යෙදුමෙන් කියවන්න

සෙනකත්‍ථෙරගාථා

4. 1. 6.

4. 1. 6.

287. ස‍්වාගතං වත මෙ ආසි ගයායං ගයාඵග‍්ගුයා, යං අද‍්දසාසිං සම‍්බුද‍්ධං දෙසෙන‍්තං ධම‍්මමුත‍්තමං.

287. ගයාතීර්‍ත්‍ථසමීපයෙහි ගයඵල්ගු සඞ්ඛ්‍යාත උතුරුපල්නකත්හි මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් වී, යම් හෙයෙකින් උතුම් වූ දහම් දෙසන-

288. මහප‍්පභං ගණාචරියං අග‍්ගප‍්පත‍්තං විනායකං, සදෙවකස‍්ස ලොකස‍්ස ජිනං අතුලදස‍්සනං.

288. මහත් වූ ශරීරප්‍රභා හා ඥානප්‍රභා ඇති ගණාචාර්‍ය්‍ය වූ දෙවියන් සහිත ලෝකයාට අග්‍රප්‍රාප්ත වූ විනායක වූ පස්මරුන් දිනූ අසදෘශදර්‍ශන ඇති-

289. මහානාගං මහාවීරං මහාජුතිමනාසවං, සබ‍්බාසවපරික‍්ඛීණං සත්‍ථාරමකුතොභයං.

289.මහානාග වූ මහාවීර වූ මහත් ප්‍රතාප ඇති අනාස්‍රව වූ සියලු ආස්‍රවයන් ක්‍ෂය කළ කොයිනුත් බිය නැති ශාස්තෘ වූ සම්‍යක් සම්බුද්ධයන් දිටිම් ද එහෙයිනි.

290. චිරසඞ‍්කිලිට‍්ඨං වත මං දිට‍්ඨිසන්‍දානසන්‍දිතං, විමොචයී සො භගවා සබ‍්බගන්‍ථෙහි සෙනක’න‍්ති.

290. ඒ භාග්‍යවත්හු ඒකාන්තයෙන් බොහෝ කලෙකසිට කිලිටි වූ දෘෂ්ටිබන්‍ධනයෙන් බැඳුණු සේනක නම් වූ මා සියලු ග්‍රන්‍ථයන්ගෙන් මුදාලූහ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සෙනකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් සෙකනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

සෙනකත්‍ථෙරගාථා.

සේනක ස්ථවිරගාථා යි.