යෙදුමෙන් කියවන්න

ජම‍්බුකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ජම‍්බුකත්‍ථෙරගාථාවණ‍්ණනා

ජම්බුක ස්ථවිරගාථා වර්ණනාව

පඤ‍්චපඤ‍්ඤාසාතිආදිකා ආයස‍්මතො ජම‍්බුකත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථු සම‍්මාසම‍්බොධිං සද‍්දහන‍්තො බොධිරුක‍්ඛං වන්‍දිත්‍වා බීජනෙන පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සාසනෙ පබ‍්බජිත්‍වා අඤ‍්ඤතරෙන උපාසකෙන කාරිතෙ ආරාමෙ ආවාසිකො හුත්‍වා විහරති තෙන උපට‍්ඨීයමානො. අථෙකදිවසං එකො ඛීණාසවත්‍ථෙරො ලූඛචීවරධරො කෙසොහරණත්‍ථං අරඤ‍්ඤතො ගාමාභිමුඛො ආගච‍්ඡති, තං දිස‍්වා සො උපාසකො ඉරියාපථෙ පසීදිත්‍වා කප‍්පකෙන කෙසමස‍්සූනි ඔහාරාපෙත්‍වා පණීතභොජනං භොජෙත්‍වා සුන්‍දරානි චීවරානි දත්‍වා “ඉධෙව, භන‍්තෙ, වසථා”ති වසාපෙති. තං දිස‍්වා ආවාසිකො ඉස‍්සාමච‍්ඡෙරපකතො ඛීණාසවත්‍ථෙරං ආහ – “වරං තෙ, භික‍්ඛු, ඉමිනා පාපුපාසකෙන උපට‍්ඨීයමානස‍්ස එවං ඉධ වසනතො අඞ‍්ගුලීහි කෙසෙ ලුඤ‍්චිත්‍වා අචෙලස‍්ස සතො ගූථමුත‍්තාහාරජීවන”න‍්ති. එවඤ‍්ච පන වත්‍වා තාවදෙව වච‍්චකුටිං පවිසිත්‍වා පායාසං වඩ‍්ඪෙන‍්තො විය හත්‍ථෙන ගූථං වඩ‍්ඪෙත්‍වා වඩ‍්ඪෙත්‍වා යාවදත්‍ථං ඛාදි, මුත‍්තඤ‍්ච පිවි. ඉමිනා නියාමෙන යාවතායුකං ඨත්‍වා කාලඞ‍්කත්‍වා නිරයෙ පච‍්චිත්‍වා පුන ගූථමුත‍්තාහාරො වසිත්‍වා තස‍්සෙව කම‍්මස‍්ස විපාකාවසෙසෙන මනුස‍්සෙසු උප‍්පන‍්නොපි පඤ‍්ච ජාතිසතානි නිගණ‍්ඨො හුත්‍වා ගූථභක‍්ඛො අහොසි.

“පඤ්ච පණ්ණාස” යනාදී ගාථා සතර ආයුෂ්මත් ජම්බුක තෙරුන් වහන්සේගේය. උන්වහන්සේ ද පෙර බුදුවරුන් ඉදිරියේ තැබූ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් සිදුකරමින් අවුත්, තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත් වූහ. ඔහු දිනක් ශාස්තෲන් වහන්සේගේ සම්මා සම්බෝධිය සිහිකරමින් බෝධිවෘක්‍ෂයට වැඳ විජිනි පතකින් පූජා පැවැත්වීය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත්, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී ඉපිද නුවණැති බවට පත්ව, සසුනේ පැවිදි වී එක්තරා උපාසකයකු විසින් කරවා දුන් ආරාමයක නේවාසිකයකු වූ හෙතෙම ඒ උපාසකයාගේ උපස්ථාන ලබමින් වාසය කළේය. දිනක් එක් රහතන් වහන්සේ නමක් දිරාගිය සිවුරක් පොරවාගෙන කෙස් බෑම සඳහා ආරණ්‍යයේ සිට ගම දෙසට එනු දුටු ඒ උපාසකයා; උන්වහන්සේගේ ඉරියවු දැක පැහැදී කරණවෑමියකු ලවා උන්වහන්සේගේ කෙස් රැවුල් කැප්පවීය. ප්‍රණීත භෝජන වළඳවා සුන්දර සිවුරක් දී “ස්වාමීනි! මේ විහාරයේම වසනු මැනවි”යි තමා සෑද වූ අරම පෙන්වීය. මෙය දුටු එතෙක් ආවාසයේ සිටි භික්‍ෂුව ඊර්ෂ්‍යා මසුරු බවින් යුක්ත වූයේ රහතන් වහන්සේට “මහණ! මේ පාපී උපාසකයාගේ උපස්ථාන ලබමින් මෙහි විසීමට වඩා ඇඟිලිවලින් කෙස් උගුල්ලා අචේල තාපසයකු වී මළමුත්‍රාහාරයෙන් ජීවත්වීම උතුම් වේ” යැයි පැවසීය. එසේ කියූ එම පුහුදුන් භික්‍ෂුව එකෙණෙහිම වැසිකිළියට පිවිස කිරිබතක් වඩන්නාක් මෙන් අතින් මළ ගුලි වඩා ඇතිතෙක් කෑවේය. මුත්‍ර ද බීවේය. මේ ක්‍රමයෙන් දිවි ඇති තෙක් කල්යවා, මැරී ගොස් නිරයේ පැසී, නැවත ගූථ නිරයෙහි මළමුත්‍රාහාරයෙන් වැස, ඒ කර්මයේ විපාක වශයෙන්ම මිනිසුන් අතර උපන්නත්, පන්සීයක් ආත්ම භාවයන්හි නිගණ්ඨකුව මළ අනුභව කළේය.

