යෙදුමෙන් කියවන්න

සෙනකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සෙනකත්‍ථෙරගාථාවණ‍්ණනා

සේනක ස්ථවිරගාථා වර්ණනාව

ස‍්වාගතං වතාතිආදිකා ආයස‍්මතො සෙනකත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො මොරහත්‍ථෙන භගවන‍්තං පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා උරුවෙලකස‍්සපත්‍ථෙරස‍්ස භගිනියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, සෙනකොතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො බ්‍රාහ‍්මණානං විජ‍්ජාසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගතො ඝරාවාසං වසති. තෙන ච සමයෙන මහාජනො සංවච‍්ඡරෙ සංවච‍්ඡරෙ ඵග‍්ගුනමාසෙ උත‍්තරඵග‍්ගුනනක‍්ඛත‍්තෙ උස‍්සවං අනුභවන‍්තො ගයායං තිත්‍ථාභිසෙකං කරොති. තෙන තං උස‍්සවං “ගයාඵග‍්ගූ”ති වදන‍්ති. අථ භගවා තාදිසෙ උස‍්සවදිවසෙ වෙනෙය්‍යානුකම‍්පාය ගයාතිත්‍ථසමීපෙ විහරති, මහාජනොපි තිත්‍ථාභිසෙකාධිප‍්පායෙන තතො තතො තං ඨානං උපගච‍්ඡති. තස‍්මිං ඛණෙ සෙනකොපි තිත්‍ථාභිසෙකත්‍ථං තං ඨානං උපගතො සත්‍ථාරං ධම‍්මං දෙසෙන‍්තං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.46.9-16) –

“ස්වාගතං වත” යනු ආයුෂ්මත් සේනක තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් රැස් කරමින් අවුත් සිඛි නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත්ව දිනක් ඒ ශාස්තෲන් වහන්සේ දුටු සිටු කුමරු මොණර පිල් කළඹක් උන්වහන්සේට පහන් වූ සිතින් පූජා කළේය. හෙතෙම ඒ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් භවයන්හි සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී බමුණු පවුලක, උරුවේල කාශ්‍යප තෙරුන්ගේ නැගණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. “සේනක” නාමයෙන් ඉපිද වැඩිවියට පත් එකුමරු බමුණු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට ගොස් ගිහිගෙයි විසීය. එසමයේ මහජනයා වසරක් වසරක් පාසා මැදින් මස උත්තර එග්ගුන (උතුරුපල්) නැකතින් උත්සවයක් අරඹා ගයාවේ තීර්ත්‍ථාභිෂේකය සිදු කරයි. එනිසා එහි මහෝත්සවයට “ගයා එග්ගුනී” යැයි කියති. එබඳු උත්සව සමයකදී හික්මවිය හැකි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් අප භාග්‍යවතුන් වහන්සේ ගයා තීර්ත්‍ථය සමීපයේ වාසය කළහ. මේ කාලයේ සේනක බමුණා ද තීර්ත්‍ථාභිෂේකය සඳහා ගයාවට පැමිණ, ශාස්තෲන් වහන්සේ දහම් දෙසනු දැක එතැනට එළඹ ධර්ම ශ්‍රවණය කළේය. ඉන් ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ සේනක තෙරණුවෝ විදසුන් වඩා නොබෝ දිනකින්ම රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“මොරහත්‍ථං ගහෙත්‍වාන, උපෙසිං ලොකනායකං; පසන‍්නචිත‍්තො සුමනො, මොරහත්‍ථමදාසහං.

“මොණරපිල් වැටියක් ගත් මම පහන් සිතින්. සතුටට පත්වූයෙමි. ලෝක නායක වූ බුදු රදුන් වෙත එළඹුනෙමි. එළඹ මොණරපිල් කළඹ පිදුවෙමි.

“ඉමිනා මොරහත්‍ථෙන, චෙතනාපණිධීහි ච; නිබ‍්බායිංසු තයො අග‍්ගී, ලභාමි විපුලං සුඛං.

