යෙදුමෙන් කියවන්න

නාගසමාලත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

නාගසමාලත්‍ථෙරගාථාවණ‍්ණනා

නාගසමාල ස්ථවිරගාථා වර්ණනාව

අලඞ‍්කතාතිආදිකා ආයස‍්මතො නාගසමාලත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො ගිම‍්හසමයෙ සූරියාතපසන‍්තත‍්තාය භූමියා ගච‍්ඡන‍්තං සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො ඡත‍්තං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සක්‍යරාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා නාගසමාලොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො ඤාතිසමාගමෙ පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා කිඤ‍්චි කාලං භගවතො උපට‍්ඨාකො අහොසි. සො එකදිවසං නගරං පිණ‍්ඩාය පවිට‍්ඨො අලඞ‍්කතපටියත‍්තං අඤ‍්ඤතරං නච‍්චකිං මහාපථෙ තූරියෙසු වජ‍්ජන‍්තෙසු නච‍්චන‍්තිං දිස‍්වා, “අයං චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරවසෙන කරජකායස‍්ස තථා තථා පරිවත‍්ති, අහො අනිච‍්චා සඞ‍්ඛාරා”ති ඛයවයං පට‍්ඨපෙත්‍වා විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.46.37-48) –

“අලංකතා” යනාදී ගාථා සතර ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ඔහු දිනක් ග්‍රීෂ්ම සමයේ සූර්ය තාපයේ තැවුණු බිම වැඩම කරන ශාස්තෲන් වහන්සේ දැක පහන් වූ සිතින් කුඩයක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාදයේදී ශාක්‍ය රජ කුලයේ ඉපිද නාගසමාල නමින් ප්‍රකට විය. වැඩිවියට පත් වූ එකුමරු කිඹුල්වත් පුරට වැඩම වූ බුදුරදුන්ගේ ඤාති සමාගමයෙහි දී ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදිව මද කලක් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා ලෙස ද කටයුතු කළේය. නාගසමාල තෙරණුවෝ දිනක් පිඬුපිණිස නගරයට පිවිසි සේක්, අලංකාරව සැරසුණු එක් නිළියක් මහා මාර්ගයේ තූර්යවාදන පවත්වන විට නටනු දුටු සේක. ඒ දැක, “මේ සිතේ ක්‍රියාව අනුව වායෝ ධාතුවේ මෙහෙයවීමෙන් මැගේ සිවුමහා භූතමය කය ඒ මේ අත පෙරැළේ. අහෝ සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ”යි ක්‍ෂයවීම - වැයවීම පිළිබඳව සිහිපත් කරමින් විදසුනෙහි සිත පිහිට වූ උන්වහන්සේ රහත් බවට පත්වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.

“අඞ‍්ගාරජාතා පථවී, කුක‍්කුළානුගතා මහී; පදුමුත‍්තරො භගවා, අබ‍්භොකාසම‍්හි චඞ‍්කමි.

“පොළව අඟුරු මෙන් විය. මිහිකත උණු අළු සහිත විය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එළිමහනෙහි සක්මන් කළ සේක.

“පණ‍්ඩරං ඡත‍්තමාදාය, අද‍්ධානං පටිපජ‍්ජහං; තත්‍ථ දිස‍්වාන සම‍්බුද‍්ධං, විත‍්ති මෙ උපපජ‍්ජථ.

කුඩයක් ගත් මම එකල මඟට පිවිසියෙමි. අතරමඟදී බුදුරජාණන් වහන්සේ දැක සතුටට සත් වූ මම, භූමිය මිරිඟුවෙන් වැසුණේය. මේ පොළොව රත් වූ අඟුරු මෙනි. ශරීරයේ ප්‍රාණය නසන මහ සුළං හමන්නේය. ශීතල හා උණුසුම නසන, වාතය හා අව්ව වළකන මේ ඡත්‍රය පිළිගනු මැනවි. ඒ හේතුවෙන් මම නිවන් දකින්නෙමි”යි පවසා බුදුරදුන්ට කුඩය පිළිගැන්වූයෙමි.

“මරීචියොත්‍ථටා භූමි, අඞ‍්ගාරාව මහී අයං; උපහන‍්ති මහාවාතා, සරීරස‍්සාසුඛෙපනා.

“සීතං උණ‍්හං විහනන‍්තං, වාතාතපනිවාරණං; පටිග‍්ගණ‍්හ ඉමං ඡත‍්තං, ඵස‍්සයිස‍්සාමි නිබ‍්බුතිං.