පුන ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මනුස‍්සයොනියං නිබ‍්බත‍්තමානොපි අරියූපවාදබලෙන දුග‍්ගතකූලෙ නිබ‍්බත‍්තිත්‍වා ථඤ‍්ඤං වා ඛීරං වා සප‍්පිං වා පායමානො, තං ඡඩ‍්ඩෙත්‍වා මුත‍්තමෙව පිවති, ඔදනං භොජියමානො, තං ඡඩ‍්ඩෙත්‍වා ගූථමෙව ඛාදති, එවං ගූථමුත‍්තපරිභොගෙන වඩ‍්ඪන‍්තො වයප‍්පත‍්තොපි තදෙව පරිභුඤ‍්ජති. මනුස‍්සා තතො වාරෙතුං අසක‍්කොන‍්තා පරිච‍්චජිංසු. සො ඤාතකෙහි පරිච‍්චත‍්තො නග‍්ගපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා න න‍්හායති, රජොජල‍්ලධරො කෙසමස‍්සූනි ලුඤ‍්චිත්‍වා අඤ‍්ඤෙ ඉරියාපථෙ පටික‍්ඛිපිත්‍වා එකපාදෙන තිට‍්ඨති, නිමන‍්තනං න සාදියති, මාසොපවාසං අධිට‍්ඨාය පුඤ‍්ඤත්‍ථිකෙහි දින‍්නං භොජනං මාසෙ මාසෙ එකවාරං කුසග‍්ගෙන ගහෙත්‍වා දිවා ජිව‍්හග‍්ගෙන ලෙහති, රත‍්තියං පන “අල‍්ලගූථං සප‍්පාණක”න‍්ති අඛාදිත්‍වා සුක‍්ඛගූථමෙව ඛාදති, එවං කරොන‍්තස‍්ස පඤ‍්චපඤ‍්ඤාසවස‍්සානි වීතිවත‍්තානි මහාජනො “මහාතපො පරමප‍්පිච‍්ඡො”ති මඤ‍්ඤමානො තන‍්නින‍්නො තප‍්පොණො අහොසි.

