යෙදුමෙන් කියවන්න

සභියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සභියත්‍ථෙරගාථාවණ‍්ණනා

සභිය ස්ථවිරගාථා වර්ණනාව

පරෙ චාතිආදිකා ආයස‍්මතො සභියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො කකුසන්‍ධස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං දිවාවිහාරාය ගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නමානසො උපාහනං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපෙ භගවති පරිනිබ‍්බුතෙ පතිට‍්ඨිතෙ සුවණ‍්ණචෙතියෙ ඡහි කුලපුත‍්තෙහි සද‍්ධිං අත‍්තසත‍්තමො සාසනෙ පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤෙ විහරන‍්තො විසෙසං නිබ‍්බත‍්තෙතුං අසක‍්කොන‍්තො ඉතරෙ ආහ – “මයං පිණ‍්ඩපාතාය ගච‍්ඡන‍්තො ජීවිතෙ සාපෙක‍්ඛා හොම, ජීවිතෙ සාපෙක‍්ඛෙන ච න සක‍්කා ලොකුත‍්තරධම‍්මං අධිගන‍්තුං, පුථුජ‍්ජනකාලඞ‍්කිරියා ච දුක‍්ඛා. හන්‍ද, මයං නිස‍්සෙණිං බන්‍ධිත්‍වා පබ‍්බතං අභිරුය‍්හ කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛා සමණධම‍්මං කරොමා”ති. තෙ තථා අකංසු.

“පරෙච” යනු ආයුෂ්මත් සභිය තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උණ්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත්, කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත් ඒ සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ විහාරයෙන් නික්ම වැඩම කරනු දැක පහන් සිතින් පාවහන් යුවලක් පිදීය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා අවුත් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කාලයේ දී රන්වන් සෑයෙහි කුලපුතුන් සයක් සමඟ තමා සත්වැනියාව පැවිදි විය. ඒ සත්දෙන කමටහන් ගෙන ආරණ්‍යයෙහි වෙසෙමින් උත්සාහ කළත් ගුණ විශේෂයක් උපදවා ගත නොහැකි විය. ඔවුන්ගෙන් කෙනෙක් මෙසේ කීය. “අපි පිණ්ඩපාතයේ යමින් ජීවිතය පිළිබඳ අපේක්‍ෂා සහිතව වෙසෙමු. ජීවිතයේ අපේක්‍ෂා සහිතව ලෝකෝත්තර දහම් ඉපදවීම අසීරුය. එය කළ නොහැක. පුහුදුන්ව කළුරිය කිරීම ද දුකකි. එනිසා අපි හිණිමඟක් බැඳ පර්වතයට නැගී කයෙහිත් ජීවිතයෙහිත් අපේක්‍ෂා රහිතයෝ වී මහණදම් පුරමු.” එය ඇසූ ඒ සත්දෙන පර්වතයට නැංගහ.

අථ නෙසං මහාථෙරො උපනිස‍්සයසම‍්පන‍්නත‍්තා තදහෙව ඡළභිඤ‍්ඤො හුත්‍වා උත‍්තරකුරුතො පිණ‍්ඩපාතං උපනෙසි. ඉතරෙ – “තුම‍්හෙ, භන‍්තෙ, කතකිච‍්චා තුම‍්හෙහි සද‍්ධිං සල‍්ලාපමත‍්තම‍්පි පපඤ‍්චො, සමණධම‍්මමෙව මයං කරිස‍්සාම, තුම‍්හෙ අත‍්තනා දිට‍්ඨධම‍්මසුඛවිහාරමනුයුඤ‍්ජථා”ති වත්‍වා පිණ‍්ඩපාතං පටික‍්ඛිපිංසු. ථෙරො නෙ සම‍්පටිච‍්ඡාපෙතුං අසක‍්කොන‍්තො අගමාසි.

ඔවුන්ගෙන් වැඩිමල් තෙරණුවෝ උපනිශ්‍රය සම්පත් ඇතිව එදිනම ෂඩ් අභිඥාලාභී මහ තෙරනමක්ව, උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය රැගෙන පැමිණියහ. සෙසු සදෙන, “ස්වාමීනි! නුඹ වහන්සේ කළයුතු දෙය කර අවසන් වූවෙහිය. නුඹවහන්සේ සමඟ කථා සල්ලාපයත් අපට බාධාවකි. අපි මහණදම් පමණක්ම පුරමු. නුඹවහන්සේ තමන්ගේ දිට්ඨධම්ම සුඛ විහරණයෙහි ම නියලුණු මැනව”යි පැවසූහ. පිණ්ඩපාතය ප්‍රතික්‍ෂේප කළවිට එය කෙසේවත් පිළිගැන්වීමට නොහැකි වූ රහතන් වහන්සේ වෙනත් තැනකට වැඩම කළහ.

