විමලත්‍ථෙරගාථා
3. 1. 16.
3. 1. 16.
264. පාපමිත‍්තෙ විවජ‍්ජෙත්‍වා භජෙය්‍යුත‍්තමපුග‍්ගලෙ ඔවාදෙ චස‍්ස තිට‍්ඨෙය්‍ය පත්‍ථෙන‍්තො අචලං සුඛං.
264. නිවන්සුව පතනුයේ පාපමිත්‍රයන් හැරදමා උත්තමපුද්ගලයන් සෙවුනේ යැ. ඔහුගේ අවවාදයෙහි ද සිටුනේ යැ.
265. පරිත‍්තං දාරුමාරුය‍්හ යථා සීදෙ මහණ‍්ණවෙ, එවං කුසීතමාගම‍්ම සාධුජීවීපි සීදති, තස‍්මා තං පරිවජ‍්ජෙය්‍ය කුසීතං හීනවීරියං.
265. කුඩා දඬුකඬකට නැඟ යම්සේ මහසයුරෙහි ගිලෙන්නේ ද, එසෙයින් කුසීතයා කරා පැමිණ මනාදිවිපෙවෙත් ඇත්තේ ද ගිලෙයි (පිරිහෙයි.)
266. පවිවිත‍්තෙහි අරියෙහි පහිතත‍්තෙහි ඣායිහි නිච‍්චං ආරද‍්ධවිරියෙහි පණ‍්ඩිතෙහි සහාවසෙ’ති.
266. එහෙයින් ඒ කුසීත වූ හිනවීර්‍ය්‍යය ඇත්තහු දුරලන්නේ යැ, කායවිවේකය ඇති ආර්‍ය්‍ය වූ නිවනට යැවූ සිත් ඇති ධ්‍යාන කරනසුලු වූ නිරතුරු රුකුළු වැර ඇති නුවණැතියන් හා එක් වැ වසන්නේ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා විමලො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් විමල ස්ථවිරයන් වහන්සේ ...
විමලත්‍ථෙරගාථා.
විමල ස්ථවිරගාථා යි.
තස‍්සුද‍්දානං:
උද්දානය:
අඞ‍්ගාණිකො භාරද‍්වාජො පච‍්චයො බක‍්කුලො ඉසි ධනියො මාතඞ‍්ගපුත‍්තො සොභිතො වාරණො ඉසි වස‍්සිකො ච යසොජො ච සාටිමත‍්තියුපාලි ච උත‍්තරපාලො අභිභූතො ගොතමො හාරිතො’පි ච ථෙරො තිකනිපාතම‍්හි නිබ‍්බානෙ විමලො කතො අට‍්ඨතාලිස ගාථායො ථෙරා සොළස කිත‍්තිතා’ති.
නිකනිපාතයෙහි ගාථා ප්‍රකාශ කළ අඞ්ගණික, භාරද්වාජය, පච්චයය, බක්කුලය, ධනියය, මාතඞ්ගපුත්ත, (බුජ්ජ) සොහිතය, වාරණය, වස්සිකය, යසෝජය, සටිමත්තියය, උපාලිය, උත්තරපාලය, අභිභූතය, ගෝතමය, හාරිතය, විමලස්ථවිරය යයි සොළොස් තෙර කෙනෙක් වෙති, ගාථා අටසාළිසෙකි.
තිකනිපාතො නිට‍්ඨිතො.
නිකනිපාතය නිමි.