නන්දකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
නන්දකත්ථෙරගාථාවණ්ණනා
නන්දක ස්ථවිරගාථා වර්ණනාව
ධිරත්ථූතිආදිකා ආයස්මතො නන්දකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ මහාවිභවො සෙට්ඨි හුත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං භික්ඛුනොවාදකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා තං ඨානන්තරං පත්ථෙත්වා සතසහස්සග්ඝනිකෙන වත්ථෙන භගවන්තං පූජෙත්වා පණිධානමකාසි, සත්ථු බොධිරුක්ඛෙ පදීපපූජඤ්ච පවත්තෙති. සො තතො පට්ඨාය දෙවමනුස්සෙසු සංසරන්තො කකුසන්ධස්ස භගවතො කාලෙ කරවිකසකුණො හුත්වා මධුරකූජිතං කූජන්තො සත්ථාරං පදක්ඛිණං අකාසි. අපරභාගෙ මයූරො හුත්වා අඤ්ඤතරස්ස පච්චෙකබුද්ධස්ස වසනගුහාය ද්වාරෙ පසන්නමානසො දිවසෙ දිවසෙ තික්ඛත්තුං මධුරවස්සිතං වස්සි, එවං තත්ථ තත්ථ පුඤ්ඤානි කත්වා අම්හාකං භගවතො කාලෙ සාවත්ථියං කුලගෙහෙ නිබ්බත්තිත්වා නන්දකොති ලද්ධනාමො වයප්පත්තො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.46.22-26) –
“ධීරත්ථු” යනාදී ගාථා සතර ආයුෂ්මත් නන්දක තෙරුන් වහන්සේගේ ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර මහත් සම්පත් ඇති සිටුවරයෙක් ව උපන්හ. ඔහු සැමදාම ශාස්තෲන් වහන්සේ සමීපයේ සිට ධර්ම ශ්‍රවණය කරයි. දිනක් ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් භික්ඛුණෝ වාදක භික්ෂූන්ගෙන් අග්‍ර භාවයට පත් කරනු දැක, තමා ද ඒ තනතුර පැතීය. ලක්ෂයක් අගනා වස්ත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිදූ ඔහු සිය ප්‍රාර්ථනාව ප්‍රකාශ කළේය. ඒ ශාස්තෲන් වහන්සේගේ බෝධි වෘක්ෂයට පහන් පූජාවක් ද පැවැත්වූ සිටුතුමා, මෙම පින්කම්වල විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැප වින්දේය. කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී කොවුලෙක්ව ඉපිද මිහිරිව හඬ නඟමින් උන්වහන්සේ පැදකුණු කළ හෙතෙම පසුකාලෙක මොණරෙක්ව උපන්නේය. එසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් වසන ගුහා ද්වාරයක සිට පහන් සිතින් දිනපතාම තුන්වාරයක් මිහිරිව නාද පූජා පැවැත්වීය. මෙසේ ඒ ඒ අත්බවෙහිදී පින්දහම් රැස් කරගත් හෙතෙම, අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත් නුවර සිටුගෙයක ඉපිද නන්දක නමින් ප්‍රකට විය. වැඩිවියට පත් ඔහු; ශාස්තෲන් වහන්සේ සමීපයෙහි බණ අසා ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි වී විදසුන් වඩා රහත් විය. අපදාන පාළියේදී නන්දක තෙරණුවෝ මෙසේ වදාළහ.
“පදුමුත්තරබුද්ධස්ස බොධියා පාදපුත්තමෙ; පසන්නචිත්තො සුමනො, තයො උක්කෙ අධාරයිං.
“ඉතා සතුටින් යුතු පහන් සිත් ඇති මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම් බෝධි වෘක්ෂය වෙත ගොස් පන්දම් තුනකින් පූජා කළෙමි.
“සතසහස්සිතො කප්පෙ, සොහං උක්කමධාරයිං; දුග්ගතිං නාභිජානාමි, උක්කදානස්සිදං ඵලං.