මේ මොණර පිල් වැටි දානයෙන් ද චිත්ත ප්‍රණිධිය නිසාද රාග, ද්වේෂ, මෝහ යන තුන් ගිනි නිවී මාගේ සිත සුවපත් විය. ඉන් සැප ලබමි.

“අහො බුද‍්ධො අහො ධම‍්මො, අහො නො සත්‍ථුසම‍්පදා; දත්‍වානහං මොරහත්‍ථං, ලභාමි විපුලං සුඛං.

බුදුවරයෝ අසිරිමත් වෙති. ධර්මය ද අසිරිමත් ය. අපගේ ශාස්තෲ සම්පත්තිය ද අසිරිමත් ය. මොණර පිල් කළඹ පිදූ මම මහත් සුව ලබමි.

“තියග‍්ගී නිබ‍්බුතා මය‍්හං, භවා සබ‍්බෙ සමූහතා; සබ‍්බාසවා පරික‍්ඛීණා, නත්‍ථි දානි පුනබ‍්භවො.

මාගේ රාගාදී තුන් ගිනි නිවුණි. සියලු භව නැසුණි. ආශ්‍රව ක්‍ෂය කරන ලද්දෙමි. දැන් නැවත ඉපදීමක් නැත.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, මොරහත්‍ථස‍්සිදං ඵලං.

මීට කල්ප තිස් එකකට පෙර දී යම් දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොදකිමි. මොණර පිල් දානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා සඤ‍්ජාතසොමනස‍්සො උදානවසෙන –

රහත් බවට පත්ව තම පිළිවෙත් සිහිපත් කර බලා හටගත් සොම්නස් ඇති වූ සේනක තෙරණුවෝ මේ සතර ගාථා වදාළහ.

“ස‍්වාගතං වත මෙ ආසි, ගයායං ගයඵග‍්ගුයා; යං අද‍්දසාසිං සම‍්බුද‍්ධං, දෙසෙන‍්තං ධම‍්මමුත‍්තමං.

“ස්වාගතං වත මෙ ආසි ගයායං ගයා එග්ගුයා, යං අද්දසාසිං සම්බුද්ධං දෙසෙන්තං ධම්මමුත්තමං”

“මහප‍්පභං ගණාචරියං, අග‍්ගපත‍්තං විනායකං; සදෙවකස‍්ස ලොකස‍්ස, ජිනං අතුලදස‍්සනං.

“මහප්පභං ගණාචරියං අග්ගප්පත්තං විනායකං, සදෙවකස්ස ලොකස්ස ජිනං අතුල දස්සනං”

“මහානාගං මහාවීරං, මහාජුතිමනාසවං; සබ‍්බාසවපරික‍්ඛීණං, සත්‍ථාරමකුතොභයං.

“මහානාගං මහාවීරං මහාජුතිමනාසවං, සබ්බසවපරික්ඛීණං සත්‍ථාරමකුතොභයං”

“චිරසඞ‍්කිලිට‍්ඨං වත මං, දිට‍්ඨිසන්‍දානබන්‍ධිතං; විමොචයි සො භගවා, සබ‍්බගන්‍ථෙහි සෙනක”න‍්ති. –

“චිරසංකිලිට්ඨං වත මං දිට්ඨිසන්දාන සන්‍දිතං, විමොචයී යො භගවා සබ්බගන්‍ථෙහි සෙනකං” තී.

චතස‍්සො ගාථා අභාසි.

