නාගසමාලත්ථෙරගාථා
4. 1. 1.
4. 1. 1.
267. අලඞ්කතා සුවසනා මාලිනී චන්දනුස්සදා, මජ්ඣෙ මහාපථෙ නාරී තුරියෙ නච්චන්ති නාටකී.
267. අබරණින් සැදුණු (හන්) මනා වස්ත්‍ර ඇති (පළන්) මල්දම් ඇති සඳුන් අලෙව් දුන් සිරුරු ඇති නළඟනක් මාවත මැද තූර්ය්යවාදනය කරන කල්හි නටයි.
268. පිණ්ඩිකාය පවිට්ඨොහං ගච්ඡන්තො නං උදික්ඛිසං, අලඞ්කතං සුවසනං මච්චුපාසංව ඔඩ්ඩිතං.
268. පිඬු පිණිස පිවිසි මම යන්නෙම් අබරණින් සැදුණු මනා වස්ත්‍ර ඇති ඇය බහාලූ මාරපාශයක් මෙන් දිටිමි.
269. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ.
269. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහළ විය. නිබ්බිදාඤාණය එළැඹැ සිටියේ යැ.
270. තතො චිත්තං විමුච්චි මෙ පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
270.එයින් මාගේ සිත (කෙලෙසුන්ගෙන් ) මිදිණ. ධර්මයාගේ සුධර්මත්වය බල.(මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුසසුන කරනලදැයි.
ඉත්ථං සුදං ආයස්මා නාගසමාලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසෙයින් නාගසමාල ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.