පන්දම් ගිනිසිළු දරමින් මීට කල්ප ලක්ෂයකට පෙර දී යම් පූජාවක් කෙළෙම් ද එහි විපාක වශයෙන් දුගතියකට නොගියෙමි. පහන් ආලෝක පූජාවේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අරහා පන හුත්වා විමුත්තිසුඛෙන වීතිනාමෙන්තො සත්ථාරා භික්ඛුනීනං ඔවාදෙ ආණත්තො එකස්මිං උපොසථදිවසෙ පඤ්ච භික්ඛුනිසතානි එකොවාදෙනෙව අරහත්තං පාපෙසි. තෙන නං භගවා භික්ඛුනොවාදකානං අග්ගට්ඨානෙ ඨපෙසි. අථෙකදිවසං ථෙරං සාවත්ථියං පිණ්ඩාය චරන්තං අඤ්ඤතරා පුරාණදුතියිකා ඉත්ථී කිලෙසවසෙන ඔලොකෙත්වා හසි. ථෙරො තස්සා තං කිරියං දිස්වා සරීරස්ස පටික්කූලවිභාවනමුඛෙන ධම්මං කථෙන්තො –
රහත් බවට පත්ව විමුක්ති සුවයෙන් කල් යවන නන්දක තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් භික්ෂුණෝවාදක තනතුරෙහි යොදවන ලදහ. එක් පොහෝ දිනෙක පන්සීයක් භික්ෂුණීහු නන්දක තෙරුන්ගේ එක් අවවාදයක් අසා රහත් වූහ. එනිසා භාග්‍යවතුන් වහන්සේ භික්ඛුණෝවාදක භික්ෂූන්ගේ අග්‍රභාවයට නන්දක තෙරණුවන් පත් කළහ. දිනක් උන්වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන කල්හි පෙර ගිහි කල භාර්‍ය්‍යාවක් වූ ස්ත්‍රියක ක්ලේශ වසඟව උන්වහන්සේ දෙස බලා සිනාසුනීය. නන්දක තෙරණුවෝ ඇගේ ඒ විප්‍රකාරය දැක ශරීරයේ පිළිකුල් බව ප්‍රකාශ කරමින් මේ ගාථා සතරින් ධර්ම දේශනා කළහ.
“ධිරත්ථු පූරෙ දුග්ගන්ධෙ, මාරපක්ඛෙ අවස්සුතෙ; නවසොතානි තෙ කායෙ, යානි සන්දන්ති සබ්බදා.
“ධීරත්ථු පූරෙ දුග්ගන්ධෙ මාරපක්ඛෙ අවස්සුතෙ, නව සොතානි තෙ කායෙ යානි සන්ධන්ති සබ්බදා”
“මා පුරාණං අමඤ්ඤිත්ථො, මාසාදෙසි තථාගතෙ; සග්ගෙපි තෙ න රජ්ජන්ති, කිමඞ්ගං පන මානුසෙ.
“මා පුරාණං අමඤ්ඤිත්ථො, මා සාදෙසි තථාගතෙ, සග්ගෙපි තෙ න රජ්ජන්ති කිමංග පන මානුසෙ”
“යෙ ච ඛො බාලා දුම්මෙධා, දුම්මන්තී මොහපාරුතා; තාදිසා තත්ථ රජ්ජන්ති, මාරඛිත්තම්හි බන්ධනෙ.