තතො නෙසං එකො ද‍්වීහතීහච‍්චයෙන අභිඤ‍්ඤාපරිවාරං අනාගාමිඵලං සච‍්ඡිකත්‍වා තථෙව වත්‍වා තෙහි පටික‍්ඛිත‍්තො අගමාසි. තෙසු ඛීණාසවත්‍ථෙරො පරිනිබ‍්බායි, අනාගාමී සුද‍්ධාවාසෙසු උප‍්පජ‍්ජි. ඉතරෙ පුථුජ‍්ජනකාලඞ‍්කිරියමෙව කත්‍වා ඡසු කාමසග‍්ගෙසු අනුලොමපටිලොමතො දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා අම‍්හාකං භගවතො කාලෙ දෙවලොකා චවිත්‍වා එකො මල‍්ලරාජකුලෙ පටිසන්‍ධිං ගණ‍්හි, එකො ගන්‍ධාරරාජකුලෙ, එකො බාහිරරට‍්ඨෙ, එකො රාජගහෙ එකිස‍්සා කුලදාරිකාය කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. ඉතරො අඤ‍්ඤතරිස‍්සා පරිබ‍්බාජිකාය කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං අග‍්ගහෙසි. සා කිර අඤ‍්ඤතරස‍්ස ඛත‍්තියස‍්ස ධීතා, නං මාතාපිතරො – “අම‍්හාකං ධීතා සමයන‍්තරං ජානාතූ”ති එකස‍්ස පරිබ‍්බාජකස‍්ස නිය්‍යාදයිංසු. අථෙකො පරිබ‍්බාජකො තාය සද‍්ධිං විප‍්පටිපජ‍්ජි. සා තෙන ගබ‍්භං ගණ‍්හි. තං ගබ‍්භිනිං දිස‍්වා පරිබ‍්බාජකා නික‍්කඩ‍්ඪිංසු. සා අඤ‍්ඤත්‍ථ ගච‍්ඡන‍්තී අන‍්තරාමග‍්ගෙ සභායං විජායි. තෙනස‍්ස සභියොත්‍වෙව නාමං අකාසි. සො වඩ‍්ඪිත්‍වා පරිබ‍්බාජකපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා නානාසත්‍ථානි උග‍්ගහෙත්‍වා මහාවාදී හුත්‍වා වාදප‍්පසුතො විචරන‍්තො අත‍්තනා සදිසං අදිස‍්වා නගරද‍්වාරෙ අස‍්සමං කාරෙත්‍වා ඛත‍්තියකුමාරාදයො සිප‍්පං සික‍්ඛාපෙන‍්තො විහරන‍්තො අත‍්තනො මාතුයා ඉත්‍ථිභාවං ජිගුච‍්ඡිත්‍වා ඣානං උප‍්පාදෙත්‍වා බ්‍රහ‍්මලොකෙ උප‍්පන‍්නාය අභිසඞ‍්ඛරිත්‍වා දින‍්නෙ වීසතිපඤ‍්හෙ ගහෙත්‍වා තෙ තෙ සමණබ්‍රාහ‍්මණෙ පුච‍්ඡි. තෙ චස‍්ස තෙසං පඤ‍්හානං අත්‍ථං බ්‍යාකාතුං නාසක‍්ඛිංසු. සභියසුත‍්තවණ‍්ණනායං (සු· නි· අට‍්ඨ· 2. සභියසුත‍්තවණ‍්ණනා) පන “සුද‍්ධාවාසබ්‍රහ‍්මා තෙ පඤ‍්හෙ අභිසඞ‍්ඛරිත්‍වා අදාසී”ති ආගතං.

