සභියත්‍ථෙරගාථා
4. 1. 3.
4. 1. 3.
275. පරෙ ච න විජානන‍්ති මයමෙත්‍ථ යමාමසෙ, යෙ ච තත්‍ථ විජානන‍්ති තතො සම‍්මන‍්ති මෙධගා.
275. ‘අපි මේ විවාදයෙහි නැසෙම්හ’ යි අන්‍ධබාල වූ අන්‍යයෝ නො දනිති. යම් පණ්ඩිත කෙනෙක් එහිලා (ආදීනව) දනිත් නම් එයින් කලහයෝ සන්හිඳෙත්.
276. යදා ච අවිජානන‍්තා ඉරියන‍්ත්‍යමරා විය, විජානන‍්ති ච යෙ ධම‍්මං ආතුරෙසු අනාතුරා.
276. යම් කලෙකැ ආදීනව නො දන්නාහු වෙත් ද ඔහු ජරාමරණ නැතියවුන් මෙන් වෙසෙති. යම් කෙනෙක් ධර්‍මය දනිත් නම් ඔහු (කෙලෙසුන්ගෙන්) ආතුර වූවන් කෙරෙහි අනාතුර වෙත්.
277. යං කිඤ‍්චි සිථිලං කම‍්මං සඞ‍්කිලිට‍්ඨං ච යං වතං, සඞ‍්කස‍්සරං බ්‍රහ‍්මචරියං න තං හොති මහප‍්ඵලං.
277. යම්කිසි ලිහිල් වූ කුශලකර්‍මයෙක් වේ ද, කිලිටි වූ යම්කිසි ව්‍රතසමාදානයෙකුත් වේ ද සැකයෙන් සිහි කළයුතු බඹසරෙකුත් වේ ද ඒ මහත්ඵල නො වේ.
278. යස‍්ස සබ්‍රහ‍්මචාරිසු ගාරවො නූපලබ‍්භති, ආරකා හොති සද‍්ධම‍්මා නභං පුථුවියා යථා’ති.
278. යමක්හු ගේ සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද හෙතෙම පොළොවට අහස මෙන් සද්ධර්‍මයෙන් දුරු වේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සභියො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් සභියස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.