යෙදුමෙන් කියවන්න

භගුත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

භගුත්‍ථෙරගාථාවණ‍්ණනා

භගු ස්ථවිරගාථා වර්ණනාව

අහං මිද‍්ධෙනාතිආදිකා ආයස‍්මතො භගුත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පරිනිබ‍්බුතෙ තස‍්ස ධාතුයො පුප‍්ඵෙහි පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන නිම‍්මානරතීසු නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සක්‍යරාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා භගූති ලද‍්ධනාමො වයප‍්පත‍්තො අනුරුද‍්ධකිමිලෙහි සද‍්ධිං නික‍්ඛමිත්‍වා පබ‍්බජිත්‍වා බාලකලොණකගාමෙ වසන‍්තො එකදිවසං ථිනමිද‍්ධාභිභවං විනොදෙතුං විහාරතො නික‍්ඛම‍්ම චඞ‍්කමං අභිරුහන‍්තො පපතිත්‍වා තදෙව අඞ‍්කුසං කත්‍වා ථිනමිද‍්ධං විනොදෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.46.49-57) –

“අහං මිද්ධෙන” යනු ආයුෂ්මත් භගු තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී කුල ගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතූන්ට මලින් පූජා පැවැත්වූ ඒ සිටුකුමරු පසුව එම කුසලානුභාවයෙන් නිම්මාණරතියෙහි ඉපදුනේය. ඒ ඒ කාම සුගතීන්හි සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී ශාක්‍ය රජකුලයේ ඉපිද භගු නාමයෙන් ප්‍රකට විය. පසුව අනුරුද්ධ, කිම්බිල ආදී ශාක්‍ය කුමරුන් සමඟම ගිහිගෙන් නික්ම පැවිදි වූ භගු තෙරණුවෝ බාලකලෝණක ග්‍රාමයේ වසන සේක්, දිනක් නිදිමත දුරු කිරීම සඳහා විහාරයෙන් නික්ම සක්මනට නැංගහ. එහිදි පෙරලී වැටුණු විට එයම අංකුසයක් කරගෙන කය සිත මැලි බව (ථීනමිද්ධ නීවරණය) දුරින්ම දුරු කොට විදසුන් වඩා රහත් වූහ. භගු තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.

“පරිනිබ‍්බුතෙ භගවති, පදුමුත‍්තරෙ මහායසෙ; පුප‍්ඵවටංසකෙ කත්‍වා, සරීරමභිරොපයිං.

මහත් යශස් ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි මම දෑසමන් මලින් මුදුන් මල් කඩක් කොට බුද්ධ දේහයට පිදුවෙමි.

“තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා, නිම‍්මානං අගමාසහං; දෙවලොකගතො සන‍්තො, පුඤ‍්ඤකම‍්මං සරාමහං.

එහි සිත පහදවාගත් මම නිර්මාණරතී දෙව්ලොව උපන්නෙමි. එහිදී මා කළ පින්කම සිහිකළෙමි.

“අම‍්බරා පුප‍්ඵවස‍්සො මෙ, සබ‍්බකාලං පවස‍්සති; සංසරාමි මනුස‍්සෙ චෙ, රාජා හොමි මහායසො.

හැමකල්හි මා හට අහසින් මල් වැසි වසියි. ඉදින් මම මිනිස් ලොව සැරිසරම් නම් මහත් යශස් ඇති රජෙක් වෙමි.

“තහිං කුසුමවස‍්සො මෙ, අභිවස‍්සති සබ‍්බදා; තස‍්සෙව පුප‍්ඵපූජාය, වාහසා සබ‍්බදස‍්සිනො.

සියල්ල දක්නා වූ බුදුරදුන්ට කළ මල් පූජාවේ අනුහසින් මා හට මිනිස් ලොවදී ද මල් වැසි වසී.

“අයං පච‍්ඡිමකො මය‍්හං, චරිමො වත‍්තතෙ භවො; අජ‍්ජාපි පුප‍්ඵවස‍්සො මෙ, අභිවස‍්සති සබ‍්බදා.

මේ මාගේ අවසන් භවයයි. අන්තිම භවය දරන මා හට අද පවා හැමකල්හිම මල් වැසි වසී.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං පුප‍්ඵමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, දෙහපූජායිදං ඵලං.

මීට කල්ප ලක්ෂයකට පෙරදී යම් මල් පූජාවක් කළෙම් ද ඒ පින්කමෙහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා ඵලසුඛෙන නිබ‍්බානසුඛෙන ච වීතිනාමෙන‍්තො සත්‍ථාරා එකවිහාරං අනුමොදිතුං උපගතෙන – “කච‍්චි ත්‍වං, භික‍්ඛු, අප‍්පමත‍්තො විහරසී”ති පුට‍්ඨො අත‍්තනො අප‍්පමාදවිහාරං නිවෙදෙන‍්තො –

රහත් බවට පත්ව ඵල සුවයෙන් ද නිවන් සුවයෙන් ද කල් යවන උන්වහන්සේ වෙත වැඩම වූ ශාස්තෲන් වහන්සේ ඒක විහාර වාසයේ වැදගත්කම ප්‍රකට කරවනු සඳහා “මහණ! නුඹ අප්‍රමාදීව වෙසෙන්නේ කෙසේ ද?”යි විචාළ සේක්, තමාගේ අප්‍රමාදී වූ විහරණය ප්‍රකට කරමින් මේ ගාථා සතර වදාළහ.

