි වූ ගෞතම බුදුරජාණන් වහන්ස! කිරලා බිජුවට රකින්නාක් මෙන් ද සෙමෙර මුවා වලිගය රකින්නාක් මෙන් ද ශීලයෙන් යුක්ත වූ මම මනාව එය ආරක්‍ෂා කළෙමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන සසුනෙහි ඇලුනෙම් සියලු ආශ්‍රව ප්‍රහාණය කොට, අනාශ්‍රවව වෙසෙමි.

“තස‍්සාහං ධම‍්මමඤ‍්ඤාය, විහාසිං සාසනෙ රතො; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, විහරාමි අනාසවො.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත් වූ රාහුල තෙරණුවෝ තම පිළිවෙත් මඟ සිහිපත් කරමින්, සිය රහත් බව ප්‍රකාශ කරන සේක් මේ ගාථා සතර වදාළහ.

“උභයෙනෙව සම‍්පන‍්නො, රාහුලභද‍්දොති මං විදූ; යඤ‍්චම‍්හි පුත‍්තො බුද‍්ධස‍්ස, යඤ‍්ච ධම‍්මෙසු චක‍්ඛුමා.

“උභයෙනෙව සම්පන්නො රාහුලභද්දොති මං විදූ, යඤ්චම්හි පුත්තො බුද්ධස්ස යඤ්ච ධම්මෙසු චක්ඛුමා”

“යඤ‍්ච මෙ ආසවා ඛීණා, යඤ‍්ච නත්‍ථි පුනබ‍්භවො; අරහා දක‍්ඛිණෙය්‍යොම‍්හි, තෙවිජ‍්ජො අමතද‍්දසො.

“යඤ්ච මෙ ආසවා ඛීණා යං ච නත්‍ථි පුනබ්භවො, අරහා දක්ඛිණෙයොම්හි තෙවිජ්ජො අමතද්දසො”

“කාමන්‍ධා ජාලපච‍්ඡන‍්නා, තණ‍්හාඡදනඡාදිතා; පමත‍්තබන්‍ධුනා බද‍්ධා, මච‍්ඡාව කුමිනාමුඛෙ.

“කාමන්‍ධා ජාල පච්ඡන්නා තණ්හාඡදන ඡාදිතා, පමත්ත බන්‍ධුනා බද්ධා මච්ඡාව කුමිනාමුඛෙ”

“තං කාමං අහමුජ‍්ඣිත්‍වා, ඡෙත්‍වා මාරස‍්ස බන්‍ධනං; සමූලං තණ‍්හමබ‍්බුය‍්හ, සීතිභූතොස‍්මි නිබ‍්බුතො”ති. –

“තං කාමං අහමුජ්ඣිත්‍වා ඡෙත්‍වා මාරස්ස බන්‍ධනං, සමූලං තණ්හං අබ්බුය්හ සීතිභූතොස්මි නිබ්බුතො”

චතස‍්සො ගාථා අභාසි.

තත්‍ථ උභයෙනෙව සම‍්පන‍්නොති ජාතිසම‍්පදා, පටිපත‍්තිසම‍්පදාති උභයසම‍්පත‍්තියාපි සම‍්පන‍්නො සමන‍්නාගතො. රාහුලභද‍්දොති මං විදූති “රාහුලභද‍්දො”ති මං සබ්‍රහ‍්මචාරිනො සඤ‍්ජානන‍්ති. තස‍්ස හි ජාතසාසනං සුත්‍වා බොධිසත‍්තෙන “රාහු ජාතො, බන්‍ධනං ජාත”න‍්ති වුත‍්තවචනං උපාදාය සුද‍්ධොදනමහාරාජා “රාහුලො”ති නාමං ගණ‍්හි. තත්‍ථ ආදිතො පිතරා වුත‍්තපරියායමෙව ගහෙත්‍වා ආහ – “රාහුලභද‍්දොති මං විදූ”ති. භද‍්දොති ච පසංසාවචනමෙතං.