නැවත මේ බුද්ධෝත්පාදයේදී මිනිස් යෝනියෙහි උපන්නත් ආර්යයන් වහන්සේට අපවාද කිරීම නිසා දුප්පත් පවුලක ඉපදුණි. ඒ දරුවාට තනකිරි හෝ කිරි හෝ ගිතෙල් හෝ පොවන විට එය හැරදමා මුත්‍රම බොයි. බත් කවන විට එය ඉවත දමා අශූචිම කයි. මෙසේ මළමුත්‍රාහාරයෙන් වැඩෙන ඒ දරුවා වැඩිවියට පත් වුවත් ඒවාම අනුභව කළේය. ඔහු ඉන් වළක්වා ගැනීමට අපහසු වූ පසු නෑයෝ ඔහු එළවා දැමූහ. නිර්වස්ත්‍ර පැවිද්දෙන් පැවිදි වූ ඔහු නොනායි බැඳුණු කුණු තට්ටු ඇතිව කෙස් රැවුල් උගුලා දැමූ ඔහු වෙනත් ඉරියව් බැහැර ලා එක් පයකින් සිටගෙන සිටියි. ආරාධනා නො ඉවසයි. මාසයක්ම ආහාර නොගෙන උපවාස කරයි. මාසයක් මාසයක් පාසා පින් කැමැත්තන් විසින් පිළිගන්වන ආහාර එක්වරක් කුස තණ අගකින් ගෙන දිවේ තබා ගනියි. රාත්‍රියට අමු අශූචි ප්‍රාණීන් සහිත යැයි නොකා, වියළි අශූචි ම කයි. මෙසේ ජනයා රවටමින් වසර පනස් පහක් ඉක්මවීය. මහජනයා “මොහු මහා තාපසයෙකි. අතිශයින් ම අල්පේච්ඡයෙකි”යි සිතමින් වඩ වඩාත් ගරුසත්කාර කරන ලදි.

අථ භගවා තස‍්ස හදයබ‍්භන‍්තරෙ ඝටෙ පදීපං විය අරහත‍්තූපනිස‍්සයං පජ‍්ජලන‍්තං දිස‍්වා සයමෙව තත්‍ථ ගන‍්ත්‍වා ධම‍්මං දෙසෙත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙත්‍වා, එහිභික‍්ඛූපසම‍්පදාය ලද‍්ධූපසම‍්පදං විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨාපෙසි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරො පන ධම‍්මපදෙ “මාසෙ මාසෙ කුසග‍්ගෙනා”ති ගාථාවණ‍්ණනාය (ධ· ප· අට‍්ඨ· 1.ජම‍්බුකත්‍ථෙරවත්‍ථු) වුත‍්තනයෙන වෙදිතබ‍්බො. අරහත‍්තෙ පන පතිට‍්ඨිතො පරිනිබ‍්බානකාලෙ “ආදිතො මිච‍්ඡා පටිපජ‍්ජිත්‍වාපි සම‍්මාසම‍්බුද‍්ධං නිස‍්සාය සාවකෙන අධිගන‍්තබ‍්බං මයා අධිගත”න‍්ති දස‍්සෙන‍්තො –

ඉක්බිති අප භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ චිත්තාභ්‍යන්තරයෙහි කළයක් තුළ වූ පහනක් මෙන් පැවති රහත්වීමේ හේතු සම්පත් දිළිසෙනු දුටු සේක්. තමන් වහන්සේම එතැනට වැඩම කොට දහම් දෙසා සෝවාන් ඵලයෙහි පිහිට වූ සේක. ඒහි භික්‍ෂු මහණ උපසම්පදාව ලබාගෙන සසුනට පිවිසි ජම්බුකාජීවක තෙමේ විදසුනෙහි සිත පිහිටුවා රහත් ඵලයෙහි පිහිටියේ ය. මේ දක්වන ලද්දේ සංක්‍ෂිප්තවයි. විස්තර වශයෙන් ධම්මපද පාළියේ “මාසෙ මාසෙ කුසග්ගෙන” යන ගාථාවට ලියූ වර්ණනාවෙහි කියූ පරිද්දෙන් දත යුතුයි. රහත් බවෙහි පිහිටි ජම්බුක තෙරණුවෝ පිරිනිවෙණ අවස්ථාවෙහි තමා මුල සිටම වැරදි පිළිවෙතින් යුක්ත වූවත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා බුද්ධ ශ්‍රාවක භාවය මවිසින් ලබන ලදී”යි දක්වමින් මේ සතර ගාථා වදාළහ.

“පඤ‍්චපඤ‍්ඤාසවස‍්සානි, රජොජල‍්ලමධාරයිං; භුඤ‍්ජන‍්තො මාසිකං භත‍්තං, කෙසමස‍්සුං අලොචයිං.

“පඤ්ච පඤ්ඤාස වස්සානි රජොජල්ලමධාරයිං, භූඤ්ජන්තො මාසිකං භත්තං කෙසමස්සුං අලොචයිං”

“එකපාදෙන අට‍්ඨාසිං, ආසනං පරිවජ‍්ජයිං; සුක‍්ඛගූථානි ච ඛාදිං, උද‍්දෙසඤ‍්ච න සාදියිං.