ඒ සදෙනාගෙන් තවත් හිමිනමක් දෙතුන් දිනකින් පංචාභිඥා සහිතව අනාගාමී ඵලයට පත්ව රැගෙන ආ පිණ්ඩපාතයද සෙස්සන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලද බැවින් වෙනත් තැනකට ගියේය. ඒ සත්දෙනාගෙන් රහතන් වහන්සේ පිරිනිවියහ. අනාගාමී තෙරණුවෝ ශුද්ධාවාසයෙහි උපන්හ. ඉතිරි පස්දෙන පුහුදුන්වම මියගොස් සදෙව් ලොව්හි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දෙව් සැප විඳ, අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ ඉන් චුතව එක් අයෙක් මල්ල රජ කුලයෙහි ද තවත් අයෙක් ගන්‍ධාර රාජ කුලයෙහි ද තවත් අයෙක් බාහිය රටේ ද තවත අයෙක් රජගහනුවර එක් සිටු දුවකගේ කුසෙහි ද පිළිසිඳ ගත්හ. ඉතිරි පුද්ගලයා එක් පරිබ්‍රාජිකාවකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඇය එක් ක්‍ෂත්‍රියක රජෙකුගේ දුවකි. ඇගේ මාපියෝ, “අපගේ දුව වෙනත් ආගම් දන්නියක් වේවා”යි එක් පිරිවැජියෙකුට ඇය භාරදුන්හ. ඉක්බිති එක් පිරිවැජියෙක් ඇය සමග වරදේ බැඳුණි. ඉන් ඇය ගැබ් ගත්තාය. ඇගේ ගැබ දුටු පිරිවැජියෝ ඇය අරමින් ඉවත් කළහ. ඇය වෙනත් තැනකට යන්නී අතර මඟ දී රැස්වීමකදී (සභාවකදී) දරුවා වැදුවාය. එනිසා පුතුට සභිය යන නම තැබීය. සභිය කුමරු වැඩී පිරිවැජියෙකු වී නානා විධ ශාස්ත්‍රයන් ඉගෙන මහාවාදියෙකු විය. වාද කරමින් ඒ මේ තැන හැසිර තමා හා සමානයකු නොදැක නුවර දොර ළඟ අසපුවක් සාදවා ගෙන, ක්‍ෂත්‍රිය කුමාරාදීන්ට ශිල්ප උගන්වමින් සිටියේය. සභියගේ මව ස්ත්‍රී භාවය පිළිබඳ කළකිරී එය පිළිකුල් කරන්නී ධ්‍යාන උපදවාගෙන බඹලොව ඉපිද සකසා ගත් ප්‍රශ්න විස්සක් සභියට දුන්නීය. සභිය ඒ ප්‍රශ්න රැගෙන ඒ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් විචාළ නමුත් ඒවා විසඳීමට කිසිවකුට නොහැකි විය. සභිය සූත්‍ර වර්ණනාවෙහි “ශුද්ධාවාස” වැසි බ්‍රහ්මයෝ මේ ප්‍රශ්න සාදා දුන්නේයැ”යි කියැවේ.

යදා පන භගවා පවත‍්තවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන රාජගහං ආගන‍්ත්‍වා වෙළුවනෙ විහාසි, තදා සභියො තත්‍ථ ගන‍්ත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා තෙ පඤ‍්හෙ පුච‍්ඡි. සත්‍ථා තස‍්ස තෙ පඤ‍්හෙ බ්‍යාකාසීති සබ‍්බං සභියසුත‍්තෙ (සු· නි· සභියසුත‍්තං) ආගතනයෙන වෙදිතබ‍්බං. සභියො පන භගවතා තෙසු පඤ‍්හෙසු බ්‍යාකතෙසු පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.46.27-31) –

මෙම කාලයේ දී පැවැත් වූ උතුම් දම්සක් පැවතුම් ඇති අප භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙලින් රජගහ නුවරට වැඩමවා වේළුවනාරාමයේ වෙසෙන සේක. එකල සභිය එහි ගොස් ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණ, ඒ ප්‍රශ්න විමසීය. ශාස්තෲන් වහන්සේ එම ප්‍රශ්න විසඳූ සේක. ඒ සියල්ල සභිය සූත්‍රයේ පැමිණි අයුරින් දත යුත්තේය. ඒ පැන විසඳුම් අසා පැහැදුණු සභිය ශ්‍රද්ධාව උපදවාගෙන සසුනේ පැවිදි ව, විදසුනේ සිත පිහිටුවා රහත් ඵලයට පැමිණියේය. සභිය තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.

“කකුසන්‍ධස‍්ස මුනිනො, බ්‍රාහ‍්මණස‍්ස වුසීමතො; දිවාවිහාරං වජතො, අක‍්කමනමදාසහං.