එහි “උභයෙනෙව සම්පන්නො” ජාති (උසස් කුලයක ඉපදීමෙන්) සම්පත්තියෙන් ද ප්‍රතිපත්ති සම්පත්තියෙන් ද යන උභය සම්පත්තීන්ගෙන් යුක්ත වූයෙම්. “රාහුලභද්දොති මං විදූ” සබ්‍රහ්මචාරී තෙරුවරු “රාහුල භද්‍ර” යැයි මා අමතකි. ඒ කුමරුගේ උපත ඇසූ සිදුහත් බෝසත්හු “රාහුලයෙක් උපන්නා, බන්‍ධනයක් ඇතිවුණා”යි කියූ වදන් ගෙන සුදොවුන් මහරජතුමා “රාහුල” යන නාමය සිය මුණුබුරාට තැබීය. එසේ උපතේ සිටම පිය ආදීන් විසින් තමා ඇමතූ නමම ගෙන - “නුවණැත්තෝ “රාහුල භද්‍ර” යැයි මා අමතති” යි පැවසූහ. එහි “භද්දො” යනු ප්‍රශංසාත්මක වදනකි. යහපත් වූ. භද්‍ර වූ.

ඉදානි තං උභයසම‍්පත‍්තිං දස‍්සෙතුං “යඤ‍්චම‍්හී”තිආදි වුත‍්තං. තත්‍ථ යන‍්ති යස‍්මා. ච-සද‍්දො සමුච‍්චයත්‍ථො. අම‍්හි පුත‍්තො බුද‍්ධස‍්සාති සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ඔරසපුත‍්තො අම‍්හි. ධම‍්මෙසූති ලොකියෙසු ලොකුත‍්තරෙසු ච ධම‍්මෙසු, චතුසච‍්චධම‍්මෙසූති අත්‍ථො. චක‍්ඛුමාති මග‍්ගපඤ‍්ඤාචක‍්ඛුනා චක‍්ඛුමා ච අම‍්හීති යොජෙතබ‍්බං.

දැන් තමා ලැබූ උභය සම්පත් දැක්වීමට “යඤ්චම්හි” යනාදී පදය පැවසූහ. එහි “යං” යනු යම් හෙයකින්. “ච” ශබ්දය සමුච්චයාර්ථයේ නිපාතයකි. “අම්හි පුත්තො බුද්ධස්ස” මම සම්මා සම්බුදුරදුන්ගේ ඖරස පුත්‍රයා වෙමි. සිදුහත් කුමරුට දාව උපන්නෙමි. “ධම්මෙසු” ලෞකික ලෝකෝත්තර ධර්මයන්හි. චතුරාර්ය සත්‍ය ධර්මයන්හි. “චක්ඛුමා” මාර්ග ප්‍රඥා ඇස ඇති, සිවුසස් දහම්හි මඟ නුවණැති යැයි යෙදිය යුතුයි.

පුන අපරාපරෙහිපි පරියායෙහි අත‍්තනි උභයසම‍්පත‍්තිං දස‍්සෙතුං – “යඤ‍්ච මෙ ආසවා ඛීණා”ති ගාථමාහ. තත්‍ථ දක‍්ඛිණෙය්‍යොති දක‍්ඛිණාරහො. අමතද‍්දසොති නිබ‍්බානස‍්ස දස‍්සාවී. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

නැවතත් වෙනසත් ක්‍රමයකින් තමාගේ උභය සම්පත් දැක්වීමට “යං ච මෙ ආසවා ඛීණා” යනාදී දෙවන ගාථාව වදාළහ. එහි “දක්‍ඛිණෙය්‍යො” යනු දක්‍ෂිණාවට සුදුසුය. “අමතද්දසො” නිවණ නම් වූ අමෘතය දුටුවෙමි. ඉතිරි පදයන්ගේ අර්ථ ගැනීම ඉතා පහසුය.

ඉදානි යාය විජ‍්ජාසම‍්පත‍්තියා ච විමුත‍්තිසම‍්පත‍්තියා ච අභාවෙන සත‍්තකායො කුමිනෙ බන්‍ධමච‍්ඡා විය සංසාරෙ පරිවත‍්තති, තං උභයසම‍්පත‍්තිං අත‍්තනි දස‍්සෙතුං “කාමන්‍ධා”ති ගාථාද‍්වයමාහ. තත්‍ථ කාමෙහි කාමෙසු වා අන්‍ධාති කාමන්‍ධා. “ඡන්‍දො රාගො”තිආදිවිභාගෙහි (චූළනි· අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 8) කිලෙසකාමෙහි රූපාදීසු වත්‍ථුකාමෙසු අනාදීනවදස‍්සිතාය අන්‍ධීකතා. ජාලපච‍්ඡන‍්නාති සකලං භවත‍්තයං අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතෙන විසත‍්තිකාජාලෙන පකාරතො ඡන‍්නා පලිගුණ‍්ඨිතා. තණ‍්හාඡදනඡාදිතාති තතො එව තණ‍්හාසඞ‍්ඛාතෙන ඡදනෙන ඡාදිතා නිවුතා සබ‍්බසො පටිකුජ‍්ජිතා. පමත‍්තබන්‍ධුනා බද‍්ධා, මච‍්ඡාව කුමිනාමුඛෙති කුමිනාමුඛෙ මච‍්ඡබන්‍ධානං මච‍්ඡපසිබ‍්බකමුඛෙ බද‍්ධා මච‍්ඡා විය පමත‍්තබන්‍ධුනා මාරෙන යෙන කාමබන්‍ධනෙන බද‍්ධා ඉමෙ සත‍්තා තතො න නිගච‍්ඡන‍්ති අන‍්තොබන්‍ධනගතාව හොන‍්ති.