තත්‍ථ ස‍්වාගතං වත මෙ ආසීති මයා සුට‍්ඨු ආගතං වත ආසි. මම වා සුන්‍දරං වත ආගමනං ආසි. ගයායන‍්ති ගයාතිත්‍ථසමීපෙ. ගයඵග‍්ගුයාති “ගයාඵග‍්ගූ”ති ලද‍්ධවොහාරෙ ඵග‍්ගුනමාසස‍්ස උත‍්තරඵග‍්ගුනීනක‍්ඛත‍්තෙ. “ය”න‍්තිආදි ස‍්වාගතභාවස‍්ස කාරණදස‍්සනං. තත්‍ථ යන‍්ති යස‍්මා. අද‍්දසාසින‍්ති අද‍්දක‍්ඛිං. සම‍්බුද‍්ධන‍්ති සම‍්මා සාමං සබ‍්බධම‍්මානං බුද‍්ධත‍්තා සම‍්බුද‍්ධං. දෙසෙන‍්තං ධම‍්මමුත‍්තමන‍්ති උත‍්තමං අග‍්ගං සබ‍්බසෙට‍්ඨං එකන‍්තනිය්‍යානිකං ධම‍්මං වෙනෙය්‍යජ‍්ඣාසයානුරූපං භාසන‍්තං. මහප‍්පභන‍්ති මහතියා සරීරප‍්පභාය ඤාණප‍්පභාය ච සමන‍්නාගතං. ගණාචරියන‍්ති භික‍්ඛුපරිසාදීනං ගණානං උත‍්තමෙන දමථෙන ආචාරසික‍්ඛාපනෙන ගණාචරියං. අග‍්ගභූතානං සීලාදීනං ගුණානං අධිගමෙන අග‍්ගප‍්පත‍්තං. දෙවමනුස‍්සාදීනං පරමෙන විනයෙන විනයනතො, සයං නායකරහිතත‍්තා ච විනායකං. කෙනචි අනභිභූතො හුත්‍වා සකලං ලොකං අභිභවිත්‍වා ඨිතත‍්තා, පඤ‍්චන‍්නම‍්පි මාරානං ජිතත‍්තා ච සදෙවකස‍්ස ලොකස‍්ස ජිනං සදෙවකෙ ලොකෙ අග‍්ගජිනං, බාත‍්තිංසවරමහාපුරිසලක‍්ඛණඅසීතිඅනුබ්‍යඤ‍්ජනාදිපටිමණ‍්ඩිතරූපකායතාය දසබලචතුවෙසාරජ‍්ජාදිගුණපටිමණ‍්ඩිතධම‍්මකායතාය ච සදෙවකෙන ලොකෙන අපරිමෙය්‍යදස‍්සනතාය අසදිසදස‍්සනතාය ච අතුලදස‍්සනං.

එහි “ස්වාගතං වත මෙ ආසි” ඒකාන්තයෙන්ම මම මනාව පැමිණියෙමි. නැතහොත් මාගේ පැමිණීම ඉතා සුන්දර වූවකි. “ගයායං” ගයා තීර්ථය සමීපයට “ගයාඑග්ගුයා” ගයාඑල්ගු නම් ලද මැදින් මස උතුරුපල් නැකතෙහි. “යං” යනුවෙන් පැමිණීම යහපත්වීමට හේතු වූ කරුණ දක්වයි. එහි “යං” යනු යම්හෙයකින් ද, “අද්දසාසිං” දුටුවෙමි. “සම්බුද්ධං” මනාව සියලු දහම් අවබෝධ කරගත් බැවින් සම්බුද්ධ නම් වේ. “දෙසෙන්තං ධම්මමුත්තමං” උතුම් වූ අග්‍ර වූ සියල්ලට ශ්‍රේෂ්ඨ වූ ඒකාන්තයෙන් නෛර්‍ය්‍යාණික වූ ධර්මය හික්මෙන ජනයාගේ අදහස් අනුව දේශනා කරන “මහප්පභං” මහත් වූ ශරීර ප්‍රභාවෙන් ද ඤාණ ප්‍රභාවෙන් ද යුක්ත වූ, “ගණාචරියං” භික්‍ෂු පිරිස ආදී සිවුවණක් පිරිස ම උතුම් දමනයෙන් ආචාර ශික්‍ෂා ඉගැන්වීමෙන් සමූහයාගේ ආචාරී වූ. ගණාචාර්ය වූ. සදේව ලෝකයාට සීලාදී ගුණයන්ගෙන් අග්‍ර භාවයට පත් වූ “අග්ගප්පත්තං”, විනායකං” දෙව් මිනිසුන් උතුම් වූ හික්මවීමෙන් හික්මවන බැවින් ද තමන් වහන්සේට නායකයකු නැති බැවින් ද විනායක වූ. “සදෙවකස්ස ලොකස්ස ජිනං” මුලු ලොව අභිබවා සිටි බැවින්, පස් මරුන් දිනූ බැවින්, දෙවියන් සහිත ලෝකයාට අසහාය පුද්ගලයා වූ, දෙවියන් සහිත ලොවේ අග්‍ර පුද්ගලයා වූ “අතුලදස්සනං” දෙතිස් මහපුරිස් ලකුණින් ද අසූවක් අනු ව්‍යඤ්ජනයන්ගෙන් ද අලංකාර වූ රූපකායක් ඇති බැවින් ද දශබල චතුර් වෛශාරද්‍ය ගුණයන්ගෙන් අලංකෘත ධර්මකායක් ඇති බැවින් ද දෙවියන් සහිත ලෝකයා විසින් අප්‍රමාණ දැකුම් ඇති බැවින් ද අසදෘශ දර්ශන ඇති බැවින් ද අසම වූ දර්ශන ඇති.