“අහං මිද‍්ධෙන පකතො, විහාරා උපනික‍්ඛමිං; චඞ‍්කමං අභිරුහන‍්තො, තත්‍ථෙව පපතිං ඡමා.

“අහං මිද්ධෙන පකතො විහාරා උපනික්ඛමිං, චඞ්කමං අභිරූහන්තො තත්‍ථෙව පපතිං ඡමා”

“ගත‍්තානි පරිමජ‍්ජිත්‍වා, පුනපාරුය‍්හ චඞ‍්කමං; චඞ‍්කමෙ චඞ‍්කමිං සොහං, අජ‍්ඣත‍්තං සුසමාහිතො.

“ගත්තානි පරිමජ්ජිත්‍වා පුනපාරුය්හ චඞ්කමං, චඞ්කමෙ චඞ්කමිං සොහං අජ්ඣත්තං සුසමාහිතො”

“තතො මෙ මනසීකාරො, යොනිසො උදපජ‍්ජථ; ආදීනවො පාතුරහු, නිබ‍්බිදා සමතිට‍්ඨථ.

“තතො මෙ මනසීකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහු, නිබ්බිදා සමතිට්ඨථ”

“තතො චිත‍්තං විමුච‍්චි මෙ, පස‍්ස ධම‍්මසුධම‍්මතං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

“තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං” තී.

ඉමා චතස‍්සො ගාථා අභාසි.

තත්‍ථ මිද‍්ධෙන පකතොති කායාලසියසඞ‍්ඛාතෙන අසත‍්තිවිඝාතසභාවෙන මිද‍්ධෙන අභිභූතො. විහාරාති සෙනාසනතො. උපනික‍්ඛමින‍්ති චඞ‍්කමිතුං නික‍්ඛමිං. තත්‍ථෙව පපතිං ඡමාති තත්‍ථෙව චඞ‍්කමසොපානෙ නිද‍්දාභිභූතතාය භූමියං නිපතිං. ගත‍්තානි පරිමජ‍්ජිත්‍වාති භූමියං පතනෙන පංසුකිතානි අත‍්තනො සරීරාවයවානි අනුමජ‍්ජිත්‍වා. පුනපාරුය‍්හ චඞ‍්කමන‍්ති “පතිතො දානාහ”න‍්ති සඞ‍්කොචං අනාපජ‍්ජිත්‍වා පුනපි චඞ‍්කමට‍්ඨානං ආරුහිත්‍වා. අජ‍්ඣත‍්තං සුසමාහිතොති ගොචරජ‍්ඣත‍්තෙ කම‍්මට‍්ඨානෙ නීවරණවික‍්ඛම‍්භනෙන සුට‍්ඨු සමාහිතො එකග‍්ගචිත‍්තො හුත්‍වා චඞ‍්කමින‍්ති යොජනා. සෙසං වුත‍්තනයමෙව. ඉදමෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණං අහොසි.

එහි “මිද්ධෙන පකතො” කයෙහි අලස බව නම් වූ සිතේ කරදරකාරී බවක් නොමැති කල්හි ඇතිවන නිදිමතින්, කයේ මැලිබවින් මඬනා ලද්දෙම්. “විහාරා” විහාරයෙන්, සෙනසුනින්, “උපනික්ඛමි” සක්මන් කිරීමට නික්මුණෙමි. “තත්‍ථෙව පපතිං ඡමා” එහිම, ඒ සක්මන් මළුවෙහිම නිදිමත නිසා වැටුනෙමි. බිම පෙරලුනෙමි. “ගත්තානි පරිමජ්ජිත්‍වා” බිම වැටීමෙන් අවයවයන්හි තැවරුණු පස් දූවිලි පිසදමා ශරීරාංග පිරිමැද, “පුනපාරුය්හ චඞ්කමං” “මම වැටුනෙමි” යි හැකිලීමට-පසුබෑමට නොගොස් නැවත සක්මනට නැග. “අජ්ඣත්තං සුසමාහිතො”, ගෝචර නම් වූ අධ්‍යාත්මයෙහි වැඩූ කමටහනින් නීවරණ ධර්‍ම මුලිනුපුටා දමා මනාව සංසිඳුණු එකඟ සිත් ඇත්තෙකුව සක්මන් කළෙමි” යනු අදහසයි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය. මේ සිවුගාථා භගු තෙරණුවන්ගේ රහත් බව ප්‍රකාශ කරන ගාථා ද විය.

භගුත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

භගු ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.