“යෙ ච ඛො බාලා දුම්මෙධා දුම්මන්ති මොහපාරුතා, තාදිසා තත්ථ රජ්ජන්ති මාරක්ඛිත්තස්මිං බන්ධනෙ”
“යෙසං රාගො ච දොසො ච, අවිජ්ජා ච විරාජිතා; තාදී තත්ථ න රජ්ජන්ති, ඡින්නසුත්තා අබන්ධනා”ති. – ගාථා අභාසි;
“යෙසං රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා, තාදී තත්ථ න රජ්ජන්ති ඡින්නසුත්තා අඛන්ධනා”
තත්ථ ධීති ජිගුච්ඡනත්ථෙ නිපාතො, රත්ථූති ර-කාරො පදසන්ධිකරො, ධී අත්ථු තං ජිගුච්ඡාමි තව ධික්කාරො හොතූති අත්ථො. පූරෙතිආදීනි තස්සා ධික්කාතබ්බභාවදීපනානි ආමන්තනවචනානි. පූරෙති අතිවිය ජෙගුච්ඡෙහි නානාකුණපෙහි නානාවිධඅසුචීහි සම්පුණ්ණෙ. දුග්ගන්ධෙති කුණපපූරිතත්තා එව සභාවදුග්ගන්ධෙ. මාරපක්ඛෙති යස්මා විසභාගවත්ථු අන්ධපුථුජ්ජනානං අයොනිසොමනසිකාරනිමිත්තතාය කිලෙසමාරං වඩ්ඪෙති, දෙවපුත්තමාරස්ස ච ඔතාරං පවිට්ඨං දෙති. තස්මා මාරස්ස පක්ඛො හොති. තෙන වුත්තං “මාරපක්ඛෙ”ති. අවස්සුතෙති සබ්බකාලං කිලෙසාවස්සවනෙන තහිං තහිං අසුචිනිස්සන්දනෙන ච අවස්සුතෙ. ඉදානිස්සා නවසොතානි තෙ කායෙ, යානි සන්දන්ති සබ්බදාති “අක්ඛිම්හා අක්ඛිගූථකො”තිආදිනා (සු· නි· 199) වුත්තං අසුචිනො අවස්සවනට්ඨානං දස්සෙති.
එහි “ධී” යනු පිළිකුල් කිරීම් අර්ථයේ නිපාතයකි. “අත්ථු” වේවා. ර කාරය පද දෙක සන්ධි කරන්නකි. “පිළිකුල් වූ නුඹට නින්දා වේවා! නුඹගේ ක්‍රියාව නින්දා සහගතය” යන අර්ථයයි. “පූරෙ” ආදී වශයෙන් ඇගේ නින්දනීය බවට ආමන්ත්‍රණය කරන ආලපන වදන් යොදා ඇත. එහි “පූරෙ” යනු අතිශය පිළිකුල්, නානාප්‍රකාර කුණුපයන්ගෙන්, නානාවිධ අශූචීන්ගෙන් පිරුණු “දුග්ගන්ධෙ” කුණුපයන්ගෙන් පිරි බැවින් ම ස්වභාවයෙන්ම දුගඳ හමන. “මාරපක්ඛෙ” විෂභාග වස්තුවක් වූ ස්ත්‍රී රූපය අඳබාල පුහුදුන් පුද්ගලයන්ට අනුවණින් සිහි කිරීමට නිමිති වන බැවින් කෙලෙස් මාරයන්ගේ වැඩීමට උපකාර වේ. දේව පුත්‍ර මාරයාට ද පිවිසීමට ඉඩ අවස්ථා සලසා දෙයි. එනිසා මාර පාක්ෂික වූවකැයි කියන ලදි. “අවස්සුතෙ” සැමකල්හි කෙලෙස් වැසි වැසීමෙන් ද ඒ ඒ තැන අශුචි ගලා යෑමෙන් ද කාමාශාවෙන් තෙත් වූ. දැන් ඇගේ “නව සොතානි තෙ කායෙ යානි සන්ධන්ති සබ්බදා” නව දොරකින් අශූචි වැගිරෙන බව කියයි. ඇසෙන් කඳුලු නම් වූ අශුචි ආදි වශයෙන් අශූචීන්ගේ වැගිරීම් ස්ථාන දත යුතුයි.