ගතිබලපරක‍්කමාදිසම‍්පත‍්තියා මහානාගසදිසත‍්තා, නාගෙසුපි ඛීණාසවෙසු මහානුභාවතාය ච මහානාගං. මාරසෙනාවිමථනතො මහාවික‍්කන‍්තතාය ච මහාවීරං. මහාජුතින‍්ති මහාපතාපං මහාතෙජන‍්ති අත්‍ථො. නත්‍ථි එතස‍්ස චත‍්තාරොපි ආසවාති අනාසවං. සබ‍්බෙ ආසවා සවාසනා පරික‍්ඛීණා එතස‍්සාති සබ‍්බාසවපරික‍්ඛීණං. කාමං සාවකබුද‍්ධා පච‍්චෙකබුද‍්ධා ච ඛීණාසවාව, සබ‍්බඤ‍්ඤුබුද‍්ධා එව පන සවාසනෙ ආසවෙ ඛෙපෙන‍්තීති දස‍්සනත්‍ථං “අනාසව”න‍්ති වත්‍වා පුන “සබ‍්බාසවපරික‍්ඛීණ”න‍්ති වුත‍්තං. තෙන වුත‍්තං – “සබ‍්බෙ ආසවා සවාසනා පරික‍්ඛීණා එතස‍්සාති සබ‍්බාසවපරික‍්ඛීණ”න‍්ති. දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි යථාරහං වෙනෙය්‍යානං අනුසාසනතො සත්‍ථාරං, චතුවෙසාරජ‍්ජවිසාරදතාය කුතොචිපි භයාභාවතො අකුතොභයං, එවරූපං සම‍්මාසම‍්බුද‍්ධං යං යස‍්මා අද‍්දසාසිං, තස‍්මා ස‍්වාගතං වත මෙ ආසීති යොජනා.

“මහානාගං” ගමන, බල පරාක්‍රමාදී සම්පත්වලින් මහා හස්තිරාජයකු හා සමාන වූ බැවින් ද ක්‍ෂීණාශ්‍රව මහානාගයන් අතර මහානුභාව සම්පත් වූ බැවින් ද මහා නාග වූ “මහාවීරං” මහත් වූ වික්‍රමයෙන් මරසෙනඟ පලවා හැරි බැවින් මහාවීර වූ. “මහාජුතිං” මහත් ප්‍රතාප ඇති, මහත් තේජස් ඇති. ‘මොහුට සතරක් වූ ආශ්‍රවයෝ නැත” යන අරුතින් අනාශ්‍රව වූ “අනාසව”. සියලු වාසනා සහිතව ආශ්‍රව ඉතිරි නොවන සේ ක්‍ෂය කළ බැවින් “සබ්බාස්වපරික්ඛීණං” නම් වූ. ඒකාන්තයෙන් ශ්‍රාවක බුදුවරු ද පසේ බුදුවරු ද ක්‍ෂීණාශ්‍රවයෝ ම ය. නමුත් සර්වඥ බුදුවරුම වාසනා ගුණ සහිත වූ ආශ්‍රම ක්‍ෂය කරන බව දැක්වීමට “අනාස්වං” යැයි පවසා නැවත “සබ්බාසවපරික්ඛීණං” යනුවෙන් සියලුම ආශ්‍රව ක්‍ෂය කරන ලදැයි කියන ලදි. එනිසා සියලුම ආශ්‍රව වාසනා සහිතව ම මොහු ක්‍ෂය කළේනුයි “සබ්බාස වපරික්‍ඛීණං” නම් වේ. සුදුසු පරිදි මෙලෝ පරලෝ පරම අර්ථයෙහි පිහිටුවා හික්මවිය හැකි පුද්ගලයන්ට අනුශාසනා කරන බැවින් “සත්‍ථාරං” ශාස්තෲ වූ. චතුර් වෛශාරද්‍ය ඥානයෙන් විශාරද වූ හෙයින් කිසි තැනකිනුත්, කිසිවකුගෙනුත් බිය නොවන බැවින් “අකුතොභයං” අකුතෝභය වූ. කෙසේවත් බිය නොවන. යන මේ ගුණමහිම සහිත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්නා ලද බැවින් ගයාවට පැමිණි මාගේ ගමන ඒකාන්තයෙන්ම ඉතා යහපත් වූ ගමනකි.