“එකපාදෙන අට්ඨාසිං, ආසනං පරිවජ්ජයිං, සුක්ඛගූථානි ච ඛාදිං, උද්දෙසං ච න සාදියිං”

“එතාදිසං කරිත්‍වාන, බහුං දුග‍්ගතිගාමිනං; වුය‍්හමානො මහොඝෙන, බුද‍්ධං සරණමාගමං.

“එතාදිසං කරිත්‍වාන බහුං දුග්ගතිගාමිනං, වුය්හමානො මහොඝෙන බුද්ධං සරණමාගමං”

“සරණගමනං පස‍්ස, පස‍්ස ධම‍්මසුධම‍්මතං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

“සරණාගමනං පස්ස, පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා, කතම්බුද්ධස්සසාසනං”

ඉමා චතස‍්සො ගාථා අභාසි.

තත්‍ථ පඤ‍්චපඤ‍්ඤාසවස‍්සානි, රජොජල‍්ලමධාරයින‍්ති නග‍්ගපබ‍්බජ‍්ජූපගමනෙන න‍්හානපටික‍්ඛෙපතො පඤ‍්චාධිකානි පඤ‍්ඤාසවස‍්සානි සරීරෙ ලග‍්ගං ආගන‍්තුකරෙණුසඞ‍්ඛාතං රජො, සරීරමලසඞ‍්ඛාතං ජල‍්ලඤ‍්ච කායෙන ධාරෙසිං. භුඤ‍්ජන‍්තො මාසිකං භත‍්තන‍්ති රත‍්තියං ගූථං ඛාදන‍්තො ලොකවඤ‍්චනත්‍ථං මාසොපවාසිකො නාම හුත්‍වා පුඤ‍්ඤත්‍ථිකෙහි දින‍්නං භොජනං මාසෙ මාසෙ එකවාරං ජිව‍්හග‍්ගෙ පඨනවසෙන භුඤ‍්ජන‍්තො අලොචයින‍්ති තාදිසච‍්ඡාරිකාපක‍්ඛෙපෙන සිථිලමූලං කෙසමස‍්සුං අඞ‍්ගුලීහි ලුඤ‍්චාපෙසිං.

එහි “පඤ්ච පඤ්ඤාස වස්සානී රජොජල්ලමධාරයිං” නිර්වස්ත්‍ර පැවිද්දට පැමිණ නෑම ප්‍රතික්‍ෂෙප කර, පනස් පස් වාරයක් පුරාම ශරීරයේ ඇලුණු පිටතින් ගසාගෙන පැමිණි රජස්, දූවිලි ද ශරීර කුණු නම් වූ දැලි කුණු ද දරා සිටියෙමි. “භුඤ්ජන්තො මාසිකං භත්තං” රෑට අශුචි කමින් ලෝකයා රවටනු පිණිස මාසික උපවාසයෙන් යුක්ත වීමි. පින් කැමැත්තන් විසින් දෙනු ලබන ආහාරය මාසයකට එකවර බැගින් දාවල දිවඟ තැබීම් වශයෙන් අනුභව කළෙමි. “ආලොචයිං” හුණු අළු දැමීමෙන් ලිහිල් වූ මුල් ඇති කෙස් රවුල් ඇඟිලිවලින් ගලවා, උදුරා දැමුවෙමි.

එකපාදෙන අට‍්ඨාසිං, ආසනං පරිවජ‍්ජයින‍්ති සබ‍්බෙන සබ‍්බං ආසනං නිසජ‍්ජං පරිවජ‍්ජෙසිං, තිට‍්ඨන‍්තො ච උභො හත්‍ථෙ උක‍්ඛිපිත්‍වා එකෙනෙව පාදෙන අට‍්ඨාසිං. උද‍්දෙසන‍්ති නිමන‍්තනං. උදිස‍්සකතන‍්ති කෙචි. න සාදියින‍්ති න සම‍්පටිච‍්ඡිං පටික‍්ඛිපින‍්ති අත්‍ථො.

“එකපාදෙන අට්ඨාසිං ආසනං පරිවජ්ජයිං” සර්ව ප්‍රකාරයෙන් ම සියළු වැඩ හිඳින, හිඳගන්නා ආසන ඉවත් කළෙමි. සිටගෙනම දෑත් ඔසවා ගෙන එක පයින් සිටියෙමි. “උද්දෙසං” දානමාන දී ආරාධනා, උදෙසා කළ ඇරයුම් යැයි ඇතැමෙක් කියති. “න සාදියි” නොපිළිගත්තෙමි.” ප්‍රතික්‍ෂෙප කළෙමි යන අර්ථයයි.