එවං පන නවඡිද්දං ධුවස්සවං අසුචිභරිතං කායං යථාභූතං ජානන්තී මා පුරාණං අමඤ්ඤිත්ථොති පුරාණං අජානනකාලෙ පවත්තං හසිතලපිතං කීළිතං මා මඤ්ඤි, “ඉදානිපි එවං පටිපජ්ජිස්සතී”ති මා චින්තෙහි. මාසාදෙසි තථාගතෙති යථා උපනිස්සයසම්පත්තියා පුරිමකා බුද්ධසාවකා ආගතා, යථා වා තෙ සම්මාපටිපත්තියා ගතා පටිපන්නා, යථා ච රූපාරූපධම්මානං තථලක්ඛණං තථධම්මෙ ච අරියසච්චානි ආගතා අධිගතා අවබුද්ධා, තථා ඉමෙපීති එවං තථා ආගමනාදිඅත්ථෙන තථාගතෙ අරියසාවකෙ පකතිසත්තෙ විය අවඤ්ඤාය කිලෙසවසෙන ච උපසඞ්කමමානා මාසාදෙසි. අනාසාදෙතබ්බතාය කාරණමාහ. සග්ගෙපි තෙ න රජ්ජන්ති, කිමඞ්ගං පන මානුසෙති සබ්බඤ්ඤුබුද්ධෙනාපි අක්ඛානෙන පරියොසාපෙතුං අසක්කුණෙය්යසුඛෙ සග්ගෙපි තෙ සාවකබුද්ධා න රජ්ජන්ති, සඞ්ඛාරෙසු ආදීනවස්ස සුපරිදිට්ඨත්තා රාගං න ජනෙන්ති, කිමඞ්ගං පන මීළ්හරාසිසදිසෙ මානුසෙ කාමගුණෙ, තත්ථ න රජ්ජන්තීති වත්තබ්බමෙව නත්ථි.
මෙසේ නව දොරකින් නිති මල වෑහෙන, අශූචියේ පිරි කයේ දොස තත්ත්වාකාරයෙන් මම දනිමි. පෙර මා එය නොදන්නා බැවින් නුඹ සමඟ සිනා කෙළි කවටකම් පැවැත්වූයෙමි. දැනුත් එසේ නුඹ හා හැසිරෙතියි නො සිතව. “මා සාදෙසි තථාගතෙ” යම් සේ උපනිශ්‍රය සම්පත්තියෙන් පෙර වූ බුද්ධ ශ්‍රාවකයෝ නිවණට පැමිණියාහු ද එසේ වූ යහපත් ප්‍රතිපත්තියෙන් පැමිණි, අවබෝධ කළ නිවන් සැප ඇති; රූප ධර්මයන්ගේ තථ ලක්ෂණය, යථාස්වභාවය ද චතුරාර්ය සත්‍ය ධර්මය ද අවබෝධ කරගත්තා වූ, දැන ගත්තා වූ ද; මේ තථාගත ආර්ය ශ්‍රාවකයන් කෙරෙහි වෙනත් පුහුදුන් පුද්ගලයන්ට මෙන් කෙලෙස් වසඟව අවඥා නොකරව. සමීපයට පැමිණ හිරිහැර-අපහාස නොකරව. ඇලීම් නොකර සිටීමට හේතු දක්වයි. “සග්ගෙ පි තෙ නරජ්ජන්ති කිමංග පන මානුසෙ” සර්වඥ වූ සියල්ල දත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා කියා නිම කළ නොහැකි සැප ඇති දිව්‍ය ලෝකවල පවා ඒ බුද්ධ ශ්‍රාවකයෝ නො ඇලෙති. සංස්කාර ධර්මයන් හි ආදීනව මනාව දක්නා ලද බැවින් දෙවඟනන් දුටුවත් රාගයක් උන්වහන්සේලාට ඇති නොවේ. අශූචි ගොඩක් වැනි වූ මේ මනුෂ්‍ය ලෝකයේ ස්ත්‍රීන් දැක පංච කාමයන්හි උන්වහන්සේලාගේ නොඇලීම පිළිබඳව කියනු කිම? එය කිවයුත්තක් නොවේ.