දැන් යම් විද්‍යා සම්පත්තියකින් හා විමුක්තියකින් යුතුව. කෙමණෙහි බැඳි මසුන් මෙන් සසර බැඳී පවතින සත්‍ව කායක් නොමැතිව, ඒ සම්පත් දෙකම තමා කෙරෙහි ඇති බව දැක්වීමට “කාමන්‍ධා” යන ගාථා දෙක වදාළහ. එහි “කාමන්‍ධ” යනු කාමයෙහි අන්‍ධවූවෝ කාමන්‍ධයෝය. ඡන්‍දය, රාගය ආදී විභාග ඇති කෙලෙස් කාමයන්හිද රූපාදී වස්තු කාමයන්හිද ආදීනව නොදැකීම් නම් වූ අන්‍ධභාවයෙන් යුක්ත වූ. “ජාලපච්ඡන්නා” සියලු භවත්‍රයෙහි පැතිරී සිටි තණ්හා නමැති දැලින් සම්පූර්ණයෙන්ම වැසුණු, හාත්පසින් වැසූ “තණ්හා ඡදනඡාදිතා” එසේම තණ්හාව නම් වහලයෙන් වැසූ, සෙවිලි වූ, සර්වප්‍රකාරයෙන්ම යටි අතට හරවා වැසූ. “පමත්ත බන්‍ධුනා බද්ධා මච්ඡාව කුමිනා මුඛෙ” කෙමණෙහි මුවේ බැඳුණු මාළුවෝ මෙන්, මාළු අල්ලන පසුම්බියෙහි මුවේ බැඳුණු මාළුවෝ මෙන් ප්‍රමාදයේ ඥාති වූ මාරයා විසින් යම් කාමබන්‍ධනයකින් බැඳුණාහු ද, මේ සත්ත්වයෝ ඉන් නොමිදෙති. බන්‍ධනයට ඇතුලත්ව සිටිති.

තං තථාරූපං කාමං බන්‍ධනභූතං උජ‍්ඣිත්‍වා පුබ‍්බභාගපටිපත‍්තියා පහාය කිලෙසමාරස‍්ස බන්‍ධනං ඡෙත්‍වා, පුන අරියමග‍්ගසත්‍ථෙන අනවසෙසතො සමුච‍්ඡින්‍දිත්‍වා තතො එව අවිජ‍්ජාසඞ‍්ඛාතෙන මූලෙන සමූලං, කාමතණ‍්හාදිකං තණ‍්හං අබ‍්බුය‍්හ උද‍්ධරිත්‍වා සබ‍්බකිලෙසදරථපරිළාහාභාවතො, සීතිභූතො සඋපාදිසෙසාය නිබ‍්බානධාතුයා නිබ‍්බුතො, අහං අස‍්මි හොමීති අත්‍ථො.

“මෙබඳු වූ ඒකාන්තයෙන් මාරයාගේ බන්‍ධනයක් වූ කාමයෝ ඉවත ලා පූර්වභාග ප්‍රතිපත්තියෙන් අත්හැර, නසා නැවත ආර්ය මාර්ගය නම් සැනින් ඉතිරි නොවන සේ නසා, එම අවිද්‍යාව නම් මුල් සහිත කාමය, තණ්හාව උදුරා දමා, ගලවා දමා, සියලු කෙලෙස් නැමති දැවිල්ලෙන්, දාහයෙන් මිදුණු හෙයින් සිසිල් වූයෙමි. සෝපාදිසේස නිර්වාණ ධාතුවෙන් මම නිවුනෙමි ඒ මම උතුම් වූ නිවණින් සැනසුනෙමි” යන අර්ථයයි.

රාහුලත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

රාහුල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.