“වැස නිම වූ බඹසර ඇති බ්‍රාහ්මණ වංශයෙහි උපන් දිවා විහරණයෙහි හැසිරෙන කකුසඳ බුදුරජාණන් වහන්සේට මම පය ලෑමට, පා පුවරුවක් පිදුවෙමි.

“ඉමස‍්මිංයෙව කප‍්පම‍්හි, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, අක‍්කමනස‍්සිදං ඵලං.

මේ මහා භද්‍ර කල්පයේදීම දෙන ලද එම දානයේ විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. පාවහන් දානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහා පන හුත්‍වා දෙවදත‍්තෙ සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තෙ දෙවදත‍්තපක‍්ඛිකානං භික‍්ඛූනං ඔවාදං දෙන‍්තො –

රහත් වූ සභිය තෙරණුවෝ සංඝභේදයට උත්සාහ කරන දේවදත්තගේ පක්‍ෂය ගත් භික්‍ෂූන්ට අවවාද දෙමින් මේ ගාථා සතරින් දහම් දෙසූහ.

“පරෙ ච න විජානන‍්ති, මයමෙත්‍ථ යමාමසෙ; යෙ ච තත්‍ථ විජානන‍්ති, තතො සම‍්මන‍්ති මෙධගා.

“පරෙ චන විජානන්තී මයමෙත්‍ථ යමාමසෙ, යෙ ච තත්‍ථ විජානන්තී තතො සම්මන්තී මෙධගා”

“යදා ච අවිජානන‍්තා, ඉරියන‍්ත්‍යමරා විය; විජානන‍්ති ච යෙ ධම‍්මං, ආතුරෙසු අනාතුරා.

“යදාච අවිජානන්තා ඉරීයන්ත්‍යමරා විය, විරජානන්ති ච යෙ ධම්මං ආතුරෙසු අනාතුරා”

“යං කිඤ‍්චි සිථිලං කම‍්මං, සංකිලිට‍්ඨඤ‍්ච යං වතං; සඞ‍්කස‍්සරං බ්‍රහ‍්මචරියං, න තං හොති මහප‍්ඵලං.

“යං කිංචි සිථිලං කම්මං සංකිලිට්ඨං ච යං වතං, සංකස්සරං බ්‍රහ්මචරියං නතං හොති මහප්ඵලං”

“යස‍්ස සබ්‍රහ‍්මචාරීසු, ගාරවො නූපලබ‍්භති; ආරකා හොති සද‍්ධම‍්මා, නභං පුථවියා යථා”ති. –

“යස්ස සබ්‍රහ්මචාරීසු ගාරවො නූපලබ්භතී, ආරකා හොති සද්ධම්මා නභං පුථුවියා යථා”

චතූහි ගාථාහි ධම‍්මං දෙසෙසි.

තත්‍ථ පරෙති පණ‍්ඩිතෙ ඨපෙත්‍වා තතො අඤ‍්ඤෙ – “අධම‍්මං ධම‍්මො”ති “ධම‍්මං අධම‍්මො”තිආදිභෙදකරවත්‍ථුදීපනවසෙන විවාදප‍්පසුතා පරෙ නාම. තෙ තත්‍ථ විවාදං කරොන‍්තා “මයං යමාමසෙ උපරමාම නස‍්සාම සතතං සමිතං මච‍්චුසන‍්තිකං ගච‍්ඡාමා”ති න ජානන‍්ති. යෙ ච තත්‍ථ විජානන‍්තීති යෙ තත්‍ථ පණ‍්ඩිතා – “මයං මච‍්චුසමීපං ගච‍්ඡාමා”ති විජානන‍්ති. තතො සම‍්මන‍්ති මෙධගාති එවඤ‍්හි තෙ ජානන‍්තා යොනිසොමනසිකාරං උප‍්පාදෙත්‍වා මෙධගානං කලහානං වූපසමාය පටිපජ‍්ජන‍්ති. අථ නෙසං තාය පටිපත‍්තියා තෙ මෙධගා සම‍්මන‍්ති. අථ වා පරෙ චාති යෙ සත්‍ථු ඔවාදානුසාසනියා අග‍්ගහණෙන සාසනතො බාහිරතාය පරෙ, තෙ යාව “මයං මිච‍්ඡාගාහං ගහෙත්‍වා එත්‍ථ ඉධ ලොකෙ සාසනස‍්ස පටිනිග‍්ගාහෙන යමාමසෙ වායමාමා”ති න විජානන‍්ති, තාව විවාදා න වූපසම‍්මන‍්ති, යදා පන තස‍්ස ගාහස‍්ස විස‍්සජ‍්ජනවසෙන යෙ ච තත්‍ථ තෙසු විවාදප‍්පසුතෙසු අධම‍්මධම‍්මාදිකෙ අධම‍්මධම‍්මාදිතො යථාභූතං විජානන‍්ති, තතො තෙසං සන‍්තිකා තෙ පණ‍්ඩිතපුරිසෙ නිස‍්සාය විවාදසඞ‍්ඛාතා මෙධගා සම‍්මන‍්තීති එවම‍්පෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