“අනුකම‍්පකො කාරුණිකො, පදුමුත‍්තරො මහායසො; මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය, පටිග‍්ගණ‍්හි තදා ජිනො.

එකල අනුකම්පා සිත් ඇති කාරුණික වූ මහර්ෂි වූ පදුමුත්තර බුදුරජාණෝ මාගේ අදහස දැන, එය පිළිගත් සේක.

“තිංසකප‍්පානි දෙවින්‍දො, දෙවරජ‍්ජමකාරයිං; සතානං පඤ‍්චක‍්ඛත‍්තුඤ‍්ච, චක‍්කවත‍්තී අහොසහං.

කල්ප තිහක් පුරා ශක්‍ර දේවේන්ද්‍රව දෙව්රජය කරවූ මම පන්සිය වාරයක් සක්විති රජව උපන්නෙමි.

“පදෙසරජ‍්ජං විපුලං, ගණනාතො අසඞ‍්ඛියං; අනුභොමි සකං කම‍්මං, පුබ‍්බෙ සුකතමත‍්තනො.

මා ලැබූ ප්‍රදේශ රාජ සම්පත් පමණ කළ නොහැක. පෙර ම විසින්ම කළ මනා වූ පින්කමේ විපාක අනුභව කරමි.

“අයං මෙ පච‍්ඡිමා ජාති, චරිමො වත‍්තතෙ භවො; අජ‍්ජාපි සෙතච‍්ඡත‍්තං මෙ, සබ‍්බකාලං ධරීයති.

මේ මාගේ අවසන් ආත්ම භාවයයි. අවසන් සිරුර දරණ මාහට සැමකල්හිම සේසතක් ඇරෙයි.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං ඡත‍්තමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඡත‍්තදානස‍්සිදං ඵලං.

මීට කල්ප ලක්‍ෂයකට පෙර දී යම් ඡත්‍ර දානයක් පැවැත්වූයෙම් ද ඒ හේතුවෙන් මේ දක්වාම දුගතියක නො ගියෙමි. ඡත්‍ර දානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා –

රහත් බවට පත් නාගසමාල තෙරණුවෝ සිය පිළිවෙත් මග ප්‍රකාශ කිරීම් වශයෙන් රහත් බව විවරණය කරමින් මේ ගාථා සතර වදාළහ.

“අලඞ‍්කතා සුවසනා, මාලිනී චන්‍දනුස‍්සදා; මජ‍්ඣෙ මහාපථෙ නාරී, තූරියෙ නච‍්චති නට‍්ටකී.

“අලංකතා සුවසනා මාලිනී චන්‍දනුස්සදා, මජ්ඣෙ මහාපථෙ නාරී තුරියෙ නච්චති නට්ටකී”

“පිණ‍්ඩිකාය පවිට‍්ඨොහං, ගච‍්ඡන‍්තො නං උදික‍්ඛිසං; අලඞ‍්කතං සුවසනං, මච‍්චුපාසංව ඔඩ‍්ඩිතං.

“පිණ්ඩිකාය පවිට්ඨොහං ගච්ඡන්තො නං උදක්ඛිසං, අලංකතං සුවසනං මච්චුපාසං ව ඔඩ්ඩිතං”

“තතො මෙ මනසීකාරො, යොනිසො උදපජ‍්ජථ; ආදීනවො පාතුරහු, නිබ‍්බිදා සමතිට‍්ඨථ.

“තතො මෙ මනසීකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ”

“තතො චිත‍්තං විමුච‍්චි මෙ, පස‍්ස ධම‍්මසුධම‍්මතං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

“තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්ම සුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”

චතූහි ගාථාහි අත‍්තනො පටිපත‍්තිකිත‍්තනමුඛෙන අඤ‍්ඤං බ්‍යාකාසි.

තත්‍ථ අලඞ‍්කතාති හත්‍ථූපගාදිආභරණෙහි අලඞ‍්කතගත‍්තා. සුවසනාති සුන්‍දරවසනා සොභනවත්‍ථනිවත්‍ථා. මාලිනීති මාලාධාරිනී පිළන්‍ධිතපුප‍්ඵමාලා. චන්‍දනුස‍්සදාති චන්‍දනානුලෙපලිත‍්තසරීරා. මජ‍්ඣෙ මහාපථෙ නාරී, තූරියෙ නච‍්චති නට‍්ටකීති යථාවුත‍්තට‍්ඨානෙ එකා නාරී නට‍්ටකී නාටකිත්‍ථී නගරවීථියා මජ‍්ඣෙ පඤ‍්චඞ‍්ගිකෙ තූරියෙ වජ‍්ජන‍්තෙ නච‍්චති, යථාපට‍්ඨපිතං නච‍්චං කරොති.