යෙ ච ඛොති යෙ පන බාල්යප්පයොගතො බාලා, ධම්මොජපඤ්ඤාය අභාවතො දුම්මෙධා, අසුභෙ සුභානුපස්සනෙන දුචින්තිතචින්තිතාය දුම්මන්තී, මොහෙන අඤ්ඤාණෙන සබ්බසො පටිච්ඡාදිතචිත්තතාය මොහපාරුතා තාදිසා තථාරූපා අන්ධපුථුජ්ජනා, තත්ථ තස්මිං ඉත්ථිසඤ්ඤිතෙ, මාරඛිත්තම්හි බන්ධනෙ මාරෙන ඔඩ්ඩිතෙ මාරපාසෙ, රජ්ජන්ති රත්තා ගිද්ධා ගධිතා මුච්ඡිතා අජ්ඣොපන්නා තිට්ඨන්ති.
“යෙ ච ඛො” යමෙක් අඳබාල බවට සුදුසු ද ඒ “බාලා” මෝඩයෝ, ධර්මයේ රස විඳින ප්‍රඥාව නැති බැවින් “දුම්මෙධා” දුෂ්ප්‍රාඥ වූවෝ; නපුරු සිතුවිලි සිතන බැවින් අසුභ දෙය සුභ වශයෙන් දකිති. “දුම්මන්තිනො” වරදවා සිතති. මෝඩකමින් පිරී, අනුවණ බවින් සියලුම ආකාරයෙන් වැසුණු සිත් ඇති බැවින් “මොහපාරුතා” මෝහයෙන් වැසුණු. මේ ලක්ෂණයන්ගෙන් යුක්ත අඳ පුහුදුන් පුද්ගලයෝ ඒ ස්ත්‍රී සංඥා ඇති, මාරයාගේ බන්ධනයෙහි - මාරයා ඇටවූ උගුලෙහි ඇලෙති. අතිශයින් ගිජුව මුලාව ඊට බැසගෙන සිටිති.
විරාජිතාති යෙසං පන ඛීණාසවානං තෙලඤ්ජනරාගො විය දුම්මොචනීයසභාවො රාගො සපත්තො විය ලද්ධොකාසො දුස්සනසභාවො දොසො අඤ්ඤාණසභාවා අවිජ්ජා ච අරියමග්ගවිරාගෙන සබ්බසො විරාජිතා පහීනා සමුච්ඡින්නා, තාදිසා අග්ගමග්ගසත්ථෙන ඡින්නභවනෙත්තිසුත්තා තතො එව කත්ථචිපි බන්ධනාභාවතො අබන්ධනා තත්ථ තස්මිං යථාවුත්තෙ මාරපාසෙ න රජ්ජන්ති. එවං ථෙරො තස්සා ඉත්ථියා ධම්මං කථෙත්වා ගතො.
“විරාජිතා” යම් ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේලා, තෙල්වල ඇලුණාක් මෙන් මිදීම අපහසු වූ රාගය ද, ඉඩ ලද වහා දූෂිත කටයුතු කරන සතුරෙකු බඳු ද්වේෂය ද, චතුරාර්ය සත්‍ය නොදන්නා වූ අවිද්‍යාව ද ආර්ය මාර්ගය නම් විරාගී ඖෂධයෙන් සර්වප්‍රකාරයෙන්ම ප්‍රහීණ කළහ. මුලිනුපුටා දැමූහ. දුරු කළහ. එබඳු වූ ආර්ය මාර්ගය නම් ආයුධයෙන් සිඳී “භව උප්පත්ති” නම් තණ්හා නූල කෙසේවත්, කිසිවකුටත් නැවත බැඳිය නොහැක. එනිසා කෙලෙස් බන්ධන රහිතය. එනිසා ඒ රහතන් වහන්සේලා මුලින් දැක්වූ මාරයාගේ උගුලෙහි නො ඇලෙති. මෙසේ ඒ ස්ත්‍රියට දහම් දෙසූ තෙරුන් වහන්සේ විහාරයට වැඩි සේක. එම ගාථා දේශනාව උන්වහන්සේගේ රහත් බව ප්‍රකාශ කිරීම විය.
නන්දකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
නන්දක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.