ඉදානි සත්‍ථු දස‍්සනෙන අත‍්තනා ලද‍්ධගුණං දස‍්සෙන‍්තො චතුත්‍ථං ගාථමාහ. තස‍්සත්‍ථො – කඤ‍්ජියපුණ‍්ණලාබු විය තක‍්කභරිතචාටි විය වසාපීතපිලොතිකා විය ච සංකිලෙසවත්‍ථූහි අනමතග‍්ගෙ සංසාරෙ චිරකාලං සංකිලිට‍්ඨං. ගද‍්දුලබන්‍ධිතං විය ථම‍්භෙ සාරමෙයං සක‍්කායථම‍්භෙ දිට‍්ඨිසන්‍දානෙන, දිට‍්ඨිබන්‍ධනෙන බන්‍ධිතං බද‍්ධං, තතො විමොචෙන‍්තො ච අභිජ‍්ඣාදීහි සබ‍්බගන්‍ථෙ හි මං සෙනකං අරියමග‍්ගහත්‍ථෙන, විමොචයි වත සො භගවා මය‍්හං සත්‍ථාති භගවති අභිප‍්පසාදං පවෙදෙති.

දැන් ඒ ශාස්තෲන් වහන්සේ දැකීමෙන් තමා ලැබූ ගුණමහිම දක්වනු සඳහා මේ සිවුවන ගාථාව වදාරති. එහි අර්ථ මෙසේය. “කැඳ පිරුණු ලබු ගෙඩියක් මෙන් ද මෝරු පිරුණු කළයක් මෙන් ද වුරුණු තෙල් උරාගත රෙදි කඩමාල්ලක් මෙන් ද කිලිටි සහිත වස්තූන්ගෙන් පිරි ඉමක් කොණක් නොපෙනෙන සසර බොහෝ කාලයක් කිලිටි වූ මම, ටැඹක දම්වැලින් බඳිනා ලද බල්ලකු මෙන් සක්කාය (තම කය සාරවශයෙන් ගැනීම) නම් ටැඹෙහි මිසදිටු නම් දම්වැලින්, මිසදිටු බැඳුම්වලින් බඳිනා ලද්දෙමි. වෙලනා ලද්දෙමි. ඒ සේනක නම් වූ මා ඒ බැඳීම්වලින් මුදමින් ද අභිධ්‍යා දී (දැඩි ලෝභය) සියලු ගැටවලින් (සසරට බැඳ තබන කෙලෙස් වලින්) මා ගලවමින් ද ආර්ය මාර්ගය නම් වූ අතින් මා මුදවා ගත් සේක්, ඒ භාග්‍යවතුන් වහන්සේය. “උන්වහන්සේ මාගේ ශාස්තෲහුය”යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දැඩි පැහැදීම ප්‍රකාශ කරයි.

සෙනකත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සේනක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.