එහි “පරෙ” පණ්ඩිත නුවණැත්තන් හැර අන්‍යයෝය. “ධර්මය අභිධර්මය” ආදී වශයෙන් භේද කරන වාද විවාදයන්හි නියැලුණු අනුවණයෝ “අන්‍යයෝ” නම් වෙති. ඔවුහු “මෙහි වාද විවාද කරන අපි වැනසෙමු. නො ඇලෙමු. නැසෙමු. නිරන්තරව මාරයා සමීපයට නොනැවතී යන්නෙමු”යි නොදනිති. “යෙච තත්‍ථ විජානන්තී” යම් පණ්ඩිත, නුවණැති අයෙක් “අපි මාරයා සමීපයට යන්නෙමු”යි දනිත් නම්. “තතො සම්මන්ති මෙධගා” මෙසේ දැනගත් ඔවුහු නුවණැස මෙහෙයවා, උපදවා වාද විවාද කලහ සන්සිඳවීමට කටයුතු කරති. ඔවුන්ගේ මේ පිළිවෙත නිසා, එමගින් කලහයෝ සන්සිඳෙත්. නැතහොත් “පරෙ ච” යනු - ශාස්තෲන් වහන්සේගේ අවවාද අනුශාසනා නොපිළිගන්නා බුදුසසුනින් බැහැර වූවෝ අන්‍යයෝ නම් වෙති. ඔවුහු ‘අපි මිසදිටු අදහස් පිළිගෙන, මෙහි මෙලොවදීම බුදුසසුන ප්‍රතික්‍ෂේප කිරීමෙන් වැනසීමට වෑයම් කරමු”යි යම්තාක් කල් නොදනිත් ද ඒතාක් කල්ම විවාදයෝ නො සන්සිඳෙති. යම් කලෙක ඒ ගත් වැරදි අදහස් ඉවත ලා, ඒ වාද විවාදයන්හි යෙදනවුන් අතුරින් ධර්මාධර්ම භේද බැහැරලා ධර්මය තත් වූ පරිද්දෙන්ම දැනගනිත්ද එකල්හි ඒ සත්පුරුෂ පණ්ඩිත පුරුෂයන් නිසා විවාද නම් වූ කලහයෝ සන්සිඳෙති. මෙසේ ද මෙහි අර්ථ දත යුතුයි.

යදාති යස‍්මිං කාලෙ. අවිජානන‍්තාති විවාදස‍්ස වූපසමූපායං, ධම‍්මාධම‍්මෙ වා යාථාවතො අජානන‍්තා. ඉරියන‍්ත්‍යමරා වියාති අමරා විය ජරාමරණං අතික‍්කන‍්තා විය උද‍්ධතා උන‍්නළා චපලා මුඛරා විප‍්පකිණ‍්ණවාචා හුත්‍වා වත‍්තන‍්ති චරන‍්ති විචරන‍්ති තදා විවාදො න වූපසම‍්මතෙව. විජානන‍්ති ච යෙ ධම‍්මං, ආතුරෙසු අනාතුරාති යෙ පන සත්‍ථු සාසනධම‍්මං යථාභූතං ජානන‍්ති, තෙ කිලෙසරොගෙන ආතුරෙසු සත‍්තෙසු අනාතුරා නික‍්කිලෙසා අනීඝා විහරන‍්ති, තෙසං වසෙන විවාදො අච‍්චන‍්තමෙව වූපසම‍්මතීති අධිප‍්පායො.

