සම‍්භූතත්‍ථෙරගාථා
4. 1. 7.
4. 1. 7.
291. යො දන්‍ධකාලෙ තරති තරණීයෙ ච දන්‍ධයෙ අයොනි සංවිධානෙන බාලො දුක‍්ඛං නිගච‍්ඡති.
291. යමෙක් විනයකුකුයින් ලැසි වැ සිටියයුතු කල්හි ලාහෙලා (ත්‍වරිත වැ) ක්‍රියා කෙරේ ද යළි ත්‍වරිත වැ ක්‍රියා කළ යුතු කල්හි ලැසි වේ ද අනුපායසංවිධානය හේතු කොටගෙන ඒ බාල තෙම දුකට පැමිණෙයි.
292. තස‍්සත්‍ථා පරිහායන‍්ති කාළපක‍්ඛෙව චන්‍දිමා ආයසස්‍යඤ‍්ච පප‍්පොති මිත‍්තෙහි ච විරුජ‍්ඣති.
292. ඒ බාලයාගේ දෘෂ්ටධාර්මිකාදි අර්‍ත්‍ථයෝ අවපස සඳ සෙයින් පිරිහෙති. (හේ) අපකීර්ති ඇතිබවට ද පැමිණෙයි. මිත්‍රයින් හා සමග ද විරුද්ධ වේ.
293. යො දන්‍ධකාලෙ දන්‍ධෙති තරණීයෙ ච තාරයෙ යොනිසො සංවිධානෙන සුඛං පප‍්පොති පණ‍්ඩිතො.
293. යමෙක් ලැසි වියයුතු කල්හි ලැසි වේ ද යළි ත්‍වරිත වියයුතු කල්හි ත්‍වරිත වේ ද නුවණින් උපායසංවිධානය හේතු කොටගෙන ඒ පණ්ඩිත තෙම සැපයට පැමිණෙයි.
294. තස‍්සත්‍ථා පරිපූරෙන‍්ති සුක‍්කපක‍්ඛෙව චන්‍දිමා යසො කිත‍්තිඤ‍්ච පප‍්පොති මිත‍්තෙහි න විරුජ‍්ඣතී’ති.
294. ඔහුගේ අර්‍ත්‍ථයෝ පුරපස සඳ සෙයින් පිරෙති. හෙතෙම යශසට හා කීර්තියට ද පැමිණෙයි. මිත්‍රයින් හා සමග ද විරුද්ධ නො වේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සම‍්භූතො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් සමභූතස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.