එතාදිසං කරිත්‍වාන, බහුං දුග‍්ගතිගාමිනන‍්ති එතාදිසං එවරූපං විපාකනිබ‍්බත‍්තනකං දුග‍්ගතිගාමිනං බහුං පාපකම‍්මං පුරිමජාතීසු ඉධ ච කත්‍වා උප‍්පාදෙත්‍වා. වුය‍්හමානො මහොඝෙනාති කාමොඝාදිනා මහතා ඔඝෙන විසෙසතො දිට‍්ඨොඝෙන අපායසමුද‍්දං පතිආකඩ‍්ඪියමානො, බුද‍්ධං සරණමාගමන‍්ති තාදිසෙන පුඤ‍්ඤකම‍්මච‍්ඡිද‍්දෙන කිච‍්ඡෙන මනුස‍්සත‍්තභාවං ලභිත්‍වා ඉදානි පුඤ‍්ඤබලෙන බුද‍්ධං “සරණ”න‍්ති ආගමාසිං, “සම‍්මාසම‍්බුද‍්ධො භගවා”ති අවෙච‍්චපසාදෙන සත්‍ථරි පසීදිං. සරණගමනං පස‍්ස, පස‍්ස ධම‍්මසුධම‍්මතන‍්ති ආයතනගතං මම සරණගමනං පස‍්ස, පස‍්ස සාසනධම‍්මස‍්ස ච සුධම‍්මතං යොහං තථාමිච‍්ඡාපටිපන‍්නොපි එකොවාදෙනෙව සත්‍ථාරා එදිසං සම‍්පත‍්තිං සම‍්පාපිතො. “තිස‍්සො විජ‍්ජා”තිආදිනා තං සම‍්පත‍්තිං දස‍්සෙති තෙනාහ (අප· ථෙර 2.46.17-21) –

“එතාදිසං කරිත්‍වාන බහුං දුග්ගතිගාමිනං” මෙසේ මෙබඳු වූ විපාක දෙන, දුගතියට පමුණුවන බොහෝ පව්කම් පෙර ජාතිවල දී මේ ආත්මභාවයේදී ද සිදුකොට, “වුය්හමානො මහොඝෙන” කාමාදී මහත් වූ සතර ඕඝයෙන් විශේෂයෙන් ම දිට්ඨි ඕඝයෙන් අපාය නම් මහමුහුදට අදිනු ලබන්නෙම්. “බුද්ධං සරණමාගමං” එබඳු වූ පින්කම් නම් සිදුරකින් දුක සේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබ, දැන් පෙර පින් බලයෙන් බුදුසරණ ගියෙමි. “ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය” යි අචල වූ ශ්‍රද්ධාවෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි. “සරණාගමනං පස්ස, පස්ස ධම්මසුධම්මතං” වාසයට පැමිණි මාගේ සරණාගමනය බලව, ශාසන ධර්මයේ මනාවූ ධර්මතාවය බලව, යම් කලෙක මම වැරදි පිළිවෙත් හි නිරතව සිටියෙම් ද එකල ශාස්තෲන් වහන්සේ විසින් එකම අවවාදයකින් මම මෙවැනි මහත් සැපතකට පමුණුවන ලද්දෙමි. “තිස්සො විජ්ජා” යනාදී වශයෙන් එම සම්පත් දැක්වේ. ඒක ජම්බුක තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.

“තිස‍්සස‍්සාහං භගවතො, බොධිරුක‍්ඛමවන්‍දියං; පග‍්ගය‍්හ බීජනිං තත්‍ථ, සීහාසනමබීජහං.

“මම තිස්ස බුදුරදුන්ගේ බෝධි වෘක්‍ෂයට වැන්දෙමි. විජිනිපතක් ගෙන එහි සිහසුනට පවන් සැලීමි.

“ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ, සීහාසනමබීජහං; දුග‍්ගතිං නාභිජානාමි, බීජනාය ඉදං ඵලං.

මීට කල්ප අනූ දෙකකට පෙර සිහසුනට පවන් සැලූයෙම් ද ඒ නිසා දුගතියක නූපන්නෙමි. පවන් සැලීමේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මා විසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”

ජම‍්බුකත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ජම්බුක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.