“යදා” යම් කලෙක. “අවිජානන්තා” වාද විවාද සන්සිඳුවන උපාය වූ “ධර්මය හා අධර්මය පිළිබඳ තත්වූ පරිද්දෙන් දැනගැනීම” නොමැත්තෝ ද “ඉරීයන්ත්‍යමරාවිය” නොමැරෙන්නවුන්, ජරා මරණ ඉක්මවූවන් මෙන් උඩඟුව, ආඩම්බරයෙන්, මුඛරිව, විසිරුණු වදන් ඇතිව චපලව පවතින්නාහු ද වසන්නාහු ද ඔවුන් නිසා විවාදයෝ කිසිදා නො සන්සිඳෙති. “විජානන්ති ච යෙ ධම්මං ආතූරෙසු අනාතුරා” යමෙක් වනාහී ශාස්තෲන් වහන්සේගේ ශාසන ධර්මය තත්ත්වාකාරයෙන් දනිත් ද ඔවුහු කෙලෙස් රෝගයෙන් පීඩාවූවන් මැද නිරෝගීව, කෙලෙස් නොමැතිව, දුක් පීඩා විරහිතව වෙසෙති. ඔවුන්ගේ පැවතීම් වශයෙන් වාද විවාදයෝ අතිශයින්ම සන්සිඳෙති” යන අදහසයි.

යං කිඤ‍්චි සිථිලං කම‍්මන‍්ති ඔලියිත්‍වා කරණෙන සිථිලගාහං කත්‍වා සාථලිභාවෙන කතං යං කිඤ‍්චි කුසලකම‍්මං. සංකිලිට‍්ඨන‍්ති වෙසීආදිකෙ අගොචරෙ චරණෙන, කුහනාදිමිච‍්ඡාජීවෙන වා සංකිලිට‍්ඨං වතසමාදානං. සඞ‍්කස‍්සරන‍්ති සඞ‍්කාහි සරිතබ‍්බං, විහාරෙ කිඤ‍්චි අසාරුප‍්පං සුත්‍වා – “නූන අසුකෙන කත”න‍්ති පරෙහි අසඞ‍්කිතබ‍්බං, උපොසථකිච‍්චාදීසු අඤ‍්ඤතරකිච‍්චවසෙන සන‍්නිපතිතම‍්පි සඞ‍්ඝං දිස‍්වා, “අද‍්ධා ඉමෙ මම චරියං ඤත්‍වා මං උක‍්ඛිපිතුකාමා සන‍්නිපතිතා”ති එවං අත‍්තනො වා ආසඞ‍්කාහි සරිතං උසඞ‍්කිතං පරිසඞ‍්කිතං. න තං හොතීති තං එවරූපං බ්‍රහ‍්මචරියං සමණධම‍්මකරණං තස‍්ස පුග‍්ගලස‍්ස මහප‍්ඵලං න හොති. තස‍්ස අමහප‍්ඵලභාවෙනෙව පච‍්චයදායකානම‍්පිස‍්ස න මහප‍්ඵලං හොති. තස‍්මා සල‍්ලෙඛවුත‍්තිනා භවිතබ‍්බං. සල‍්ලෙඛවුත‍්තිනො ච විවාදස‍්ස අවසරො එව නත්‍ථීති අධිප‍්පායො.

“යං කිංචි සිථිලං කම්මං” පසුබැසීම්, හීන වීර්ය වශයෙන් ලිහිල්ව ගැනීමෙන් කරන ලද, ලිහිල් වීර්ය ඇතිව කරන ලද කුසල කර්මය. “සංකිලිට්ඨං” වෙසඟනන් ආදී නුසුදුසුවූවන් හා හැසිරීමෙන් හෝ නැතිගුණ පෙන්වීම් ආදි කුහක වැරදි ජීවනයන්ගෙන් කිලිටි වූ ව්‍රත සමාදානයන්ගෙන් ද “සංකස්සරං” සැකයෙන් සිහිකළ යුතු, විහාරයෙහි කිසියම් නුසුදුසු හැසිරීමක් අසා, “එය ඒකාන්තයෙන්ම අසුවලා විසින් කරන ලදැ”යි අන්‍යයන් විසින් සැක කළ යුතු, උපෝසථ කර්මාදී විනය කර්ම කිරීමට රැස් වූ මහා සංඝයා දැක” ඒකාන්තයෙන්ම මොවුහු මාගේ හැසිරීම් දැන මා එළවීමට රැස්වූවාහුයැ”යි මෙසේ තමා විසින් හෝ සැක සංකා සහිතව සිහිකරන, විපරමින් වඩ වඩාත් සැකයෙන් ජීවත්වන. “න තං හොති” මෙබඳු වූ බඹසර හැසිරීම හෝ මහණදම් පිරීම ඒ පුද්ගලයාට මහත්ඵල පිණිස හේතු නොවේ. ඔහුට මග ඵල නූපදින බැවින් ඒ භික්‍ෂුවගේ ප්‍රත්‍ය දායකයන්ට ද මහත් පින් ඵල නොලැබේ. “එනිසා සැහැල්ලු වූ, කෙලෙස් දුරු කරන ජීවන පැවැත්මම වාද විවාදයන්ට අවසරයක් නොලබන්නකි” යන අදහසයි.

