නන්‍දකත්‍ථෙරගාථා
4. 1. 4.
4. 1. 4.
279. ධිරත්‍ථු පූරෙ දුග‍්ගන්‍ධෙ මාරපක‍්ඛෙ අවස‍්සුතෙ, නවසොතානි තෙ කායෙ යානි සන්‍දන‍්ති සබ‍්බදා.
279. අසූචියෙන් පිරුණු දුඟඳ වැහෙන මාරපාක්‍ෂික වූ රාගයෙන් තෙත් වූ තැනැත්තිය,( තිට) නින්‍දා වේවා, යම් ද්වාර කෙනෙක් හැමදා වැගිරෙත් ද තීගේ කයෙහි එබඳු නව ශ්‍රෝතස්හු වෙත්.
280. මා පුරාණං අමඤ‍්ඤිත්‍ථො මාසා දෙසි තථාගතෙ, සග‍්ගෙ’පි තෙ න රජ‍්ජන‍්ති කිමඞ‍්ග පන මානුසෙ.
280. පැරණි කෙළිසිනා නහමක් සිතව, තථාගතශ්‍රාවකයන් නහමක් ගටව. ඔවුහු ස්වර්‍ගයෙහි දු නො ඇලෙති. මානුෂසුඛයෙහි කියනු මැ කිම?
281. යෙ ච ඛො බාලා දුම‍්මෙධා දුම‍්මන‍්තී මොහපාරුතා, තාදිසා තත්‍ථ රජ‍්ජන‍්ති මාරඛිත‍්තම‍්හි බන්‍ධතෙ.
281. දුෂ්ප්‍රාඥ වූ වරදවා සිතනසුලු මෝහයෙන් වැසුණු යම් බාල කෙනෙක් ඇත් ද එබඳු වූ ඔහු මරහු විසින් බහාලූ ඒ පාශයෙහි රැඳෙත්.
282. යෙසං රාගො ච දොසො ච අවිජ‍්ජා ච විරාජිතා, තාදී තත්‍ථ න රජ‍්ජන‍්ති ඡින‍්නසුත‍්තා අබන්‍ධනා’ති.
282. යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් ප්‍රහීණ කරන ලද්දාහු ද තාදී වූ සිඳිනලද තෘෂ්ණාසුත්‍ර ඇති ක්ලේශබන්‍ධන රහිත වූ ඔහු එහි නො රැඳෙත් යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා නන්‍දකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.