යෙදුමෙන් කියවන්න

රාහුලත්‍ථෙරගාථා

4. 1. 8.

4. 1. 8.

295. උභයෙනෙව සම‍්පන‍්නො රාහුලභද‍්දො’ති මං විදූ යඤ‍්චම‍්හි පුත‍්තො බුද‍්ධස‍්ස යං ච ධම‍්මෙසු චක‍්ඛුමා.

295-296. යම් හෙයෙකින් (මම්) බුදුන්ගේ පුත්‍රයෙම් ද යම් හෙයෙකින් සිව්සස් දහම්හි මඟනුවණැස් ඇතියෙම් ද යම් හෙයෙකින් මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහු ද යම් හෙයෙකින් පුනර්‍භවයක් නැතියෙම් ද අර්‍හත් දක්‍ෂිණාර්‍හ වෙම් ද ත්‍රිවිද්‍යා ඇතියෙම් අමෘතාධිගම කෙළෙම් ජාතිසම්පත් ප්‍රතිපත්තිසම්පත් යන දෙකින් මැ යුක්ත වූ මා “රාහුලභද්‍ර යයි විඥයෝ දනිත්.

296. යං ච ආසවා ඛීණා යං ච නත්‍ථි පුනබ‍්භවො අරහා දක‍්ඛිණෙය්‍යොම‍්හි තෙවිජ‍්ජො අමතද‍්දසො.

297. කාමන්‍ධා ජාලපච‍්ඡන‍්නා තණ‍්හාඡදනඡාදිතා පමත‍්තබන්‍ධුනා බද‍්ධා මච‍්ඡාව කුමිනාමුඛෙ.

297. තෘෂ්ණාජාලයෙන් සර්‍වප්‍රකාරයෙන් වැසුණු එහෙයින් මැ තෘෂ්ණා-ඡදනයෙන් සොයනලද කාමයෙහි අන්‍ධ වූවාහු මරහු විසින් කෙමින්මුවෙහි මසුන් මෙන් බඳනා ලදහ.

298. තං කාමං අහමුජ‍්ඣිත්‍වා ඡෙත්‍වා මාරස‍්ස බන්‍ධනං සමූලං තණ‍්හමබ‍්බුය‍්හ සීතිභූතොස‍්මි නිබ‍්බුතො’ති.

298. මම ඒ කාමය හැරපියා මාරබන්‍ධන සිඳ මුල් සහිත තෘෂ්ණාව උදුරාපියා සිහිල් වූයෙමි, නිවුණෙමි යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා රාහුලො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් රාහුලභද්‍රස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

රාහුලත්‍ථෙරගාථා.

රාහුලභද්‍ර ස්ථවිරගාථා යි.