එහි “අලංකතා” යනු අත්පා අබරණවලින් අලංකාර වූ ශරීරාවයව ඇති, “සුවසනා” යහපත් වස්ත්‍ර ඇඳි, ශෝභන මනස්කාන්ත ඇඳුමින් සැරසුණු. “මාලිනී” මල් දම් පැළඳි, මල් දමින් සැරසුණු. “චන්‍දනුස්සදා” සඳුන් ආලේප කරගත් සිරුරු ඇතිව, “මජ්ඣෙ මහපථෙ නාරී තුරියෙ නච්චති නට්ටකී” නලඟනක්, නිළියක් මාවත මැද හිඳ පසඟතුරු නද පවත්වන කල්හි නටන්නීය. පටන්ගත් මොහොතේ සිටම නටයි.

පිණ‍්ඩිකායාති භික‍්ඛාය. පවිට‍්ඨොහන‍්ති නගරං පවිට‍්ඨො අහං. ගච‍්ඡන‍්තො නං උදික‍්ඛිසන‍්ති නගරවීථියං ගච‍්ඡන‍්තො පරිස‍්සයපරිහරණත්‍ථං වීථිං ඔලොකෙන‍්තො තං නට‍්ටකිං ඔලොකෙසිං. කිං විය? මච‍්චුපාසංව ඔඩ‍්ඩිතන‍්ති යථා මච‍්චුස‍්ස මච‍්චුරාජස‍්ස පාසභූතො රූපාදිකො ඔඩ‍්ඩිතො ලොකෙ අනුවිචරිත්‍වා ඨිතො එකංසෙන සත‍්තානං අනත්‍ථාවහො, එවං සාපි අප‍්පටිසඞ‍්ඛානෙ ඨිතානං අන්‍ධපුථුජ‍්ජනානං එකංසතො අනත්‍ථාවහාති මච‍්චුපාසසදිසී වුත‍්තා.

“පිණ්ඩිකාය” පිඬු පිණිස “පවිට්ඨො” නුවරට පිවිසියෙමි. “ගච්ඡන්තො නං උදික්ඛිසං” නුවර වීථියෙහි පිඬු සිඟා ගිය මම උපද්‍රව වළකා ගැනීම සඳහා පාර දෙස බැලුවෙම්, ඒ නිළිය දුටුවෙමි. කුමක් මෙන් ද? “මච්චුපාසංව ඔඩ්ඩිතං” මාරයාගේ, මෘත්‍යුරාජයාගේ උගුලක් මෙන්. රූපාදී අරමුණු උගුලක් මෙන් ලොව සැරිසරන සත්ත්‍වයන්ට ඒකාන්තයෙන්ම අයහපත සලසයි. ඒ නිළිය ද අනුවණ පුහුදුන් අන්ධ පුද්ගලයන්ට ඒකාන්තයෙන්ම අයහපත, අනර්ථය කැඳවන නිත්‍ය මාරපාශයක් හා සමානය.

තතොති තස‍්මා මච‍්චුපාසසදිසත‍්තා. මෙති මය‍්හං. මනසීකාරො යොනිසො උදපජ‍්ජථාති “අයං අට‍්ඨිසඞ‍්ඝාතො න‍්හාරුසම‍්බන්‍ධො මංසෙන අනුපලිත‍්තො ඡවියා පටිච‍්ඡන‍්නො අසුචිදුග‍්ගන්‍ධජෙගුච‍්ඡපටික‍්කූලො අනිච‍්චුච‍්ඡාදනපරිමද‍්දනභෙදනවිද‍්ධංසනධම‍්මො ඊදිසෙ විකාරෙ දස‍්සෙතී”ති එවං යොනිසො මනසිකාරො උප‍්පජ‍්ජි. ආදීනවො පාතුරහූති එවං කායස‍්ස සභාවූපධාරණමුඛෙන තස‍්ස ච තංනිස‍්සිතානඤ‍්ච චිත‍්තචෙතසිකානං උදයබ‍්බයං සරසපභඞ‍්ගුතඤ‍්ච මනසි කරොතො තෙසු ච යක‍්ඛරක‍්ඛසාදීසු විය භයතො උපට‍්ඨහන‍්තෙසු තත්‍ථ මෙ අනෙකාකාරආදීනවො දොසො පාතුරහොසි. තප‍්පටිපක‍්ඛතො ච නිබ‍්බානෙ ආනිසංසො. නිබ‍්බිදා සමතිට‍්ඨථාති නිබ‍්බින්‍දනං ආදීනවානුපස‍්සනානුභාවසිද‍්ධං නිබ‍්බිදාඤාණං මම හදයෙ සණ‍්ඨාසි, මුහුත‍්තම‍්පි තෙසං රූපාරූපධම‍්මානං ගහණෙ චිත‍්තං නාහොසි, අඤ‍්ඤදත්‍ථු මුඤ‍්චිතුකාමතාදිවසෙන තත්‍ථ උදාසීනමෙව ජාතන‍්ති අත්‍ථො.