ගාරවො නූපලබ‍්භතීති අනුසාසනියා අපදක‍්ඛිණග‍්ගාහිභාවෙන ගරුකාතබ‍්බෙසු සබ්‍රහ‍්මචාරීසු යස‍්ස පුග‍්ගලස‍්ස ගාරවො ගරුකරණං න විජ‍්ජති. ආරකා හොති සද‍්ධම‍්මාති සො එවරූපො පුග‍්ගලො පටිපත‍්තිසද‍්ධම‍්මතොපි පටිවෙධසද‍්ධම‍්මතොපි දූරෙ හොති, න හි තං ගරූ සික‍්ඛාපෙන‍්ති, අසික‍්ඛියමානො අනාදියන‍්තො න පටිපජ‍්ජති, අප‍්පටිපජ‍්ජන‍්තො කුතො සච‍්චානි පටිවිජ‍්ඣිස‍්සතීති. තෙනාහ – “ආරකා හොති සද‍්ධම‍්මා”ති. යථා කිං? “නභං පුථවියා යථා”ති යථා නභං ආකාසං පුථවියා පථවීධාතුයා සභාවතො දූරෙ. න කදාචි සම‍්මිස‍්සභාවො. තෙනෙවාහ –

“ගාරවො නූපලබ්භතී”, අවවාද අනුශාසනා දෙන බැවින් ද අල්ප වූ දක්‍ෂිණා ඇති බැවින් ද ගරු කටයුතු සබ්‍රහ්මචාරීන් කෙරෙහි යම් පුද්ගලයෙකු තුළ ගෞරවයක්, ගරු සත්කාර කිරීමක් නොමැත්තේ ද “ආරකා හොති සද්ධම්මා” එබඳු පුද්ගලයා ප්‍රතිවේධ සද්ධර්මයෙන් ද ප්‍රතිපත්ති සද්ධර්මයෙන් ද දුරුවේ. ඉවත් වේ. එබඳු පුද්ගලයාට ගුරුවරු මැනවින් නූගන්වති. විනයෙන් තොරවූයේ ශික්‍ෂාකාමිත්වයෙන් දුරුවූයේ විනය සිකපද නොපිළිපදියි. පිළිවෙත් නො සපුරන්නාට කෙසේ නම් සද්ධර්මය අවබෝධ වේද? එනිසා “ආරකා හොති සද්ධම්මා” සද්ධර්මයෙන් දුරුවේ යැයි කියන ලදි. කෙසේද යත්? “නභං පුථුවියා යථා” අහස පොළොවෙන් දුරුවීම ස්වාභාවිකවම සිදුවේ. කිසිකලෙකත් අහස හා පොළොව එකතු නොවේ. වැරදි පිළිවෙත් ඇත්තා සද්ධර්මයෙන් දුරුවීමද එබඳුම යැයි මෙහිදී දැක්වේ.

එනිසා කියන ලදි -

“නභඤ‍්ච දූරෙ පථවී ච දූරෙ, පාරං සමුද‍්දස‍්ස තදාහු දූරෙ; තතො හවෙ දූරතරං වදන‍්ති, සතඤ‍්ච ධම‍්මො අසතඤ‍්ච රාජා”ති.(ජා· 2.21.414);

“නභං ච දූරෙ පඨවීච දූරෙ - පාරං සමුද්දස්ස තදාහු දූරෙ, තතො හවෙ දූරතරං වදන්ති - සතං ච ධම්මං අසතං ච රාජා” තී.

“රජතුමනි! අහස හා පොළව ඉතා දුරින් පිහිටියේය. මුහුදෙහි කෙළවර ඊටත් වඩා දුරය. මේ සියලුම වස්තූන්ගේ දුරට වඩා අසත්ධර්මය හා සත් ධර්මය අතර ඇති දුර අතිමහත්ය.

සභියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සභිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.