යෙදුමෙන් කියවන්න

විමලත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

විමලත්‍ථෙරගාථාවණ‍්ණනා

විමල ස්ථවිරගාථා වර්ණනාව

පාපමිත‍්තෙති ආයස‍්මතො විමලත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පරිනිබ‍්බුතෙ සාධුකීළනදිවසෙසු වීතිවත‍්තෙසු සත්‍ථු සරීරං ගහෙත්‍වා උපාසකෙසු ඣාපනට‍්ඨානං ගච‍්ඡන‍්තෙසු සත්‍ථු ගුණෙ ආවජ‍්ජිත්‍වා පසන‍්නමානසො සුමනපුප‍්ඵෙහි පූජමකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ බාරාණසියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විමලොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො සොමමිත‍්තත්‍ථෙරං නිස‍්සාය සාසනෙ පබ‍්බජිත්‍වා තෙනෙව උස‍්සාහිතො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.46.58-62) –

“පාපමිත්තෙ” යනු ආයුෂ්මත් විමල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයෙහි සසරින් මිදීම සඳහා පින් රැස් කරමින් අවුත් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ශාස්තෲන් වහන්සේ පිරිනිවීමට පත්ව ආගමික උත්සව පවත්වන දිනයන් ඉක්ම ගිය කල්හි උපාසකයෝ ඒ උතුම් බුදුසිරුර ගෙන දවන තැනට ගෙන ගියහ. එසේ ගෙන යන පෙරහැර දැක සිටුකුමරු බුදුගුණ සිහිපත් කරමින් සතුටු සිතින් දෑසමන් මලින් බුදුසිරුර පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී බරණැස බමුණු පවුලක ඉපිද, විමල නමින් ප්‍රකට විය. වැඩිවියට පත් ඔහු සෝමමිත්ත තෙරුන් නිසා සසුනේ පැවිදිව උන්වහන්සේගේම මෙහෙයවීමෙන් විදසුන් වඩා නොබෝ කලකින් රහත් බවට පත්විය. විමල තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.

“නීහරන‍්තෙ සරීරම‍්හි, වජ‍්ජමානාසු භෙරිසු; පසන‍්නචිත‍්තො සුමනො, පට‍්ටිපුප‍්ඵමපූජයිං.

“ශරීරය ආදාහනය සඳහා ගෙනයමින් බෙර වයද්දී පහන් සිත් ඇති මම සතුටු සිතින් දෑ සමන් මලින් බුදුසිරුරට පූජා කළෙමි.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං පුප‍්ඵමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, දෙහපූජායිදං ඵලං.

මීට කල්ප ලක්‍ෂයකට පෙර දී යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො සහායස‍්ස භික‍්ඛුස‍්ස ඔවාදං දෙන‍්තො –

රහත් බවට පත් වූ උන්වහන්සේ තම සහායක භික්‍ෂුවට අවවාද දෙමින් මේ ගාථා තුන වදාළහ.

“පාපමිත‍්තෙ විවජ‍්ජෙත්‍වා, භජෙය්‍යුත‍්තමපුග‍්ගලං; ඔවාදෙ චස‍්ස තිට‍්ඨෙය්‍ය, පත්‍ථෙන‍්තො අචලං සුඛං.

“පාපමිත්තෙ විවජ්ජෙත්‍වා භජෙය්‍යුත්තම පුග්ගලෙ, ඔවාදෙ චස්ස තිට්ඨෙය්‍ය ප‌ත්‍ථෙන්තො අචලං සුඛං”

“පරිත‍්තං දාරුමාරුය‍්හ, යථා සීදෙ මහණ‍්ණවෙ; එවං කුසීතමාගම‍්ම, සාධුජීවීපි සීදති; තස‍්මා තං පරිවජ‍්ජෙය්‍ය, කුසීතං හීනවීරියං.

“පරිත්තං දාරුං ආරුය්හ යථා සීදෙ මහණ්ණවෙ, එවං කුසීතං ආගම්ම සාධුජීවී වි සීදති, තස්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං”

“පවිවිත‍්තෙහි අරියෙහි, පහිතත‍්තෙහි ඣායිභි; නිච‍්චං ආරද‍්ධවීරියෙහි, පණ‍්ඩිතෙහි සහාවසෙ”ති. –

“පවිවිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහි, නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සභාවසෙ” තී.

තිස‍්සො ගාථා අභාසි.

තත්‍ථ පාපමිත‍්තෙති අකල්‍යාණමිත‍්තෙ අසප‍්පුරිසෙ හීනවීරියෙ. විවජ‍්ජෙත්‍වාති තං අභජනවසෙන දූරතො වජ‍්ජෙත්‍වා. භජෙය්‍යුත‍්තමපුග‍්ගලන‍්ති සප‍්පුරිසං පණ‍්ඩිතං කල්‍යාණමිත‍්තං ඔවාදානුසාසනීගහණවසෙන සෙවෙය්‍ය. ඔවාදෙ චස‍්ස තිට‍්ඨෙය්‍යාති අස‍්ස කල්‍යාණමිත‍්තස‍්ස ඔවාදෙ අනුසිට‍්ඨියං යථානුසිට‍්ඨං පටිපජ‍්ජනවසෙන තිට‍්ඨෙය්‍ය. පත්‍ථෙන‍්තොති ආකඞ‍්ඛන‍්තො. අචලං සුඛන‍්ති නිබ‍්බානසුඛං ඵලසුඛඤ‍්ච. තම‍්පි හි අකුප‍්පභාවතො “අචල”න‍්ති වුච‍්චති. සෙසං වුත‍්තත්‍ථමෙව.

එහි “පාපමිත්තෙ” අයහපත් මිතුරන්, අසත්පුරුෂයන්, අලස පුද්ගලයන්. “විවජ්ජෙත්‍වා” ඔවුන් ඇසුරු නොකරන දුරින්ම දුරු කර. “භජෙය්‍යුත්තම පුග්ගලෙ”. සත්පුරුෂ, නුවණැති, කලණ මිතුරන්ම ඇසුරු කරමින්, ඔවුන්ගේ අවවාද - අනුශාසනා පිළිගනිමින් සේවනය කරන්නේය. “ඔවාදෙ චස්ස තිට්ඨෙය්‍ය” ඒ කලණ මිතුරාගේ අවවාදයෙහි පිහිටා එය පිළිපැදීම් වශයෙන් සිටින්නේය. කටයුතු කරන්නේය. “පත්‍ථෙන්තා” පතනුයේ කැමති වනුයේ. ‘අචලං සුඛං’ උතුම් නිවන් සුවය. නිවන නොවෙනස්වන බැවින් අචල, ස්ථිර වූවකැයි කියනු ලැබේ. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය.

විමලත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

විමල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

තිකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

තික නිපාතයේ අර්ථ වර්ණනාව සමාප්තයි.

පඨමො භාගො නිට‍්ඨිතො.

ප්‍රථම භාගය නිමි

ථෙරගාථා-අට‍්ඨකථා

ථෙරගාථා-අට්ඨකථා

(දුතියො භාගො)

(දෙවන භාගය)