“තතො” එසේ මාර උගුලක් බඳු වූ හෙයින්. “මෙ” යනු මාහට. “මනසිකාරො යොනිසො උදපජ්ජථ” මේ ඇට සැකිල්ල නහරවලින් සම්බන්ධ වූයේ, මසින් තවරන ලද්දේ-පිරුණේ, සමින් වැසුනේය. මේ සිරුර අශුචියෙන් පිරි, දුඟඳ හමන ඉතා පිලිකුල් වූවකි. අනිත්‍ය වූ අස්ථිර වූවකි. ඇඟ ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, වෙන්වීම් ආදී විකාරයන්ට පත්වෙයි.” යනුවෙන් ශරීරය පිළිබඳ යථාර්ථාවබෝධය නුවණින් මෙනෙහි කිරීමෙන් ලැබුවෙමි. “ආදීනවො පාතුරහූ” මෙසේ කයට සාධාරණ වූ ස්වභාව දැක්වීම් වශයෙන් කය ඇසුරු කරගත් චිත්ත චෛතසිකයන්ගේ ඉපිද නැසී යාම, ක්‍ෂණ භංගුරත්වය, මොහොතක් පාසා වෙනස්වන බව සිහිපත් කරන මාහට ඒවා පිළිබඳව යක්‍ෂරාක්‍ෂාදීන් දුටු කලෙක මෙන් භයක් උපන්නේය. එවිට මා හට මේ පංචාරම්මණයන්ගේ ආදීනව පිළිබඳ නානාප්‍රකාර දෝෂයන් අවබෝධ විය. ඊට විරුද්ධ වූ නිර්වාණයේ ආනිසංස ද අවබෝධ විය. “නිබ්බිදා සමතිට්ඨථ” සංවේගයට පැමිණ ආදීනව පිළිබඳව සිහිපත් කර බැලීමෙන් හටගත් නිර්වේද ඤාණය මාගේ හදවතෙහි පිහිටියේය. මොහොතක් හෝ ඒ ඒ රූපාරූප ධර්මයන්ගේ ගැනීම පිළිබඳ සිතක් නූපන්නේය. ඒකාන්තයෙන් මිදෙනු කැති (කාමුකත්‍වයෙන්) බවට පත් වූ උදාසීන සිතුවිලි උපන්නේය යන අර්ථයයි.

තතොති විපස‍්සනාඤාණතො පරං. චිත‍්තං විමුච‍්චි මෙති ලොකුත‍්තරභාවනාය වත‍්තමානාය මග‍්ගපටිපාටියා සබ‍්බකිලෙසෙහි මම චිත‍්තං විමුත‍්තං අහොසි. එතෙන ඵලුප‍්පත‍්තිං දස‍්සෙති. මග‍්ගක‍්ඛණෙ හි කිලෙසා විමුච‍්චන‍්ති නාම, ඵලක‍්ඛණෙ විමුත‍්තාති. සෙසං වුත‍්තනයමෙව.

“තතො” ඒ විදර්ශනා ඥානයෙන් “චිත්තං විමුච්චි මෙ” ලෝකෝත්තර සිත් වැඩීමෙන් පවතින මාර්ග සිත් පිළිවෙලින් සියලු කෙලෙසුන්ගෙන් මගේ සිත මිදුනේය. ඉන් ඵලයන්ට පැමිණීම දක්වයි. මාර්ග ක්‍ෂණයෙහි දීම “සිත කෙලෙසුන්ගෙන් මිදෙයි” නම් වේ. එලක්‍ෂණයෙහි “සිත කෙලෙසුන්ගෙන් මිදුනේය” නම් වේ. සෙසු පදයන්ගේ අර්ථ ප්‍රකටය.

නාගසමාලත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

නාගසමාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.